නව අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් ශ්‍රී ලංකාව මේ වන විට පත්කරගෙන සිටින අතර, ඉදිරි ගමන පිළිබඳව ජාතික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය පිළිබඳ 27 වන ජාත්‍යන්තර සමුළුව”(Nikkei) අද (26)වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
ජපානයේ “නික්කෙයි” (Nikkei) පුවත්පත 1995 වසරේ සිට වාර්ෂිකව සමුළුව සංවිධාන කරයි.දෙදිනක් පුරා පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව “බෙදීගිය ලෝකයක ආසියාවේ භූමිකාව නැවත අර්ථ දැක්වීම” යන්නයි.
ශ්‍රී ලංකාව ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. වර්තමාන ජාතික අර්බුදයට විසඳුම් එම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන්ම ක්‍රියාත්මක වීම ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය අඩපණ වීම, විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණවල පහත වැටීම, දරුණු මූල්‍ය අර්බුදයක් ඇතිවීම සහ ශ්‍රී ලංකාවේ ඉහළ ණයබර සමග ඒකාබද්ධ වූ අනෙකුත් සිදුවීම් හේතුවෙන් උද්ධමනය සිදු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සුදුසු වැඩසටහනක් වෙත යොමුවීමට සමගාමීව අපගේ ණය හිමියන් සමග සාකච්ඡා කර බාහිර රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අභිප්‍රාය ඇතිව ශ්‍රී ලංකාව අප්‍රේල් මාසයේ දී “ණය ගෙවීමෙන් නැවතී සිටීමක්” නිවේදනය කළේය.
කෙසේ වෙතත්, මෙවැනි විසඳුම් හරහා කටයුතු කරන විට අත්‍යාවශ්‍ය ඖෂධ, ආහාර සැපයුම් සහ ඉන්ධන ආනයනය වැනි අවශ්‍යතා සපුරාලීම සහතික කිරීමට මිත්‍ර රාජ්‍යවල සහාය ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍ය බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
ආසියාවේ අනාගතය පිළිබඳ 27 වන ජාත්‍යන්තර සමුළුව (Nikkei)අමතා අතිගරු ජනාධිපතිතුමා කළ කතාව
වෙන්වූ ලෝකයක් තුළ ආසියාවේ භූමිකාව යළි නිර්වචනය කිරීම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන “ආසියාවේ අනාගතය” පිළිබඳ 27 වැනි ජාත්‍යන්තර සමුළුවේදී අද ඔබ ආමන්ත්‍රණය කිරීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටට පත්වෙමි.
ආරම්භයේදීම පවතින ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද මෙම වසරේ නැවත මෙම සමුළුව සංවිධානය කිරීම පිළිබඳමම Nikkei හට සුබ පතමි.
මෙම සම්න්ත්‍රණයට ජපාන අග්‍රාමාත්‍ය ගරු Fumio Kishidaසහ තවත් ලෝක නායකයින් රැසක් සහභාගී වන බවට දැනුවත් වීමි.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර පසුගිය දශක හතක කාලය තුළ ගොඩනැගුණු ශක්තිමත් මිත්‍රත්වය සහ අප ජාතීන් අතර බොහෝ දිගු කාල පරිච්ඡේදයක් පුරා විහිඳුනු ඓතිහාසික හා සංස්කෘතික සම්බන්ධතා රැසක් මම සිහිපත් කරන්නේ ඉතාමත් තෘප්තියෙනි.
මෙම ඓතිහාසික බැඳීම් අප දෙරට අතර බොහෝ ක්ෂේත්‍ර පිළිබඳ පවතින බහුවිධ සහ ශක්තිමත් හවුල්කාරිත්වය වැඩිදුරටත් ශක්තිමත් කරයි.
දිගු කලක් මුළුල්ලේ අප රටේ සමාජ, ආර්ථික සංවර්ධනය සඳහා සැලකිය යුතු මට්ටමේ ආධාර සහ මූල්‍ය ආධාර ලබා දෙමින් ජපානය සැමවිටම ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන සහයෝගීතා පාර්ශ්වකරුවෙකු ලෙස පැවතීම සහ එලෙස අඛණ්ඩව සිටිමින් ක්‍රියා කිරීම අපට මහත් ආඩම්බරයකි.
පසුගිය මාස කිහිපය ශ්‍රී ලංකාවට අතිශය දුෂ්කර වූ බව නොරහසකි.
අප මේ වන විට සමාජ නොසන්සුන්තාවක් ඇතිවීමට තරම් තුඩු දුන් සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවලට බලපෑමක් ඇති කළ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිමු.
පසුගිය දෙවසර තුළ සංචාරක ව්‍යාපාරය අඩපන වීම සහ කොව්ඩි 19 වසංගතය හේතුවෙන් විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණවල තියුණු පහත වැටීම සහ දරුණු මූල්‍ය අර්බුදයක් ඇතිවීම ද ශ්‍රී ලංකාවේ ඉහළ ණයබර සමග ඒකාබද්ධ වූ අනෙකුත් සිදුවීම් ද හේතුවෙන් උද්ධමනය වැඩිවීම සිදු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සුදුසු වැඩසටහනක් වෙත යොමුවීමට සමගාමීව අපගේ ණය හිමියන් සමග සාකච්ඡා කර මෙම බාහිර රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අභිප්‍රාය ඇතිව ශ්‍රී ලංකාව අප්‍රේල් මාසයේදී “ණය ගෙවීමෙන් නැවතී සිටීමක්” නිවේදනය කිළේය.
මෙම ප්‍රයත්නයට සමගාමීව විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නව අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් අප විසින් පත් කර ඇති අතර, ඉදිරි ගමන පිළිබඳව ජාතික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා අප පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින්නෙමු.
ශ්‍රී ලංකාව ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. අපගේ වර්තමාන ජාතික අර්බුදයට විසඳුම් අපගේ ජාතියේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව හරහා ක්‍රියාත්මකවීම ඉතා වැදගත්ය.
කෙසේ වෙතත්, අපි එවැනි විසඳුම් හරහා කටයුතු කරන විට අත්‍යාවශ්‍ය ඖෂධ ආහාර සැපයුම් සහ ඉන්ධන ආනයනය වැනි අපගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීමට සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ අපගේ මිතුරන්ගේ සහාය අපට ඉක්මනින් අවශ්‍ය වේ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළක් ආරම්භ වන තෙක් අපගේ බාහිර අංශය කෙරෙහි විශ්වාසය නැවත ඇති කිරීමට සහ අපගේ ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය මූල්‍යකරණයක් ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවක් අපට පැන නැගී තිබේ.
අපට අවශ්‍ය වූ විට ත්‍යාගශීලීව ප්‍රතිචාර දැක්වු අපගේ සමීප මිතුරා සහ අසල්වැසියා වන ඉන්දියාව ලබාදුන් සහයෝගයට ශ්‍රී ලංකාව කෘතඥ වෙනවා. අපගේ අනෙකුත් අසල්වැසියන් සහ සංවර්ධන හවුල්කරුවන් මෙන්ම කලාපීය සහ ගෝලීය ආයතන විසින් ලබාදෙන සහයෝගය ද බෙහෙවින් අගය කරනවා.
ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු වන අතර ජපානයෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් දැන් පැවැත්වෙන සාකච්ඡා ඉක්මණින් අවසන් වනු ඇතැයි අප බලාපොරොත්තු වන අතර අපි අපේ ආර්ථිකය සහ අපේ ජාතිය ස්ථාවර කිරීමට දරණ උත්සාහයට සහාය වනු ඇතැයි අපේක්ෂා කරනවා.
මෙහි පැමිණ සිටින ශ්‍රී ලංකාවේ අනෙකුත් මිතුරන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මෙම දුෂ්කර අවස්ථාවේ මාගේ රටට සහයෝගය ලබාදීමේ හැකියාව සොයා බලන ලෙසයි.
ශ්‍රී ලංකාවේ මෑත කාලීන සිදුවීම්වල සාධනීය අංගයක් වන්නේ අපේ තරුණ තරුණියන් ජාතික දේශපාලනයේ වැඩි වශයෙන් නියැලීමයි.
පවතින පද්ධති කෙරෙහි විශ්වාසය නැතිවීම ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධයක් දැක්වීම දක්වා වර්ධනය වන අතර, වෙනත් රටවල ද එවැනි සමාන ක්‍රියාකාරිත්වයක් අප දැක ඇත්තෙමු. මෙම පද්ධති වැඩිදියණු කිරීම සඳහා අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු වන බව සහතික කිරීම වැදගත් වන අතර එමගින් අනාගත පරම්පරාවලට අධ්‍යාපන සහ රැකියා ක්ෂේත්‍රයේ හොඳ අවස්ථාවලින් ප්‍රතිලාභ ලැබෙනු ඇති අතර එමගින් ඔවුන්ගේ ඵලදායීතාව ඉහළ යනු ඇත.
මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතල දුෂ්කරතාවන්, යුරෝපයේ පවතින ගැටුමෙන් වඩාත් දරුණු අතට හැරුණු COVID-19 වසංගතයේ දිගු කාලීන බලපෑම් පිළිබඳ පූර්ව ඇඟවීමකි. මෙම තත්ත්වයන්, අවදානමට ලක්විය හැකි අනෙකුත් රටවලටද බලපෑ හැකිය.
කලාපීය මෙන්ම ගෝලීය ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා එවැනි අවදානමට ලක්විය හැකි රටවලට මෙම දුෂ්කරතා කාල සීමාවන් තුළදී සහාය වීම අත්‍යවශ්‍ය වේ.
එබැවින්, මෙම රටවල් මුහුණ දෙන ඉතා බරපතල තර්ජන ජය ගැනීමට ඔවුන් උත්සාහ කරන විට එම රටවලට සහයෝගය ලබාදිය හැකි ජාතීන් ඔවුන්ට අත්වැලක් සැපයීම බලාපොරොත්තු වේ.
අනාගතයේදී ආහාර සුරක්ෂිතතාව සම්බන්ධව ලෝකය මුහුණ දෙන වඩාත් පුළුල් ගැටලුවක් පැනනැගේ.
ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි ආහාර ද්‍රව්‍යවල හිඟය සහ ආහාරවල මිලෙහි තියුණු වැඩිවීම් බොහෝ රටවලට සැලකිය යුතු පීඩනයක් එල්ල කරනු ඇත.
එබැවින්, මෙම තීරණාත්මක ගැටලුව කෙරෙහි අවධානය යොමු කිරීම සහ දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දීම මෙන්ම මෙම එළඹෙන ගැටලුව හමුවේ අපගේ ප්‍රත්‍යස්ථතාවය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වේ.
මෙම ගැටලුව ජය ගැනීම සහතික කිරීම සඳහා ජාතීන් අතර සහයෝගීතාව වැඩි කිරීම ද අවශ්‍ය වේ.
අප අනාගතය දෙස බලන විට, මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාසයන් නිසා ඇති වන වඩාත් පුළුල් අභියෝග ආසියානු කලාපයට මෙන්ම ලෝකයට ද ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන බව නොරහසකි.
ජෛව විවිධත්වය අහිමි වීම, ජල හිඟය සහ පරිසර දූෂණය, වාතයේ ගුණාත්මක භාවය සහ පරිසර පද්ධතිවල පිරිහීම ඇතුළු දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්, ආහාර සුරක්ෂිතතාව සම්බන්ධව මෙන්ම බොහෝ ජාතීන්ට මුහුණ දීමට සිදුවන සැලකිය යුතු අභියෝග රැසකට දායක වනු ඇත.
බොහෝ ජාතීන් සාමාජිකත්වය දරන මෙම ගැටලු හා සම්බන්ධයෙන් පවතින ගිවිසුම්, ආඥාපනත් සහ සම්මුතීන් නිසිලෙස පිළිපැදීම සිදුනොවීම කණගාටුවට කරුණකි.
අපේක්ෂා සහගත දේශගුණික අරමුණු ඉටුකරගැනීම සඳහා පුළුල් කැපවීමක් සහතිකව කටයුතු කිරීම ද දුෂ්කර වී ඇත. එයට දැඩි අවධානය යොමුවිය යුතුවේ.
අපට පමණක් නොව අපටත් වඩා වැදගත් ලෙස අපේ අනාගත පරපුරට අයත් පරිසරය සුරැකීමට අපට හැකි වන්නේ සහයෝගයෙන් සිදුකරන කැපවීම් තුළින් පමණක් බවට ඔබ එකඟ වනු ඇතැයි මට විශ්වාසයි.
ආසියාවේ සමුද්‍රීය ආරක්ෂාව යනු විසඳීමට දුෂ්කර තවත් ප්‍රශ්නයක් වන අතර එයට දැඩි ප්‍රතිපත්තිමය අවධානයක් අවශ්‍ය වේ.
නාවික බලය ප්‍රක්ෂේපණය කිරීම හා සම්බන්ධ සාම්ප්‍රදායික ආරක්ෂක ගැටළුවලට අමතරව, මුහුදු මංකොල්ලකෑම්, මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වාර්තා නොවන සහ නියාමනය නොකළ නීති විරෝධී මසුන් ඇල්ලීම ඇතුළු බොහෝ සාම්ප්‍රදායික නොවන ගැටලු නිරතුරුව මෙම කලාපයට අභියෝග එල්ල කරමින් පවතී.
ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල උනන්දුවක් දක්වන අතර මුහුදු ගමන් මාර්ග ආරක්ෂා කිරීම හරහා ජපානය ඇතුළු කලාපීය ප්‍රමුඛ ක්‍රියාකාරීන් සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සබඳතාවක් ගොඩනැගී ඇත.
ඉන්දියන් සාගරයේ සැලකිය යුතු කලාපයක් ආවරණය වන පරිදි පිහිටා ඇති මුහුදු ගමන් මාර්ග සහ සමුද්‍ර සම්පත් ආරක්ෂා කිරීම මෙන්ම සමුද්‍රීය අපරාධ මැඩලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වගකීමක් ඇති අතර, මෙම ක්ෂේත්‍රවල අපගේ හැකියාවන් පුළුල් කිරීමට අනාගතයේදී අපේක්ෂා කරන බැවින් ආසියානු ප්‍රජාව සමඟ හවුල්කාරීත්වයන් ගොඩනගාගැනීම අපි බලාපොරොත්තු වෙමු.
තවත් දිගුකල් පවතින කලාපීය ගැටලුවක් වන්නේ මහජන නොසන්සුන්තාවයන්, ගැටුම් සහ වාර්ගික ප්‍රචණ්ඩත්වයයි.
ශ්‍රී ලංකාව ද ඉතිහාසය පුරා වර්ගවාදී අසහනයන්ට ගොදුරු වී ඇත.
එවැනි ගැටලු සම්බන්ධයෙන් සහයෝගී කලාපීය යාන්ත්‍රණ සැකසීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් එක්විය යුතු බව මගේ අදහසයි.
සාමය ගොඩනැගීම සහ සංහිඳියාව යන ක්ෂේත්‍රවල ධාරිතාව ගොඩනැංවීම සඳහා විශේෂඥ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම අත්‍යවශ්‍ය වේ. වරප්‍රසාද නොලත් ජනතාව බලාත්මක කිරීමද එසේම සිදුවිය යුතුය. මන්දයත් ඔවුන්ට නිසි බලය ලබානොදීම නොසන්සුන්තාවයට මූලික හේතුවක් වන බැවිනි.
මෙම සන්දර්භය තුළ, සමහර කලාපීය ආයතනවල මූලික අරමුණු සහ ක්‍රියාකාරීත්වය කෙරෙහි ආර්ථික, දේශපාලනික හෝ උපායමාර්ගික යහපතට අදාළ කාරණා සම්බන්ධයෙන් සාමාජික රටවල පවතින ගැටුම් බලපා ඇති බව මෙම සංසදයට ගෞරවයෙන් සිහිපත් කරමි.
කලාපයේ ප්‍රමුඛතාවන් ඉටු කිරීම සඳහා සාමාජික රටවලට එවැනි බාධක මඟහරවාගෙන ආසියාවේ සැබෑ ජීවගුණය තුළ එකට වැඩ කිරීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
අවසාන වශයෙන්, මෙම සමුළුව සංවිධානය කිරීම ගැන නික්කෙයි (Nikkei) වෙත සහ මෙම සමුළුවට සත්කාරකත්වය ලබාදීම ගැන ජපාන රජයට මම නැවත වරක් ස්තූතිවන්ත වෙමි.
වර්තමානයේ පවතින දුෂ්කරතා මඟහරවාගෙන හෙට දවස සඳහා නැවත ගොඩනැගීම
ශ්‍රී ලංකාව සිදුකරමින් යන අතරතුර, ආසියාවේ අභිවෘද්ධිය සඳහා අනාගතයේ දී ද එවැනි සමුළු සඳහා අර්ථකාරී ලෙස සහභාගී වීමට අපි බලාපොරොත්තු වෙමු.
ඔබට ස්තුතියි.
The post ජාතික සම්මුතියක් ඇති කර ගැනීමට පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා appeared first on ITN News.