Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක පාපැදි දිනය අදයි  

0 comments

ලෝක පාපැදි දිනය අදයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පාපැදි සංගමය විශේෂ පාපැදි සවාරියක් සංවිධාන කර තිබෙනවා.

ලෝක පාපැදි දිනයට සමගාමීව සංවිධාන කළ පාපැදි සවාරිය ශ්‍රී ජයවර්ධන පුර කිඹුලාවල මංසන්දියේ සිට ක්‍රීඩා අමාත්‍යාංශය දක්වා ධාවනය කෙරෙනවා. ශ්‍රී ලංකා පාපැදි සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සහ ලේකම් නලීන් අධිකාරිආරච්චි ඇතුළු පිරිසක් පාපැදි සවාරියේ සමාරම්භක අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

The post ලෝක පාපැදි දිනය අදයි appeared first on ITN News.

Read More »

කැබිලිත්ත රක්ෂිත ඉඩම් ජාවාරම්කරුවන් හා පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පියවර  

0 comments

කැබිලිත්ත රක්ෂිතයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට කටයුතු කරන පුද්ගලයින් හා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට තීරණය කර තිබෙනවා.

කැබිලිත්ත රක්ෂිත වනාන්තරයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට මොණරාගල ප්‍රදේශයේ ඇතැම් පුද්ගලයින් උත්සාහ දරන බවට තොරතුරු වාර්තා වී තිබුණා. මේ පිළිබද විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඒ පිළිබද දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලීමටයි කටයුතු කෙරුණේ. වගා කටයුතු සදහා කැබිලිත්ත රක්ෂිතයෙන් පිටත අක්කර විසිපන්දහසක් ලබා දී ඇතත් එම පුද්ගලයින් අදාළ ඉඩම්වල වගා කටයුතු සිදු නොකර රක්ෂිත ඉඩම් අත්පත් කර ගැනීමට උත්සාහ දරන බවයි නිලධාරින් පෙන්වා දුන්නේ. රක්ෂිත ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට කවුරුන් හෝ උත්සාහ දරන්නේ නම් ඔවුන් වහා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා මොණරාගල නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන්නා.

 

 

 

The post කැබිලිත්ත රක්ෂිත ඉඩම් ජාවාරම්කරුවන් හා පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පියවර appeared first on ITN News.

Read More »

දේපළ හා ජීවිත හානි පිළිබඳ විමර්ශනයට ජනපතිගෙන් කොමිෂන් සභාවක්  

0 comments

ගිනි තැබීම්, කොල්ලකෑම් පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ සිදු වූ දේපල හා ජීවිත හානි පිළිබද විමර්ශනයට ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා.

පසුගිය මාර්තු 31 වනදා සිට මැයි 15 වනදා දක්වා කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ දේපල හා ජීවිත හානි පිළිබද විමර්ශනය කර වාර්තා කිරීම සදහා මෙම පරික්ෂණ කොමිෂන් සභාව පත් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසිනුයි.

එහි සභාපතිත්තවය දරන්නේ ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ මහතායි. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ, අතිරේක ප්‍රධාන තක්සේරුකරු එන්.ඒ.එස් වසන්ත කුමාර යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයන් වනවා.

කොමිසන් සභාවේ ලේකම් ධුරයට පත් කර ඇත්තේ ජනාධිපති අතිරේක ලේකම් බුවනෙක හේරත් මහතායි. කොමිෂන් සභාවේ සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා  අතින් සිදු  වුණා.

 

 

The post දේපළ හා ජීවිත හානි පිළිබඳ විමර්ශනයට ජනපතිගෙන් කොමිෂන් සභාවක් appeared first on ITN News.

Read More »

ජොනී ඩෙප් සිය හිටපු බිරිඳට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙන් ජයගනී  

0 comments

ප්‍රකට හොලිවුඩ් නලුවෙකු වන ජොනී ඩෙප් සිය හිටපු බිරිඳ ඇම්බර් හාට් ට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙන් ජය ගැනීමට සමත් වුණා.

නඩු විභාගය පැවැත්වුණේ වර්ජිනියාවේ ෆෙයාර් ෆ්‍රෑන්ක් ප්‍රාන්තයේ ජූරි සභාවකයි. මෙම නඩු විභාගය පිළිබඳ ලොව පුරා මහත් කතා බහක් ඇති වුණා. වොෂින්ටන්පෝස්ට් පුවත්පතේ 2018 වසරේ පළවූ වාර්තාවකින් තමන්ට අපහාසයක් වී ඇති බව සඳහන් කරමින් ජොනී ඩෙප් නඩු පැවරුවා. නඩුවන් ජයග්‍රහණය කළ ඔහුට ඇමරිකා ඩොලර් මිලියන 15ක වන්දියක් ගෙවන ලෙසට ඔහුගේ හිටපු බිරිඳට අධිකරණය නියම කළා.

 

The post ජොනී ඩෙප් සිය හිටපු බිරිඳට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙන් ජයගනී appeared first on ITN News.

Read More »

වැට් බද්ද ඉහළ දැමීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ  

0 comments

අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද  ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජුනි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද සියයට 8 සිට සියයට 12 දක්වා වැඩිකරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

2022 දී සහ ඉදිරියේ දී ආදායම් වැඩිකර ගැනීම සහ ශක්තිමත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයක් ඇතිකර ගැනීම සදහා බදු ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදුකළ යුතු බවට අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබුණා. ඒ අනුව අද සිට මෙම වැට් බදු ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

2019 වසරේ අග භාගයේ දී ශ්‍රී ලංකාවට ලිහිල් බදු ක්‍රම වේදයක් හදුන්වාදීමට කටයුතු කර තිබුණා. ඒ හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 600 ත් 800 ත් අතර ප්‍රමාණයක් බදු ආදායමක් රටට අහිමි වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැහැදිලි කර දී තිබුණේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා මෙම බදු සංශෝධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒවා පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව ගැසට් නිවේදනයක් නිකුත්කර කඩිනමින් ක්‍රියාවට නැංවීමට යෝජනා කර තිබුණා.

මෙමගින් 2022 වසර සදහා ඇස්තමේන්තු කර ඇති අමතර ආදායම රුපියල් බිලියන 91 ක්. ඒ අනුව වසරකට ඇස්තමේන්තුගත අමතර ආදායම රුපියල් බිලියන 156 ක් බවයි අදාළ සංශෝධන මගින් පෙන්වා දී තිබෙන්නේ.

එමෙන්ම ඉදිරියේ දී තවත් බදු සංශෝධන රැසක් මේ වසර තුළදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

 

The post වැට් බද්ද ඉහළ දැමීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ appeared first on ITN News.

Read More »

ඇමරිකාවේ ඔක්ලෝහෝමා ප්‍රාන්තයේ රෝහලක සිදු වූ වෙඩි තැබීමකින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඇමරිකාවේ ඔක්ලෝහෝමා ප්‍රාන්තයේ රෝහලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

තුවක්කුවක් අතැතිව රෝහලට කඩා  වැදුණු පුද්ගලයෙකු මෙලෙස වෙඩි තබා ඇති බවයි ඇමරිකා වාර්තා සඳහන් කරන්නේ.

වෙඩි තැබීමෙන් පසු එම පුද්ගලයා ද වෙඩි තබාගෙන මියගොස් තිබෙනවා. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක මෙවැනිම වෙඩි තැබීමක් සිදු වී සතියක කාලයක් ගත වීමටත් පෙර රෝහලේ මෙම වෙඩි තැබීම සිදු වුණා. පාසලේ සිදු වූ වෙඩි තැබීමෙන් සිසුන් ඇතුළු 21 දෙනෙකු මිය ගියා. ඇමරීකාවේ ගිනි අවි භාවිතය පිළිබද  නීති දැඩි කල යුතු බවට මේ වන විට මතයක් ගොඩනැගෙමින් පවතිනවා. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් හේතුවෙන් ගිනි අවි භාවිතයට දැඩි නීති පැනවිය යුතු බවයි විචාරකයන් පවසන්නේ.

 

The post ඇමරිකාවේ ඔක්ලෝහෝමා ප්‍රාන්තයේ රෝහලක සිදු වූ වෙඩි තැබීමකින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

යෝජනා 11ක් අරගෙන, අරගල බිමේ තරුණයින්, වෘත්තීයවේදීන්, ජනපති හමුවෙයි  

0 comments

වර්තමාන දේශපාලන හා ආර්ථික ගැටලු විසදීමට අරගලයට සම්බන්ධ තරුණයින් ඇතුළු වෘත්තීයවේදීන් සංක්ෂිප්ත යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාරදුන්නා.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී භාරදුන් එම යෝජනාවලියට මූලික කරුණු 11 ක් ඇතුළත්.

ජාතික ප්‍රතිපත්තියක් උදෙසා වෘත්තීයවේදීන්ගේ එකමුතුව අරගලයට සම්බන්ධ වෘත්තීයවේදීන් හා තරුණ කණ්ඩායමක් වර්තමාන දේශපාලන හා ආර්ථික තත්ත්වය විසදීමට ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත්ව සකස් කළ සංක්ෂිප්ත යෝජනාවලියකුයි මෙසේ ජනාධිපතිතුමා වෙත භාරදුන්නේ.

පවතින දේශපාලන සාමාජීය හා ආර්ථික අර්බුදයට කෙටි මධ්‍ය හා දිගුකාලීනව ගතයුතු ක්‍රියාමාර්ග හා ජනතා හිතකාමී නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා. මූලික කරුණු 11 ක් සහිතව ඉදිරිපත් කෙරුණු යොජනාවලිය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරි දින කිහිපය ඇතුළත මීළග සාකච්ඡාව පැවැත්වීමටයි මෙහිදී එකගතාවට පැමිණියේ.

රට ගොඩගැනීම සදහා විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයින් නියෝජනය කරන කණ්ඩායම් කිහිපයක් සූදානම් බව මෙහිදී සදහන් කෙරුණු අතර එම පිරිසේ සාධනීය සැළසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය සහ සම්පත් ලබාදීමට තමා සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා.

සියලු අමාත්‍යාංශ වෙත නිශ්චිත ඉලක්කයක් සහිත සංවර්ධන වැඩපිළිවෙළක් වාර්ෂිකව ලබාදීමටත් එම ඉලක්කයන්හි ප්‍රගතිය ත්‍රෛමාසිකව විමර්ශනයට පියවර ගත යුතු බවත් වෘත්තීයවේදීන් පෙන්වා දුන්නා. වසර අවසානයේ ඉලක්ක සපුරාගැනීමට අපොහොසත්වන අමාත්‍යවරුන් සහ නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් කිරීමේ අවශ්‍යතාව ද මෙම යෝජනාවලියට ඇතුළත්.

ආචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්ස, පූජ්‍ය විටියල කවිධජ යන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික ප්‍රතිපත්තියක් සදහා වූ වෘත්තීය එකමුතුව නියෝජනය කරමින් වෛද්‍ය අශෝක ජයසේන සහ නීතිවේදී නෙලුම් වේරගොඩ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට අරගලයට සම්බන්ධ වෘත්තීයවේදීන් හා තරුණ කණ්ඩායමක් එක්වුණා. අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

 

 

The post යෝජනා 11ක් අරගෙන, අරගල බිමේ තරුණයින්, වෘත්තීයවේදීන්, ජනපති හමුවෙයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG