Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Jul 31

හමාස් නායකයාගේ ඝාතනය චීනය තරයේ හෙළා දකී  

0 comments

ඉරානය, චීනය, ඇල්ජීරියාව සහ රුසියාව යන රටවල ඉල්ලීමකට අනුව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (31) පස්වරුවේ Ismail Haniyeh මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් පවත්වා තිබෙනවා. එම ඝාතනය චීනය තරයේ හෙළා දකින බවත්, එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලික මූලධර්මයක් වන සියලු රටවල ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කිරීම උල්ලංඝණය කිරීමක් බවත් එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත […] The post හමාස් නායකයාගේ ඝාතනය චීනය තරයේ හෙළා දකී appeared...
Read More »

Jul 31

හමාස් නායකයා ඝාතනය කිරීමට එරෙහිව දැඩි පියවර ගන්නා බව ඉරානය ඊශ්‍රායලයට කියයි  

0 comments

හමාස් නායකයා ඝාතනය කිරීමට එරෙහිව දැඩි පියවර ගන්නා බව ඉරානය ඊශ්‍රායලයට අවධාරණය කර තිබෙනවා. ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී හමාස් නායකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයෙන් පළිගන්නා බවයි ඉරානය පවසා ඇත්තේ. මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ හමාස් නායකයා ඝාතනයට පැය කිහිපයකට පෙර ලෙබනනයේ ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියා ඝාතනය කිරීම ඇතුලු තම රටට එරෙහි වන සතුරන්ට දැනෙන […] The post හමාස් නායකයා ඝාතනය කිරීමට එරෙහිව...
Read More »

Jul 31

ශල්‍යකර්මයක් සඳහා සුපිරි නළු ශාරුක් ඛාන් එක්සත් ජනපදයට  

0 comments

ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් හදිසි අක්ෂි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ, පසුගිය 29වැනිදා ෂාරුක් ඛාන් අක්ෂි ආබාධයක් සඳහා මුම්බායි රෝහලකින් ප්‍රතිකාර ලබාගත් අතර එම ප්‍රතිකාරය සැලසුම් කළ පරිදි සිදු නොවූ නිසාවෙන් එක්සත් ජනපදය බලා පිටත්ව යන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ. The post ශල්‍යකර්මයක් සඳහා සුපිරි නළු ශාරුක් ඛාන් එක්සත් ජනපදයට appeared first...
Read More »

Jul 31

හමාස් දේශපාලන නායකයා ඝාතනය කෙරේ  

0 comments

හමාස් සංවිධානයේ හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඉරානයේදී ඝාතනය කර ඇති බව එම සංවිධානය පවසනවා. ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිවසට ඊශ්‍රායලය කළ ප්‍රහාරයකින් ඔහු මියගොස් තිබෙනවා. ඊයේ දිවුරුම් දුන් නව ඉරාන ජනාධිපති මසුද් පෙසේශ්කියන්ගේ සමාරම්භක උත්සවයට සහභාගී වීමෙන් පසුව මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා. 62 හැවිරිදි හනියේ 1980 අග භාගයේ සිට හමාස් සංවිධානයේ ප්‍රමුඛ සාමාජිකයෙකු ලෙස […] The post හමාස් දේශපාලන නායකයා ඝාතනය කෙරේ appeared first on...
Read More »

Jul 30

කේරලයේ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 151ක් දක්වා ඉහළට  

0 comments

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ වයනාද් දිස්ත්‍රික්කයේ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විපතට පත් ප්‍රදේශවල සිරවී සිටින පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි. ඊයේ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් කේරළයේ වයනාද් දිස්ත්‍රික්කයට බලපෑ නායයෑම් හේතුවෙන් තවත් 186 දෙනෙකු පමණ තුවාල ලබා සිටිනවා. ඉන්දීය හමුදා සාමාජිකයන් 300 ක් පමණ ගලවා ගැනීමේ මෙහෙයුම් වල නිරතව සිටිනවා. ඉන්දීය ගුවන් […] The post කේරලයේ නායයෑම්වලින් මියගිය...
Read More »

Jul 30

ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා අණදෙන නිලධාරියෙක් මියයයි  

0 comments

ඊශ්‍රායලය බීරූට් වෙත එල්ල කළ ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු මිය ගොස් තිබෙනවා. ලෙබනන් අගනුවර වන බීරූට්හි දකුණුදිග ප්‍රදේශයකටයි ප්‍රහාරය එල්ල කර ඇත්තේ. හිස්බුල්ලා කණ්ඩායමේ බලකොටුවක් වන ඩාහියේ නම් මෙම ප්‍රදේශයේ ප්‍රහාරයෙන් තවත් එක් පුද්ගලයෙකු මිය ගියා. ඊශ්‍රායල හමුදාව පවසන්නේ ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමින් එය එල්ල කල බවයි. ඊශ්‍රායලය  අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකර කලාපයට […] The post ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා...
Read More »

Jul 30

සත් මසක දරු ගැබ දරාගෙන ක්‍රීඩිකාවක් ඔලිම්පික් තරඟ බිමට ආ මව  

0 comments

ඊජිප්තු ක්‍රීඩිකා නාඩා හෆීස් කාන්තා ෆෙන්සිං ඉසව්ව සඳහා සත් මසක දරු ගැබක් සහිතව තරඟ වැදී තිබෙනවා. එහෙත් ඇය අවසන් 16 දෙනාගේ වටයේදී පරාජයට පත්වුණා. 26 හැවිරිදි නාඩා මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වූයේ තුන්වැනි වරටයි. ඇය සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ තරඟ වේදිකාව තුළ ක්‍රීඩකයන් දෙදෙනෙකු දක්නට ලැබුණ ද සැබැවින්ම එහි තුන් දෙනෙකු […] The post සත් මසක දරු ගැබ දරාගෙන ක්‍රීඩිකාවක් ඔලිම්පික් තරඟ බිමට ආ මව appeared...
Read More »

Jul 30

ජීවිත රැසක් බිලිගත් කේරළයේ නායයෑම  

0 comments

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදුවූ නාය යෑමකින් 26 දෙනෙක් මියගොස් තවත් පිරිසක් අතුරුදන්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා . කේරළ ප්‍රාන්තයේ මෙප්පාදී නම් ප්‍රදේශයේ අද (30) එම නාය යෑම සිදුවී තිබෙන්නේ. එහි හිරවී සිටින පිරිස සොයා ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා . අධික වර්ෂාව හේතුවෙන් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා […] The post ජීවිත රැසක් බිලිගත් කේරළයේ නායයෑම appeared first on ITN News...
Read More »

Jul 29

බ්‍රිතාන්‍යයේ පිහි ඇනුමකින් දරුවන් දෙදෙනෙක් මරුට  

0 comments

බ්‍රිතාන්‍ය යේ සවුත්පෝර්ට් නගරයේ සිදුවු පිහි ඇනුමකින් කුඩා දරුවන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. සවුත්පෝර්ට් නගරයේ මර්සිසයිඩ් ප්‍රදේශයේ කුඩා දරුවන්ට නර්තනය පුහුණු කරන ආයතනයකයි මෙම පිහි ඇණුම සිදුව ඇත්තේ. පිහි ඇණුම හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් අතරින් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද වාර්තා වනවා. පිහි ඇණුමේ දී කුඩා දරුවන් බේරා ගැනීමට […] The post බ්‍රිතාන්‍යයේ පිහි ඇනුමකින් දරුවන් දෙදෙනෙක් මරුට appeared first...
Read More »

Jul 29

වෙනිසියුලා ජනතාව සහ පොලිසිය අතර ගැටුමක්  

0 comments

මතභේදාත්මක මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු වෙනිසියුලා ජනතාව පොලිසිය සමඟ ගැටුමක් ඇති කර ගත්තා. පසුගිය ඉරිදා වෙනිසියුලාවේ පැවති මතභේදාත්මක මැතිවරණ ප්‍රතිඵලයට එරෙහිව විරෝධතාවයේ නිරත වූ ජනතාවට එරෙහිව එරට ආරක්ෂක අංශ කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර තිබෙනවා. ජනාධිපති නිකොලස් මදුරෝ තමන් ජයග්‍රහණය කළ බව ප්‍රකාශ කිරීමෙන් පසුවයි විපක්ෂ කණ්ඩායම්  විරෝධතා සංවිධාන කළේ. විපක්ෂය පවසන්නේ තම […] The post වෙනිසියුලා ජනතාව සහ පොලිසිය අතර ගැටුමක්...
Read More »

Jul 29

පැරිස් ඔලිම්පික් උළෙලේ තවත් අත්වැරදීමක්  

0 comments

ජාතික ගීයක් වැරදි ලෙස ප්‍රචාරය වීම සම්බන්ධයෙන් පැරිස් ඔලිම්පික් සංවිධායකයින් විසින් සමාව ඉල්ලා ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පිරිමි පැසිපන්දු තරගාවලියේ දකුණු සුඩානය සහභාගි වූ තරගය ආරම්භයට පෙර දකුණු සුඩානයේ ජාතික ගීය වෙනුවට සුඩානයේ ජාතික ගීය ප්‍රචාරය වි ඇති බවයි. එහි රැස්ව සිටි ප්‍රේක්ෂකයින්ගේ ඝෝෂාවත් සමග සුඩානයේ ජාතික ගීය ප්‍රචාරය නවත්වා යළි දකුණු […] The post පැරිස් ඔලිම්පික් උළෙලේ තවත් අත්වැරදීමක් appeared...
Read More »

Jul 28

වෙනිසියුලාව එරට ජනාධිපතිවරණ ප්‍රතිඵල අපේක්ෂාවෙන්  

0 comments

වෙනිසියුලාව එරට ජනාධිපතිවරණ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිනවා. වෙනිසියුලාවේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම මේ වනවිට අවසන්ව ඇති අතර එහි ඡන්ද ගණනය කිරීම ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරණයෙන් පාලක සමාජවාදී පක්ෂයේ නායක වත්මන් ජනාධිපති නිකොලස් මධුරෝ තුන්වන වරටත් බලයට පත් වීමට ඉඩ ඇතැයි ඇතැම් වාර්තා සඳහන් කරනවා. එරට වේලාවෙන් සවස 6ට ඡන්ද මධ්‍යස්ථාන වසා දැමීමට නියමිතව තිබූන ද ජනතාව […] The post වෙනිසියුලාව එරට ජනාධිපතිවරණ ප්‍රතිඵල අපේක්ෂාවෙන්...
Read More »

Jul 28

ගත වූ පැය 24 තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 66 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඊශ්‍රායල හමුදාව නව ඉවත් කිරීමේ නියෝග නිකුත් කිරීමෙන් පසු මධ්‍යම ගාසා තීරයේ පිහිටි බුරේජ් සහ නුසෙයිරාට් සරණාගත කඳවුරුවලින්  දහස් ගණන් පලස්තීනුවන් පලා යමින් සිටිනවා. පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය පැවසුවේ ගාසා තීරයෙන් සියයට 86 ක ප්‍රදේශයක් දැනට එවැනි නියෝග යටතේ පවතින බවයි. මේ අතර ඊශ්‍රායලය ආක්‍රමණය කළ ගෝලාන් කඳුකරයේ 12 දෙනෙකු ඊයේ රොකට් […] The post ගත වූ පැය 24 තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන්...
Read More »

Jul 28

දිල්ලි නගරයේ ගංවතුරට හසුවී සිසුන් තිදෙනෙක් ජීවිතක්ෂයට  

0 comments

ඉන්දියාවේ දිල්ලි නගරයේ ගංවතුරට හසුවු සිසුන් 3න් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. දිල්ලි නගරයේ පිහිටා ඇති පුහුණු මධ්‍යස්ථානයක බිම් මහල එක්වරම ගංවතුරෙන් යටවීමත් සමඟ එහි රැඳී සිටි සිසුන් 3න් දෙනෙකු මෙලෙස ජිවික්ෂයට පත්ව ඇත්තේ. මිය ගිය තිදෙනා අතරට සිසුවෙකු හා සිසුවියන් දෙදෙනෙකු ඇතුලත්. ඔවුන් බිම් මහල තුළ සිරව සිටින බවට දුරකතන මාර්ගයෙන් බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. […] The post දිල්ලි නගරයේ ගංවතුරට හසුවී සිසුන් තිදෙනෙක් ජීවිතක්ෂයට appeared...
Read More »

Jul 28

ලැව්ගිනි හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයට දැඩි බලපෑම්  

0 comments

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හට ගෙන ඇති ලැව් ගිනි හේතුවෙන් එම ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. සෑම පැයකටම කැලිෆෝනියා ප්‍රාන්තයේ අක්කර 5000ක් පමණ ලැව්ගින්නට ගොදුරුවන බවයි ගිනි නිවන අංශ දැනුම් දෙන්නේ. පැයට වර්ග කිලෝ මීටර 20ක පමණ වේගයෙන් ලැව්ගිනි පැතිර යන බව ද ඔවුන් පවසනවා. පසුගිය බදාදා උතුරු කැලිෆෝනියාවේ හටගත් මෙම ලැව්ගිනි කිසියම් පුද්ගලයෙකු සිදුකළ […] The post ලැව්ගිනි හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයට දැඩි බලපෑම් appeared...
Read More »

Jul 27

බෙන්ජමින් නෙතන්යාහු හිස්බුල්ලා සංවිධානයට අනතුරු අඟවයි  

0 comments

ඊශ්‍රායල පාලනයේ පවතින ගෝලන් හයිට්ස් ප්‍රදේශයට එල්ල වු රොකට් ප්‍රහාරයකින් කුඩා දරුවන් ඇතුලු පුද්ගලයින් 12 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ගෝලන් හයිට්ස් ප්‍ර දේශයේ පාපන්දු ක්‍රීඩාංගනයකටයි මෙම රොකට් ප්‍රහාරය එල්ල වී ඇත්තේ. එහි ක්‍රීඩා කරමින් සිටි කුඩා දරුවන් හා තරුණ වියේ පසුවන්නන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ […] The post බෙන්ජමින් නෙතන්යාහු හිස්බුල්ලා සංවිධානයට අනතුරු අඟවයි appeared...
Read More »

Jul 27

දකුණු කොරියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැරදි ලෙස හඳුන්වාදීම ගැන පරීක්ෂණයක්  

0 comments

ඔලිම්පික් සමාරම්භක උළෙලේදී දකුණු කොරියාව  උතුරු කොරියාව ලෙස වැරදි ලෙස හඳුන්වා දීම ගැන පරීක්ෂණයක් අරඹා තිබෙනවා. පැරිසියේ පැවති සමාරම්භක උත්සවයේදී දකුණු කොරියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උතුරු කොරියාව ලෙස වරදවා හඳුන්වා දීමෙන් පසු ඔලිම්පික් සංවිධායකයින් ඒ පිළිබඳ සමාව ඉල්ලා තිබෙනවා. කණ්ඩායම රැගත් යාත්‍රාව සේන් නදිය දිගේ පාවී යද්දී, ප්‍රංශ සහ ඉංග්‍රීසි නිවේදකයෝ ඔවුන්ව කොරියා ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජය […] The post දකුණු කොරියාවේ...
Read More »

Jul 27

මෝදි යුක්‍රේනයට යාමට සැරසෙයි  

0 comments

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ප්‍රථම වතාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන මාසයේ කියුව්හි සංචාරයක නිරත වීමට සූදානමින් සිටිනවා. මැතිවරණයෙන් පසු අග්‍රාමාත්‍ය මෝදි තෙවැනි වරටත් බලයට පත්වූ දිනයේ යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි ඔහුට සුබ පතමින් යුද්ධයෙන් විනාශ වූ රට නැරඹීමට පැමිණෙන ලෙස කළ ආරාධනයකට අනුව මෙය සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. ඉන්දීය […] The post මෝදි යුක්‍රේනයට යාමට සැරසෙයි appeared...
Read More »

Jul 27

2024 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ උත්කර්ෂවත්ව ඇරඹෙයි  

0 comments

2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල අති උත්කර්ෂවත්ව ආරම්භ වුණා. ඒ ප්‍රංශයේ පැරිස් අගනුවර දීයි. 2024 පැරිස් ඔලිම්පික් උළෙල අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ රාත්‍රියේ ආරම්භ වුණා. ඒ ප්‍රංශයේ ”සෙයින්” ගංගාව දෙපසට එක් වු දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාරය මධ්‍යයේයි. වසර 4කට වරක් පැවැත්වෙන මේ අසිරිමත්  ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය මෙවර ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩාංගනයකින් තොරව ගංගාවක් ආශ්‍රිතව […] The post 2024 ඔලිම්පික් ක්‍රීඩා...
Read More »

Jul 26

ප්‍රංශ දුම්රිය සමාගමෙන් ජනතාවට දැනුම්දීමක්  

0 comments

ප්‍රංශයේ දුම්රිය ගමනාගමන පද්ධතිය ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ලවී ඇති බව එරට දුම්රිය සමාගම නිවේදනය කරනවා. තම ගමන් තාවකාලිකව කල් දමන ලෙසත් දුම්රිය ස්ථානවලට පැමිණීමෙන් වළකින ලෙසත් එම සමාගම මගීන්ගෙන් ඉල්ලා සිටිනවා. පැරිස් අගනුවරදී 2024 ඔලිම්පික් උළෙල ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී මෙය සිදුවීම විශේෂත්වයක්.         The post ප්‍රංශ දුම්රිය සමාගමෙන් ජනතාවට දැනුම්දීමක් appeared first on ITN News...
Read More »

Jul 26

අධික වැසි හේතුවෙන් මුම්බායි නගරයට රතු නිවේදනයක්  

0 comments

අයහපත් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි අගනුවර රතු නිවේදන නිකුත් කර තිබෙනවා. අද උදෑසන සිට මුම්බායි නගරයට අධික වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ සමගම නගර වැසියන්ට අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවසින් බැහැරව නොයෙන ලෙස බලධාරීන් උපදෙස් ලබාදී තිබෙනවා. ඊයේ දිනයේ දී අධික වර්ෂාපතනය හේතුවෙන් මුම්බායි ගුවන්තොටුපළේ කටයුතුවලට බාධා එල්ල වු අතර ගුවන් […] The post අධික වැසි හේතුවෙන් මුම්බායි නගරයට රතු නිවේදනයක් appeared first...
Read More »

Jul 25

ගේමි සුළි කුණාටුව චීනයට ඇතුළු වෙයි  

0 comments

ගේමි සුළි කුණාටුව චීනයට ඇතුලු වී තිබෙනවා. ගිණිකොන දිග චීනයේ ෆූජීයැන් ප්‍රාන්තයේ එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ. සුළි කුණාටුව චීනයට ඇතුලු වීමත් සමඟ ගිණිකොන දිග චීනයේ වෙරළබඩ ප්‍රදේශ රැසකට අධික වර්ෂාපතනයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. එම ප්‍රදේශයන්ට ආපදා අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. එමෙන්ම […] The post ගේමි සුළි කුණාටුව චීනයට ඇතුළු වෙයි appeared first...
Read More »

Jul 25

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්  

0 comments

ගාසා තීරයේ උතුරු හා දකුණු ප්‍රදේශයන් දෙකම ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. ගාසා තීරයේ දකුණු දිග ප්‍රදේශයේ ඛාන් යුනිස් හා උතුරු ප්‍ර දේශයේ නගරයක් වන එන්ක්ලෙව් යන ප්‍රදේශයන් ඉලක්ක කරගනිමියු ඊශ්‍රායල මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ. ප්‍රහාරයන්ගෙන් මිය ගිය සංඛ්‍යාව කොතෙක් ද යන්න මේ වන තෙක් අනාවරණය වී නැහැ. කෙසේ වුව […] The post ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක් appeared first on ITN News...
Read More »

Jul 25

ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටුපළේ ගුවන් ගමන්වලට වුණු දේ  

0 comments

ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටුපළේ ගුවන් ගමන් රැසක් අත්හිටුවා තිබෙනවා. දේශගුණික විරෝධතාකරුවන් ගුවන් ධාවන පථ අවහිර කිරීම ඊට හේතුවයි. ජර්මනියේ දේශගුණ ක්‍රියාකාරීන් ෆොසිල ඉන්ධන භාවිතයට එරෙහිව විරෝධතා පවත්වනවා. ඔවුන් ගුවන් ධාවන පථ ද අවහිර කරමින් උද්ඝෝෂණය කරන්නේ ෆොසිල ඉන්ධන භාවිතයට විරෝධය පළ කරමින්. ලොව කාර්යබහුල ගුවන් තොටුපළක් වන ෆ්‍රැන්ක්ෆර්ට් හරහා මිලියන 60කට ආසන්න මගීන් පිරිසක් භාවිත කර […] The post ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටුපළේ...
Read More »

Jul 24

තායිවානයට බලපෑ සුළි කුණාටුවකින් 3 දෙනෙකුට දිවි අහිමි වෙයි  

0 comments

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිතව ඇති වු දරුණු සුළි කුණාටුවකින් තුන්දෙනෙකු මිය ගොස් සිය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පැයට කිලෝ මීටර 240ක වේගයෙන් සුළං හමා ගිය බවයි වාර්තා වන්නේ. වසර 8කට පසු තායිවානයට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය බව එරට වාර්තා සදහන් කරනවා. මෙම සුළි කුණාටුවත් සමග එරට අභ්‍යන්තර මෙන්ම […] The post තායිවානයට බලපෑ සුළි කුණාටුවකින් 3 දෙනෙකුට දිවි අහිමි වෙයි appeared first on ITN News...
Read More »

Jul 24

අප්‍රිකාවේ බෝට්ටු අනතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහළ යයි  

0 comments

පසුගිය 22 වැනිදා බටහිර අප්‍රිකාවේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් 300ක් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් මිය ගිය පුද්ගලයින් ගණන 25 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අතුරුදන් වූවන් සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි  එරට ප්‍රවෘත්ති සේවා නිවේදනය කළේ. බටහිර අප්‍රිකාවේ මොරිටේනියාවට ඔබ්බෙනුයි  අනතුර සිදුව ඇත්තේ. මොරිටේනියානු වෙරළාරක්ෂක බලකායට අනුව බෝට්ටුවේ ගමන් ගත් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 103 දෙනෙකුගේ […] The post අප්‍රිකාවේ...
Read More »

Jul 24

නේපාලයේ ගුවන් යානයක් කඩා වැටෙයි – 5ස් දෙනෙකුගේ සිරුරු හමුවෙයි  

0 comments

නේපාලයේ කත්මණ්ඩු නුවරදී සයුරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා එහි මගීන් 19 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ එම ගුවන්යානය සංචාරක පුරවරයක් ලෙස ප්‍රකට Pokhara බලා යෑමට ගුවන්ගත කරන අවස්ථාවේදී කඩා වැටී තිබුණා. මියගිය 5 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර සහන කණ්ඩායම් යානය කඩා වැටුණු ස්ථානයේ අරඹා තිබෙනවා The post නේපාලයේ ගුවන් යානයක් කඩා වැටෙයි – 5ස් දෙනෙකුගේ සිරුරු හමුවෙයි appeared first on ITN News...
Read More »

Jul 24

8වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය ඇරඹේ  

0 comments

දින හයක් පුරා පැවැත්වෙන 8වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය ඊයේ(23) ආරම්භ වුණා. ඒ චීනයේ Yunnan පළාතේ Kunming නගරයේ දීරටවල්, කලාප හා ජාත්‍යන්තර සංවිධාන 82ක් ඊට එක්ව සිටිනවා. මෙවර ප්‍රදර්ශනයට එක්වන සමාගම් සංඛ්‍යාව 2000කට අධික බවයි වාර්තා වන්නේ. ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් දකුණු ආසියාවේ හා අග්නිදිග ආසියාවේ සියලුම රටවල් ආවරණය වන පරිදි පැමිණි විදේශීය සමාගම් වීම ද […] The post 8වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය ඇරඹේ appeared first on ITN ...
Read More »

Jul 24

ඉතියෝපියාවේ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 229ක් දක්වා ඉහළට  

0 comments

ඉතියෝපියාවේ නායයෑම් වලින් මිය ගිය සංඛ්‍යාව 229 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දකුණු දිග ඉතියෝපියාවේ නායයෑම් දෙකකින් මෙසේ මිය ගොස් තිබෙනවා. ගෝෆා කඳුකර කලාපයේ දුෂ්කර ප්‍රදේශයකට හටගත් අධික වර්ෂාවෙන් පසු ඊයේ හා පෙරේදා දිනවල මෙම නාය යාම් සිදු වුණා. නායයාම දැකබලා ගැනීමට එම ස්ථානයට සියගණනක් ජනයා රැස්ව සිටියා. පස් යට සිරවී සිටින අය සෙවීම සඳහා මෙහෙයුම් […] The post ඉතියෝපියාවේ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 229ක් දක්වා ඉහළට appeared first on ITN...
Read More »

Jul 23

ඇමරිකා රහස් සේවා ප්‍රධානියා ඉල්ලා අස්වෙයි  

0 comments

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ පෙන්වූ අසාර්ථකත්වය හේතුවෙන් ඇමරිකා රහස් සේවා ප්‍රධානියා ඉල්ලා අස්වී තිබෙනවා. හිටපු ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සාහයක් වැලැක්වීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඇමරිකා රහස් සේවා අධ්‍යක්ෂ කිම් චේට්ල් ඉල්ලා අස්වී තිබෙනවා. ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යක්ෂවරයා වශයෙන් ආරක්‍ෂක දෝෂවල සම්පූර්ණ වගකීම තමන් භාරගන්නා බවයි. තම කාර්ය මණ්ඩලය වෙත […] The post ඇමරිකා රහස් සේවා ප්‍රධානියා...
Read More »

Jul 23

බංග්ලාදේශ රජයට එරෙහිවූ 57ක් හිරේට  

0 comments

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී බංග්ලාදේශ රජයට එරෙහිව විරෝධතාවල නිරතවූ බංග්ලාදේශ ජාතිකයින් 57 දෙනෙකුට සිරදඬුවම් නියම කර තිබෙනවා. බංග්ලාදේශයේ පැවැත්වෙන විරෝධතාවලට සහාය දක්වමිනුයි මෙම පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී විරෝධතාවල නිරතවී ඇත්තේ. ඔවුන් අතරින් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එක් පුද්ගලයෙකුට වසර 11ක් සහ අනෙක් 53 දෙනාට […] The post බංග්ලාදේශ රජයට එරෙහිවූ 57ක් හිරේට appeared...
Read More »

Jul 23

නාය යද්දී අරන් ගිය ජීවිත  

0 comments

ඉතියෝපියාවේ සිදුවූ නායයාම් හේතුවෙන් පුද්ගලයින් 150කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. දකුණු දිග ඉතියෝපියාවේ සිදුවු නායයෑම් දෙකකිනුයි මෙම පිරිස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ. 157 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට ඉතියෝපියා රජය අනතුරු අඟවනවා. නායයාමට ලක්වු ප්‍ර දේශයේ පස් තට්ටුවට තවත් විශාල පිරිසක් යටවී ඇති බවටයි සැක පළ කෙරෙන්නේ. […] The post නාය යද්දී අරන් ගිය ජීවිත appeared first on ITN N...
Read More »

Jul 22

ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 70ක් මරුට  

0 comments

ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයන්ගෙන් පුද්ගලයින් 70ක් පමණ ජිවිතක්ෂයට පත්ව තවත් 200කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. ගාසා තීරයේ දකුණු දිග ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. යුද්ධ ටැංකි හා ප්‍රහාරක යානා යොදා ගනිමින් එම ප්‍රදේශයට ප්‍රහාර එල්ල කරන බවයි විදෙස් මාධ්‍ය […] The post ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 70ක් මරුට appeared first...
Read More »

Jul 22

යුරෝපා සංගමයේ මීළඟ රැස්වීම හංගේරියාවේ දී නොපැවැත්වීමට තීරණය කරයි  

0 comments

යුරෝපා සංගමයේ මීළඟ රැස්වීම හංගේරියාවේ දී නොපවත්වන බවට තීරණය කර තිබෙනවා. ලබන 28 වනදා සිට 30 වන දා දක්වා යුරෝපා සංගමයේ රැස්වීම හංගේරියාවේ බුඩා පෙස්ට්හිදී පැවැත්විමටයි නියමිතව තිබු‍ණේ. එහෙත් එය බෙල්ජියමේ බ්‍රසල්ස්හිදී පැවැත්වීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. හංගේරියාව රුසියා හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මීට හේතුව බවයි වාර්තා වන්නේ. පසුගිය දා හංගේරියා රුසියා නායක දෙපළ […] The post යුරෝපා සංගමයේ මීළඟ රැස්වීම හංගේරියාවේ දී...
Read More »

Jul 22

ගාසා තීරයේ නුසෙයිරාට් අවතැන් කඳවුරට සතියක් තුළ 63 වතාවක් ප්‍රහාර  

0 comments

ගාසා තීරයේ නුසෙයිරාට් අවතැන් කඳවුරට ඊශ්‍රායලය සතියක් තුළ 63 වතාවක් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වනවා. මෙම ප්‍රහාර වලින් පලස්තීනුවන් 91 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 251 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ ඇනහිට ඇති ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීමේ වැඩසටහන පිලිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම […] The post ගාසා තීරයේ නුසෙයිරාට් අවතැන් කඳවුරට සතියක් තුළ 63 වතාවක් ප්‍රහාර appeared...
Read More »

Jul 21

නීපා වෛරසයෙන් කේරළ ප්‍රාන්තයේ 14 හැවිරිදි පිරිමි දරුවෙකු මියයයි  

0 comments

නීපා වෛරසයෙන් පිරිමි දරුවෙකු මියයාමත් සමග ඉන්දියාවේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. කේරළ ප්‍රාන්තයේ 14 හැවිරිදි පිරිමි දරුවෙකුයි නීපා වෛරසයෙන් මියගොස් ඇත්තේ. කේරළ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් පවසන්නේ රෝගය වැළඳීමේ වැඩි අවදානම් කාණ්ඩයට අයත් පුද්ගලයින් 60 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. මියගිය පිරිමි ළමයා පන්ඩික්කාඩ් නගරයේ අයෙකු බවත් ඔහු ආශ්‍රය කළ පුද්ගලයන් හුදකලා කර පරීක්ෂාවට […] The post නීපා වෛරසයෙන් කේරළ ප්‍රාන්තයේ 14 හැවිරිදි...
Read More »

Jul 21

ජෝ බයිඩෙන් ජනපති සටනින් ඉවත් වෙයි  

0 comments

එළඹෙන ඇමරිකා ජනාධිපතිවරණයේ ඩිමෝක්‍රටික් අපේක්ෂකයා ලෙස කමලා හැරිස් යෝජනා කර තිබෙනවා. 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් තමා ඉවත් වන බව ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් X සටහනක් තබමින් ප්‍රකාශ කළා. තැනගෙන පසු ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස උප ජනාධිපති කමලා හැරිස්ට සහාය දක්වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. මේ අතර ඩිමොක්‍රටික් පක්ෂයේ කොන්ග්‍රස් සාමාජිකයින්, ආණ්ඩුකාරවරුන් හා නිලධාරීන් කමලා හැරිස් ජනාධිපතිවරණය […] The post ජෝ බයිඩෙන් ජනපති සටනින්...
Read More »

Jul 21

බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළ යයි  

0 comments

ලෝක වෙළද පොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළ යමින් පවතිනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 3.25%කින් පහළ ගොස් ඇති අතර, එය ඩොලර් 80. 13ක් ලෙස සටහන් වී තිබෙනවා. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 82.63 ලෙස දැක්වෙන අතර එය 2.48% පහළ යෑමක්. The post බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළ යයි appeared first on ITN News...
Read More »

Jul 20

හුතී කැරළිකරුවන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර මාලාවක්  

0 comments

යේමනයේ හුතී කැරළිකරුවන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. හූති කැරළිකරුවන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රතිචාර ලෙසයි ඊශ්‍රායලය මෙම ප්‍රහාර මාලාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත්තේ. ඒ හරහා හූති කැරළිකරුවන්ට පැහැදිලි පණිවුඩයක් ලබා දීමට කටයුතු කළ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා. යේමනයේ හොඩෙයිඩා හි පිහිටා ඇති වරාය ආශ්‍රිත ප්‍රදේශයටයි […] The post හුතී කැරළිකරුවන් ඉලක්ක...
Read More »

Jul 20

බංග්ලාදේශයට ඇඳිරිනීතිය  

0 comments

බංග්ලාදේශය පුරා ඇඳිරිනීතිය පනවා තිබෙනවා. සති දෙකක පමණ කාලයක සිට ඩකා අගනුවර කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන සිසු විරෝධතා මර්දනය කිරීමට එරට රජය ගත් පියවර හේතුවෙන් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් තවත් දහසක පමණ පිරිසක් තුවාල ලබා තිබෙනවා. කළහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් රජයේ රූපවාහිනී නාලිකාවකට ද ගිනි තැබුවා. මේ වන විට එරට සියලුම රූපවාහිනි ප්‍රවෘත්ති නාලිකා සිය විකාශන […] The post බංග්ලාදේශයට ඇඳිරිනීතිය appeared first on ITN News...
Read More »

Jul 19

උතුරු හයිටියේදී සංක්‍රමණික බෝට්ටුවක් ගිනි ගැනීමෙන් 40 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට  

0 comments

උතුරු හයිටියේදී සංක්‍රමණිකයින් ගමන් කළ බෝට්ටුවක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු ට අධික පිරිසක් මිය ගොස්  තිබෙනවා. දින දෙකකට පෙර පුද්ගලයින් 80කට අධික පිරිසක් රැගත් බෝට්ටුවක් ටර්ක්ස් සහ කයිකෝස් දූපත් වෙත ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ. දිවි ගලවා ගත් සංක්‍රමණිකයන් 41 දෙනෙකු හයිටි වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගෙන තිබෙනවා. සංක්‍රමණිකයන් 11 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා […] The post උතුරු හයිටියේදී සංක්‍රමණික බෝට්ටුවක් ගිනි ගැනීමෙන්...
Read More »

Jul 19

දේශපාලන යුගයක අවසානය සනිටුහන් වෙයි  

0 comments

දේශපාලන යුගයක අවසානය සනිටුහන් කරමින් වියට්නාමයේ දිගු කලක් සේවය කළ නායක Nguyen Phu Trong අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් තිස්සේ රෝගීව සිටි ඔහු මිය යන විට 80 වන වියේ පසු වුණා. ඔහුගේ සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කිරීමට අවශ්‍ය බව පවසමින් ජනාධිපති To Lam වෙත රාජකාරි භාර දුන් බවයි වියට්නාම රජය දින කිහිපයකට පෙර ප්‍රකාශ කළේ. The post දේශපාලන යුගයක අවසානය සනිටුහන් වෙයි appeared first on ITN News...
Read More »

Jul 19

දකුණු කොරියාවේ සෝල් අගනුවරට අධික වර්ෂාපතනයෙන් දැඩි බලපෑම්  

0 comments

දකුණු කොරියාවේ සෝල් අගනුවරට අධික වර්ෂාපතනයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මධ්‍යම දකුණු කොරියාවේ ගංගා ආශ්‍රිතව ජීවත්වන ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස කාලගුණ අංශ දැනුම් දී තිබෙනවා. ඊයේ දිනයේ දී පමණක් දකුණු කොරියාවේ මධ්‍යම ප්‍රදේශයට මිලි මීටර 300 ඉක්මවු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ. අධික වර්ෂාපතනය හේතුවෙන් ඉන්චියෝන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් වාර […] The post දකුණු කොරියාවේ සෝල් අගනුවරට අධික වර්ෂාපතනයෙන් දැඩි...
Read More »

Jul 19

ලොව පුරා ප්‍රබල තොරතුරු තාක්ෂණ ඇණහිටීමක්  

0 comments

රටවල් රැසක ප්‍රධාන බැංකු, මාධ්‍ය ආයතන සහ ගුවන් සමාගම් ඇතුළු ගෝලීය ආයතන සමූහයක මහා පරිමාණ තොරතුරු තාක්ෂණ ඇනහිටීමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් ලොව පුරා සිදුවන තාක්ෂණික කටයුතු බොහොමයක් අඩාළ වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ගුවන් සේවා සහ ගුවන් තොටුපල ආශ්‍රිතව තාක්ෂණ ගැටළු වාර්තා වී ඇති අතර, බොහෝ ගුවන් ගමන් නවතා දමා […] The post ලොව පුරා ප්‍රබල තොරතුරු තාක්ෂණ ඇණහිටීමක් appeared first on ITN News...
Read More »

Jul 18

බංග්ලාදේශයේ විරෝධතාකරුවන් හා පොලිසිය අතර හටගත් ගැටුම්වලින් 17 දෙනෙකු මරුට  

0 comments

බංග්ලාදේශයේ විරෝධතාකරුවන් හා පොලිසිය අතර හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 17 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. බංග්ලාදේශ රජයේ රැකියා කෝටාවට විරෝධය පළ කරමින් පසුගිය බදාදා සිට එරට විරෝධතා ආරම්භ කෙරුණා. බදාදා දිනයේ දී විරෝධතාකරුවන් හා රජයට පක්ෂපාත කණ්ඩායම් අතර හටගත් ගැටුම්වලින් පුද්ගලයින් සියයකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වුවද මේ වන විට […] The post බංග්ලාදේශයේ විරෝධතාකරුවන් හා පොලිසිය අතර හටගත් ගැටුම්වලින්...
Read More »

Jul 18

චීනයේ සාප්පු සංකීර්ණයක ගින්නක්  

0 comments

චීනයේ සිචුවාන් ප්‍රදේශයේ සාප්පු සංකීර්ණයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එමෙන්ම ගින්නට හසුවූ පුද්ගලයින් 30 දෙනෙකු පමණ බේරාගැනීමට ද සහන කණ්ඩායම් කටයුතු කර තිබූ බවද සඳහන්. කෙසේවෙතත් අදාළ සාප්පු සංකිර්ණයේ ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ   The post චීනයේ සාප්පු සංකීර්ණයක ගින්නක් appeared first on ITN News...
Read More »

Jul 18

බංග්ලාදේශය ඇවිලෙයි  

0 comments

බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සිසුන් විසින් ආරම්භකර ඇති විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් රට තුළ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. පොලීසිය විසින් විරෝධතාකරුවන් පාලනය සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකර ඇති අතර එසේම කටකතා පැතිරීම වැලැක්වීම සඳහා ජංගම දුරකථන සඳහා අන්තරජාල පහසුකම් අත්හිටුවීමට ද පියවර ගෙන තිබුණා. නිදහස් සටන සඳහා එක්වූ පවුල්වල දරුවන් සඳහා රැකියාවලින් 30%ක් […] The post බංග්ලාදේශය ඇවිලෙයි appeared first on ITN...
Read More »

Jul 18

චීනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක් – 16ක් මියයයි  

0 comments

චීනයේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි චීන වාර්තා සඳහන් කරන්නේ. මහල් 14කින් යුත් සාප්පු සංකීර්ණයකයි ගින්න හටගත්තේ. චීනයේ සිචුවාන් පළාතේ සිගොං නගරයේ පිහිටි මෙම ගොඩනැගිල්ලෙන් විශාල දුමක් නගින අතරවාරයේ පිරිසක් බැල්කනියක රැස්ව සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පුද්ගලයන් 30 දෙනෙකු පමණ බේරා ගෙන තිබෙනවා. […] The post චීනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක් – 16ක්...
Read More »

Jul 17

ඇමෙරිකා ජනපතිට කොරෝනා  

0 comments

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කරනවා. ඔහුගේ මාධ්‍ය ලේකම් පැවසුවේ ජනාධිපතිවරයාට නිසි පරිදි එන්නත්කරණය ද සිදු කර ඇති බවයි. ඔහුට මීට පෙර ද දෙවරක්ම කොවිඩ් ආසාදනය වී තිබෙනවා. කෙසේ වෙතත් 81 හැවිරිදි ජෝ බයිඩ්න් ලාස් වේගාස්හි ආධාරකරුවන් හමුවන අයුරු දැක ගත හැකි වුණා. එහෙත් එදින රාත්‍රියේ ඔහු […] The post ඇමෙරිකා ජනපතිට කොරෝනා appeared first on ITN News...
Read More »

Jul 17

බංග්ලාදේශයේ පාසල් සහ විශ්වවිද්‍යාල වසාදැමේ  

0 comments

රජයේ රැකියා සඳහා කෝටාව ලබාදීම සම්බන්ධයෙන් විරෝධතාවලදී පුද්ගලයින් 06 දෙනෙකු මිය යාමත් සමඟ බංග්ලාදේශය පුරා පාසල් සහ විශ්වවිද්‍යාල නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබෙනවා. 1971 පාකිස්ථානයෙන් බංග්ලාදේශය නිදහස් කර ගැනීමට සටන් කළ රණවිරුවන්ගේ දරුවන්ට රාජ්‍ය අංශයේ රැකියා වෙන් කිරීමේ ක්‍රමවේදයට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් දින කිහිපයක සිට විරෝධතා පැවැත්වුවා. ඇතැම් රැකියා කාන්තාවන් ,වාර්ගික සුළු ජාතින් සහ […] The post බංග්ලාදේශයේ පාසල් සහ විශ්වවිද්‍යාල...
Read More »

Jul 16

ඊශ්‍රාලය ප්‍රහාරවලින් පලස්තීනුවන් 48 දෙනෙක් ජීවිතක්ෂයට  

0 comments

ඊශ්‍රාලය පැයක් තුළ එල්ල කළ  ප්‍රහාර තුනකින් පලස්තීන ජාතිකයන් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ප්‍රහාරය එල්ල  වුණේ මධ්‍යම ගාසා තීරයේ පාසලක් ඇතුළු ප්‍රදේශ තුනකටයි. ඉන් කිහිප දෙනෙකු තුවාල ලැබුවා. මාස 09 ක් තුළ ගාසා තීරයේ පාසල්වලින්  70 %ක්ම බෝම්බ ප්‍රහාර හේතුවෙන් විනාශ වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ඒවායේ රැදී සිටි සිවිල් වැසියන් 539 […] The post ඊශ්‍රාලය ප්‍රහාරවලින් පලස්තීනුවන් 48 දෙනෙක් ජීවිතක්ෂයට appeared...
Read More »

Jul 16

ප්‍රංශයේ පාන් හදන අපේ තර්ශන්ට ඔලිම්පික් ගිණි සිළුව රැගෙන යෑමට වරම්  

0 comments

ශ්‍රී ලංකීක දමිළ සම්භවයක් ඇති තර්ශන් සෙල්වාරාජාට ප්‍රථම වාතාවට ඔලිම්පික් ගිණි සිළුව රැගෙන යෑමට අවස්ථාව හිමිවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ ඔහු වෙත ඔලිම්පික් ගිණි සිළුව රැගෙන යෑමට අවස්ථාව ලැබී ඇති අතර ඔහු එය රැගෙන කිලෝමීටර් 2.5 ක් රැගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ. ප්‍රංශයේ රසම පාන් හදන තරගාවලිය […] The post ප්‍රංශයේ පාන් හදන අපේ තර්ශන්ට ඔලිම්පික් ගිණි සිළුව රැගෙන යෑමට වරම් appeared first on ITN News...
Read More »

Jul 16

ඕමානයේ දේවස්ථානයක් ළඟ වෙඩි තැබීමක්  

0 comments

ඕමානයේ අගනුවර පිහිටි දේවස්ථානයක් ආසන්නයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තවත් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. එම කලාපයේ ගැටුම් නිරාකරණය සඳහා ඕමානය නිරතුරුවම මැදිහත් වන අතර වෙඩිතැබීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බව එරට බලධාරීන් ප්‍රකාශ කළා The post ඕමානයේ දේවස්ථානයක් ළඟ වෙඩි තැබීමක් appeared first on ITN News...
Read More »

Jul 15

මධ්‍යම ගාසා තීරයේ පාසලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් 22ක් මරුට  

0 comments

මධ්‍යම ගාසා තීරයේ පාසලකට එල්ල වු ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. ජගත් සංවිධානය යටතේ ක්‍රියාත්මක අවතැන් කදවුරක් සදහා මෙම පාසල යොදා ගෙන තිබුණා. ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා වැසියන් සිය දෙනෙකු පමණ තුවා ලබා ඇති බවයි හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. කෙසේ වුවද ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලය සදහන් කරන්නේ හමාස් ත්‍රස්ත ඉලක්ක සදහා […] The post මධ්‍යම ගාසා තීරයේ පාසලකට එල්ල වූ...
Read More »

Jul 15

රුවන්ඩා ජනාධිපතිවරණය ඇරඹෙයි  

0 comments

රුවන්ඩා ජනාධිපතිවරණය අද ආරම්භ වුණා. රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ උත්සාහ දරන්නේ මෙවර ජනාධිපතිවරණයත් ජයග්‍රහනය කිරීමට බවයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ වසර 24ක පමණ කාලයක සිට රුවන්ඩාවේ නායකත්වය හොබවනවා. 2000 වසරේ ජනාධිපතිවීමෙන් පසු සෑම මැතිවරණයකින්ම ඔහු ජයග්‍රහණය කළ අතර සීයයට 90කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට ඔහු සමත්ව තිබෙනවා. 1994 වසරේ ජන […] The post රුවන්ඩා ජනාධිපතිවරණය ඇරඹෙයි appeared...
Read More »

Jul 14

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් පලස්තීනුවන් 17 දෙනෙකු මරුට  

0 comments

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් පලස්තීනුවන් 17 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තවත් 80 දෙනෙකු තුවාල ලබා නොසෙයිරාඩ් සරණාගත කදවුරේ නවාතැන් ගෙන සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. හමාස් සංවිධානයේ දේශපාලන කාර්යාලයේ සාමාජිකයකු වන ඉසාට් අල් රිෂෙක් පවසන්නේ සටන් විරාම සාකච්ඡාවලින් ඊශ්‍රායලය සහ  පලස්තීනය ඉවත්වී ඇති බවට පල වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි. මේ තාක්  පැවති […] The post ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් පලස්තීනුවන්...
Read More »

Jul 14

ඉන්දියාවේ බොහෝ පෙනහළු පිළිකා රෝගීන් දුම් පානය නොකරන පුද්ගලයින් – සමීක්ෂණයකින් හෙළිවෙයි  

0 comments

ඉන්දියාවෙන් වාර්තා වන පෙනහළු පිළිකා රෝගීන්ගෙන් බහුතරයක් දුම්පානය සිදුනොකරන බවට නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. දුම්පානය සිදුනොකරන පුද්ගලයින්ට පෙනහළු පිළිකා වැළදීමට ඔවුන්ගේ ජානමය සංවේදිතා,  හොමෝන තත්ත්වය සහ ඉන්දියාවේ වායු ගෝලීය ගුණාත්මකභාවය ඉතා දුර්වල මට්ටමක පැවතීම හේතුවී ඇති බවයි එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ. අග්නි දිග ආසියාවේ පෙනහළු පිළිකා සම්බන්ධයෙන් මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා. ලෝකයේ අනෙකුත් ප්‍රදේශයන්ගෙන් වාර්තා […] The...
Read More »

Jul 14

ට්‍රම්ප්ට වෙඩි තැබූ පුද්ගලයා මධ්‍යම බුද්ධි ඒජන්සිය විසින් සොයා ගනී  

0 comments

රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලන රැළියක් අමතමින් සිටියදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩි තැබූ පුද්ගලයාව මධ්‍යම බුද්ධි ඒජන්සිය විසින් නම්කර තිබෙනවා. පෙන්සිල්වේනියාවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර දී එම වෙඩි තැබීම වාර්තා වූ අතර ඉන් හිටපු ජනාධිපතිවරයාගේ කනක් තුවාල වී තිබුණා. රෝහල්ගත කළ හිටපු ජනාධිපතිවරයා මේ වනවිට නිව් ජර්සි හි පිහිටි තම නිවසට ගොස් ඇති […] The post ට්‍රම්ප්ට වෙඩි තැබූ පුද්ගලයා මධ්‍යම බුද්ධි ඒජන්සිය...
Read More »

Jul 13

ට්‍රම්ප්ගෙ‍් කණ ලඟින් වෙඩිල්ලක් යයි  

0 comments

පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ, හිටපු ජනාධිපති ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එක් වෙඩි උණ්ඩයක් ට්‍රම්ප්ගේ දකුණු කණ අසල තුවාල වුණු බවත් ආරක්ෂක අංශ සාමාජිකයන් වහා මැදිහත් වී ට්‍රම්ප් ආරක්ෂිතව එතැනින් ඉවත් කළ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. දහසකට වැඩි පිරිසක් එළිමහනේ පැවැති එම මැතිවරණ රැලියට පැමිණ සිටි අතර වෙඩි […] The post ට්‍රම්ප්ගෙ‍් කණ ලඟින් වෙඩිල්ලක් යයි appeared...
Read More »

Jul 13

ගාසා හි තාල් අල්-හවා ප්‍රදේශයේ ප්‍රහාරවලින් පසු මළ සිරුරු 60කට වැඩි සංඛ්‍යාවක් සොයා ගැනේ  

0 comments

ගාසා හි තාල් අල්-හවා ප්‍රදේශයේ ප්‍රහාරවලින් පසු මළ සිරුරු 60කට වැඩි සංඛ්‍යාවක් සොයා ගෙන තිබෙනවා. මෙම ප්‍රහාර එල්ල කිරීමේදී ගාසා නගරයේ අවතැන් වූ පලස්තීනුවන් හිතාමතාම ඉලක්ක කර ගත් බවට ඊශ්‍රායල හමුදාවට චෝදනා එල්ල වනවා. ගාසා සිවිල් ආරක්ෂක කණ්ඩායම් පවසන්නේ ඊශ්‍රායල හමුදා තාල් අල්-හවා වෙතින්  ඉවත් වූ පසු මළ සිරුරු 60 ක් සොයා ගත් බවයි. ප්‍රදේශයේ […] The post ගාසා හි තාල් අල්-හවා ප්‍රදේශයේ ප්‍රහාරවලින් පසු මළ සිරුරු 60කට වැඩි සංඛ්‍යාවක්...
Read More »

Jul 12

මුකේෂ් අම්බානිගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය අති උත්කර්ෂවත්ව  

0 comments

ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය අති උත්කර්ෂවත්ව පැවැත්වෙමින් තිබෙනවා. මාස ගණනක සැමරුම්වලින් පසු, අම්බානිගේ පුත්‍රයාගේ විවාහ උත්සවය ඉන්දියාවේ මුම්බායි නගරයේ දී පැවැත්වෙනවා. රි ලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි සභාපති මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ද් අම්බානි, ඖෂධ ව්‍යාපාරිකයන් වන විරේන් සහ ෂයිලා මර්චන්ට්ගේ දියණිය වන රාධිකා මර්චන්ට් සමඟ‍යි විවාහ ගිවිස ගත්තේ. රිහානා හා ජස්ටින් බීබර් […] The post මුකේෂ් අම්බානිගේ...
Read More »

Jul 12

ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් නයිජීරියාවේ සිසුන් රැසකට දිවි අහිමි වෙයි  

0 comments

මධ්‍යම නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් ළමුන් කිහිප දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙරට වේලාවෙන් ඊයේ (12දා) උදෑසන මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබෙනවා. සාන්තුවරයන්ගේ ඇකඩමිය ලෙසින් නම්කර ඇති පාසලක මෙය සිදුව ඇත. ගොඩනැගිල්ල කඩාවැටීමෙන් පසු සුන්බුන් සිරවී සිටි සිසුන් උපකාර ඉල්ලා කෑගසමින් සිට ඇති අතර, දෙමාපියන් වියරුවෙන් තම දරුවන් බේරාගැනීමේ අනේකවිඳ උත්සාහයන්හි නිරත […] The post ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන්...
Read More »

Jul 12

වසර 175 ක සිට පැවත එන සම්ප්‍රදායක් අනුව චාල්ස් රජුගේ රතු තැපැල් පෙට්ටිය විවෘත කෙරේ  

0 comments

වසර 175 කට පමණ පෙර සිට පැවත එන සම්ප්‍රදායක් පවත්වා ගනිමින් චාල්ස් රජුගේ ලාංඡනය දරන පළමු රතු තැපැල් කුළුණු පෙට්ටිය විවෘත කර තිබෙනවා. නව තැපැල් පෙට්ටිය මධ්‍යම එංගලන්තයේ ග්‍රේට් කැම්බූර්න් හි මහා වීදියේ ස්ථාපනය කර ඇති අතර, ප්‍රාදේශීය පාසල් සිසුන්ට පරිසරය කෙරෙහි ඇති උනන්දුව පිළිබඳ සඳහන් කරමින් රජුට ලිපි පළ කිරීමට අවස්ථාව ලැබෙන බව සඳහන්. […] The post වසර 175 ක සිට පැවත එන සම්ප්‍රදායක් අනුව චාල්ස් රජුගේ රතු තැපැල් පෙට්ටිය විවෘත කෙරේ...
Read More »

Jul 12

සෙනග පිරුණු බස් රථ දෙකක් සමග නායගිය පාර  

0 comments

නේපාලයේ නායයෑමෙන් පාරක් ගිලා බැස එහි ගමන් කරමින් තිබූ බස් රථ දෙකක් Trishuli ගංගාවකට පෙරළිමෙන් මගීන් 65 දෙනෙකු පමණ අතුරුදන් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එක් බස් රථයක මගින් 24 දෙනෙකු ගමන් කර ඇති අතර, අනෙක් බස් රථයේ මගීන් 41 දෙනෙකු ගමන් කර ඇති බවයි කත්මණ්ඩු බලා ධාවනය වූ බස් රථ දෙකක් මෙලෙස අනතුරට […] The post සෙනග පිරුණු බස් රථ දෙකක් සමග නායගිය පාර appeared first on ITN News...
Read More »

Jul 11

“Washingtong නායක සමුළුවේ ප්‍රකාශනය”ට චීනයෙන් දැඩි විරෝධයක්  

0 comments

නේටෝ සංවිධානය පසුගියදා (10) “Washingtong නායක සමුළුවේ ප්‍රකාශනය” නිකුත් කළා. එම ප්‍රකාශනයට අනුව රුසියා -යුක්රේන සටනේදී රුසියාවට දැඩි පක්ෂපාතී පාර්ශ්වය ලෙස චීනය කටයුතු කරන බව සඳහන් වුණා. ඉන් අසල්වැසි රටවලට හා කලාපයේ ආරක්ෂාවට රුසියාවෙන් එල්ල වන තර්ජනය උග්‍ර වන බවට එම ප්‍රකාශයෙන් චෝදනා කර තිබුණා. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ […] The post “Washingtong නායක සමුළුවේ ප්‍රකාශනය”ට චීනයෙන් දැඩි විරෝධයක්...
Read More »

Jul 10

පිලිපීනයේ භූ කම්පනයක්  

0 comments

පිලිපීනයේ මින්ඩනාඕ හි රිච්ටර් මාපක 6.7 ක භූමිකම්පාවක් සිදු වූ බව භූ විද්‍යාව පිළිබඳ ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථානය පවසනවා. භූමිකම්පාව කිලෝමීටර් 630 ක් ගැඹුරින් සිදුව ඇති බව සඳහන්. භූමි කම්පනයත් සමග සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. පිලිපීනයේ භූ කම්පන විද්‍යා ඒජන්සිය පැවසුවේ භූමිකම්පාවෙන් හානියක් සිදුවනු ඇතැයි අපේක්ෂා නොකරන නමුත් පසු කම්පන අපේක්ෂා කරන […] The post පිලිපීනයේ භූ කම්පනයක් appeared first on ITN News...
Read More »

Jul 10

ගාසා නගරය මළ සිරුරු වලින් පිරී යයි  

0 comments

ගාසා නගරයේ වීථි මළ සිරුරු වලින් පිරී ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ගාසා නගරයේ මළසිරුරුවලින් වීදි පිරී ගොස් ඇති අතර ඊශ්‍රායල සොල්දාදුවන් නගරයේ තාල් අල්-හවා ප්‍රදේශයට කඩා වැදීමෙන් පලස්තීනුවන් 30 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ගාසා සිවිල් ආරක්ෂක ප්‍රකාශක මහමුද් බාසාල් මේ බව තහවුරු කරනවා. මේ අතර ඊශ්‍රායලය ගාසා නගරයේ ජනතාවට සම්පූර්ණයෙන් ඉවත් වීමේ […] The post ගාසා නගරය මළ සිරුරු වලින් පිරී යයි appeared first on ITN News...
Read More »

Jul 10

8 වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය ජූලි 23 සිට චීනයේ Kunming හි දී  

0 comments

8වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය එළඹෙන 23වැනිදා සිට 28වැනිදා දක්වා චීනයේ Kunming නගරයේ දී පැවැත්වීමට නියමිතයි. චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය ඊයේ(9) මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ පිළිබඳව සඳහන් කළා. මෙවර චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය මෙම වසරේ චීනය දකුණු ආසියා රටවල් සමග පවත්වන වැදගත්ම ආර්ථික හා වෙළඳ හුවමාරු ක්‍රියාකාරකමක් වන බව චීන වාණිජ උප ඇමති Li Fei මහතා […] The post 8 වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය ජූලි 23 සිට චීනයේ Kunming...
Read More »

Jul 10

තාප තරංගවල බලපෑමෙන් ටෝකියෝ නගරයේ 6 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

තාප තරංගවල බලපෑම හේතුවෙන් ජපානයේ ටෝකියෝ නගරයේ පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම තාප තරංග වර්ෂාකාලයේදී ඇති වූ දුර්ලභ තාප තරංගයක් ලෙසයි සැලකෙන්නේ. සෞකඛ්‍ය සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් නිකුත් කිරීමට බලධාරීන් පියවර ගත්තා. පසුගිය සති අන්තයේදී මධ්‍යම සිෂුකා  පළාතේ උණුසුම සෙල්සියස් අංශක 40 දක්වා ලගා වුණා. එය අතිශ්‍යය උණුසුම් ලෙස වර්ගකීරණය කර ඇති අංශක 35 […] The post තාප තරංගවල බලපෑමෙන් ටෝකියෝ නගරයේ 6 දෙනෙකු ජීවිතක්ෂයට...
Read More »

Jul 10

18කගේ හුස්ම නැවතූ අනතුර  

0 comments

ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ උන්නාඕ ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 19 තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බස් රථයක් බිහාර් සිට දිල්ලි දක්වා ධාවනය වෙමින් තිබියදී ලක්නව්-අග්‍රා අධිවේගී මාර්ගයේ පිටුපසින් පැමිණි කිරි ප්‍රවාහනය කළ රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. The post 18කගේ හුස්ම නැවතූ අනතුර appeared first on ITN News...
Read More »

Jul 09

ඉන්දියාවේ රිය අනතුරකින් 18 දෙනෙක් ජීවිතක්ෂයට  

0 comments

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දියාවේ ලක්නව් – අග්‍රා අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ තට්ටු දෙකේ බස් රථයක් කිරි ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරෙන් තුවාල ලැබූ 19 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. මියගිය පිරිස අතරට කාන්තාවන් තුනේ දෙනෙකු හා කුඩා දරුවෙකු ද ඇතුළත්. බස් […] The post ඉන්දියාවේ රිය අනතුරකින් 18 දෙනෙක් ජීවිතක්ෂයට appeared first...
Read More »

Jul 09

ඊශ්‍රායලයෙන් සිව්වන වරටත් ගාසා තීරයේ පාසලකට ප්‍රහාරයක් – 29ක් මරුට  

0 comments

ඊශ්‍රායලය සිව්වන වරටත් ගාසා තීරයේ පාසලකට පහර දීමෙන් 29 දෙනෙකු මිය ගියා. ගාසා තීරයේ ඛාන් යුනිස් අසල අබාසාන් නගරයේ පාසලක් අසලටයි ප්‍රහාර එල්ල වුණේ. ඉන් පිටත කූඩාරම්වල රැඳී සිටි පලස්තීනුවන් 29 දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වුණා. මෙම ප්‍රහාරය දින හතරක් ඇතුලත පාසල් ගොඩනැගිල්ලකට පහර දුන් සිව්වන අවස්ථාවයි. ඊශ්‍රායලය ඛාන් යූනිස් හා ගාසා නගරයේ ඇතැම් ප්‍රදේශ වලින් […] The post ඊශ්‍රායලයෙන් සිව්වන වරටත් ගාසා තීරයේ පාසලකට ප්‍රහාරයක් – 29ක් මරුට...
Read More »

Jul 09

බෙරිල් නිසා මිලියන ගණනකට විදුලිය අහිමි වෙයි  

0 comments

බෙරිල් සුළි කුණාටුව හේතුවෙන් ටෙක්සාස් හි මිලියන ගණනකට විදුලිය විසන්ධි වී තිබෙනවා. බෙරිල් සුළි කුණාටුව ගිනිකොනදිග ටෙක්සාස් වෙත ඇතුලු වීමත් සමග එහි බලපෑමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබෙනවා. අධික වර්ෂාව හා දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මිලියන 2.6 කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ උදෑසන බෙරිල් සුළි කුණාටුව ප්‍රථම වරට […] The post බෙරිල් නිසා මිලියන ගණනකට විදුලිය අහිමි වෙයි appeared first on ITN New...
Read More »

Jul 08

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 66 දක්වා ඉහළට  

0 comments

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේ දී පමණක් ඇසෑම් ප්‍රාන්තයේ පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි ප්‍රාන්ත ආපදා කළමනාකරණ අධිකාරිය නිවේදනය කරන්නේ. ඇසෑම් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 35න් 28කට ගංවතුරෙන් දැඩි බලපෑමෙන් එල්ල වී තිබෙනවා. ගම්මාන 3446ක ලක්ෂ 23කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව […] The post ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණයෙන්...
Read More »

Jul 08

ආසියා පැසිෆික් කලාපයට හමුදා කඳවුරු අවශ්‍ය නොවන බවට චීනයෙන් ප්‍රකාශයක්  

0 comments

ජපානය සහ පිලිපීනය ඒකාබද්ධ ප්‍රවේශ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(08) චීනයේ ස්ථාවරය පැහැදිලි කළා. රටවල් අතර හුවමාරු සහ සහයෝගීතාව පවත්වා ගැනීමේදී කලාපයේ අනෙකුත් රටවල් අතර විශ්වාසය පළුදු නොවිය යුතුය. ඒ ඔස්සේ කලාපීය සාමය හා ස්ථාවරත්වය බිඳ නොදැමිය යුතු බවත්, කිසිදු පාර්ශ්වයකට ඉන් හානියක් සිදු නොවිය යුතු […] The post ආසියා පැසිෆික් කලාපයට හමුදා කඳවුරු අවශ්‍ය නොවන බවට චීනයෙන්...
Read More »

Jul 08

හමාස් ප්‍රධානියෙක් ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට  

0 comments

හමාස් සංවිධානයේ ඡ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙක්, ඊශ්‍රායල හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ගාසා නගරයේ පිහිටි පාසලකට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ලකර තිබූ අතර එහිදී මියගිය සිව් දෙනා අතර Ehab Al-Ghussein ද වූ බව සඳහන් ගාසා නගරයේ සහ උතුරු ගාසා ප්‍රදේශයේ හමාස් කටයුතු පාලනය සඳහා ඔහුව මීට මාස තුනකට පමණ […] The post හමාස් ප්‍රධානියෙක් ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට appeared first on ITN...
Read More »

Jul 07

ප්‍රංශ මැතිවරණයෙන් එරට වාමාංශික සන්ධානය ඉදිරියෙන්  

0 comments

ප්‍රංශ මැතිවරණයෙන් එරට වාමාංශික සන්ධානය ඉදිරියෙන් සිටිනවා. ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික ජාතික රැළි පක්ෂය එරට පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතරයක් දිනා ගැනීමට අසමත් වුණා. නිකුත් වී ඇති නිල ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ වාමාංශික නව ජනතා පෙරමුණ ඇතුළත් සන්ධානය ජයග්‍රහණය කර ඇති බවයි. ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ මධ්‍යවාදී එන්සෙම්බල් සන්ධානය දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. තුන්වන තැන හිමිව ඇත්තේ ජාතික රැළි පක්ෂයටයි. […] The post ප්‍රංශ මැතිවරණයෙන්...
Read More »

Jul 07

නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 8 දෙනෙකු මරුට  

0 comments

නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකුට ජීවිත අහිමිවී තිබෙනවා. නේපාලයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග නායයාම් හා ගංවතුර තත්ත්වයක් ද හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පුද්ගලයින් 6 දෙනෙකු අතුරුදන් අතර තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවයි නේපාල පොලීසිය සදහන් කරන්නේ. ස්ථාන 45ක නායයාම් හා ගස් කඩාවැටීම් හේතුවෙන් ගමනා ගමන […] The post නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 8 දෙනෙකු මරුට appeared...
Read More »

Jul 07

බ්‍රිතාන්‍ය නව අගමැති කරන්න යන දේ  

0 comments

තම රට තුළ ප්‍රමාණය ඉක්මවා සිරකරුවන් සිටින බව බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් පවසනවා. සිරගතවන සංඛ්‍යාව ප්‍රමාණාත්මකව අවම කිරීමට තමා කටයුතු කරන බවයි බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් සඳහන් කරන්නේ. වරදක් කළ පසු සිරගත කිරීම නොව වරදක් කිරීමට ඉඩ නොතැබීම පාලන අධිකාරිය සිදුකළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු තම පළමු මාධ්‍ය […] The post බ්‍රිතාන්‍ය නව අගමැති කරන්න යන දේ appeared...
Read More »

Jul 06

ගාසා තීරයේ අවතැන් පිරිස් රඳවා සිටින පාසලකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්  

0 comments

ගාසා තීරයේ අවතැන් පිරිස් රඳවා සිටින පාසලක් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් දහසය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊශ්‍රායල ප්‍රහාරයෙන් සිය ගණනක පිරිසක් තුවාල ලබා ඇති බවයි හමාස් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරන්නේ. මධ්‍යම ගාසා තීරයේ පිහිටා ඇති මෙම පාසල තුළ අවතැන් වූ දහස් ගණනක පිරිසක් රඳවා සිටි බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ. […] The post ගාසා තීරයේ අවතැන් පිරිස් රඳවා සිටින පාසලකට ඊශ්‍රායලයෙන් ගුවන්...
Read More »

Jul 06

බෙරිල් සුළි කුණාටුවෙන් මෙක්සිකෝවේ වෙරළ ප්‍රදේශවලට බලපෑම්  

0 comments

බෙරිල් සුළි කුණාටුවෙන් මෙක්සිකෝවේ වෙරළ ප්‍රදේශ වලට බලපෑම් එල්ල වී තිබෙනවා. බෙරිල් සුළි කුණාටුව මෙක්සිකෝවේ යුකැටන් අර්ධද්වීපයට කඩා වැදී කැරිබියන් දූපත් හරහා විනාශයක් සිදු කරමින් හමා ගොස් තිබෙනවා. මේ වන විට එම කලාපයෙන් මරණ 10 ක් වාර්තා වනවා. පැයට කිලෝමීටර 175ක වේගයෙන් සුළං හැමීම සිදුවුණා. එය මේ වනවිට නිවර්තන කුණාටුවක් දක්වා පහත වැටී ඇති අතර […] The post බෙරිල් සුළි කුණාටුවෙන් මෙක්සිකෝවේ වෙරළ ප්‍රදේශවලට බලපෑම් appeared first on ITN...
Read More »

Jul 06

ගාසා තීරයේ එන්ක්ලේව් වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර මාලාවකින් 27දෙනෙකු මරුට  

0 comments

ගාසා තීරයේ එන්ක්ලේව් වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර මාලාවකින් 27දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස මිය ගිය අය අතර පලස්තීන මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ. ඊයේ අලුයම සිට ගාසා තීරයට එල්ල වන ප්‍රහාරවලින් මෙම පුද්ගලයින් 27 දෙනා මිය ගියා. මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ ගාසා සටන් විරාම සාකච්ඡා නැවතත් ලබන සතියේ ආරම්භ කරන […] The post ගාසා තීරයේ එන්ක්ලේව් වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර මාලාවකින් 27දෙනෙකු...
Read More »

Jul 05

බ්‍රිතාන්‍යයේ නව අගමැති රාජකාරි අරඹයි  

0 comments

කීර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයයේ නව අගමැතිවරයා ලෙස රාජකාරි ආරම්භ කළා. රාජකාරි ආරම්භ කරමින් ඔහු අද පෙරවරුවේ නව කැබිනට් මණ්ඩලයේ රැස්වීමක් පවත්වනු ඇති. ඔහුගේ නව කැබිනට් මණ්ඩලයට චාන්සලර් ලෙස රෂෙල් රීව්ස් ද, නියෝජ්‍ය නායිකාව ලෙස ඇන්ජෙලා රේනර් ද, ස්වදේශ කටයුතු ලේකම් ලෙස යුවෙට් කූපර් ද කටයුතු කරනවා. මේ අතර රිෂි සුනක් පවසා ඇත්තේ තමාගේ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමේ […] The post බ්‍රිතාන්‍යයේ නව අගමැති රාජකාරි අරඹයි appeared first on ITN Ne...
Read More »

Jul 05

රිෂී සුනක් පරාජය බාර ගනී  

0 comments

බ්‍රිතාන්‍ය විපක්ෂය වන කම්කරු පක්ෂයට බහුතර බලය ද සමඟ විශිෂ්ට ජයක් හිමිවීමත් සමඟ, පරාජය බාර ගනිමින්, පාක්ෂිකයන් වෙනුවෙන් සමාව ඉල්ලීමට කොන්සවර්ටිව් පක්ෂ නායකයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද වන රිෂී සුනක් පියවර ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා කම්කරු පක්ෂය විශිෂ්ට ජයක් හිමි කර ගත්තේ ආසන 300 කට වැඩියෙන් දිනා ගනිමින්. පරාජය බාර ගනිමින්, කම්කරු පක්ෂ […] The post රිෂී සුනක් පරාජය බාර ගනී appeared first on ITN News...
Read More »

Jul 04

බ්‍රිතාන්‍යට නව අගමැතිවරයෙක්  

0 comments

බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් කම්කරු පක්ෂය අති දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගත්තා. ඊයේ පැවති බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් කම්කරු පක්ෂය එරට පාර්ලිමේන්තුවේ ආසන 410 ක බලය හිමිකර ගැනීමට සමත්වී ඇති බවයි බීබීසී පුවත් සේවය සඳහන් කරන්නේ. පාලක කන්සවේටිව් පක්ෂයට හිමිකර ගැනිමට හැකියාව ලැබී ඇත්තේ ආසන 144 ක බලය පමණයි. කම්කරු පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ බව අග්‍රාමාත්‍ය රිෂී සුනක් අද […] The post බ්‍රිතාන්‍යට නව අගමැතිවරයෙක් appeared...
Read More »

Jul 04

ශැංහයි සහයෝගිතා සංවිධාන‍යේ රාජ්‍ය නායක කවුන්සිලය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්  

0 comments

ශැංහයි සහයෝගිතා සංවිධාන‍යේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ කෘත්‍යධිකාරි කවුන්සිලයේ 24 වැනි සැසිය පැවැත්වුණා. ඒ ඊයේ (04) කසක්ස්ථානයේ අස්තානා අගනුවර දීයි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේ ශැංහයි සහයෝගිතා සංවිධානය ස්ථාපිත කර ගත වූ වසර 23 ක් තුළ එහි සාමාජික රටවල් ගණන 10 ක් දක්වා වැඩි වී ඇති බවයි. මෙය මහාද්වීප 3 කට අයත් […] The post ශැංහයි සහයෝගිතා සංවිධාන‍යේ රාජ්‍ය නායක කවුන්සිලය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් appeared first...
Read More »

Jul 04

චීනයේ ජියැංසි පළාතට හදිසි තත්ත්වයක්  

0 comments

චීනයේ ජියැංසි පළාතේ ගංවතුර හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. නැඟෙනහිර චීනයේ ජියැන්ග්සි පළාතේ අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ගංවතුර නිසා බලධාරීන් හතර වන මට්ටමේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා මේ වන විට සහන කණ්ඩායම් පිටත් කර යවා තිබෙනවා. විපතට පත්වූවන් වෙනුවෙන් චීන මධ්‍යම රජය යුවාන් මිලියන 8.13 ක් එනම් […] The post චීනයේ ජියැංසි පළාතට හදිසි තත්ත්වයක් appeared first on ITN ...
Read More »

Jul 04

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය ඇරඹෙයි  

0 comments

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වුණා. මිලියන 46ක ඡන්දදායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. එරට ප්‍රාදේශීය පාසල් හා ප්‍රජා ශාලා වැනි ගොඩනැගිලිවල පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන අද උදැසන 07:00ට ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා විවෘත වූ අතර රාත්‍රී 10.00 දක්වා එය පැවැත්වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 650ක් පොදු මන්ත්‍රී මණ්ඩලයට තෝරා පත් කර ගැනීම සඳහායි ඡන්ද විමසීම […] The post බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය...
Read More »

Jul 03

බෙරිල් සුළි කුණාටුව ජැමෙයිකාව දෙසට යයි  

0 comments

ප්‍රබල බෙරිල් සුළි කුණාටුව ජැමෙයිකාව දෙසට හමා යමින් පවතිනවා. බෙරිල් සුළි කුණාටුව පැයට කිලෝමීටර් 220කට ආසන්න වේගයෙන් හමා යමින් පවතිනවා. එය මේ වනවිට හතරවන කාණ්ඩයේ කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර ඉදිරි පැය කිහිපය තුළ ජැමෙයිකාවේ දකුණු වෙරළ ආසන්නයේ හෝ ඊට ඉහළින් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරනවා. ඇමරිකා ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය දැනටමත් ඒ පිළිබඳ […] The post බෙරිල් සුළි කුණාටුව ජැමෙයිකාව දෙසට යයි appeared first on ITN News...
Read More »

Jul 03

ග්‍රීසිය ඇතැම් කර්මාන්ත සඳහා දින 6ක වැඩ සතියක් හඳුන්වා දෙයි  

0 comments

ග්‍රීසිය ඇතැම් කර්මාන්ත සඳහා දින හයක වැඩ සතියක් හඳුන්වා දී තිබෙනවා. ඒ එරට ආර්ථික වර්ධනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින්. ජූලි මස ආරම්භයේ සිට බලාත්මක වී ඇති මෙම නව නීති මගින් සේවකයින්ට සතියකට පැය 48 දක්වා වැඩ කිරීමට ඉඩ සැලසෙනවා. එය අදාළ වන්නේ පැය 24 පුරා ක්‍රියාත්මක වන ව්‍යාපාරවලට පමණක් වන අතර ඔවුන් කරන අතිකාල […] The post ග්‍රීසිය ඇතැම් කර්මාන්ත සඳහා දින 6ක වැඩ සතියක් හඳුන්වා දෙයි appeared first on ITN News...
Read More »

Jul 03

ඇමරිකාවට චීනයෙන් චෝදනාවක්  

0 comments

ඇමරිකාව ත්‍රස්තවාදය මර්දනය කරන බව පවසමින් වෙනත් රටවල සම්පත් පැහැර ගන්නා බව චීනය චෝදනා කරනවා. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවා. චීන මාධ්‍ය සමූහයට අයත් CCTV නාලිකාව පසුගිය දා සමීක්ෂණයක් පැවැත් වූ අතර එහිදී අනාවරණය වූයේ සිරියාවේ රැඳීසිටින ඇමරිකානු හමුදාව දෛනිකව ධාන්‍ය ලොරි 10 කට […] The post ඇමරිකාවට චීනයෙන් චෝදනාවක් appeared first on ITN News...
Read More »

Jul 02

බෙරිල් ප්‍රචණ්ඩ වෙයි  

0 comments

බෙරිල් සුළි කුණාටුවේ බලපෑමෙන් කැරිබියන්හි ග්‍රෙනාඩා හා ශාන්ත වින්සන්ට් යන දූපත්වලට දැඩි හානි සිදුවී තිබෙනවා. පුද්ගලයින් තුන් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. පස්වන කාණ්ඩය දක්වා බෙරිල් සුළි කුණාටුවේ ප්‍රබලත්වය මේ වන විට ඉහළ ගොස් ඇති බවයි ඇමෙරිකා  ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසන්නේ. පැයට කිලෝ මීටර 240ක පමණ ප්‍රබලත්වයෙන් යුතු සුළි කුණාටුව ජැමෙයිකා දූපත […] The post බෙරිල් ප්‍රචණ්ඩ වෙයි appeared first on ITN ...
Read More »

Jul 02

ඉන්දියාවේ තෙරපීමෙන් මියගිය ගණන 121ක් දක්වා ඉහළට  

0 comments

ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් පුද්ගලයින් 121 දෙනෙකු මියගොස් තිබෙනවා. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ සට්සන්ග් ප්‍රදේශයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරයි මෙම තෙරපීම සිදුව ඇත්තේ. මියගිය අය අතර බහුතරය කාන්තාවන් හා කුඩා දරුවන් වනවා. පටු මාර්ගයක් ඔස්සේ එක්වර විශාල පිරිසක් ගමන් කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් මෙසේ තෙරපීමක් ඇතිවුණා. මියගිය පිරිස අතර පෑගීමට ලක්වූ බොහෝ […] The post ඉන්දියාවේ තෙරපීමෙන් මියගිය...
Read More »

Jul 02

සිඩ්නි විශ්ව විද්‍යාලයේ පිහි ඇනුමක් – 14 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට  

0 comments

සිඩ්නි විශ්වවිද්‍යාලය තුළදී පිහි ඇනුමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඒ සම්බන්ධයෙන් සැකපිට 14 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිදුවීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ගොඩනැගිලි කිහිපයක් වසා දැමීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. පිහි ප්‍රහාරයට ලක්වූ 22 හැවිරිදි පුද්ගලයෙක්ට හදිසි ප්‍රතිකාර ලබාදී තිබුණා. The post සිඩ්නි විශ්ව විද්‍යාලයේ පිහි ඇනුමක් – 14 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට appeared first on ITN New...
Read More »

Jul 01

AI වෙනුවෙන් චීනය ගෙන ආ යෝජනාවට එක්සත් ජාතීන්ගේ අනුමැතිය  

0 comments

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් චීනය විසින් ඉදිරිපත් කළ යෝජනාව රටවල් 140 කට අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයේ දී ඊයේ (1) ඒකමතිකව සම්මත වී තිබෙනවා. එම යෝජනාවෙන් කෘත්‍රිම බුද්ධියේ තාක්ෂණයේ වර්ධනය “මානව කේන්ද්‍රගත වීමේ මූලධර්ම” පිළිපැදිය යුතු බවත්, ප්‍රායෝගික භාවිතය ඵලදායී වන ලෙස යොදා ගැනීමේ අවශ්‍යතාව […] The post AI වෙනුවෙන් චීනය ගෙන ආ යෝජනාවට...
Read More »

Jul 01

දකුණු කොරියාවේ සෝල් අගනුවර සිදුවූ මෝටර් රථ අනතුරකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

දකුණු කොරියාවේ සෝල් අගනුවර සිදුවූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඊයේ රාත්‍රි 9.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර තවත් පුද්ගලයින් 4 දෙනෙකු අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ. මහා මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් එක්වරම පදික වේදිකාව හරහා ධාවනය කිරීමත් සමග එහි රැදී සිටි පදිකයින් […] The post දකුණු කොරියාවේ සෝල් අගනුවර සිදුවූ මෝටර් රථ අනතුරකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට appeared first...
Read More »

Jul 01

ලැව්ගින්නෙන් බේරෙන්න දිව්ව පුද්ගලයා හෘදයාබාධයක් සෑදී මියයයි  

0 comments

ග්‍රීසියේ ප්‍රදේශ ගණනාවක ඇතිව තිබෙන ලැව්ගිනි නිවීම සඳහා ගිනි නිවන භටයින් දැඩි පරිශ්‍රමයක නිරත වනවා. ගිනි නිවන භටයින් ඊයේ සවස් වනතුරුම ග්‍රීක අගනුවර වන ඇතන්ස් අසල ලැව්ගිනි නිවා දැමීම සඳහා දැඩි වෙහෙසක නිරත වුණා. ග්‍රීසිය මේ වනවිට ග්‍රීෂ්ම සෘතුවට මුහුණ දෙමින් සිටිනවා. එමෙන්ම තාප තරංග වලට ද මුහුණ දෙමින් සිටිනවා. ඒ හේතුවෙන් උෂ්ණත්වය 44°C දක්වා […] The post ලැව්ගින්නෙන් බේරෙන්න දිව්ව පුද්ගලයා හෘදයාබාධයක් සෑදී මියයයි appeared first on...
Read More »

Jul 01

දකුණු අප්‍රිකාවේ නව කැබිනට් මණ්ඩලය – හිටපු විපක්ෂ නායක කෘෂිඇමති  

0 comments

දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා එරට නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කර තිබෙනවා. දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා එරට හිටපු විපක්ෂ නායක ජෝන් ස්ටීන්හුයිසන් නව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් කර තිබීම විශේෂත්වයක්. එමෙන්ම අප්‍රිකා ජාතික කොංග්‍රසයේ ඉනොක් ගොඩොන්ග්වානා මුදල් ඇමතිවරයා ලෙසත් රොනල්ඩ් ලමෝලා ජාත්‍යන්තර සබඳතා හා සහයෝගිතා අමාත්‍යවරයා ලෙසත් පත් කර තිබෙනවා. රමෆෝසාගේ අප්‍රිකානු ජාතික […] The post දකුණු අප්‍රිකාවේ නව...
Read More »

Jul 01

ප්‍රංශයේ අධිවේගයට ගුවන් යානයක් කඩන් වැටෙයි  

0 comments

ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. ගුවන් යානය කඩා වැටීමත් සමග අදාළ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු ද ඇණහිට ඇති බවයි විදෙස් වාර්තා කරන්නේ කෙසේවෙතත් ගුවන් යානය කඩා වැටීමට හේතුව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ. The post ප්‍රංශයේ අධිවේගයට ගුවන් යානයක් කඩන් වැටෙයි appeared first on ITN News...
Read More »

Recent News

Gossip Lanka MAG