Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්රේන ආක්‍රමණයෙන් සිදුවූ ජීවිත හානි රුසියාව පළමු වරට හෙළි කරයි  

0 comments

යුක්රේන ආක්‍රමණයෙන් සිදුවූ ජීවිත හානි රුසියාව පළමු වරට හෙළි කර තිබෙනවා.

යුක්රේනයේ මෙහෙයුම් අතර තම හමුදා සාමාජිකයින් 498 දෙනෙකු මිය ගොස් ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. හමුදා මෙහෙයුම ආරම්භයේ සිට තවත් 1597 දෙනෙකු තුවාල ලබා ඇති බවද ඔවුන් තහවුරු කරනවා. පසුගිය බ්‍රහස්පතින්දා යුක්රේනයේ ආක්‍රමණය ආරම්භයෙන් පසු රුසියාව තමන්ට සිදුවූ හානි සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි සැළකෙන්නේ.

මේ අතර අද උදෑසන යුක්රේනය සහ රුසියාව අතර දෙවට වටයේ සාකච්ඡා ආරම්භ කිරීම සදහා යුක්රේන බලධාරීන් බෙලරූස් වෙත පැමිණෙනු ඇතැයි රුසියාව අපේක්ෂා කරන බවයි රුසියානු පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ.

The post යුක්රේන ආක්‍රමණයෙන් සිදුවූ ජීවිත හානි රුසියාව පළමු වරට හෙළි කරයි appeared first on ITN News.

Read More »

ඉදිරි මාස කීහිපය ඇතුළත රටේ පවතින අර්බුද රැසකට විසදුම් ලැබෙන බව ස්ථිරයි- ඇමති ප්‍රසන්න  

0 comments

කොවිඩ් නිසා රටට අහිමි වු සියලු දේ නැවත දිනා ගැනීම සදහා ආණ්ඩුව දෙගුණයක වේගයකින් වැඩකරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ ඉදිරි මාස කීපය තුළ රටතුළ පවතින අර්බුද රැසකට විසදුම් ලැබීම ස්ථිර බවයි. ආණ්ඩුව ඒ සදහා උපරිම ශක්තියෙන් කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

මීරිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොවිඩ් නිසා මියගිය අඩු ආදායම්ලාභි පුද්ගලයන් 50 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට රුපියල් 25,000 බැගින් වන ආධාර ප්‍රදානය වෙනුවෙන් උඩුගම්පොළ රෙජී රණතුංග ශ්‍රවණාගාරයේ පසුගිය දා පැවති වැඩසටහනක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මෙම ආධාර ප්‍රදානය සිදු කෙරුණේ රෙජී රණතුංග ශිෂ්‍යත්ව භාරකාර අරමුදල මගිනි. මිට පෙර ද දොම්පේ මැතිවරණ බල ප්‍රදේශයේ කොවිඩ් වසංගතය හේතුවෙන් මියගිය අඩු ආදායම්ලාභී පුද්ගලයන්ගේ පවුල් 50 කට මෙම ආධාරය ලබා දි තිබේ.

මෙහි දි වැඩිදුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

කොවිඩ් වසංගතය නිසා මේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය අපේ රටට පමණක් ඇති වු තත්ත්වයක් නෙමෙයි. මේක මුලු ලෝකයටම පොදු තත්ත්වයක්. මුලු ලෝකයකම කොවිඩ් වසංගතය නිසා දරුණු ආර්ථික අර්බුදයකට ලක්ව තිබෙනවා. කොවිඩ් වලට මුහුණ දෙමින් ලෝකය නව සාමාන්‍යකරණයකට ලක්වෙමින් තිබෙන කාලයක් මේක. මේ තත්ත්වය අපේ රටටත් දරුණු ලෙස බලපාලා තිබෙනවා. පහුගිය වසර දෙකක කාලය තුළ කොවිඩ් නිසා රටට බොහෝ ජයග්‍රහණ මග හැරුණා. ඒ ජයග්‍රහණ යළි අත්පත් කර ගැනීම සදහා අපි රටක් ලෙස දෙගුණයක වේගයෙන් කටයුතු කරමින් ඉන්නවා. ආණ්ඩුව මේ අභියෝගය ජයග්‍රහණය කරන්න දිවා රෑ නොබලා උපරිමයෙන් කටයුතු කරද්දි අපේ රටේ විපක්ෂය කරන්නේ මොකක්ද? ආණ්ඩුවේ කකුලෙන් අදිනවා. ආණ්ඩුවට එරෙහි ව ජනතාව උසිගන්නනවා.

ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණය කරනවා. අපේ රටේ විපක්ෂය තරම් ජනතා ද්‍රෝහි විපක්ෂයක් ලෝකේ කොහෙවත් නෑ. මේ විපක්ෂයට ඕනෑ කොවිඩ් වලට මුවා වෙලා රටේ ආණ්ඩු බලය ගන්නයි. හැබැයි මේ අයට ආණ්ඩු බලය වැරදිමකින් හරි ලැබුණොත් අපේ රටේ තත්ත්වය යහපත් වෙයිද? නෑ.. විපක්ෂයට මේ මොහොතේ බලය ගියොත් වෙන්නේ මේ රට දැනට තියෙන තත්ත්වයෙනුත් තවත් පහළට යාමයි. මොකද රට ගොඩ ගැනීමේ දැක්මක් හා වැඩපිළිවෙලක් විපක්ෂයට නෑ. පවතින තත්ත්වය කළමණාකරණය කරන්නටවත් විපක්ෂයට හැකියාවක් නෑ. ඔවුන්ට පුළුවන් සම්පප්ප්‍රලාප දොඩවන්න විතරයි.

අපි මේ රට යළි ගොඩනගනවාමයි. රටේ ජනතාව කොවිඩි වලින් මිය යද්දි කොවිඩ් එන්නත ගෙනවිත් මරණ සංඛ්‍යාව අඩු කරගන්න හැකියාව ලැබුණා. කොවිඩ් වසංගතය නිසා විනාශ වුණ බොහෝ කර්මාන්ත දැන් යළි ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍රය ද මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. තෙල්, විදුලිබල, ප්‍රවාහනය වගේ ක්ෂේත්‍ර වල දැන් තිබෙන අර්බුදත් අපි කළමණාකරණය කර ගනිමින් තිබෙනවා. ඉදිරි මාස දෙක තුන තුළ මේ අර්බුද සියල්ල විසදෙනු ඇතැයි අපි තුළ දැඩි විශ්වාසයක් තිබෙනවා.

ඇත්තටම අපි ඒ සදහා උපරිම ලෙස කටයුතු කරනවා. විපක්ෂය මොන අවලාද නැගුවත් ආණ්ඩුව උපරිම ශක්තිය යොදවා තිබෙන්නේ වත්මන් ආර්ථික අර්බුදයෙන් රට මුදා ගන්නයි. බල්ලෝ බිරුවට කදු පාත්වෙන්නේ නෑ. ඒ වගේ විපක්ෂය මොන අවලාද නැගුවත් මොනතරම් කෑ ගැහුවත් කුමන බාධක පැමිණියත් කොවිඩ් වසංගතයෙන් පසු රට ගොඩ ගැනීමේ අපේ සටන අපි නතර කරන්නේ නෑ.

මිරිගම ප්‍රාදේශිය සභාවේ සපති සරත් නන්දසිරි රණතුංග, රන්ලිය අරුණ කාන්තා සංවිධානයේ සභාපතිනි අර්චනා රණතුංග යන මහත්ම මහත්මිහු ද මෙහි දි අදහස් පළ කළහ.

The post ඉදිරි මාස කීහිපය ඇතුළත රටේ පවතින අර්බුද රැසකට විසදුම් ලැබෙන බව ස්ථිරයි- ඇමති ප්‍රසන්න appeared first on ITN News.

Read More »

බටහිර රටවල් රුසියාව ආක්‍රමණය කිරීමට සූදානම් – ජෝ බයිඩන්  

0 comments

බටහිර රටවල් රුසියාව ආක්‍රමණය කිරීමට සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කරනවා.

ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ. රුසියාවේ යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් බටහිර රටවල ප්‍රතිචාරය පිළිබඳ පුටින් ජනාධිපතිවරයා අවතක්සේරුවක සිටින බව ජෝ බයිඩන් පවසනවා. ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය පිළිබඳ ඇමෙරිකා ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රය කොංග්‍රස් මණ්ඩලයට දැනුම්දීම මෙහිදී සිදුකෙරුණා. කොරෝනා වයිරස ව්‍යාප්තියත් සමඟ ඇමෙරිකාවේ උද්ධමනය හා ජීවන වියදම ඉහළයාම පිළිබඳව ඔහු ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී දැනුවත් කෙරුණා.

The post බටහිර රටවල් රුසියාව ආක්‍රමණය කිරීමට සූදානම් – ජෝ බයිඩන් appeared first on ITN News.

Read More »

යුරෝපා සංගමයට ඇතුළත්වීම සඳහා යුක්රේන ජනපති අත්සන් තබයි  

0 comments

යුරෝපා සංගමයට ඇතුළත්වීම සදහා සිදුකෙරෙන ඉල්ලීමට යුක්රේන ජනාධිපතිවරයා අත්සන් තබා තිබෙනවා. ඉල්ලීමත් සමග යුරෝපා පාර්ලිමේන්තුව ඉදිරියේ යුක්රේන ජාතික කොඩිය ඔසවන ආකාරය ද මාධ්‍ය වාර්තා කළා.

බෙලරූස් රාජ්‍යයේ ගෝමේල් නගරයේ පැය 5 කට ආසන්න කාලයක් ඊයේ පැවති රුසියා යුක්‍රේන සාම සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වුණා. කෙසේ වුවද ඉදිරි දින කිහිපය තුලදී දෙවන වටයේ සාකච්ඡා ආරම්භ කරන බවයි රුසියාව නිවේදනය කරන්නේ.

මේ අතර කාකයිෆ් නිදහස් චතුරශ්‍රයට රුසියා මිසයිල ප්‍රහාරයක් එල්ලවන ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. එම ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවටයි සැක පළකෙරෙන්නේ.

රුසියා ප්‍රහාරවලින් මියයන යුක්රේන වැසියන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග රුසියාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ලවෙමින් පවතිනවා. සාමාන්‍ය වැසියන් 350 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර යුක්‍රේනය හැර ගොස් ඇති සංඛ්‍යාව ලක්ෂ 5 කට අධිකයි. සාම සාකච්ඡා පැවැත්වෙන අතරතුරදීද කියෙව්,  කාකයිෆ් හා කාසන්  යන නගර ඉලක්ක කර ගනිමින් රුසියා හමුදාව ප්‍රහාර රැසක් එල්ලකළා. දකුණු දිග යුක්‍රේනයේ කාසන් නගරයේ ගුවන්තොටුපොල දෙසින් දැවැන්ත පිපිරුම් හඩක් ඇසුනු බවයි යුක්රේන වැසියන් සදහන් කරන්නේ. නගරය රුසියානු හමුදාව සම්පූර්ණයෙන් වටකළද තවමත් යුක්‍රේන හමුදාව එහි බලය හිමිකර ගෙන සිටිනවා. චර්නිහිෆ් නගරයට ද මිසයිල ප්‍රහාරය කිහිපයක් එල්ලවී ඇති බව සදහන්. නගරයේ ගබඩා සංකීර්ණයක් ද සම්පූර්ණයෙන්ම විනාශ වුණා.  බර්ඩියන්ස්ක් නගරය තම පාලනයට නතු වූ බව රුසියා හමුදාව නිවේදනය කරනවා. නගරය තුල රුසියා හමුදාවට අයත් සන්නද්ධ රථ සැරිසරන ආකාරය මාධ්‍ය වාර්තා කළා. කෙසේ වුවද නගරය ආසන්නයේ පිහිටා ඇති න්‍යෂ්ඨික බලාගාරය  තවමත් පවතින්නේ යුක්‍රේන පාලනයේයි.

යුක්රේනයේ ඔක්ටිර්කා නගරයේ හමුදා කදවුරක් ඉලක්ක කරගිනිමින් රුසියාව එල්ල කළ ප්‍රහාරවලින් යුක්රේන සෙබලුන් 70 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වුණා. මිසයිල ප්‍රහාරයෙන් මිය ගිය සෙබලුන් වීරයන් ලෙස සළකන බවයි යුක්රේන පාර්ලිමේන්තුව නිවේදනය කරන්නේ.

අද උදෑසන ද කියෙව්,  ටර්නොපිල්,  වින්යෙට්සියා,  රිවේන්,  චර්කාසි හා කෝපෙන්නිට්ස්කි  යන නගරවල ගුවන් ප්‍රහාර එල්ල වන බවට අනතුරු ඇගවෙන සයිරන් නාදය නිකුත් කෙරුණා.

සැතපුම් 40ක් පමණ දිග රුසියානු සන්නාහ සන්නද්ධ රථ පෙළක් යුක්‍රේනයේ කියෙව් අගනුවර දෙසට ගමන් කරමින් සිටින ආකාරය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප නිකුත් කෙරුණා.  ඒත් සමග අද හෝ හෙට දිනය තුලදී කියෙව් නගරයට දැවැන්ත ප්‍රහාරයක් එල්ලවනු ඇති බවට අනුමාන කෙරෙනවා.

ඇමෙරිකාව යුරෝපා සංගමය ඇතුලු බටහිර රටවල සම්බාධක හමුවේ ඊයේ දිනයේ දී රුසියාවේ රූබලයේ අගය ඩොලරයට සාපේක්ෂව සියයට 30කින් පමණ අවම වුණා. සම්බාධකවලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් රුසියාවේ සිට වෙනත් රටවලට මුදල් යැවීම තහනම් කිරීමට රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පියවර ගත්තා. මේ අතර රුසියාවේ දුරකතන අංක යුක්‍රේනය තුලදී භාවිත කිරීමට ඇති හැකියාව  බිද දැමීමට යුක්‍රේන සන්දේශන නියාමන අධිකාරිය කටයුතු කළා. යුද පිටියේදී සන්නිවේදන කටයුතු සදහා රුසියානු සෙබලුන් තම ජංගම දුරකතන යොදා ගැනීම ඊට හේතුවයි.

ජගත් සංවිධානයේ සේවයේ නියුතු රුසියා රාජ්‍ය තාන්ත්‍රිකයින් 12 දෙනෙකුට මාර්තු 7 වන දින වන විට ඇමෙරිකාවෙන් පිටව යන ලෙස දැනුම් දී තිබෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා මෙම තීරණය ගත් බවයි ඇමෙරිකාව නිවේදනය කරන්නේ.

මේ වන විට යුක්රේනයට රුසියා හමුදා සියයට 75 ක් පමණ ඇතුළු වී ඇති බව නවතම වාර්තාවක දැක්වෙනවා. බෙලරුස් රාජ්‍යයේ සිට යුක්රේනයට ඇතුළු වන රුසියා හමුදා ඛණ්ඩ සංඛ්‍යාව ඉහළ දැමීමටයි ඔවුන් පියවර ගෙන ඇත්‍තේ. එමගින් කියෙව් අගනුවර බලය තහවුරු කර ගැනීම රුසියා හමුදාවේ මූලික අරමුණ වී තිබෙනවා.  යුක්රේන හමුදාව රුසියා හමුදා ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම පසෙකලා තම නගර ආරක්ෂා කිරීමට උත්සාහ කරන බව ද සදහන්.

රුසියාවෙන් බොරතෙල් ආනයනය අත්හිටුවීමට කැනඩාව තීරණය කළා. එමෙන්ම යුක්රේනයට අවශ්‍ය යුධ ටැංකි නාශක අවි ලබාදීමට පියවර ගන්නා බවයි කැනඩා අග්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ. යුරෝපා කලාපයට අවශ්‍ය ගෑස් සැපයීම රුසියාවෙන් සිදුකෙරෙන අතර එම කලාපයට ගෑස් සැපයීමට තමන් සූදානම් බව ඇල්ජීරියාව නිවේදනය කරනවා.

මේ අතර ජගත් සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ රුසියාවට හිමිව තිබූ සභාපති ධුරය ඊයේ දිනයෙන් අවසන් වුණා. සාමාජික රටවල් අතර මසකට වරක් සභාපතිත්වය හුවමාරු වන අතර පෙබරවාරි මාසයේ සභාපතිත්වය හිමිව තිබුණේ රුසියාවටයි. යුක්රේන රුසියා යුද ගැටුම් සම්බන්ධයෙන් විශේෂ සැසිවාරයක් ඊයේ ජගත් සංවිධානයේ දී පැවැත්වුණා. රුසියාවට විරුද්ධව ඉදිරි දින කීපය තුළදී යෝජනාවක් ගෙන ඒමට නියමිත අතර එය සම්මත කිරීමට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වනවා.

යුක්රේනය එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් රුසියා හමුදා සෙබලුන් පන්දහස් හත්සියයකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව යුක්රේනය නිවේදනය කරනවා. රුසියා සෙබලුන් 200 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට ද යුක්රේනය සමත්ව තිබෙනවා. කෙසේ වුවද මෙම තොරතුරු මේ වන තෙක් ස්වාධීනව තහවුරු කර නැහැ.

The post යුරෝපා සංගමයට ඇතුළත්වීම සඳහා යුක්රේන ජනපති අත්සන් තබයි appeared first on ITN News.

හෙට පැය 7 1/2ක විදුලි කප්පාදුවක්  

0 comments

හෙට දිනයේ පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසනවා.

දහවල් කාලයේ පැය 5ක් සහ රාත්‍රි කාලයේ පැය දෙකහමාරක් ලෙස විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි.

කාලසටහනට මෙතැනින් පිවිසෙන්න,

https://drive.google.com/file/d/1WacqvkvUCmhTgpdIZ9IVepzmpr3KnTSQ/view

The post හෙට පැය 7 1/2ක විදුලි කප්පාදුවක් appeared first on ITN News.

Read More »

මහා ශිවරාත‍්‍රී දිනය වෙනුවෙන් ජනපති හා අගමැති පණිවුඩ නිකුත් කරයි  

0 comments

මහා ශිවරාත්‍රි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත්කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සදහන් කරන්නේ ශිව රාත්‍රි මංගල්‍යයයෙන් සංකේතවත් කරන විශ්වාසයන් සමස්ත ලෝක වාසී ජනතාව තුළ අධ්‍යාත්මික පිබිදීමක් ඇතිකරවන බවයි. ත්‍යාගශීලි සහ සමාව දීම යන සත්‍යවාදී ගුණාංගයන් අනුව ජීවත්වීමට ආරාධනා කරන බව ජනාධිපතිතුමා එම පණිවුඩයේ සදහන් කරනවා.

විවිධ ජනවර්ග හා ආගම් සමග එක්ව කටයුතු කිරීම තුළින් රටට යහපත් අනාගතයක් නිර්මාණය කිරීමේ අවස්ථාව උදාවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා ශීව රාත්‍රි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. ජීවත්වීමේ අභිලාශයන් නිවැරදිව මුදුන් පමුණුවාගැනීමට මහාශිව රාත්‍රි දින උපවාසය  ඉතා වැදගත් බව අග්‍රාමාත්‍යවරයා සිය පණිවුඩයෙන් වැඩිදුරටත් සදහන් කරනවා.

The post මහා ශිවරාත‍්‍රී දිනය වෙනුවෙන් ජනපති හා අගමැති පණිවුඩ නිකුත් කරයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG