Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Dec 31

ජීව අත්බෝම්බයක් සමඟ පාතාල සාමාජිකයෙක් අත්අඩංගුවට  

0 comments

ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් තොගයක් සමඟ පාතාල සාමාජිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පනාගොඩ යුද හමුදා කඳවුර ආසන්නයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීයි. පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් අනූවයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඝාතන සිදුවීම්වලට ද සැකකරු සම්බන්ධ බවයි පොලිසිය පවසන්නේ...
Read More »

Dec 31

ඉන්දුනීසියාවේ දැවැන්ත විවාහ මංගලෝත්සවයක්  

0 comments

ඉන්දුනීසියාව දැවැන්ත විවාහ මංගලෝත්සවයක් පැවැත්වූවා. ඒ නව අවුරුදු උදාවට සමගාමීවයි.යුවළ 500ක් ජකර්තා නගරයේදී විවාහ දිවියට ඇතුළත් වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. දිළිදු පවුල්වල තරුණ තරුණියන් විවාහ කරදීම සඳහා ඉන්දුනීසියා රජය මෙම වැඩපිළිවෙල සංවිධාන කර තිබෙනවා. නව අවුරුදු උදාව සැමරිමට ද ඔවුන් එක්වුණා...
Read More »

Dec 31

මැලේසියාවෙන් දුම්පානය තහනම් කිරිමේ නියෝගයක්  

0 comments

ආපන ශාලාවල දුම්පානය තහනම් කරන බව මැලේසියාව ප‍්‍රකාශ කළා. ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරිමයි මෙහි අරමුණවී තිබෙන්නේ. ඒ සඳහා නව පනතක්ද හදුන්වා දී තිබෙනවා. එය කඩකරන පුද්ගලයන්ට එරෙහිව පනවන දඩ මුදල ඇමරිකා ඩොලර් 2450ක්. වසර දෙකක සිර දඩුවම් කාලයක් ද නියම කළ හැකියි. නීති ප‍්‍රතිපාදන හදුන්වා දුන් බවයි මැලේසියාව පවසන්නේ...
Read More »

Dec 31

අනුරාධපුර අභය භූමියට කසළ බැහැර කිරීම හේතුවෙන් ගැටලු රැසක්  

0 comments

අනුරාධපුර අභය භූමිය තුළ අවිධිමත් ලෙස කැළිකසළ බැහැර කිරීම හේතුවෙන් ගැටලු රැසක් පැන නැගී ඇති බව වාර්තා වනවා. දිනපතා අනුරාධපුර නගරයට සංචාරකයින් සිය ගණනක් පැමිණෙනවා. අනුරාධපුර පූජා නගරය අවට පදිංචිකරුවන් ප්‍රධාන මාර්ග අසළ මෙන්ම තම නිවෙස් ඉදිරිපිට අවිධිමත් ලෙස කැළිකසළ බැහැර කිරීම නිසා සුන්දර නගරය අසුන්දර බවට පත්ව ඇති අයුරු දැකගත හැකියි. පූජා භූමිය...
Read More »

Dec 31

යේමන් ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් දැඩි පීඩාවට  

0 comments

යේමන් ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් දැඩි පීඩාවට පත්වුණා. ඔවුන්ට ආහාර ලබාදීමේ වැඩසටහනට ද ගැටළු මතුව තිබෙනවා. ඇතැම් ප‍්‍රදේශවලට ප‍්‍රවේශ වීමට නොහැකි වීමයි ඊට හේතුවවී තිබෙන්නේ. සහන සැළසීම සඳහා අවශ්‍ය පහසුකම් සළසන ලෙසට ලෝක ආහාර වැඩසටහන ගැටුම්වලට සම්බන්ධ පාර්ශව වලින් ඉල්ලීමක් කළා. මිලියන 20කට පමණ බලපෑම් එල්ල වී ඇති බවයි ඔවුන් පවසන්නේ...
Read More »

Dec 31

රජරට ගොවිබිම්වලට මොණරුන්ගෙන් හානි  

0 comments

රජරට ප්‍රදේශ රැසක ගොවිබිම්වලට මොණරුන්ගෙන් හානි පැමිණෙන බව වාර්තා වනවා. විලච්චිය, හොරොව්පොතාන, ගලෙන්බිදුනුවැව, නොච්චියාගම,තන්තිරිමලය යන ප්‍රදේශවල බොහෝ දෙනෙකුගේ ජීවනෝපාය ගොවිතැනයි. ඉතා අසීරුවෙන් වගා කරන ගොවිබිම් එක රැයකින් මොණරුන් විනාශ කරන බව ගොවීන් පවසනවා. වී, කව්පි, සෝයා, මිරිස්, තක්කාලි වැනි වගාවන්ට මොණරුන්ගෙන් දැඩි බලපෑමක් එල්ල වී...
Read More »

Dec 31

දකුණුදිග පිලිපීනයේ ජනාකීර්ණ වෙළඳ සංකීර්ණයක පිපිරීමක්  

0 comments

දකුණුදිග පිලිපීනයේ ජනාකීර්ණ වෙළඳ සංකීර්ණයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින්  දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා. දකුණුදිග පිලිපීනයේ කොටාබටෝ නගරයේ වෙළඳ සංකීර්ණයකයි පිපිරීම සිදු වුණේ. ඉන් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඒ අතරින්  තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. එම වෙළඳ සංකීර්ණයේ තිබූ බව කියන පුපුරන ද්‍රව්‍ය ඉවත් කරමින්...
Read More »

Dec 31

2019 නව වසරේ උදාව ලෝකය පුරා ජනතාව මහත් උත්කර්ෂවත්ව සමරයි  

0 comments

2019 නව වසරේ උදාව ලෝකය පුරා ජනතාව මහත් උත්කර්ෂවත්ව සැමරුවා. නව වසර පැසිෆික් සාගරයේ කිරිබති දිවයිනෙන් ආරම්භ වුණා. ලොව පුරා නන් දෙසින් පැමිණි සංචාරකයින් නව වසරේ උදාව සැමරීම සදහා එම දිවයිනට එක්ව සිටි බව සදහන්. කිරිබති දිවයිනට පසුව සැමෝවා දිවයිනට නව වසර උදා වුණා. ඉන් අනතුරුවයි නවසීලන්තයට 2019 වසර උදා වුණේ. ගිනිකෙළි සංදර්ශන නැරඹීම සදහා විශාල...
Read More »

Dec 31

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක්  

0 comments

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.  ...
Read More »

Dec 31

දූෂණ, වංචා වලින් තොර වැඩ කරන වර්ෂයක් බවට නව වසර පත්කර ගත යුතු බව ජනපති පවසයි  

0 comments

2019 වසර දූෂණ සහ වංචාවලින් තොරව වැඩකරන වර්ෂයක් බවට පත්කර ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ. මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දළදා වහන්සේ වැදපුදාගෙන...
Read More »

Dec 31

සුහුරු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ජනවාරි 01 දා සිට රට පුරා ක්‍රියාත්මකයි  

0 comments

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 2019 ජනවාරි 01 දා සිට මුළු දිවයිනටම සුහුරු ජාතික හැඳුනුම්පත් (Smart National Identity Card) නිකුත් කිරීමට පියවරගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි. මෙම සුහුරු හැඳුනුම්පත් අත්හදා බැලීමේ පදනම මත දෙසැම්බර් 17 දා සිට බස්නාහිර සහ සබරගමුව පළාත් වල පමණක් නිකුත්...
Read More »

Dec 31

උතුරේ නිවාස ගැටළුවට විසඳුම් කඩිනමින්  

0 comments

ගංවතුරෙන්  පීඩාවට පත් කිළිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්වල ජනතාවගේ නිවාස ගැටළු විසදීමේ වැඩපිළිවෙල ලබන 12 වනදා ආරම්භ කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උතුරු පළාතට බලපෑ ගංවතුරෙන් පීඩාවට පත් කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික් ජනතාවට සහන ලබාදීමේ තවත් වැඩපිළිවෙලක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. කිලිනොච්චිය පන්නක්කණ්ඩි...
Read More »

Dec 31

දේශපාලන අර්බුදය නිමවීමෙන් පසු යුරෝපා ආයෝජකයන් පැමිණීමේ වර්ධනයක්  

0 comments

පසුගිය සති කිහිපයේ පැවති දේශපාලන අර්බුදය නිමවීමෙන් පසු යුරෝපා ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවී තිබෙන බව බ්‍රිතාන්‍ය ශ්‍රි ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ජයම්පති පෙරේරා මහතා පවසනවා. ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය ස්ථාපිත වීම නිසා යුරෝපා ආයෝජකයන් පැමිණීම සදහා විශේෂ කැමැත්තක් දක්වන බවයි ජයම්පති පෙරේරා  මහතා පෙන්වා දෙන්නේ. කොළඹ...
Read More »

Dec 31

කොළඹ වරාය බහාලුම් ඒකක මිලියන 7 ක් මෙහෙයවයි  

0 comments

කොළඹ වරාය බහාලුම් ඒකක මිලියන 07 ක් මෙහෙයවීම සනිටුහන් කිරීමේ උත්සවය ජය බහාලු පර්යන්තයේදී අද පැවැත්වුණා. වරාය නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. 2018 වසරේදී කොළඹ වරාය ලොව හොදම බහාලු මෙහෙයුම් වරාය 30 අතර පළමු ස්ථානයට  පත් වුණා. සමුද්‍රීය වෙළද ව්‍යාපාර තුළ අංක 1 ස්ථානයේ ශ්‍රේණිගත වීමටද කොළඹ වරායට හැකි වී...
Read More »

Dec 31

උතුරේ ගංවතුරෙන් හානියට පත් කුඹුරු සදහා වන්දි  

0 comments

මුලතිව් හා කිළිනොච්චි දිස්ත්‍රික්වලට බලපෑ ගංවතුර තත්ත්වයෙන් හානියට පත් කුඹුරු සදහා වන්දි ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මුලතිව් හා කිළිනොච්චි දිස්ත්‍රික්වල වගා හානි සිදුවූ කුඹුරු පිළිබද තොරතුරු ලබා ගන්නා ලෙස සහ ගොවීන්ට රක්ෂණ වන්දි ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය පී හැරිසන් මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ගොවි ජන රක්ෂණය මගින්...
Read More »

Dec 31

එක්සත් ජාතික පෙරමුණට එක්වීමට කැමති නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු 25  

0 comments

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් 25 දෙනෙකු එක්සත් ජාතික පෙරමුණට එක්වීමට කැමැත්ත පළකර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. පයාගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදීයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. අමාත්‍ය රාජිත සේනාරත්න, පයාගල හිරිගල් ගොඩැල්ල, කජුදූව මාර්ගය සහ පයාගල, ගල්ලනමුල්ල,පොල්වත්ත මාර්ගය සංවර්ධනය කිරීමෙන් පසු විවෘත කිරීම අමාත්‍ය...
Read More »

Dec 31

මහා සංඝරත්නයෙන් සිදු වූ මෙහෙය ඇමති කබීර් හෂීම් අගයයි  

0 comments

මාවනැල්ල ප්‍රදේශයේ ඇති වූ සිද්ධියේ දී සාමය ආරක්ෂා කිරීම සඳහා මහා සංඝරත්නයෙන් සිදු වූ මෙහෙය විශිෂ්ට බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට සිදු වූ හානිය පිලිබඳ සොයා බැලීම සඳහා ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් මහාසංඝරත්නය හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සිදුවූ සියලු හානි යථා තත්ත්වයට පත් කිරීම සඳහා...
Read More »

Dec 31

පොඩයිස් වතුයායේ ගින්නෙන් විනාශ වූ වතු නිවාස වෙනුවට නව නිවාස  

0 comments

හැටන් පොඩයිස් වතුයායේ ගින්නෙන් විනාශ වූ වතු නිවාස වෙනුවට නව නිවාස ඉදිකර දීමට පියවර ගන්නා බව කදුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වී රාධා ක්‍රිෂ්ණන් මහතා පවසනවා. වතු කම්කරුවන්ගේ වටිනා ලියකියවිලි ජංගම සේවයක් පවත්වමින් ඔවුන්ට ලබා දීමට පියවර ගන්නා බවද මන්ත්‍රිවරයා සදහන් කළා. පොඩයිස් වතුයායේ අක්කර තිහ කොටසේ වතු නිවාස විසිහතරක් ගින්නෙන් විනාශ  වූයේ පෙරේදා දිනයේදීයි. එම ප්‍රදේශයේ කළ සංචාරයකින් අනතුරුවයි මන්ත්‍රිවරයා මේ...
Read More »

Dec 31

ජර්මන් චාන්සලර්වරියගෙන් පොරොන්දුවක්  

0 comments

ලබන වසර තුළ ජර්මනිය ලෝකයේ වගකීම් රැසක් දරණ රටක් බවට පත්වන බව ජර්මන් චාන්සලර් ඇන්ගලා මර්කල් ප‍්‍රකාශ කළා. ද්විපාර්ශවික සම්බන්ධතා තහවුරු කරගැනීමත් අරමුණක්. ජගත් ආරක්ෂක මණ්ඩලය තුළ ද කි‍්‍රයාකාරී වැඩ කොටසක් ඉටුකිරීමට අපේක්ෂා කරන බවයි ජර්මන් චාන්සලර්වරිය පවසන්නේ. සංක‍්‍රමණික අර්බුද සම්බන්ධයෙන් ද ඔවුන්ගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. ...
Read More »

Dec 31

IS සටන්කාමීන් ගැන ට්‍රම්ප්ගෙන් ප‍්‍රකාශයක්  

0 comments

සිරියාවේ සිටින අයි එස් සටන්කාමීන් සම්පූර්ණයෙන්ම පරාජයට පත්කිරීමට තමා කැපවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව ජ්‍යෙෂ්ට රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයෙකු වන ලින්සේ ග්‍රැහැම් පවසා තිබෙනවා. සිරියාවේ සිටින අයිඑස් සංවිධානය පරාජයට පත්කර ඇති බවට පවසමින් ඇමෙරිකානු භටයින් සිරියාවෙන් ඉවත් කර ගන්නා...
Read More »

Dec 31

උතුරේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්  

0 comments

ජල ගැලීම්වලට ලක් වූ උතුරේ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවුණා. එම ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන්  මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මකයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන් රැසක් ඊට එක්ව සිටිනවා. නිවාස...
Read More »

Dec 31

පුත්තලම නගර සභාවේ නඩත්තු අංශයේ ගින්නක්  

0 comments

පුත්තලම නගර සභාවේ නඩත්තු අංශයේ ගබඩාවේ ඇතිවූ  ගින්නකින් එය මුළුමනින්ම විනාශ වී තිබෙනවා. පෙරවරු 10.00 ට පමණ මෙම ගින්න හටගත් බවයි නගර සභා සේවකයින් පවසන්නේ. මෙම ගබඩාවේ ඉන්ධන සහ තවත් ද්‍රව්‍ය ගබඩා කර තිබුණා. ගින්නෙන් ඒ සියල්ලම විනාශ වී තිබෙනවා. නගර සභා සේවකයින්, පුත්තලම පොලිසියේ නිලධාරීන්  පුත්තලම  තම්බපන්නි නාවික හමුදා ගිනි නිවන...
Read More »

Dec 31

සහන දුම්රිය හෙට ගමන් ඇරඹීමට නියමිතයි  

0 comments

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට සහන රැගෙන විශේෂ දුම්රියක් හෙට කොළඹ කොටුවෙන් ගමන් ඇරඹීමට නියමිතයි. පසුගිය දිනවල ඇද හැලුණ ධාරානිපාත වර්ෂාවත් සමග වව්නියාව, කිලිනොච්චිය, මුලතිව් හා යාපනය ප්‍රදේශවල විශාල පිරිසක් අවතැන් වුණා. ඔවුන්ට දැනට සලසන සහන වැඩපිළිවෙළට සහාය දක්වමිනුයි මෙම විශේෂ දුම්රිය කිලිනොච්චිය බලා ධාවනය කිරීමට කටයුතු යොදා ඇත්තේ....
Read More »

Dec 30

පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක්  

0 comments

ප්‍රාදේශීය සංවර්ධනයට පළාත් පාලන ආයතන සදහා ප්‍රතිපාදන ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයින් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිත සංගමය  නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ පිළිබද අදහස් පල කෙරුණා.    ...
Read More »

Dec 30

ජනපති දළදා සමිදුන් වැඳපුදා ගනී  

0 comments

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දළදා සමිදුන් වැදපුදා ගත්තා. මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දළදා වහන්සේ වැදපුදාගෙන ආගමික වතාවත්වල නිරතවුණා. අනතුරුව ජනාධිපතිතුමා මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.  ...
Read More »

Dec 30

උතුරු ප්‍රදේශයේ පැවති ආපදා තත්ත්වය ක්‍රමයෙන් පහව යන ලකුණු  

0 comments

උතුරු ප්‍රදේශයේ පැවති ආපදා තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ වන විට ප්‍රදේශ රැසක ජන ජීවිත යථා තත්ත්වයට පත්ව ඇති බවයි එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ. ප්‍රදීප් කොඩිප්පිලි – නියෝජ්‍ය අධ්‍යක්ෂ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය,        ...
Read More »

Dec 30

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වැඩි කෙරේ  

0 comments

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම් වැඩිකරන බව පොලිසිය ප‍්‍රකාශ කළා. උත්සව සමයේදී බීමත් රියදුරන් හේතුවෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම මෙහි අරමුණයි. අද දිනයේදීත් රටපුරා මෙහෙයුම් ක‍්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ...
Read More »

Dec 30

උසස්පෙළ නැවත සමීක්ෂණ ඉල්ලුම්පත් ලබන 16 තෙක්  

0 comments

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා ලබන 16 වනදා දක්වා ඉල්ලුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සදහා මෙවර අපේක්ෂකයින් තුන් ලක්ෂ විසි එක්දහස් හාරසිය හැට නව දෙනෙකු පෙනී සිටියා. විභාග ප්‍රතිඵල අනුව එක් ලක්ෂ හැට හත් දහස් නවසිය හත් දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය...
Read More »

Dec 30

ගාල්ල නගරයේ රිය අනතුරකින් අට දෙනෙකුට තුවාල  

0 comments

ගාල්ල නගරයේ සිදුවූ රිය අනතුරකින් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේදීයි අනතුර සිදුවුණේ. මාතර දෙසින් වැරදි මංතීරුවේ වේගයෙන් පැමිණි ලොරි රථයක් මාතර දෙසට ධාවනයවූ වෑන් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. තුවාල ලැබූවේ වෑන් රථයේ සිටි පිරිසයි. වෑන් රථයේ රියදුරුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. තුවාල කරුවන්...
Read More »

Dec 30

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්  

0 comments

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පත් කර තිබෙනවා. ඒ මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය...
Read More »

Dec 30

හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට  

0 comments

හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගත්තේ  හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 280 ක් ද සමගයි. ඉන්දියාවේ සිට පැමිණි ඔහු සිය ගමන්මලු තුළ   ඉතා සූක්ෂම ලෙස සගවාගෙන මෙම මත්ද්‍රව්‍ය දිවයිනට  රැගෙන...
Read More »

Dec 30

ඇෆ්ගනිස්ථා‍නයේ ජනාධිපතිවරණය ලබන ජූලි මාසයේ  

0 comments

ඇෆ්ගනිස්ථා‍නයේ ජනාධිපතිවරණය ලබන ජූලි මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එරට  බලධාරීන් සදහන් කරනවා. ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරණ පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ ලබන අප්‍රේල් මාසයේදීයී. කෙසේ වෙතත් මැතිවරණය  මාස තුනකින් කල් දමන බව මැතිවරණ කොමිසන් සභාව පසුගියදා නිවේදනය කළා.  ඒ අනුව ජනාධිපතිවරණය  ලබන ජුලි 20 වනදා පැවැත්වෙන...
Read More »

Dec 30

පිලිපීනයේ ජල ගැලීම් වලින් විසි දෙදහසකට වැඩි පිරිසක් අවතැන්  

0 comments

පිලිපීනයේ ජල ගැලීම් වලින් විසි දෙදහසකට වැඩි පිරිසක් අවතැන් වුණා. ඉදිරි පැය 24 තුළත් ධාරානිපාත වැසි ඇති විය හැකි බවයි එරට කාළගුණ අංශ වාර්තා කළේ. මධ්‍යම දිවයින හරහා හමා ගිය චණ්ඩ මාරුතයකින් පසු ජලගැලීම් හටගෙන තිබෙනවා. නායයාම් සහ දියේ ගිලීම් ඇතුලු අනතුරු වලින් විසි දෙදෙනෙකු මියගිය බවයි වාර්තා වුණේ...
Read More »

Dec 30

කප්පම් ඉල්ලමින් මරණීය තර්ජන කළ සැකකරුවෙකු අත්අඩංගුවට  

0 comments

කප්පම් මුදල් ඉල්ලමින් මරණීය තර්ජන කළ බව කියන සැකකරුවෙකු පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විවිධ ජංගම දුරකතන අංක ඔස්සේ ඇමතුම් ලබා දෙමින් කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් සැකකරු රුපියල් ලක්ෂ තිහක කප්පම් මුදලක් ඉල්ලා තිබෙනවා. එම පුද්ගලයාට මරණීය තර්ජන ද එල්ලකර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් සිදු...
Read More »

Dec 30

ධීවරයන්ට අවවාදාත්මක නිවේදනයක්  

0 comments

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයන්ට හා නාවිකයන්ට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා.ඒ රළු මුහුදු ප‍්‍රදේශ සම්බන්ධයෙන්. දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල සුළං ඊශාන දිසාවෙන් හමන අතර එහි වේඟය පැයට කිලෝ මීටර් 30ත් 40ත් අතර පවතනවා. මන්නාරම සිට පුත්තලම හා කොළඹ හරහා කළුතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේහවල සුළඟේ වේඟය පැයට කිලෝ මීටර් 50ත් 60ක්...
Read More »

Dec 30

ඉන්දියාවේ ගල්අඟුරු පතලේ සිරවූවන් බේරා ගැනීමේ මෙහෙයුම් තවමත්  

0 comments

ඉන්දියාවේ මෙගාලයාහි ගල්අඟුරු පතලේ සිරවූවන් බේරා ගැනිමේ මෙහෙයුම්වල සුළු ප‍්‍රගතියක් පවතින බව එම කණ්ඩායම් ප‍්‍රකාශ කළා. පසුගිය 13 වනදා සිටයි කම්කරුවන් 15 දෙනෙකු එහි සිරව සිටින්නේ. අඩි 300ක් පමණ ගැඹුරු පතල තුළ අඩි 70ක පමණ ජලය පිරි පවතිනවා. බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදා සාමාජිකයන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව සිටින බවයි ඉන්දීය මාධ්‍ය...
Read More »

Dec 30

බංග්ලාදේශ මහ මැතිවරණයේ ජය ෂෙයික් හසීනාට  

0 comments

බංග්ලාදේශ මහමැතිවරණයෙන් එරට අගමැතිනී ෂෙයික් හසීනා ජයග්‍රහණය කර තිබෙනවා. මෙම ජයග්‍රණයත් සමඟ අගමැතිනී ෂෙයික් හසීනා බංග්ලාදේශය දීර්ඝ කාලයක් පාලනය කළ රාජ්‍ය නායිකාව බවට පත් වනවා. ඇයගේ පාලක පක්ෂය මෙවර මැතිවරණයේදී  පසුගිය මැතිවරණ වලටත් වැඩි විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ඒ අනුව පාලක පක්ෂය මෙවර මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ...
Read More »

Dec 30

නව බස් රථ තුන් දහසක් ධාවනයට එක් කෙරේ  

0 comments

නව බස් රථ තුන් දහසක් මිළදී ගන්නා බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප‍්‍රකාශ කළා. බස් රථ දහසක් නගරාන්තර සේවය සඳහා යෙදවීමයි මෙහි අරමුණවී තිබෙන්නේ. පළමු අදියර යටතේ බස් රථ 500ක් ඉන්දියාවෙන් ගෙන්වන බවත් අශෝක් අබේසිංහ මහතා පෙන්වා දුන්නා. මල්වතු පාර්ශවයේ මහ නායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ...
Read More »

Dec 30

ජල ගැලීමෙන් විපතට පත්වූවන් පිළිබඳ වාර්තාව හෙට  

0 comments

උතුරේ ජල ගැලීමෙන් එක් ලක්ෂ විසි පන්දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්වූ බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා. නිවාස 500කට පූර්ණ හානි සිදුව තිබෙනවා. අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 4600ක්. උපරිමය ලක්ෂ 25 දක්වා වූ නිවාස හානි වන්දි ගෙවීමට කටයුතු සූදානම් කර ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ. මේ...
Read More »

Dec 30

ලක්ෂ 11ක දුම්වැටි සමඟ පුද්ගලයෙක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට  

0 comments

නීතිවිරෝධි දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් කටුනායක ගුවයන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ඩුබායි සිට ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ එමිරේට්ස් ගුවන් යානයකින්. හරිත මාවත ඔස්සේ පිටතට යමින් සිටියදී එම පුද්ගලයා රේගු නිලධාරින්ගේ නිරික්ෂණයට ලක්වුණා. ඔහු ළඟ තිබී ලක්ෂ 11ක් වටිනා දුම්වැටි විසි දහසක් හමු වූ බවයි රේගුව පවසන්නේ...
Read More »

Dec 30

බංගලිදේශයේ මැතිවරණ ගැටුම්වලින් පස් දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

බංගලිදේශයේ මැතිවරණය ආශ‍්‍රිතව හටගත් ගැටුම්වලින් පුද්ගලයන් පස් දෙනෙකු මියගියා. පාර්ශවකරුවන් ගණනාවක් අතර ගැටුම් හටගෙන තිබෙනවා. ඡන්ද ප‍්‍රකාශය ආරම්භ වුණේ පෙරවරු 8ටයි. රටපුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කර තිිබෙනවා. හමුදා සහ පොලිස් කණ්ඩායම් ස්ථානගත කර ඇති බවයි බලධාරින් පවසන්නේ...
Read More »

Dec 30

බ්‍රසීලයේ ගිනිඅවි නීතිය ලිහිල් කෙරේ  

0 comments

බ්‍රසීලයේ පවතින ගිනිඅවි සම්බන්ධ නීතිය ලිහිල් කිරීමට එරට නව ජනාධිපති ජේර් බොල්සොනාරෝ තීරණය කර තිබෙනවා. බ්‍රසීලයේ ගිනිඅවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඉතා දැඩි නීති පවතිනවා. පොලීසිය හා ආරක්‍ෂක අංශ සාමාජිකයින්ට පමණක් ලියාපදිංචි ගිනි අවි ළඟ තබා ගත හැකි වීම, සාමාන්‍ය පුද්ගලයෙකු ලියාපදිංචි නොකළ ගිනිඅවියක් ළඟ තබා ගැනීම වසර 4 ක සිරදඬුවම් හිමිවන වරදක්...
Read More »

Dec 30

ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන ක්‍රියාවට නැංවීම අපේ අරමුණයි  

0 comments

වචනයට පමණක් සීමා නොවී බුදුදහමට මුල්තැන ලබා දෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක පුජ්‍ය අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමිපාණන් බැහැ දැකීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළකලා. දඹුලු විහාරයේ සංවර්ධන කටයුතු පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරුණා. අපවත් වී වදාළ සියම් මහා නිකායේ...
Read More »

Dec 30

ඇමරිකා ජනමාධ්‍යට සයිබර් ප‍්‍රහාරයක් එල්ල වෙයි  

0 comments

ඇමරිකාවේ පුවත් පත් කිහිපයකට සයිබර් ප‍්‍රහාරයක් එල්ල වුණා. ඒවායේ මුද්‍රණ සහ බෙදාහැරීමේ ක‍්‍රියාවලියට ඉන් බාධා එල්ල වී තිබෙනවා. ලොස් ඇන්ජලිස් ටයිම්ස්, චිකාගේ ට‍්‍රයිබියුන් ඇතුළු පුවත් පත්වලට ගැටළු මතුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ප‍්‍රහාරය ඇමරිකාවට පිටතින් එල්ල වී ඇති බවත් විමර්ශනවලින් හෙළි වුණා...
Read More »

Dec 30

වේගවත් සංවර්ධනයක් සඳහා නව වැඩපිළිවෙලක්  

0 comments

කඩිනම් සංවර්ධන වැඩසටහනක් ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප‍්‍රකාශ කළා. එය කරුණු අටකින් සමන්විතයි. පවතින තත්ත්වය අභිබවා සීග‍්‍ර සංවර්ධයක් අත්පත් කර ගැනීමයි අරමුණ. අංශ ගණනාවක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වුණා. ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන බවයි අශෝක් අබේසිංහ මහතා පවසන්නේ...
Read More »

Dec 30

බංගලිදේශ මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් 4ක් ජීවිතක්ෂයට  

0 comments

බංගලිදේශයේ මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලින් පුද්ගලයන් හතර දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. චිතගොන් ප‍්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් ආශි‍්‍රතව ඇතිවූ ගැටුමකින් ඔවුන් මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. ඒ අතර අවාමි ලීගයේ ප‍්‍රාදේශ්‍රීය දේශපාලන නායකයෙකු ද සිටින බව වාර්තා වෙනවා. ප‍්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බවයි බංගලිදේශ ආරක්ෂක අංශ...
Read More »

Dec 30

සුහුරු හැදුනුම්පත් නිකුත් කිරීම හෙට සිට  

0 comments

හෙට(31) සිට සුහුරු ජාතික හැදුනුම්පත් නිකුත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. පසුගිය දෙසැම්බර් 17 වෙනිදා සිට සිදුකළ අත්හදා බැලීම සාර්ථක බවයි කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා පෙන්වාදෙන්නේ. ඡායාරූප ලබාගැනීම සඳහා දිවයින පුරා ඡායාරූප ශාලා 2100 ක් ලියාපදිංචි කර තිබෙනවා. ඉන් ලබාගන්නා ඡායාරූප විද්්‍යුත් තැපෑල...
Read More »

Dec 29

පොළොන්නරුවට පැමිණෙන සංචාරකයින්ගේ වැඩිවීමක්  

0 comments

සංචාරක කලාප අශ්‍රීතව සිදු කෙරුණු සංවර්ධන වැඩපිළිවෙල සමග විදෙස් සංචාරකයින්ගේ පැමිණීම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන අතර පොළොන්නරුව ප්‍රදේශයට හිමිවන්නේ වැදගත් ස්ථානයක්. දිවයිනේ සංචාරක සංවර්ධන කටයුතු සදහා රජය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමත් සමග පොළොන්නරුව ප්‍රදේශය ද සංවර්ධනයට ලක් කෙරුණා.  මේ සමග දෙස් විදෙස්...
Read More »

Dec 29

සෞඛ්‍ය අංශවල මැදිහත්වීමෙන් බෝවන රෝග පැතිරීම පාලනය කළා  

0 comments

සෞඛ්‍ය අංශ කඩිනමින් ක්‍රියාත්මක වූ නිසා අයහපත් කාලගුණයත් සමග ඇති වූ ජලගැලීම් තත්ත්වය හේතුවෙන් බෝවන රෝග පැතිර යාම පාලනය කර ගැනීමට හැකි වී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්වූවන් රැදී සිටින අවතැන් කදවුරු නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදීයී අමාත්‍යවරයා මේ බව...
Read More »

Dec 29

ප්‍රධාන වශයෙන් වැසි රහිත වියලි කාලගුණ තත්ත්වයක්  

0 comments

දිවයිනේ බොහෝ පලාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියලි කාලගුණ තත්ත්වයක් සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.කෙසේවෙතත් නැගෙනහිර පළාතෙත් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති විය හැක.මධ්‍යම, වයඹ, උතුරු සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද...
Read More »

Dec 29

විපක්ෂ නායකවරයා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ගනී  

0 comments

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය  පල්ලේගම සිරිනිවාස ස්වාමීන්වහන්සේ බැහැදුටු විපක්ෂ නායකවරයා ඉන් අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ආගමික වතාවත්වල නිරත වුණා. ඉන් අනතරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් විපක්ෂ නායක මහින්ද...
Read More »

Recent News

Gossip Lanka MAG