Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලාංකිකයන් 2468  කට කොරියාවේ රැකියා  

0 comments

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයන් 2468  දෙනෙකු කොරියාවේ රැකියා සදහා යොමු කර ඇති බව කොරියා මානව සම්පත් සංවර්ධන සේවා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් කුවාක් හංජොං මහතා පවසනවා. කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.

කුවාක් හංජොං –  අධ්‍යක්ෂ ජනරාල්  – කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය,

 

Read More »

”සෙනෙහසගම” උදාගම්මානය ජනතා අයිතියට  

0 comments

උදාගම්මාන දාහත් දහස් පන්සීයට  තවත් දෙදහස් පන්සීයක් එක්කර උදාගම්මාන විසිදහසක්  ඉදිකරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත්  ප්‍රේමදාස මහතා  පවසනවා.  අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ යහපාලන රජයේ නිවාස වැඩසටහනට  විරුද්ධවාදීන් තම ඉත්තන් යොදාගනිමින්   මඩ ප්‍රහාර  හා චෝදනා එල්ල  කරන බවයි.

රත්නපුර  දිස්ත්‍රික්කයේ වැලිගපොල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බඹරගල ඉදි වූ සෙනෙහසගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම  සිදු කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහාතාගේ සහභාගීත්වයෙන් . සැමට සෙවන යළි  පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනාතා අයිතියට පත් කළ 113වන ආදර්ශ ගම්මානය මෙය වනවා. නිවාස 42 කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිරිකිරීම සදහා වැය කළ මුදල  රුපියල්  ලක්ෂ 534 ක්.  පිරිසිදු පානීය ජලය, ප්‍රවේශ මාර්ග  හා විදිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විතයි.  සෙනෙහසගම ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව නිවාස ලාභීන් හතලිස් දෙදෙනාට නිවාස හිමිකම් පත් හා රුපියල් ලක්ෂ 210 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 42 ක හිමිකම ලබාදී ම ද සිදු කෙරුණා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස,

 

 

 

Read More »

දකුණු නවසීලන්තයේ ගම්මානයක බළලුන් ඇති කිරීම තහනම් කෙරේ  

0 comments

දකුණු නවසීලන්තයේ ගම්මානයක බළලුන් ඇති කිරීම තහනම් කිරිමට ප‍්‍රාදේශීය බලධාරින් තීරණය කර තිබෙනවා. ඒ පක්ෂීන් සහ ක්ෂීරපායින් විශාල පිරිසක් බළලුන්ට ගොදුරුවී මිය යැම හේතුවෙන්.

මූලික අදියරක් ලෙස ගෘහස්ථව ඇති කරන බළලුන් වන්ද්‍යාකරණයට ලක්කෙරෙනවා. එය බළලුන් ලේඛනගත කිරිමට ද නවසීලන්ත බලධාරින් සැළසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බළලෙකු මිය ගිය පසු යළි එම නිවසේ වෙනත් බළෙලෙකු ඇති කිරිම ද තහනම් කෙරෙනවා.

Read More »

සර්පයා FB ගිය හැටි හොයන්න මහාධිකරණෙයන් නියෝග  

0 comments

සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී මුහන්දිරම්ලාගේ හසිත සමන් නොහොත් සර්පයා නමැත්තාට බන්ධනාගාරගතව සිටිය දී ෆේස්බුක් ගිණුමට  ප්‍රවේශවීමට  පහසුකම් සළසා ඇත්දැයි යන්න පිළිබද වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට  වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට කොළඹ මහාධිකරණය  නියෝග කළා.

විත්තිකරු බන්ධනාගාරයේ සිටියදී ඔහුගේ ෆේස්බුක් ගිණුම බාධාවකින් තොරව යාවත්කාලීන වන බව නීතිපතිවරයා මහාධිකරණයට පැමිණිලි කර සිටියා. ඒ විත්තිකරුට එරෙහිව ද්විත්ව ඝාතනයකට අදාළ නඩුවක් කැදවූ අවස්ථාවේදීයී. විත්තකරුගේ ෆේස්බුක් ගිණුම සම්බන්ධ විමර්ශනයක් සිදු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  ද මෙහිදී  නියෝග කෙරුණා.

 

 

 

Read More »

සුභ උපන් දිනක්!!! මයිකල්…  

0 comments

මිනිස්සු මැරෙනවා. දහස් ගණනින්, සිය දහස් ගණනින් මැරෙනවා. සිරුරෙන් මිය යන මේ සිය දහස් ගණන් මිනිස්සු අතර නාමය නොමියෙන මිනිසුන් ද  සිටින බව පසක් කරන සුවිශේෂ දිනයක් අද. තමන් සතු ගී ගැයීමේ හැකියාව නිසා මුළු ජීවිතයම උඩුයටිකුරු කර ගත් මේ ලෝකෙ වෙනසක් ඇති කරපු මිනිසෙකුගේ උපන් දිනය අදට යෙදිලා තියෙනවා. ඔහු මයිකල් ජෝසෆ් ජැක්සන්. මයිකල් ජෝසෆ් ජැක්සන් (Michael Joseph Jackson) උපදින්නේ 1958 අගෝස්තු 29 වැනිදා ඒ කියන්නේ අද වනි දවසක. දරුවන් නව දෙනෙකුගෙන් සමන්විත පවුලක අටවෙනි දරුවා විිදියට ඇමරිකාවේ ඉන්ඩියානා හ උපත ලබන ඔහු ලෝකයම ආදරයෙන් වැළඳ ගත් චරිතයක් බවට පත් වෙනවා. ඒ ඔහු සතු ගායන, නර්තන හැකියාව සහ ප්‍රාසාංගික කලාවේ ඔහු භාවිත කළ විවිධ විලාසිතා හේතුවෙන්.  ”King Of Pop” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මයිකල් වෘත්තීය වශයෙන් සංගීත දිවියට පිවිසෙන්නේ 1964 වසරේදීයි. ඒ  ”Jackson 5” නම් සංගීත කණ්ඩායම සමඟයි. මේ සංගීත කණ්ඩායමට ඔහුද ඇතුළුව   Jackie,Tito, Jermaine, Marlon යන මයිකල්සගේ හෝදරයන් ද එක්ව සිටියා.  ටැම්බරින් සහ බොංගෝ සංගීත භාණ්ඩ වාදනය කරමින් ඔහු කණ්ඩායමට සහාය ලබා දුන්නා . නමුත් ඉතාම කෙටි කලකින් මයිකල් ජැක්සන්  ”Jackson 5”  හි ප්‍රධාන ගායන ශිල්පියාගේ ස්ථානය හිමි කර ගත්තා.

 සංගීත දිවිය 

1967 වසරේදී මයිකල් ජැක්සන් සිය “I Want You Back” ගීත ඇල්බමයෙන් එවකට සියලු ගීත දර්ශකයන් අභිබවා අංක 01 ට පැමිණීමට සමත් වෙනවා.ඒ වෙද්දි ඔහුගේ වයස අවුරුදු 11ක් පමණයි. මේ ගීතයට රසික රසිකාවියන්ගෙන් විශාල ප්‍රතිචාරයක් ලබා ගැනීමට ඔහු වාසනාවන්ත වෙනවා. 1978 වසරේ දී මයිකල් ඔහුගේ ඒක පුද්ගල ගීත ඇල්බමයක් නිකුත් කරන අතර එහි පිටපත් මිතියන 10ක් අළෙවි වෙනවා.

 

 

“THRILLER” කියන්‍9නේ මයිකල් ගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක්. 1983 දී ඔහුගේ  “THRILLER” ඇල්බමය ලෝක සංගීත ඉතිහාසයේ ඉතා වේගයෙන් පිටපත් අලෙවි වූ ඇල්බමයක් බවට පත් වූ අතර මිලියන 65ක් තරම් වූ පිටපත් අලෙවි වීම නිසා එය ගිනස් වාර්තා පොතටද එක් වුණා.

එක් වසරකදී වැඩිම ග්‍රැමි සම්මාන 13ක් ලබාගත් පුද්ගලයා ලෙස 1984 වසරේදී වාර්තාවක් තැබීමට පවා මයිකල් සමත් වුණා. ඔහුගේ ගීතවල සුවිශේෂී බවක් තිබුණා. වර්ණබේදවාදය, වාර්ගික අර්බුද පිළිබඳ විවිධ පණිවුඩ සමාජයට ගෙන යාමට පිළියමක්  විදියට ඔහු සංගීතය අපූරු මෙවලමක් කර ගත්තා. “Beat It”, “Billie Jean”, සහ  “Thriller” යන මේ සෑම ගීත ඇල්බමයකම ඒ අපූරු මෙවලම දැක ගත හැකි වුණා.

කලාකරුවන් තමන්ට දැනෙන , හැඟෙන දේ සහ සමාජය විසින් තමන්ට ලබා දෙන පිළිගැනීම හෝ නොතකා හැරිම තමන්ගේ නිර්මාණවලට ආදේශ කර ගන්නවා.  එවැනි ආදේශනයන් රසිකයන්ට වඩාත් සමීප වෙන්නේ ඒ අත්දැකීම්වල තිබෙන දුක හෝ සතුට ඔවුන්ට ද බොහෝ සමීප නිසා විය හැකියි. මයිකල් ජැක්සන් ගේ නිර්මාණවල රහස වුණේද එයයි.

“BAD” නමින් 1987 දී ඉදිරිපත් කළ ගීත ඇල්බමය පිටපත් මිලියන 30ක් අලෙවි වුණු අතර ඇල්බමයේ නම “BAD” වුණත් එය   වාසනාව කැන්දවූ ගීත ඇල්බමයක් බවට පත් වුණා. ඉන් පසුව ඔහු ලෝකයේ විවිධ රටවල්වල සංදර්ශන පවත්වමින් තමන්ගේ ගීත හැකියාවෙන් රසිකයින් මවිත කළේය. එක සැරයක් වෙම්බ්ලි වල පැවැති ජැක්සන්ගේ ප්‍රසංගයක් සඳහා එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ ඩයනා කුමරිය පැමිණ තිබුණා.

“BAD” සංගීත ඇල්බමය බිලිබෝර්ඩ් ගීත දර්ශකයේ පළමු ගීත 100ට පැමිණීමට සමත් වුණා.  “I Just Can’t Stop Loving You”, “Bad”, “The Way You Make Me Feel”, “Man in the Mirror”, සහ  “Dirty Diana” යන ගීත පහම එම ගීත දර්ශකයේ ඇතුළත් වීම වාර්තා ගත සිදුවීමක් වුණා. එකම පුද්ගලයෙකුගේ ගීත 5ක් බිලිබෝර්ඩ් ගීත දර්ශකයේ මුල් ගී 100ට ඇතුළත් වීම??? ඔබ හිතන්නේ එය ලෙහෙසි දෙයක් කියලාද?? (ඇත්තටම ඒක ලෙහෙසිත් නැහැ.. සුන්දරත් නැහැ.)

 

1990 දශකයේ මයිකල් ජැක්සන් “Black or White” සහ “Scream” ගීත අපූරු වීඩියෝ පටද සහිතව නිකුත් කළා. ඒ මගින් කිසිවෙකුත් කිසිවිටෙකත් කිසිම හේතුවක් නිසාවත් ප්‍රතික්ෂේප නොවිය යුතු බව වැනි තේමාවන් සමාජගත කිරීමට ඔහු හැමවිටම උත්සාහ කළා.

ගායනයට අමතරව දෙවියන් විසින් මයිකල් ට ලබා දුන් තවත් අපූරු හැකියාවක් තිබුණා. ඒ තමයි නර්තනය. තමන්ගේ ගීතවලට ඔහු ඉදිරිපත් කළ ඒ නර්තනයන් පසුකාලීනව “The Robot” , “MoonWalk” වැනි  විවිධ නම්වලින් හඳුන්වන්න පටන් ගත්තා.

මයිකල් ගේ මේ සුවිශේෂී නර්තන විලාසයන් රසික සිත් ආදරයෙන් වැළඳ ගත් අතරම එය ඔහුට ලෝක සංචාරයන් රැසකදී උණුසුම් ප්‍රතිචාර ලබා දෙන්නට සමත් වුණා. ජැක්සන් ගේ Off the Wall (1979), Dangerous (1991), සහ  HIStory (1995) වැනි ගීත ඇල්බම ලෝකයේ හොඳින්ම අළෙවි වූ ගීත ඇල්බම වනවා.

මයිකල් “Rock and Roll Hall of Fame” සම්මානය දෙවරක් ද ” Songwriters Hall of Fame” සහ  “Dance Hall of Fame”  යන සම්මාන දිනා ගැනීමට සමත් වෙනවා. එය පොප් සහ රොක් සංගීතවේදියෙක් දිනා ගත් එකම සම්මානය ලෙස හඳුන්වන්න පුළුවන්. මයිකල් ජැක්සන් සිය ගණනින් සම්මාන ලබා තිබෙනවා.  සෑම කල්හිම එකසේ ජනප්‍රියත්වය රඳවා තබා ගත් වඩාත් සාර්ථකම ප්‍රාසාංගික ශිල්පියා ඇතුළු ගිනස් වාර්තා රැසකට මයිකල් හිමිකම් කියනවා.  “Grammy Legend Award”, “Grammy Lifetime Achievement Award”   යන සම්මානද ඇතුළු  ග්‍රැමී සම්මාන 13ක්  ඔහු ලබාගෙන තිබෙනවා.  “ශතවර්ෂයේ කලාකරුවා” සම්මානය ඇතුළු ඇමරිකානු සංගීත සම්මාන 24ක් ඔහු දිනා ගත්තා. මේ හැම සම්මානයකම බර ඩොලර්වලින් ලැබෙන විට ඔබ හිතන්නේ ඔහු මොන වගේ දෙයක් කරන්නට ඇති කියලාද? කෙනෙකු විසින් වැඩිම පුණ්‍ය කටයුතු ප්‍රමාණයක් සිදු කරමින් ගිනස් පොතට සිය නම ඇතුළත් කර ගැනීමේ වාසනාවද  මයිකල් ජැක්සන්ට හිමි වෙනවා. ඒ 2002 වසරේදීයි. ඒ වගේ ම අමෙරිකාවේ 9/11 ප්‍රහාරයෙන් පසුව යළි ඇමෙරිකාව නඟා සිටුවීම සඳහාද මයිකල් ජැක්සන් සහ අනෙකුත් ගායක ගායිකාවන් සමඟ එක්ව දැවැන්ත ප්‍රසංගයක් පවත්වමින් සිය දායකත්වය ලබා දී තිබුණා. ලෝකය වටා සංචාරය කරමින් ගායනයෙන් හා නර්තනයෙන් මිනිසුන් පිනවා ලද මුදලින් ඔහු පුණ්‍යායතන 39කට දායකත්වය ලබා දුන් බව සඳහන් වෙනවා.

 

 

80 දශකයේදී මයිකල් ජැක්සන් චරිතය ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වෙනවා. ඒ එතෙක් පැවති කලු සම සහිත මිනිසා සුදු සමක් අයිිති කර ගැනීම නිසායි. ඒ වගේම ඔහුගේ ශාරීරික වෙනස්කම්, හැසිරීම් රාටාව වැනි දේවල් සම්බන්ධයෙන් විවිධ පුවත් පළ වුණා. කෙසේ වෙතත් 1993 වසරේදී ළමා අපචාර චෝදනාවක් මත ඔහුට විරුද්ධව ඔහුගේ සමීපතම හිතවතෙක් සිය දරුවාව මයිකල් ජැක්සන් විසින් අපයෝජනයට ලක් කළ බව පවසමින් ඔහුට විරුද්ධව නඩුවක් ද පවරා තිබුණා. 2005 වසරේදී තවත් ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වුවත් ඔහු නිර්දෝෂී බව ජූරි සභාව තීරණය කළා.

පොප් ගායක එල්විස් ප්‍රෙස්ලිගේ  දියණිය වන ලීසා මාරි ප්රෙස්ලි සමග මයිකල් ජැක්සන් 1995 දී විවාහ වූ අතර එම විවාහ දිවිය පැවතුණේ වසර දෙකක් වැනි කෙටි කාලයක් පමණයි. ඉන් පසු මයිකල් ජැක්සන් නැවතත් විවාහ වෙනවා. ඒ ඔහුගේ දිගුකාලීන හිතවතියක වන ඩෙබෝරා ජේන් රෝව් සමඟින්. ඒ විවාහයෙන් ඔවුන් ට කනිෂ්ට මයිකල් ජැක්සන් හා පැරිස් මිශෙල් කැතරින් ජැක්සන් යනුවෙන් දරුවන් දෙදෙනක් සිටිනවා. පැරිස් ජැක්සන් කියන්නේ අද මයිකල් තරම්ම නොවුණත් ජනප්‍රියක්වයේ පසුවන කලා ශිිල්පිනියක්. කොහොම වුණත් මේ දෙපළ 1998දී වෙන් වෙන්න තීරණය කරන අතර දරුවන්ගේ භාරකාරත්වය මයිකල් ට හිමි වෙනවා.

 

 

 

1996 සැප්තැම්බර් මාසයේ දී හෙතෙම “History World Tour” සංචාරය අරඹමින් යුරෝපයේ නගර 58ක ගීත සංදර්ශන පවත්වනවා. එය 1997 ඔක්තෝබර් දක්වා සිදු වුණා. මිලියන 4.5කට අධික රසිකයින් පිරිසක් මෙම සංදර්ශනයන් සඳහා සහභාගී වී තිබුණා. මෙම ලෝක සංචාරය මහද්වීප 05ක රටවල් 35කදී ඉතා සාර්ථකව ඉදිරිපත් කිරීමට මයිකල් ට හැකි වෙනවා.

පසුකාලීනව සජීව සංගීත ප්‍රසංග වේදිකාවෙන් සමුගනු ලැබුවද එළඹෙන ජුලි මාසයේ දී නැවත් ප්‍රසංග වේදිකාවට පැමිණීමට තීරණය කර තිබුණි. ඒ වගේම “SONY BMG” මියුසික් ආයතනය විසින් මේ වසරේදී මෙම සුපිරි ගායකයාගේ 50වැනි උපන් දිනයට සමගාමීව විවිධ රටවල් නියෝජනය වන පරිදි දැවැන්ත සංගීත ප්‍රසංගයන් පැවැත්වීමට ද සැලසුම් සකස් කර තිබුණද ඔහුට ඉතා අවාසනාවන්ත ලෙස මරණය හරස් වෙනවා.

 

 

 

මයිකල් ජැක්සන් ගායකයකුට වඩා තරුවක් කිව්වොත් ඔබ මා සමඟ එකඟ වේවි.  තරුවක් වීමට, විශේෂයෙන් “පොප් තරුවක් වීමට” ගායන හැකියාවට වඩා බොහෝ දේ තිබිය යුතුයි. ඕනෑම පුද්ගලයකු ජනප්‍රිය වන්නේ ඔහු හෝ ඇය තමන්ගේ එකකු ලෙස සමාජය දකින්නට පටන් ගත් විටයි. මයිකල් ජැක්සන් සුරූපී කළු තරුණයකු වූ කාලයක්ද, ඒ නිසාම සුවිශේෂී ජනප්‍රියතාවයක් දිනාගත් අතර බොහෝ දෙනෙකු ඔහු තමන්ගේ එකෙකු ලෙස දුටු සමයක්ද තිබුණා.

මිය යන විට පනස්වැනි වියෙහි පසූවූ ජැක්සන්, ඇමෙරිකාවේ “බෙවිලි”හී සිය නිවසේ දී හදිසි හදවත් රෝගයක් හේතුවෙන් 2009 ජුනි 25 මිය යනවා. විදෙස් මාධ්‍යයන් සඳහන් කලේ, ජැක්සන්ට මෙම හදවත් රෝගය ඔහුගේ නිවසේදී හැදී තිබෙන අතර ඔහුගේ සේවකයෙකු විසින් එය වෛද්‍යවරුන්ට දැනුම් දී තිබෙන බවයි. නමුත් වෛද්‍යවරුන් ජැක්සන්ගේ නිවසට පැමිණෙන විටත් ඔහුගේ හදවත ක්‍රියාත්මක තත්ත්වයේ නොතිබූ බවත් වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් ගත්තද මෙම සුපිරි පොප් ගායකයාට ජීවත්වීමට වාසනාව උදාකර දීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

 

 

කෙසේ වුවත් මයිකල් ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ වෛද්‍යවරයා වූ කොන්රාඩ් මරේ අත්අඩංගුවට ගත්තද පසුව ඔහුව නිදහස් කෙරුණේ ඔහු නිර්දෝෂී බව පවසමින්. බොහෝ දෙනා බොහෝ කතාන්තර ඔහු ගැන කියුවත් මයිකල් ජැක්සන් කියන්නේ  පුරාවෘත්තයක්. ඒ ගායනය, නර්තන විලාසය, ඇඳුම් විලාසිතා පමණක් නොවෙයි මයිකල් ගේ හදවත ද සුන්දර බව ඔහු කළ කී යහපත් දෑවලින් පෙනුම් කරනවා. මයිකල් කියන්නේ කල්ලෙක්. කලු හම අභියෝගයක් වුණ සුද්ධන්ගේ රටේ කල්ලෙක් විදියට නමක් දිනා ගත් ඔහු වරෙක සොබා දහම අභිබවා යන්න හදනවා. එහි දිගු කාලීන ප්‍රතිඵලය ඔහුට අත් කර දුන්නේ ඉක්මන් ජීවිත අවසානයක්. සොබාදහමට, සාමයට, දරුවන් ට වගේම විවිධ සමාජ ගැටලු වෙනුවෙන් තමන්ගේ හැකියාව භාවිත කළ මයිකල් ජැක්සන් පුංචි කාලයේ ඔහුගේ පියාගේ වද හිංසාවට ලක් වුණ චරිතයක්. නමුත් ඔහු ජීවත් වූ කාලය තුළ යා හැකි උපරිම දුර ගමන් කළා. ඒ දුර අපේ මතකයේ හැමදාම රැඳේවි.

ඉතින් මයිකල්.. ඔබට සුබ උපන් දිනයක්!!!!!

 

– සුපුන් භාග්‍යා වීරකෝන් – 

Read More »

සජින් වාස් ජනාධිපති කොමිසම හමුවට  

0 comments

ශ්‍රී ලංකන් එයාර් ලයින්, ශ්‍රී ලංකා කේටරින් සහ මිහින්ලංකා ආයතනවල පසුගිය සමයේ සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කෙ‍රෙන ජනාධිපති කොමිසම ප්‍රකාශ ලබා ගැනීම අද (30) දිනයේත් සිදු කළා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන , ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති  නිශාන්ත වික්‍රමසිංහ යන මහත්වරුන් කොමිසම හමුවට අද (30) පැමිණියා. ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල  සිදු වූ බව කියන සිද්ධීන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාලව ‍හෙළි වූ තොරතුරුවලට අනුව කොමිසමට පැමිණෙන ලෙස ඔවුන්ට දැනුම් දී තිබුණා. ඒ අනුවයි ඔවුන් දෙදෙනා කොමිසම හමුවේ පෙනී සිටියේ.

මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන ඒකකය හමුවට ඊයේ (29) පැමිණියා. ඔහුගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගත්තා. ගෝඨාභය රාජපක්ෂ මහතා මිහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙකු ද වන අතර එම සමාගම පිහිටුවීමට ලියාපදිංචි කිරීම සදහා අයැදුම්පත් භාරදී ඇත්තේ ද මොහුයි. මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී බී ජයසුන්දර සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් ද ඊයේ (29)විමර්ශන ඒකකය හමුවේ ප්‍රකාශ ලබා දුන්නා. 2011 වසරේ රුසියාවේ විකුණුම් අලෙවි නියෝජිත කාර්යාලය පිහිටුවීම වෙනුවෙන් සාදයක් සංවිධාන කිරීම සදහා රුපියල් මිලියන 24 ක මුදලක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු කොමිසම හමුවේ ඊයේ අනාවරණය වුණා. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ සමයේදීයි මෙය සිදුව ඇත්තේ.

 

Read More »

ශ‍්‍රී ලංකා – මියන්මාර් ජනාධිපතිවරු අතර එකඟතාවක්  

0 comments

ශ‍්‍රී ලංකා – මියන්මාර් ඒකාබද්ධ වෙළෙඳ ගිවිසුම නැවත සකී‍්‍රය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා නව මාවතක් ඔස්සේ ශක්තිමත් කරගැනීමට දෙරටේ රාජ්‍ය නායකයෝ එකඟ වෙති.

බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප‍්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් (BIMSTEC) හතරවන රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගීවීමට නේපාලයට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ මියන්මාර් ජනාධිපති Win Myint මහතා අතර හමුවක් අද (30) පෙරවරුවේ කත්මණ්ඩු නුවරදී පැවැත්වුණු අතර එහිදී නායකයින් මේ පිළිබඳ සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර වෙළෙඳ කටයුතු පහසු කර ගනු වස් 1999 වසරේදී මෙම වෙළෙඳ ගිවිසුමට එළැඹිණි. ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති මියන්මාර් – ශ‍්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයින්ගේ විශේෂ අවධානය යොමු වූහ.

දෙරටම ථේරවාදී බෞද්ධ දර්ශනය සහිත රටවල් වීමත්, කෘෂිකර්මය මුල් කරගත් ආර්ථික රටාවකට හිමිකම් කීමත් යන කරුණු මත දෙරට අතර සමානකම් රැසක් පවතින බව පෙන්වා දුන් ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ඒ අනුව දෙරටේ සබඳතා ඉතා පහසුවෙන් ශක්තිමත් කර ගැනීමේ හැකියාව පවතින බව ද කියා සිටියේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා මියන්මාර් ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළ ද මෙහීදී අගය කළ ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකාව මියන්මාරයේ අවංක මිතුරෙකු ලෙස ජාත්‍යන්තර වේදිකාවේදී අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.

එමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකාවක් වූ අවුන් සා සුකී මහත්මියගේ වැඩපිළිවෙළ පිළිබඳව ද සිහිපත් කළ ජනාධිපතිතුමා 2016 වසරේදී එතුමිය හමුවූ අවස්ථාව ද සිහිපත් කර සිටියේය. අද ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබදව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා නැවත රට තුළ යුද්ධයක් ඇති නොවන අයුරින් සංහිඳියාව ශක්තිමත් කිරීම තම ප‍්‍රමුඛ වගකීමක් සේ ඉටුකරන බව ද කියා සිටියේය. එමෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමටත්, ජනාධිපති ධූරයේ අසීමිත විධායක බලතල පාර්ලිමේන්තුවට පවරාදීමට කටයුතු කළ ආකාරයත් ජනාධිපතිතුමා සිහිපත් කළේය.

2015 වසරේදී තමා කළ ඉල්ලීම පරිදි මියන්මාරයෙන් ශ‍්‍රී ලංකාවට ඇත් පැටවකු ලබදීමට ගත් පියවර පිළිබඳව ද මෙහිදී මියන්මාර් ජනාධිපතිවරයා වෙත සිය කෘතවේදිත්වය පළ කළ ජනාධිපතිතුමා ශ‍්‍රී ලාංකීය ජනතාවගේ මුදුන් මල්කඩ වන ඓතිහාසික දළදා සමිඳුන් වැඩ වෙසෙන දළදා මාළිගාව වෙත එම ඇත් පැටවා පූජා කරමින් “පුලතිසි රාජා” නමින් එම ඇත් පැටවාට නම තැබීමට කටයුතු කළ බව ද සිහිපත් කළ අතර, ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක එම ඇත් පැටවා දැක බලා ගැනීමට පැමිණෙන්නැයි ද මියන්මාර් ජනාධිපතිවරයාට ආරාධනා කළේය.

මෙහිදී අදහස් දැක්වූ මියන්මාර් ජනාධිපතිතුමා කියා සිටියේ නුදුරු දිනකදීම තමන් ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බවයි. වසර 60 කට එහා දිව යන දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සිහිපත් කළ මියන්මාර් ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාව නිරන්තරයෙන් මියන්මාරයට ලබාදෙන සහය ද අගය කෙළේය. ශී‍්‍ර ලාංකික භික්ෂූන් වහන්සේ 300 නමක් පමණ මියන්මාරයේ විවිධ බෞද්ධ සිද්ධස්ථානවල වැඩවෙසෙන අතර ථේරවාදී බෞද්ධ දර්ශනය ශක්තිමත් කර ගනිමින් එය දිගුකලක් ඉදිරියට ගෙනයාමට දෙරටම එක්වී කැපවීමට ද ප‍්‍රතිඥා දුන්නේය.

එමෙන්ම දෙරට අතර සංචාරක කටයුතු තවදුරටත් ප‍්‍රවර්ධනය කර ගැනීමටත්, මියන්මාර් ආයෝජකයින් ඉදිරියේදී වැඩි වශයෙන් ශ‍්‍රී ලංකාවට යොමු කිරීමට කටයුතු කරන බවත් මියන්මාර් ජනාධිපතිවරයා සඳහන් කළේය. කෘෂිකාර්මික රටවල් ලෙස දෙරට අතර කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සහයෝගය ඉහළ නංවා ගැනීමට ද නායකයින් සාකච්ඡා කළහ.

ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරමින් නිදහස් සහ සමෘද්ධිමත් රාජ්‍යයක් ලෙස ඉදිරියට ගෙනයාමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී මහත් සතුටින් යුතුව අගය කළ මියන්මාර් ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම සහයක් ලබාදීම මියන්මාරය කටයුතු කරන බව ද සඳහන් කළේය.

Read More »

Recent News

Gossip Lanka MAG