Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Oct 31

නාය ගිය හැටන් – බගවන්තලාව මාර්ගය යළි විවෘත කෙරේ  

0 comments

නාය යාමෙන් ගමනාගමන කටයුතු ඇණහිට තිබූ හැටන් – බගවන්තලාව ප‍්‍රධාන මාර්ගය යළි විවෘත කළා. එහෙත් බර වාහන ධාවනය සම්බන්ධයෙන් කොන්දේසි පනවා තිබෙනවා. නාය ගිය ස්ථානයෙන් ඉදිකර ඇති නව මාර්ගයේ ගමන් ගන්නා බස් රථ එම ස්ථානය පසුකරයාමේදී මඟීන් නාය ගිය ස්ථානයෙන් බස්සවා බස් රථය ධාවනය කරන ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ. ටොන් අටට වැඩි බර වාහන ධාවනය තහනම් කර ඇති බවත්...
Read More »

Oct 31

ලයන් එයාර් කලු පෙට්ටිය හමුවෙයි  

0 comments

මගීන් 189 දෙනෙකු සමග කඩා වැටුණු ලයන් එයාර්ගුවන් යානයේ කලු පෙට්ටිය සොයාගෙන තිබෙනවා. ඉන්දුනීසියා වෙරලාශ‍්‍රිත ප‍්‍රදේශයේදී එය හමුවූ බවයි මෙහෙයුම්වල නිරත කණ්ඩායම් ප‍්‍රකාශ කළේ. අනතුරට හේතුව හෙළිකරගැනීමට ඉන් හැකිවන බවයි ඉන්දුනීසියා බලධාරීන් පෙන්වා දෙන්නේ. ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරින් ගුවන්ගත කළ යානය සුළු වේලාවකට පසු ජාවා මුහුදට කඩා වැටුණා....
Read More »

Oct 31

දක්ෂිණ අධිවේගයේ පැයට කිලෝමීටර 60ක වේගසීමාවක්  

0 comments

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවන වේගසීමාව පැයට කිලෝමීටර 60 ක පවත්වා ගන්නා ලෙස අදාල අංශ රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා. අයහපත් කාලගුණය නිසා අනතුරු සිදුවිය හැකි බවයි අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා පෙන්වා දෙන්නේ. වාහනවල ඉදිරිපස ලාම්පු දල්වාගෙන ධාවනය කරන ලෙසද ඉල්ලීමක් කරනවා. එමෙන්ම වාහන අතර පරතරයක් පවත්වා ගැනීම...
Read More »

Oct 31

ජාතික පාසල් විදුහල්පති සම්මුඛ පරික්ෂණ කල්දැමේ  

0 comments

ජාතික පාසල්වල විදුහල්පති තනතුරු සදහා සම්මුඛ පරික්ෂණ තාවකාලිකව කල්දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. පසුගිය 29, 30 සහ අද (01) සිට ලබන 10 වනදා දක්වා සම්මුඛ පරික්ෂණ පැවැත්වීමටයි සැලසුම් කරතිබුණේ. ඒවා යළි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවයි අමාත්‍යාංශය සදහන් කරන්නේ...
Read More »

Oct 31

ජපානය ඇමරිකා හමුදා කඳවුරක ඉදිකිරීම් යළි අරඹයි  

0 comments

ජපානය දකුණු ඔකිනාවා දූපත්වල ඇමරිකා හමුදා කඳවුරේ ඉදිකිරීම් යළි ආරම්භ කළා. මෙම ඉදිකිරීම් මතභේදයට තුඩු දී තිබෙනවා. ජපාන විපක්ෂය ඊට දැඩි විරෝධය දක්වන බවයි එරට වාර්තා සඳහන් කළේ. ජපානයේ දැනට රැදී සිටින ඇමරිකා භටයින් පනස් දහසින් භාගයක් පමණ ඔකිනාවා කඳවුරට පිටත් කර හැරීමටයි නියමිත...
Read More »

Oct 31

සාගරයේ තාප අවශෝෂණය ගැන නව සොයා ගැනීමක්  

0 comments

සාගරයේ තාප අවශෝෂණ පිළිබඳ නවතම සමීක්ෂණයකින් කරුණු හෙළි කළා. අපේක්ෂිත ප‍්‍රමාණයට වඩා සියයට 60ක තාපයක් සාගරයෙන් අවශෝෂණය කර ගන්නා බවයි ඒ පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. ඒ අනූව ගෝලිය උෂ්ණත්වය පාලනය වඩාත් සංකීර්ණ තත්ත්වයකට පත්ව ඇති බව ඔවුන් සඳහන් කළා. පොසිල ඉන්ධන විමෝචනයට පෘථිවිය වඩාත් සංවේදී බවද සමීක්ෂණයේදී හෙළිව තිබෙනවා...
Read More »

Oct 31

අක්මීමන ඉන්ධන පිරවුම්හලක කොල්ලකෑමක්  

0 comments

අක්මීමන පින්නදුව ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම් හළක කොල්ලකෑමක් සිදුව තිබෙනවා. ඊයේ රාත‍්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඉහළට වෙඩි තබා ඉන්ධන පිරවුම් හලේ පොම්පකරු බිය ගන්වා මුදල් රැගෙන පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ සිදු කෙරෙනවා...
Read More »

Oct 31

රුපියල් කෝටියක හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට  

0 comments

රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවයි වැටලීම සිදුකළේ. නවීන මෝටර් රථයකින් මත්ද‍්‍රව්‍ය ප‍්‍රවාහනය කරමින් තිබියදී වැටලීම සිදුකර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. සොයාගත් හෙරොයින් මත්ද්‍රව්‍ය ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් එකක්...
Read More »

Oct 31

පොතුහැර ගැටළුව විසදිමට අගමැති මැදිහත් වෙයි  

0 comments

පොතුහැර දුම්රිය ස්ථානයේ ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්තාව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීමෙන් අවසන් වී තිබුණා. දුම්රිය ප්‍රමාදයක් හේතුවෙනුයි මෙම නොසන්සුන්තාව හටගෙන තිබුණේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...
Read More »

Oct 31

උතුරු කොරියාව ගැන නව හෙළිදරව්වක්  

0 comments

උතුරු කොරියාවේ කාන්තාවන්ට ලිංගික අතවර සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙනවා. උතුරු කොරියාවෙන් පළා ආ කාන්තාවන් හැට දෙදෙනෙකු සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් උපුටා දක්වමින් ඔවුන් මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. කාන්තාවන් වෙළඳ භාණ්ඩයක් බවට පත්ව ඇති බවට ද ඔවුන් තොරතුරු හෙළිකර...
Read More »

Oct 31

උතුරු සහ දකුණු කොරියාව අතර සබඳතා වර්ධනය කිරීමට තවත් තීරණයක් ගනී  

0 comments

උතුරු සහ දකුණු කොරියාව අතර සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් දෙරට දේශසීමාව ආසන්නයේ යුද හමුදා අභ්‍යාස සහ ගුවන් යානා පියාසර කිරීම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. පසුගිය මාසයේ දේශසීමාව ආසන්නයේ පැවැති අන්තර් කොරියානු සාකච්ඡාවලින් පසුව උතුරු සහ දකුණු කොරියා අතර යහපත් සබදතා වර්ධනය වෙමින් පවතිනවා. එහිදී ඇති කරගත් ගිවිසුම්වලින් දේශසීමාව ආසන්නයේ සතුරු...
Read More »

Oct 31

ජනපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු හමු වෙයි  

0 comments

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අතර හමුවක් ඊයේ (31) දහවල් ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා මෙහි දී සංවිධායකවරුන් දැනුවත් කළ අතර, නව රජය පිහිටුවීමට මුල් වූ කරුණු කාරණා පිළිබඳව ද පැහැදිලි කළේ ය. නව රජයේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් සිය පූර්ණ සහය ලබාදීමට...
Read More »

Oct 31

කෂෝගී ඝාතනය ගැන තුර්කියෙන් පළමු වරට නිල ප‍්‍රකාශයක්  

0 comments

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ පිහිටි සවුදි කොන්සල් කාර්යාලයේ දී ඝාතනය වූ ආකාරය සම්බන්ධයෙන් තුර්කි රජය ප්‍රථම වරට නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. කෂෝගි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමෙන් පසු ඔහුගේ ගෙල සිරකර ඝාතනය කර  ඇති බවටයි එම ප්‍රකාශයේ සදහන් වන්නේ. ඉන් අනතුරුව ඔහුගේ ශරීරය කොටස්වලට  වෙන් කර විනාශ කිරීමට...
Read More »

Oct 31

නිති විරෝධිව රැගෙන ආ රුපියල් ලක්ෂ 7ක දුම්වැටි අත්අඩංගුවට  

0 comments

නීතී විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනුණා. ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී දුම්වැටි  කාටන්  72 ක් සහ තවත් පැකට් 10 ක් හමුව තිබෙනවා.  ඒ තුළ විදේහ දුම්වැටි 14500ක් තිබූ බවයි රේගු නිලධාරීන් පවසන්නේ. දුම්වැටි තොගය රාජ සන්තක කර තිබෙනවා. එම දුම්වැටි රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට...
Read More »

Oct 31

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ඉදිරියටත් ශ‍්‍රී ලංකාවට  

0 comments

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හානා සිංගර් (Hanaa Singer) මහත්මිය අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය. ශ‍්‍රී ලංකාව තුළ මේ වන විට ඇති වී තිබෙන දේශපාලනික තත්ත්වය පිළිබඳව මෙහි දී ජනාධිපතිතුමා නියෝජිතවරිය දැනුවත් කළ අතර, රජයේ සියලු කටයුතු සිදුකර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට...
Read More »

Oct 31

නාමල් කුමාරගෙන් තවත් හෙලිදරව්වක්  

0 comments

දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර මහතා ඊයේ තවත් හෙලිදරව්වක් කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කුමන්ත්‍රණයට  රජයේ නිලධාරියෙක් සම්බන්ධ බවට තොරතුරු තමන් සතු බව ඔහු එම මාධ්‍ය හමුවේදී කියා සිටියා. නාමල් කුමාර මහතා මඩකලපුව කෙවිලියාමඩුව අභිනවාරාම  විහාරස්ථායේදී  පූජ්‍ය අම්පිටියේ...
Read More »

Oct 31

අරලියගහ මැදුරට ගිය රජයේ නිලධාරීන් පිරිසකට තර්ජන  

0 comments

අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය නිල වශයෙන් භාර ගැනීමේ රාජකාරි කටයුතු සඳහා ගිය නිලධාරීන් පිරිසකට එම මන්දිරයේ සිටි පිටස්තර පුද්ගලයින් පිරිසක්  බාධා කර තිබෙනවා. අදාළ නිළධාරින්ට තර්ජනය කොට බලහත්කාරයෙන් ඔවුන් රදවා ගැනීමට උත්සාහ කර ඇති බවයි අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර මහතා පවසන්නේ. අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර,   &nbs...
Read More »

Oct 31

ජාත්‍යන්තර බලවේග වල අත පෙවීම හේමකුමාර හෙළා දකියි  

0 comments

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වයට ජාත්‍යන්තර බලවේග අත පෙවීම තරයේ හෙළා දකින බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ව්‍යවස්ථානුකූලව වඩාත් නිවැරදි සහ නීත්‍යානුකූලව අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත්කර ඇති බවයි ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ. කිසියම් රටක අභ්‍යන්තර...
Read More »

Oct 31

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂ අවභාවිත කරමින් කූඨ නිවේදනයක්  

0 comments

අග්‍රාමාත්‍ය කාර්යාල ලිපි ශීර්ෂ අවභාවිත කරමින් කිසියම් පිරිසක් කූඨ ලෙස නිවේදනයක් නිකුත් කර ඇති බවට අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පවසනවා. අද පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාල ලිපි ශීර්ෂ යටතේ එම ව්‍යාජ නිවේදනය නිකුත් කර ඇති බවටයි වැලිවිට මහතා සදහන් කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල කාර්යාලයට ඇතුළුවී කාර්යාල උපකරණ පරීක්ෂාකර තිබුණ...
Read More »

Oct 31

ෆේස්බුක් භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව පහත වැටෙයි  

0 comments

ලොව පුරා ෆේස්බුක් භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව  පසුගිය මාස තුන තුළදී පහත වැටී තිබෙන බව එම සමාගමේ නවතම මූල්‍ය වාර්තා පවසනවා. එම වාර්තාවට අනුව යුරෝපා රටවල ෆේස්බුක් භාවිතය මාසයක කාලයක දී මිලියන 376 සිට 375 දක්වා මිලියනයකින් අඩු වී තිබෙනවා. ඇමෙරිකා, කැඩනාව  සහ යුරෝපා රටවල ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව අඩුව තිබෙන බව එම වර්ථාවේ සදහන්....
Read More »

Oct 31

 

0 comments

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දුටුවා. කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගිය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. ඉතා සුහදශීලීව අග්‍රාමාත්‍යවරයා පිළිගත් අගරදගුරුතුමා සුහද කතාබහක ද නිරත වුණා. නව රජයේ වැඩපිළිවෙළ...
Read More »

Oct 31

නවදිල්ලි නගරයේ වායු දූෂණය අවම කිරීමට නව රථවාහන සැලැස්මක්  

0 comments

ඉන්දියාවේ නවදිල්ලි නගරයේ වායු දූෂණය අවම කිරීම සදහා නව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට එරට බලධාරීන්ගේ අවධානය යොමුවුණා. පසුගිය දින කිහිපයේදී නවදිල්ලි නුවර වායු දූෂණය ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒත් සමග නවදිල්ලි නුවර අහස විෂ දුමාරයෙන් පිරී පැවතුනා. පෞද්ගලික වාහන නගරයට ඇතුළුවීම සීමා කිරීමට කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ....
Read More »

Oct 31

අධික බර ආයු අපේක්ෂාවට ගැටලුවක් බව නවතම අධ්‍යයනයක් හෙළිකරයි  

0 comments

අධික බර හෝ අඩු බර ආයු අපේක්ෂාවට ගැටලුවක් බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා. මිලියන දෙකක පිිරිසකගේ දත්ත භාවිත කරමින් බ්‍රිතාන්‍යයි අධ්‍යයනය සිදුකළේ. වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයන් උසට සරිලන බර හෙවත් බී එම් අයි අගය පිලිබදව වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. අධික බර හෝ අඩු බර හේතුවෙන් අපේක්ෂිත ආයු කාලය වසර 4 කින් පමණ අඩුවිය...
Read More »

Oct 31

ලොව උසම ප්‍රතිමාව නිරාවරණය කෙරේ  

0 comments

ලොව උසම ප්‍රතිමාව ඉන්දියාවේදී නිරාවරණය කෙරුණා. ඉන්දීය රුපියල් බිලියන 29.9 ක මුදලක් වැයකරමින් ඉදිකළ මෙම ප්‍රතිමාව මීටර් 182 ක උසකින් යුක්තයි. ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියෙකු මෙන්ම ඉන්දියාවේ මුල්ම ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වූ සර්දාර් වල්ලබායි පටෙල්ගේ ප්‍රතිමාව මෙසේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් නිරාවරණය කෙරුණා. ගුජරාට්...
Read More »

Oct 31

යාල වනෝද්‍යානය අද සිට යළි විවෘත කෙරේ  

0 comments

යාල වනෝද්‍යානය අද සිට යළි විවෘත කර තිබෙනවා. යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබුනේ එහි සංවර්ධන කටයුතු සහ පරිසර සමතුලිතතාව රැක ගැනීමට බවයි  එහි නිලධාරීන් ප්‍රකාශ කළේ. වනෝද්‍යානය ලබන පළමු වනදා සිට යළි විවෘත කිරීමට නියමිතව තිබුණා. එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් සෆාරි ජීප් රථ හිමියන් කළ ඉල්ලීමකට අනුව...
Read More »

Oct 31

විදෙස් මැදිහත්වීමකට රනිල් වික්‍රමසිංහ මහතා අරඅඳින බවට චෝදනා  

0 comments

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ක්‍රියාදාමයක් දේශපාලන අර්බුදයක් සේ හුවාදක්වමින් විදෙස් මැදිහත්වීමක් සදහා මග පැදීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ දරණ බව ජිනීවාහි ජගත් සංවිධාන කාර්යාලයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමරා කුගනායගම් මහත්මිය පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි ඇය මේ බව ප්‍රකාශ කළේ....
Read More »

Oct 31

ත‍්‍රිරෝද රථ ගාස්තු අඩුකෙරේ  

0 comments

ත‍්‍රිරෝ ද රථ ගාස්තු සංශෝධනය කර තිබෙනවා. දෙවන මීටරයේ ගාස්තුව රුපියල් පහකින් අඩුකරන බවයි සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ. ඒ ඉන්ධන මිල සුත‍්‍රය අහෝසි කිරීමට නව රජය ගනු ලැබු තීරණයට ප‍්‍රසාදය පළකරමින්. මෙතෙක් පැවති දෙවන මීටරයේ ගාස්තුව රුපියල් පනහක්. පලමු මීටරයේ ගාස්තුවේ සංශෝධනයක් සිදුනොවන බවයි ත‍්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය...
Read More »

Oct 31

චෝදනා රැසක් එල්ල වූ ශ‍්‍රී ලාංකිකයෙකු ජපානයේ දී අත්අඩංගුවට  

0 comments

චෝදනා රැසක් එල්ල වූ ශ‍්‍රී ලාංකිකයෙකු ජපානයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුලී මෝටර් රථයක් සොරකම් කිරිම , මාර්ග නීති කඩකිරිම , මගීන්ට සහ රථවාහනවලට හානි සිදුකිරිම ඇතුලු චෝදනා කිහිපයක් ඊට ඇතුලත්. ඔහු බීමත්ව මෙම වැරදි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. මෙසේ අත්අඩංගුවට පත්වුණේ 43 හැවිරිදි පුද්ගලයෙක්...
Read More »

Oct 31

ඇෆ්ගනිස්ථානයේ හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වෙයි  

0 comments

නිරිතදිග ඇෆ්ගනිස්ථානයේදී හමුදා හෙලිකොප්ටරයක් අනතුරට ලක්ව තිබෙනවා. එහි ගමන් ගත් මගීන් සහ ගුවන් නියමුවන් ඇතුලු විසිපස්දෙනා මියගොස් අති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හෙලිකොප්ටරයේ පාලන බලය නියමුවාගෙන් ගිලිහී ගොස් අනතුර සිදුව ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. අයහපත් කාලගුණය ඊට හේතුවන්නට ඇති බවට විශ්වාස කරනවා. එභෙත් තම සටන්කාමීන්ගේ වෙඩි ප‍්‍රහාර...
Read More »

Oct 31

මොරගහකන්දේ ජල මට්ටම ඉහලට  

0 comments

මොරගහක්නද කලුගඟ වාරි ව්‍යාපෘතියේ ජල මට්ටම ඉහල යමින් පවතින බව ව්‍යාපෘති මහජන සම්බන්ධතා අංශය ප‍්‍රකාශ කළා. ඒ මධ්‍යම පලාතට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන්. ජලාශයේ සමස්ත ජල ධාරිතාවෙන් සියයට 65ක ප‍්‍රමානයක් මේවන විට ලැබී ඇති බවයි මහජන සම්බන්ධතා නිලධාරී පී ජී දයානන්ද මහතා සදහන් කළේ. ඉදිරියේදීත් ලැබෙන ජල ප‍්‍රමාණය සැලකිල්ලට ගනිමින් කුඹුරු අක්කර හතලිස්...
Read More »

Oct 31

වැස්සත් සුළගත් අද සිට වැඩිවන ලකුණු  

0 comments

අද සිට වැසි තත්ත්වය වැඩිවී සුළගේ වේගය ද ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා. අතුල කරුණානායක – වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව,      ...
Read More »

Oct 31

පුද්ගල ඝාතනයකට එකම පවුලේ දෙදෙනෙකුට මරණ දඩුවම  

0 comments

පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙකුට මඩකලපුව මහාධිකරණය මරණ දඩුවම නියම කළා. සිය සහෝදරියගේ සැමියා ඝාතනය කිරිම සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුටයි චෝදනා එල්ල වුණේ. 2015 ඔක්තෝබර් මාසයේදී කලවංචිකුඩි ප‍්‍රදේශයේ නිවසකදී බරපතල ලෙස පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සදහන් කළා. මියගිය පුද්ගලයාගේ බිරිද කළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට...
Read More »

Oct 30

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෙට රැස්වෙයි  

0 comments

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෙට රැස්වනවා. ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. වත්මන් දේශපාලන තත්වය පිලිබදව එහිදී දීර්ඝව සාකච්ඡා කිරිමට නියමිත බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේ. පක්ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු සහ නව සංවිධායකයන් පත්කිරිම ඇතුලු කරුණු රැසක් සම්බන්ධයෙන් ද අවධානය යොමුකිරිමට නියමිත බව අමාත්‍යවරයා...
Read More »

Oct 30

ඇෆ්ගනිස්ථානයේ රජයේ සේවකයන් පිරිසකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්  

0 comments

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි විශාලම බන්ධනාගාරය අසලදී බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. රාජ්‍ය සේවකයන් රැගත් බස්රථයකටයි මෙම ප්‍රහාරය එල්ල වුණේ. බෝම්බ ප්‍රාහාරයෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඇෆ්ගනිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ ප්‍රහාරයකයා කාබුල් අගනුවර පිහිටි පල් ඊ චර්කි බන්ධනාගාරය ආසන්නයේ...
Read More »

Oct 30

වෙලේ සුදාට එරෙහි නඩුව දෙසැම්බර් 13 වනදා  

0 comments

මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තා ඔහුගේ නැගනිය සහ බිරිඳ අයථා ලෙස උපයා ඇති මුදල් රුපියල් කෝටි 40 ක් විශුද්ධිකරනය කළ බවට වන නඩුව දෙසැම්බර් 13 වනදා කැඳවීමට නියමිතයි. කොළඹ මහාධිකරණයයි මෙම නියෝගය නිකුත් කළේ. නඩුවේ පළමු විත්තිකාරිය වන වෙලේ සුදා යන අයගේ බිරිඳ සමතයක් සඳහා එකඟ බව ඇයගේ නීතීඥවරිය මහාධිකරණ...
Read More »

Oct 30

ඉන්දියාව ලෝක ගුවන් ගමන් බලපත‍්‍ර දර්ශකයේ 66වන ස්ථානයට  

0 comments

ඉන්දියාව ලෝක ගුවන් ගමන් බලපත‍්‍ර දර්ශකයේ 66 වන ස්ථානයට පත්ව තිබෙනවා. වඩාත්ම බලවත් ගුවන් ගමන් බලපත‍්‍ර පිළිබඳවයි මෙම දර්ශකයෙන් සළකා බැලෙන්නේ. සිංගප්පූරුව එහි පළමු ස්ථානයේ පසුවනවා. ඇෆ්ගනිස්ථානය ස්ථාන 22කින් පහත වැටී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ...
Read More »

Oct 30

අනතුරට පත් ලයන් එයාර් ගුවන් යානයේ තවත් සුන්බුන් හමුවෙයි  

0 comments

අනතුරට පත් ලයන් එයාර් ගුවන් යානයේ තවත් සුන්බුන් තොගයක් සොයා ගත්තා. යානයේ කළු පෙට්ටිය සොයා තවමත් පරික්ෂණ සිදුකරන බවයි එරට වාර්තා සඳහන් කළේ. යානය අනතුරට පත් වන අවස්ථාවේ මඟීන් සහ කාර්ය මණ්ඩලය 189 දෙනෙකු එහි ගමන් කර තිබෙනවා. ඔවුන් සියලුදෙනා මියගොස් ඇති බව ඉන්දුනිසියා රජය සඳහන් කළා...
Read More »

Oct 30

සිරියාවට ජගත් සංවිධානයෙන් නව නියෝජිතයෙක්  

0 comments

එක්සත් ජාතීන්ගේ නව සිරියා නියෝජිතයා ලෙස ගයර් පෙදර්සන් නම්කර තිබෙනවා.ඔහු නෝර්වීජියා ජාතිකයෙකි. එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයට මහ ලේකම් අන්තෝනියේ ගුටරෙස් ඒ පිළිබඳ දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ගයර් පෙදර්සන් මේ වනවිට චීනයේ නෝර්වේ තානාපතිවරයා ලෙස කටයුතු කරනවා. ඔහුට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් පස් දෙනාගේ අනුමැතිය...
Read More »

Oct 30

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. බොරැල්ල සහ ගල්කිස්ස ප‍්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. බොරැල්ල ලෙස්ලි රණගල මාවතේදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 10යි මිලි ග‍්‍රෑම් 500ක් සොයාගෙන තිබෙනවා. ඔහු වයස අවුරුදු 37ක පුද්ගලයෙක්. ගල්කිස්ස යශෝරාපුර අත්තිඩිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු...
Read More »

Oct 30

ඉතාලියට බලපෑ සුළි කුණාටුවෙන් පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට  

0 comments

ඉතාලියට බලපෑ සුළි කුණාටුවක් හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දින තුනක කාලයක් බලපෑ මෙම සුළි කුණාටුව හේතුවෙන් ඉතාලියේ, වැනීසියට මෙන්ම තවත් නගර කිහිපයකට ජල ගැලීම් ඇතිවුණා. එම නගරවල සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. පාසල් සහ සංචාරක මධ්‍යස්ථාන වසා දැමීමටයි බලධාරීන් පියවර ගත්තේ. පැයට කිලෝමීටර් 150 ක වේගයෙන්...
Read More »

Oct 30

නායයාමට ලක්වූ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගය මගින් සදහා විවෘත කෙරේ  

0 comments

නායයාමට ලක්වූ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මේ වනවිට විවෘත කර තිබෙනවා. නාය ගිය ස්ථානයෙන් මාර්ගය දෙපස පයින් ගමන් කිරීම සදහායි ඊයේ (30) සිට විවෘත කෙරුණේ. වාහන ගමනාගමනය සදහා ඉදිරි දින කීපය තුළ අවස්ථාව ලබාදීමට නියමිතයි. කාසල්රී ජලාශයට ඉහළින් වූ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ්...
Read More »

Oct 30

බ‍්‍රසීල නව ජනපති සහ කෘෂිකර්ම ඇමති අතර හමුවක්  

0 comments

බ‍්‍රසීලයේ කෘෂිකර්ම හා පරිසර අමාත්‍යංශ ඒකාබද්ධ කිරිමට නව ජනාධිපති ජායිර් බොල්සොනාරෝ තීරණය කළා. එය ඇතැම් විට ඇමසන් වනාන්තරය සුරැකිමට බාධාවක් විය හැකි බවයි පරිසර විශේෂඥයන් පෙන්වා දෙන්නේ. හිටපු කෘෂිකර්ම ඇමතිවරයා සහ ජනාධිපතිවරයා අතර හමුවක් ද සිදුවුණා. ඔහු මෙම තීරණය විවේචනය කර ඇති බව එරට වාර්තා පෙන්වා දෙනවා...
Read More »

Oct 30

උඩවලව රක්ෂිතයේදී වෙඩි හුවමාරුවක් – සැකකරුවෙකු තුවාල ලබයි.  

0 comments

විශේෂ කාර්ය බලකායේ පිරිසක් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද (31) අලුයමයි මෙය සිදුව ඇත්තේ. උඩවලව රක්ෂිතයේ මුවන් මරා මස් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුවන් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී...
Read More »

Oct 30

මුහුදට කඩා වැටුණු ඉන්දුනීසියා යානයේ කලු පෙට්ටිය සොයා තවදුරටත් මෙහෙයුම්  

0 comments

ඉන්දුනීසියාව ආසන්න මුහුදට කඩා වැටුණු ලයන් එයාර් ගුවන්යානයේ කලු පෙට්ටිය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. ගුවන්යානයේ සිටි මගීන්ගේ සිරුරු සෙවීම සදහා ඩ්‍රෝන සහ සොනාර් තාක්ෂණය යොදාගෙන තිබෙනවා. යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 189 දෙනෙකු ගමන් කරමින් සිටියා. ඒ අතරින් 178 දෙනෙකු වැඩිහිටියන්. කුඩා දරුවන් සහ කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු ද ඒ අතර...
Read More »

Oct 30

පරිසර රාජ්‍ය අැමති දුනේෂ් ගන්කන්ද  

0 comments

රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා නව රජයට සහාය පළකිරීම සදහා එක්ව සිටිනවා. දුනේෂ් ගන්කන්ද මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා...
Read More »

Oct 30

මිල සුත‍්‍රය මළ සුත‍්‍රයක් වෙයි  

0 comments

ජනාධිපතිතුමා වත්මන් දේශපාලන තීන්දුව ගත්තේ රට ස්ථාවර කිරීමේ අරමුණෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ද මෙහිදී අදහස් පළකළා. වත්මන් රජය කිසිසේත්ම තෙල් මිල සූත්‍රයක් ක්‍රියාත්මක නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම...
Read More »

Oct 30

රනිල් වික්‍රමසිංහ රාජ්‍ය දේපළ අවභාවිත කරන බවට චෝදනා  

0 comments

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය දේපළ අවභාවිත කරමින් රටේ නීතිය උල්ලංඝනය කරන බව නව අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියාසිටියා.          ...
Read More »

Oct 30

ජනපතිගේ තීන්දුව ගැන මහා සංඝරත්නය ප්‍රසාදය පළ කරයි  

0 comments

මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජාතිය වෙනුවෙන් ගත් අභීත තීන්දුව පිළිබද මහා සංඝරත්නය ප්‍රසාදය පළ කරනවා. පූජ්‍ය මාරක සුසිල ස්වාමීන්වහන්සේ , පූජ්‍ය රොටලවෙල විමලඥාන ස්වාමීන්වහන්සේ, පූජ්‍ය පේමඩුවේ සුමංගල ස්වාමීන්වහන්සේ සහ පූජ්‍ය නවඳගල පදුමකිත්ති තිස්ස ස්වාමීන්වහන්සේ ITN පුවත් වෙත...
Read More »

Recent News

Gossip Lanka MAG