Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Dec 31

බංග්ලාදේශ මහ මැතිවරණය ලබන 7 වෙනිදා  

0 comments

පැවැත්වීමට නියමිත බංග්ලාදේශ මහා මැතිවරණයේ ජයග්‍රාහකයා බවට මේ වන විටත් අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පත්ව සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. බංග්ලාදේශ මහා මැතිවරණයේ ලබන 7 වනදා පැවැත්වීමට නියමිතයි. අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ පාලනය යටතේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ගැන බලාපොරොත්තු විය නොහැකි බැවින් මැතිවරණය වර්ජනය කරන බව එරට ප්‍රධාන විපක්ෂය පවසනවා. ඒ අනුව පාලක අවාමි ලීගය අඛන්ඩව 4 වන වරටත් එරට පාර්ලිමේන්තුවේ බලය හිමිකරගනු ඇති බවයි...
Read More »

Dec 31

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට තවත් ගුවන් ප්‍රහාර මාලාවක්  

0 comments

ඊශ්‍රායලය නව වසරේ ආරම්භයත් සමඟ ගාසා තීරයට තවත් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ඛාන් යුනිස් නගර මධ්‍යයට ගුවන් යානා යොදාගනිමින් බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමටයි ඊශ්‍රායල හමුදා කටයුතු කළේ. කෙසේ වෙතත් මේ සමග ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාර සිදුකරන ඊශ්‍රායල හමුදා ඉවත් කර ගන්නා බව දැනුම් දී තිබෙනවා. ඒ ඉදිරි සටන් සදහා ඔවුන් භාවිත කිරීමේ අරමුණින්. මේ අතර ඇමෙරිකා හමුදා හවුදි කැරළිකරුවන් ඉලක්ක කර රතු මුහුදේ සිදුකළ මෙහෙයුමකින් කැරළිකරුවන්...
Read More »

Dec 31

ප්‍රංශයේ ආරක්ෂක කටයුතු සදහා අමතර පොලිස් නිලධාරීන් 90,000ක්  

0 comments

නව වසරේ උදාවත් සමඟ ප්‍රංශයේ ආරක්ෂක කටයුතු සදහා අමතර පොලිස් නිලධාරීන් අනූදහසක් පමණ යෙදවීමට පියවර ගෙන තිබෙනවා. යුරෝපය ඉලක්ක කර ගනිමින් ත්‍රස්තවාදී තර්ජන ඉහළ යාමත් සමගයි ආරක්ෂාව දැඩි කිරීමට ප්‍රංශය තීරණය කර ඇත්තේ. හෙටින් උදාවන 2024 වසර ඉලක්ක කර ගනිමින් රට පුරා සැමරුම් උත්සව පැවැත්වෙන අතර එම උත්සව වලට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතින බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා. එබැවින් රට පුරා ආරක්ෂාව දැඩි කිරීමට මෙලෙස අමතර පොලිස් නිලධාරීන්...
Read More »

Dec 30

ගාසාහි අවතැන් ජනතාවට එළිමහන් ප්‍රදේශවල ජීවත් වීමට සිදු වෙයි  

0 comments

ගාසාහි අවතැන් ජනතාවට එළිමහන් ප්‍රදේශවල ජීවත් වීමට සිදුව ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. අවතැන් පිරිස් වෙත අවශ්‍ය මූලික පහසුකම් පවා සපුරාගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ. පසුගිය දින කිහිපය තුළදී පමණක් ලක්ෂයකට ආසන්න පිරිසික් රෆා ප්‍රදේශය වෙත පැමිණ ඇති බව එම සංවිධානය නිවේදනය කරනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම අතිශය දුෂ්කර කටයුත්තක් බවට පත්ව ඇති බවයි ජගත් සංවිධානයේ නියෝජිතයෙකු බීබීසී පුවත් සේවයට පවසා...
Read More »

Dec 30

කැලිෆෝනියාවේ වෙරළබඩ ප්‍රදේශවලට දැවැන්ත මුහුදු රළ ඇතිවීමේ අවධානමක්  

0 comments

කැලිෆෝනියාවේ වෙරළබඩ සමහර ප්‍රදේශවල ඇති දැවැන්ත මුහුදු රළ ඇතිවීමේ අවධානමක් මතුව තිබෙනවා. උස් රළ නිසා ඇතිවිය හැකි හානි මගහරවා ගැනීමට නිවැසියන්ට වෙරළ සහ වෙරළබඩ මාර්ගවලින් බැහැරව සිටින ලෙසයි නිලධාරීන් අනතුරු අඟවා ඇත්තේ. සමහර ප්‍රදේශවල ජනතාවට තම පදිංචි නිවාස වලින් ඉවත් වන ලෙස මේ වන විට උපදෙස් ලැබී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. ලොස් ඇන්ජලීස් හි ජාතික කාලගුණ සේවය විසින් පහත් බිම්වල වෙරළබඩ ප්‍රදේශ මුහුදු ජලයෙන් යට විය හැකි...
Read More »

Dec 30

යුක්රේනය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් රුසියාවේ 20 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

යුක්රේනය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් රුසියාවේ පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිරිත දිග රුසියාවේ, රුසියා යුක්රේන දේශසීමාව ආසන්නයේ  බෙල්ග්‍රෝඩ් ප්‍රදේශයටයි මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇත්තේ. ප්‍ රහාරයෙන් මිය ගිය පිරිස අතරට කුඩා දරුවන් තුන් දෙනෙකු ද ඇතුළත්. සියයකට අධික පිරිසක් ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව එම ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා නිවේදනය කරනවා. රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු යුක්රේනය රුසියාවට...
Read More »

Dec 30

දකුණු ගාසා තීරයේ දරුණු වෙඩි හුවමාරුවක්  

0 comments

දකුණු ගාසා තීරයේ දරුණු වෙඩි හුවමාරුවක් වාර්තා වනවා. ආධාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අනතුරු ඇඟවීමත් සමඟයි මෙය වාර්තා වන්නේ. ඊශ්‍රායලය හමාස් බලකොටුවක් ලෙස සලකන දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් හි දරුණු ඊශ්‍රායල යුද ටැංකි ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර අඛණ්ඩව සිදුවෙමින් පවතිනවා. එහිදී ඊශ්‍රායල හමුදා සහ හමාස් සටන්කාමීන් අතර දැඩි වෙඩි හුවමාරුවක් සිදු වූ බව ප්‍රදේශවාසීන් වාර්තා කර තිබෙනවා. ඊශ්‍රායල හමුදාව පවසන්නේ තමන් පසුගිය පැය 24 තුළ ගාසා...
Read More »

Dec 30

මුම්බායි නගරයේ වායු දූෂණය ඉහළට  

0 comments

මුම්බායි නගරයේ ස්ථාන කිහිපයක වායු තත්ත්ව දර්ශකය ඒකක 200 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ හේතුවෙන් මුම්බායි හි සුවිශේෂී බිම් සලකුණු සහ ගොඩනැගිලි විෂ සහිත දුමාරයෙන් වැසී ගොස් තිබෙනවා. ඉන්දියාව දශක ගණනාවක් තිස්සේ වාතයේ ගුණාත්මක භාවය සමඟ අරගල කර ඇති අතර, 2020 වසරේ කළ අධ්‍යයනයකින් හෙළි වුණේ වායු දූෂණය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව මිලියන 1.67 ක් බවයි.             The post මුම්බායි නගරයේ වායු දූෂණය ඉහළට appeared...
Read More »

Dec 29

රුසියාව එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් යුක්රේන වැසියන් 30 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

රුසියාව එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් යුක්රේන වැසියන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. යුක්රේනය සදහන් කරන පරිදි දෙරට අතර ඇති වූ යුද්ධයේදී රුසියාව මෙතෙක් එල්ල කළ දරුණුතම මිසයිල ප්‍රහාර මෙයයි. කියෙව් / ඔඩෙසා / නිප්‍රෝ හා කාර්කිව්  ඇතුළු නගර රැසකට මෙම ප්‍රහාර එල්ල වුණා. පුද්ගලයන් 160 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.වැඩිහිටි නිවාස හා මාතෘ රෝහල්වලට ද රුසියාව ප්‍රහාර එල්ල කළ බවයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසන්නේ.       The...
Read More »

Dec 28

ඉන්දියන් සාගරය තුළ භූ කම්පන දෙකක්  

0 comments

ඉන්දියන් සාගරය තුළ භූ කම්පන දෙකක් වාර්තා වී තිබෙන බව, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය පවසනවා. ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ මෙම භූ කම්පනය වාර්තා වී ඇති බව සඳහන්. මෙම භූ කම්පනය රික්ටර් පරිමාණයේ 4.8ක් ලෙසත් දෙවන කම්පනය 5.8ක් ලෙස වාර්තා වී ඇති අතර ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසනවා. The post ඉන්දියන් සාගරය තුළ භූ කම්පන දෙකක්...
Read More »

Dec 28

පලස්තීනුවන් දහස් ගණනක් මධ්‍යම ගාසා තීරයෙන් පලායයි  

0 comments

ගාසා තීරයේ මෙහෙයුම්වල නිරත ඊශ්‍රායල හමුදා ඉදිරියට ඇදෙද්දී පලස්තීනුවන් දහස් ගණනක් මධ්‍යම ගාසා තීරයෙන් පළායමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇස්තමේන්තුගත කර ඇති පරිදි පලස්තීනුවන් එක්ලක්ෂ පනස් දහසක් මධ්‍යම ගාසා තීරයේ සරණාගත කඳවුරු වෙත පළා යාමට සිදුව ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ. යුද ටැංකි බුරෙයීජ් කඳවුරේ නැගෙනහිර ප්‍රදේශයට ළඟා වී ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායල හමුදාව මෑතකදී බුරෙයීජ් සහ ඒ ආසන්න කඳවුරු ඉලක්ක කරගනිමින්...
Read More »

Dec 28

අනාගත චීන රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳව චීන ජනපතිගෙන් උපදෙස්  

0 comments

චීන මධ්‍යම රජයේ විදේශ කටයුතු සමුළුව පැවැත්වෙනවා. එම සමුළුව 27 සහ 28 දෙදින බෙයිජිං හිදී පැවැත්වෙනවා. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට එක් වෙමින් දේශනයක් ද පැවැත්වීය. හෙතෙම සිය දේශනයෙන් ගෙවුණු දශකයේ චීන ලක්ෂණයෙන් යුත් රාජ්‍යතාන්ත්‍රිකත්වය ලබාගෙන ඇති ජයග්‍රහණ හා අත්දැකීම් සම්පිණ්ඩනය කළ අතර නව යුගයේ චීනය විදේශ කටයුතුවලදී මුහුණ දී සිටින ජාත්‍යන්තර පරිසරය හා කාලීන කාර්යයන් පිළිබඳ පෙන්වා දුන්නා. ගෙවුණු දශකයේ චීනය විදේශ කටයුතුවලදී බොහෝ...
Read More »

Dec 27

ඊශ්‍රායල හමුදා රමල්ලා නගරය සම්පුර්ණයෙන් වටලයි  

0 comments

ඊශ්‍රායල හමුදා රමල්ලා නගරය සම්පුර්ණයෙන් වටලා තිබෙනවා. ඊශ්‍රායල හමුදා මේ වන විට බටහිර ඉවුරේ නගර රැසක් හා රමල්ලා නගරයේ බලය අත්පත් කරගෙන තිබෙනවා. ඊයේ ඊශ්‍රායලය මධ්‍යම ගාසා තීරයට ගොඩබිම් මෙහෙයුම ව්‍යාප්ත කරන විට නුසෙයිරාත් කඳවුරට එල්ල කල ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයන් හත් දෙනෙකු මිය ගොස් තිබෙනවා. පලස්තීන පුවත් ඒජන්සිය වෆා මේ බව වාර්තා කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඊශ්‍රායල ප්‍රහාරවලින් බේරීමට දස දහස් සංඛ්‍යාත පලස්තීනුවන් මධ්‍යම...
Read More »

Dec 27

ඇමෙරිකාවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 250ක ආධාර  

0 comments

ඇමෙරිකාව යුක්‍රේනයට ඩොලර් මිලියන 250 ක හමුදා ආධාර අනුමත කර තිබෙනවා. ධවල මන්දිරය විසින් මේ වසර සඳහා යුක්‍රේනයට ලබා දෙන අවසන් ආධාර තොගය මෙලෙස අනුමත කර ඇත්තේ. ඊට ගුවන් ආරක්ෂක පද්ධති , කාලතුවක්කු හා කුඩා අවි සඳහා යොදන පතොරම් මෙන්ම යුද ටැංකි නාෂක අවි ද ඇතුළත්. මේ අතර යුක්‍රේනයට තවදුරටත් බටහිර රටවලින් ආධාර නොලැබුණහොත් යුද්ධය බරපතල අතට හැරෙනු ඇති බවට යුක්‍රේන ජනාධිපතිවරයා  අනතුරු අඟවා තිබෙනවා. කෙසේ වෙතත් මෙම ආධාර තොගයද ප්‍රමාණවත්...
Read More »

Dec 27

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළෙන් ජයග්‍රහණ රැසක්  

0 comments

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ 10 වැනි සංවත්සරය මෙම වසරට යෙදී තිබුණා. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ පැවති මාධ්‍ය හමුවේදී, මෙම වසරේ “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ තුළින් ලබා ගත් පොදු ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කර තිබෙනවා. මෙම වසරේ “එක් තීරයක් එක් මාවතක්” ආර්ථික හා වෙළඳ ආයෝජන අඛණ්ඩව වර්ධනය වී ඇති බව ඇය පැවසුවා. ජනවාරි සිට නොවැම්බර් දක්වා, “එක් තීරයක් එක් මාවතක්”...
Read More »

Dec 27

ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් / ගෑස් ගනන් උස්සයි  

0 comments

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ලිහිසි තෙල් මිල ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා. ලෝක වෙළඳපොලේ WTI තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75.27 දක්වා ඉහළ යාමක් සඳහන් වේ. එමෙන්ම බ්‍රෙන්ට් ලිහිසි තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 81.07ක් ලෙස සටහන් වී තිබෙනවා. කෙසේ වෙතත්, ඊයේ ලෝක වෙළඳපොලේ ස්වභාවික ගෑස් මිල ද අමෙරිකානු ඩොලර් 2.57 දක්වා ඉහළ යාමක් ලෙස සටහන් වී තිබුණා. The post ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් / ගෑස් ගනන් උස්සයි appeared first on ITN News...
Read More »

Dec 26

රෆාහි සමූහ මිනීවළක හඳුනා නොගත් පලස්තීන සිරුරු 80ක්  

0 comments

දකුණු ගාසා තීරයේ රෆාහි සමූහ මිනීවළක හඳුනා නොගත් පලස්තීන සිරුරු 80ක් පමණ මිහිදන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලාශ්‍ර AFP ප්‍රවෘත්ති ඒජන්සියට පවසා තිබෙන්නේ ඔවුන් අතර ප්‍රාණ ඇපකරුවන් නොමැති බවයි. බලධාරීන් මෙම සිරුරු පරීක්ෂා කිරීම සඳහා ඊශ්‍රායලයට ප්‍රවාහනය කර ඇති නමුත් පසුව ඔවුන් දකුණු ගාසා තීරයේ Kerem Shalom හරස් මාර්ගය හරහා ආපසු හරවා යවා ඇති බව සඳහන්. The post රෆාහි සමූහ මිනීවළක හඳුනා...
Read More »

Dec 26

නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ අයහපත් කාලගුණය හේතුවෙන් 08 දෙනෙකුට දිවි අහිමි වෙයි  

0 comments

නැගෙනහිර ඕස්ට්‍රේලියාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 08  දෙනෙකුට ජීවිත අහිමි වෙලා තියෙනවා. අයහපත් කාලගුණයෙන් මිය ගිය පිරිස අතරට වයස අවුරුදු 09ක ගැහැනු දරුවකු ද ඇතුළත්. එමෙන්ම තවත් පුද්ගලයෙකු අතුරුදන් බවයි සහන කණ්ඩායම් නිවේදනය කරන්නේ. ගස් කඩා වැටීමහේතුවෙන් ප්‍රදේශ රැසකට විදුලිබලය නොමැති බව ද සඳහන්. වික්ටෝරියා හා කුවීන්ස්ලන්ඩ් යන ප්‍රාන්තයන්හි අවතැන් පිරිස් වෙත අවශ්‍ය පහසුකම් සැළසීමට පොලීසිය හා සහන කණ්ඩායම් යොදවා...
Read More »

Dec 26

ගෙවී ගිය පැය 24 තුළ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් 250ක් ජීවිතක්ෂයට  

0 comments

පසුගිය පැය 24 තුලදී පමණක් ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 250 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව හමාස් සංවිධානය නිවේදනය කරනවා. ඊයේ දිනයේ දී ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පලස්තීන වැසියන්ගේ සංඛ්‍යාව 241 ක් බවයි හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. හමාස් ඉලක්ක සියයකට පමණ ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සටන් විරාමයක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම අවධානය යොමුව පැවතියද...
Read More »

Dec 26

පැරිසියේ මහල් නිවාසයක සිරුරු 5ක් -කුඩා දරුවනුත් ඒ අතර  

0 comments

පැරිසියේ Meaux හි මහල් නිවාසයක තිබී පස් දෙනෙකුගේ සිරුරු සොයා ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රංශයේ නඩු පවරන්නන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවලට අනුව ඝාතනයට ලක්ව ඇත්තේ කාන්තාවක් සහ ඇගේ කුඩා දරුවන් සිව් දෙනායි. ඔවුන්ගේ සිරුරු ප්‍රංශ අගනුවර සිට කිලෝමීටර් 41ක් පමණ දුරින් පිහිටි Meaux නගරයේ තිබී හමුවී තිබෙනවා . The post පැරිසියේ මහල් නිවාසයක සිරුරු 5ක් -කුඩා දරුවනුත් ඒ අතර appeared...
Read More »

Dec 25

චීනයෙන් චන්ද්‍රිකා මාලාවක් ගුවන් ගත කරයි  

0 comments

චීනය කාලගුණ විද්‍යා චන්ද්‍රිකා මාලාවක් සාර්ථකව ගුවන්ගත කර තිබෙනවා. Tianmu-1 එකතුවේ, අංක 11 සිට 14 දක්වා චන්ද්‍රිකා මාලාව Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන්, බෙයිජිං වේලාවෙන් ඊයේ (25) පෙරවරු 9:00 ට නිකුත් කරනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ චන්ද්‍රිකා නියමිත කක්ෂයට ඇතුළු වූ අතර, මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක වී ඇති බවද සඳහන්. . මෙම චන්ද්‍රිකා ප්‍රධාන වශයෙන් කාලගුණ දත්ත ලබාගැනීම සඳහා භාවිත කෙරෙනු ඇති. The post චීනයෙන්...
Read More »

Dec 25

සැමරුම් වලින් තොරවූ බෙත්ලෙහෙම  

0 comments

උත්සවශ්‍රීයෙන් හා සැමරුම් වලින් තොරව බෙත්ලෙහෙමේදී නත්තල් උදාව සිදු වුණා. වෙනදා මෙන් නත්තල් ගස් හා සැරසිලි වලින් තොරව එය පැවැත්වුණා. උත්සව ඇඳුම්වලින් සැරසී සිටින නගරයක් වන බෙත්ලෙහෙම ඊයේ මෙන්ම අදත් ශෝකයේ වැස්මකින් වැසී ගොස් තිබුණා. ඒ ගාසා තීරයේ යුද්ධය හේතුවෙන්. සාමාන්‍ය පරිදි දේව මෙහෙය පැවැත්වුණා. ජන සංහාරය නවත්වන්න, අවතැන් වීම නවත්වන්න හා අවහිර ඉවත් කරන්නැයි ඉල්ලමින් පුවරු ප්‍රදර්ශනය කෙරුණා. The post සැමරුම් වලින් තොරවූ බෙත්ලෙහෙම...
Read More »

Dec 24

යුක්රේනය පළමුවරට අද නත්තල සමරයි  

0 comments

ඉතිහාසයේ පළමුවරට දෙසැම්බර් 25 වන දා නත්තල සැමරීමට යුක්රේනය මෙවර ක්‍රියාකළා. බොහෝ යුක්රේන ඕතඩොක්ස් කිතුනුවන් මෙම වසරේ දී පළමු වරට දෙසැම්බර් 25 වන දා නත්තල් සැමරීමට කටයුතු කළා. ජූලියන් දින දර්ශනයට අනුව ජනවාරි 7 වනදායි යුක්‍රේනය මීට පෙර නත්තල් සැමරුවේ. රුසියාවද එම දිනයේම නත්තල සමරනවා. කෙසේ වෙතත් යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි පසුගිය ජූලි මාසයේදී නත්තල සැමරීමේ නීතිය වෙනස් කිරීමට කටයුතු කළා. මේ අතර ඊයේ සවස නිකුත් කළ නත්තල්...
Read More »

Dec 24

පසුගිය පැය 24 තුලදී පමණක් ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 423 දෙනෙකු හමුවෙයි  

0 comments

ජේ එන් පොයින්ට් වන් නව කොවිඩ් ප්‍රභේදයට අමතර ප්‍රතිදේහ එන්නත් ලබා ගැනීම අවශ්‍ය නොවන බව ඉන්දීය සෞඛ්‍ය අංශ සදහන් කරනවා. මේ වන විට ලොව පුරා රටවල් රැසකින් කොරෝනා වයිරසයේ ජේ එන් පොයින්ට් වන් නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් වාර්තා වනවා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 3500කට ආසන්නයි. එමෙන්ම කේරල ප්‍රාන්තයේ ආසාදිතයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද සදහන්. පසුගිය පැය 24 තුලදී පමණක් ඉන්දියාවෙන් ආසාදිතයින්...
Read More »

Dec 23

රසායන ද්‍රව්‍ය රැගත් නෞකාවකට ඉරානයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්  

0 comments

රසායන ද්‍රව්‍ය රැගත් නෞකාවකට ඉරාණය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර ඇති බව ඇමෙරිකා ආරක්ෂක අංශ නිවේදනය කරනවා. ඉන්දියන් සාගරයේ ගමන් කරමින් තිබූ මෙම රසායන ද්‍රව්‍ය රැගත් නෞකාවට ඉරානයෙන් දියත් කළ ඩ්‍රෝන යානයකින් ප්‍රහාර එල්ලකර ඇති බවයි ඇමෙරිකාව නිවේදනය කරන්නේ. ඉන්දියානු වෙරළතීරයේ සිට නාවික සැතපුම් 200ක් පමණ ගැඹුරු මුහුදේදී මෙම ප්‍රහාරය එල්ලවී තිබෙනවා. ප්‍රහාරයත් සමග නෞකාවේ ගින්නක් හට ගෙන ඇති අතර එය පාලනය කළ බවයි ඇමෙරිකා ආරක්ෂක අංශ සදහන් කරන්නේ. ප්‍රහාරයෙන්...
Read More »

Dec 23

රිය අනතුරු වළක්වා ගැනීමට ඔඩිෂා ප්‍රාන්තයේ රාත්‍රී රියදුරන්ට නොමිලේ තේ  

0 comments

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ රාත්‍රී කාලයේ සිදුවන රිය අනතුරු සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ප්‍රාන්ත රජය විසින් නව යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. ඒ මාර්ග ආරක්ෂණ සතිය නිමිත්තෙන්. ඒ අනුව ඔඩිෂා ප්‍රාන්ත ප්‍රවාහන දෙපාර්තමේන්තුව අධිවේගී මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා රාත්‍රී රියදුරන්ට නොමිලේ තේ ලබාදීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත. මෙම යෝජනා ක්‍රමය ජනවාරි 7 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. කෙසේ වෙතත්, ඒ අනුව මධ්‍යම රාත්‍රියේ සහ හිමිදිරියේ...
Read More »

Dec 23

ගාසා තීරයට ඊශ්‍රායලයෙන් තවදුරටත් ප්‍රහාර  

0 comments

ජගත් සංවිධානය ගාසා තීරයට තවත් ආධාර ලබාදීමට සූදානම් වීමත් සමඟ ඊශ්‍රායලය තවදුරටත් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙළීම ඊයේ රාත්‍රීය දක්වා අඛණ්ඩව සිදුවුණා. ගුවනින් පමණක් නොව ගොඩබිමෙන් ද ප්‍රහාර එල්ල කිරීම මෙහිදි කැපී පෙනුනා. මේ අතර මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාජ් සරණාගත කදවුරට එල්ල වු ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගිය බව පලස්තීන මාධ්‍ය වාර්තා කරනවා. තවත් කදවුරක් වන බුරෙයිජ් හි සිටින පිරිසට දකුණට ගමන්...
Read More »

Dec 23

ටොයෝටා සමාගම ලොව පුරා බෙදා හරිනු ලැබූ මෝටර් රථ මිලියන 1.12ක් නැවත ගෙන්වයි  

0 comments

ටොයෝටා සමාගම ලොව පුරා බෙදා හරිනු ලැබූ මෝටර් රථ මිලියන 1.12ක් නැවත ගෙන්වීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා. ඒ කාණ්ඩ කිහිපයක මෝටර් රථවල Occupant Classification System (OCS) සංවේදක ක්‍රියා නොකිරීමට හේතුවෙන් බවයි පැවසෙන්නේ. ඒ අනුව, 2020 සිට 2022 දක්වා ජපානයේ නිෂ්පාදිත පහත වර්ගයේ මෝටර් රථ මෙම නැවත ගෙන්වීමේ ක්‍රියාවලියට අයත් වන අතර, මීට අදාල ලැයිස්තුව පහතින්, Avalon Camry Corolla RAV4 Lexus ES250 ES300H ES350 RX350 Highlander Sienna Hybrid ඉහත...
Read More »

Dec 22

මිනිස් ජාවාරම්කරුවන් පිළිබඳ ඇති වූ බියක් හේතුවෙන් ගුවන් යානයක් ප්‍රංශයට ගොඩබස්වයි  

0 comments

මිනිස් ජාවාරම්කරුවන් පිළිබඳ ඇති වූ බියක් හේතුවෙන් ගුවන් යානයක් ප්‍රංශයට ගොඩබස්වා තිබෙනවා. ඉන්දීය මගීන් 303 දෙනෙකු රැගත් ගුවන් යානයකුයි මෙසේ ගොඩබස්වා ඇත්තේ. ඊසානදිග ප්‍රංශයේ ගුවන් තොටුපළක එය නවතා ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරනවා. එයාර්බස් A340 යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නිකරගුවාවේ අගනුවර වන මනගුවා වෙත පියාසර කරමින් තිබුණා. නිර්නාමික ඔත්තුවක් ලැබීමෙන් පසුවයි ගොඩබස්වනු ලැබුවේ. පොලිසිය විසින් ගුවන් තොටුපළ ද මුද්‍රා තබා...
Read More »

Dec 22

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගාසා තීරයට ලබාදෙන ආධාර වැඩි කරයි  

0 comments

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගාසා තීරයට ලබාදෙන ආධාර වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගත්ත ද සටන් විරාමයක් ක්‍රියාත්මක නොවන බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගාසා තීරයට වැඩි ආධාර ඉල්ලා සිටින යෝජනාවක් සම්මත කර තිබෙනවා. එහෙත් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර වහාම සටන් විරාමයක් සඳහා වන ඉල්ලීමට එකඟතාවක් පළ වී නැහැ. එක්සත් ජාතීන්ගේ ප්‍රධානී අන්තෝනියෝ ගුටරෙස් පැවසුවේ ආධාර ලබාදීමේ කටයුතුවලට ඊශ්‍රායලය එල්ල කරන...
Read More »

Dec 22

ජපාන ඇමෙරිකා එකඟතාව ගැන ඇමෙරිකා ජනපති විමසිල්ලෙන්  

0 comments

ජපානයේ නිපෝන් සමාගම හා ඇමෙරිකානු වානේ සමාගම අතර ඇති කර ගත්  එකඟතාව පිලිබඳ සිය විශේෂ අවධානය යොමු කරන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. ජපානය ඇමෙරිකාවේ  සමීප මිත්‍රයෙක් වුවද ජාතික ආරක්ෂාව හේතුවෙන් නිපෝන් සමාගම සහ ඇමෙරිකා වානේ සමාගම අතර ඇති කරගත් මෙම එකඟතාව සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවයි ධවල මන්දිරය සඳහන් කරන්නේ. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ජාතික ආර්ථික උපදේශක ලයිල් බ්‍රෙයිනාර්ඩ්  විදෙස් මාධ්‍ය හමුවේ කියා සිටියේ...
Read More »

Dec 22

අවතැන්ව සිටින පලස්තීනුවන් ඊශ්‍රායල අත්අඩංගුවට පත්වීම ඉහළ යයි  

0 comments

ගාසා තීරයේ බටහිර ඉවුරේ අවතැන්ව සිටින පලස්තීනුවන් ඊශ්‍රායල අත්අඩංගුවට පත්වීම ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා. පසුගිය ඔක්තෝබර් 7 වනදා සිට මෙලෙස ඊශ්‍රායල අත්අඩංගුවට පත්වන පලස්තීන කාන්තාවන් සහ ළමුන් වදහිංසනයන්ට හා විවිධ දුෂ්කරතාවන්ට ලක්වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. කෙසේ වෙතත් එලෙස අත්අඩංගුවට පත්වන පිරිස් පිළිබදව සොයා බැලීම සදහා අදාළ ස්ථානවලට පිවිසීමේ අවස්ථාව ඊශ්‍රායල හමුදාව විසින් තමන්ට ලබානොදෙන...
Read More »

Dec 21

ඊශ්‍රායලය ප්‍රහාර නතර කරන තුරු ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන බව හමාස් කියයි  

0 comments

ඊශ්‍රායලය සිය ප්‍රහාර නතර කරන තුරු ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන බව හමාස් සංවිධානය පවසනවා. ඊශ්‍රායලය විසින් එල්ල කරන ප්‍රහාරයන් සම්පුර්ණයෙන් අත්හිටවීමට එකඟවන තුරු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කරන බවයි හමාස් සංවිධානය සඳහන් කරන්නේ. කෙසේ වෙතත් සටන් විරාමය අවසන් වු පසු ඇති වු ගැටුම්වලදී හමාස් සටන්කාමීන් 2000කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්වු බව ඊශ්‍රායලය සඳහන් කරනවා. එමෙන්ම අදාළ කාලය තුළ හමාස් සංවිධානයේ රඳවා ගෙන සිටි ප්‍රාණ...
Read More »

Dec 21

චෙක් ජනරජයේ විශ්වවිද්‍යාලයක් තුළ වෙඩිතැබීමක් – 14 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

චෙක් ජනරජයේ ප්‍රාග් අගනුවර විශ්වවිද්‍යාලයක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩි තැබීමෙන් 25 දෙනෙකු තුවාල ලැබුවා. වෙඩිතැබීම සිදුකර තිබෙන්නේ වයස අවුරුදු 24ක පුද්ගලයෙක්. ඔහු ද එම අවස්ථාවේ පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්ව තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ගොඩනැගිල්ලක් තුළ දී වෙඩිතැබීම සිදුවී ඇති අතර ඇතැම් පුද්ගලයන් වෙඩි වැදීමෙන් බේරීම සඳහා ගොඩනැගිල්ලෙන් පිටතට පනින අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා...
Read More »

Dec 21

පාකිස්තානයේ විරෝධතාවක් අතරතුර 200 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි කාන්තාවන් විසින් මෙහෙයවන ලද විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළා. විරෝධතාව මෙහෙය වූ  මහරන්ග් බලෝච් ඇතුළු 200 දෙනෙකු එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලොකිස්තාන් පලාතේ ජනතාව  බලහත්කාරයෙන් අතුරුදන් කරන බව පවසමින් ඊට එරෙහිව පාකිස්ථානය පුරා සති ගණනාවක් තිස්සේ විරෝධතා පෙලපාලි පැවැත් වෙනවා. පොලිස් අත්අඩංගුවේ සිටියදී වෙඩි තබා ඝාතනය කළ බවට ඥාතීන් චෝදනා කරන බලුච්...
Read More »

Dec 21

ආර්ජන්ටිනාවේ නව රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව ජනතාව වීදි බසී  

0 comments

ආර්ජන්ටිනා නව රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව දහස් ගණන් ජනතාව වීදි බැස තිබෙනවා. නව ජනාධිපති ජේවියල් මිලෙයි වියදම් කප්පාදුවක් මුදල් අව ප්‍රමාණය කිරීමක් ඇතුලු නව ආර්ථික ප්‍රතිසංස්කරණ නිවේදනය කළා. ඒ සමඟම ඊට එරෙහිව ජනතාව වීදි බැස තිබෙනවා. එම විරෝධතා මෙහෙය වන්නේ රැකියා විරහිතයන් නියෝජනය කරන පිරිස් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මේ අතර ආර්ජන්ටිනා රජය කියා සිටියේ මහා මාර්ග අවහිර කරමින් සිටින පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා...
Read More »

Dec 20

ගුවනින් ගිය මුවන්  

0 comments

මුවන් ගුවන් ගත කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මුවන් කැළේ සිට ගුවනින් වෙනත් ස්ථානයකට ගෙන යාමට ජීව විද්‍යාඥයින් කටයුතු කර ඇත්තේ ඇමෙරිකාවේ ඌටා හි සෞඛ්‍ය පරීක්ෂණ කටයුතු සඳහායි. සෑම වසරකම සෞඛ්‍ය පරීක්ෂණ කටයුතු සඳහා ඌටා හි විද්‍යාඥයින් මුවන් 1200ක් පමණ අල්ලා ගන්නා බවයි වාර්තා වන්නේ. මෙම මුවන් නිරුපද්‍රිතව මුදා හැරීමට පෙර ජීපීඑස් තාක්ෂණික මෙවලම් සවිකිරීම ද සිදුකරනවා.       The post ගුවනින් ගිය මුවන් appeared...
Read More »

Dec 20

ඊශ්‍රායල ප්‍රහාර වලින් මිය ගිය ගණන 20,000 ඉක්මවා තිබෙනවා  

0 comments

ගාසා තීරය ඉලක්ක කර එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර වලින් මිය ගිය ගණන 20,000 ඉක්මවා තිබෙනවා. ඔක්තෝබර් 07 වනදායින් අනතුරුව මෙම සංඛ්‍යාව වාර්තා වී ඇති බවයි හමාස් සංවිධානය පවසන්නේ. The post ඊශ්‍රායල ප්‍රහාර වලින් මිය ගිය ගණන 20,000 ඉක්මවා තිබෙනවා appeared first on ITN News...
Read More »

Dec 20

ගැටුම් හේතුවෙන් සුඩානයේ සාමාන්‍ය වැසියන් ගම් බිම් අතහැර පළා යයි  

0 comments

ගැටුම් හේතුවෙන් සාමාන්‍ය වැසියන් දෙලක්ෂ පනස්දහසක පමණ පිරිසක් සුඩානයේ අල් ජසිරා ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා. සුඩාන හමුදාව හා කැරළිකාර කණ්ඩායම් අතර මීට මාස කිහිපයකට පෙරදී ගැටුම් ආරම්භ වුණා. රජයේ හමුදා වඩ් මධානි නගරය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමඟ නගරයේ ජනතාව ප්‍රදේශය හැරයාම ආරම්භ කර තිබෙනවා. සාමාන්‍ය වැසියන්ට පළා යාමට ආරක්ෂිත ප්‍රදේශයක් නොමැති අතර ඔවුන් කිසිදු අරමුණකින් තොරව ගමන් ගන්නා බවටයි විශ්ලේෂකයින්...
Read More »

Dec 19

8 හැවිරිදි දැරිය ගත් සිය සුරතලාගේ ඡායාරූපය හොඳම සේයා රුව වෙයි  

0 comments

එංගලන්තයේ සහ වේල්සයේ ක්‍රියාත්මක වන සත්ව සුබසාධනය සඳහා වන වාර්ෂික රාජකීය සම්මාන උලෙළේදී හොඳම තරුණ ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය දිනා ගැනීමට අවුරුදු 8ක දැරියක් සමත් වූ බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ඇයට මේ සම්මානය හිමි වූයේ ඇගේ සුරතල් කළුකුමාගේ සමීප ඡායාරූපයක්. වේල්සයේදී පසුගියදා පැවැති එම සම්මාන උලෙළේ තරුණ ඡායාරූප ශිල්පියාගේ සම්මානය සඳහා තරගකරුවන් 6,000කට වඩා ඉදිරිපත් වී සිටි බව එරට මාධ්‍ය වාර්තා කරනවා. දශක තුනක ඉතිහාසයකට හිමිකම්...
Read More »

Dec 19

ට්‍රම්ප්ට තහනම් වුණු දේ  

0 comments

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවමින් තීන්දුවක් ලබා දී තිබෙනවා ඒ, එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ සංශෝධනයේ 3 වැනි වගන්තිය අනුව ජනාධිපති අපේක්ෂකයකු නුසුදුස්සකු කිරීමට යොදාගත් පළමු අවස්ථාව ලෙසද මෙය සැලකෙනවා 2021 වසරේ දී අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ කෝලාහලයේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා...
Read More »

Dec 19

අමතර සෙබලුන් ලක්ෂ 05ක් අවශ්‍ය බව යුක්‍රේනය කියයි  

0 comments

ඉදිරි යුද මෙහෙයුම් කටයුතු සඳහා තවත් අමතර සෙබලුන් ලක්ෂ 05 ක පමණ පිරිසක් අවශ්‍ය බව යුක්‍රේනය ජනාධිපතිවරයා සඳහන් කරනවා. රුසියාව යුක්‍රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කර මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක් ගතව ඇති අතර ඉදිරි මෙහෙයුම් කටයුතුවලට අමතර සෙබලුන් බදවා ගැනීම අනිවාර්ය කාරණයක් වන බව යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි පවසනවා. ශීත සෘතු සමයේදී රුසියා ප්‍රහාරයන් මැඩ පැවැත්වීමට මෙලෙස ප්‍රබල බලකායක අවශ්‍යතාව මතුව ඇති බවඔහු තවදුරටත් පෙන්වා...
Read More »

Dec 19

අමෙරිකාවේ ලක්ෂ දෙකක පමණ පිරිසකට විදුලි බලය ඇණහිටියි  

0 comments

අයහපත් කාලගුණයෙන් අමෙරිකාවේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඊසාන දිග අමෙරිකාවේ ලක්ෂ දෙකක පමණ පිරිසකට විදුලි බලය නොමැති බවයි වාර්තා වන්නේ. අධික සුළං හා වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ද හටගෙන තිබෙනවා. ගස් කඩා වැටීමත් සමග විදුලි බලය ඇණහිට ඇති අතර ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. එමෙන්ම හිම පතනයෙන් ද මැසචුසෙට්ස් හා නිව් හැම්ෂයර් යන ප්‍රදේශයන්ට බලපෑම් එල්ල වී තිබෙනවා. ප්‍රාන්ත 11කට පමණ සුළු...
Read More »

Dec 19

දකුණු දිග චීනයට ශීත කාලගුණයෙන් දැඩි බලපෑම්  

0 comments

දකුණු දිග චීනයට ශීත කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. දකුණු දිග චීනයේ ගුවැන්ඩොන්ග් ප්‍රාන්තයට වාර්තා ගත හිම පතනයක් ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. එල් නිනෝ තත්ත්වය හේතුවෙන් මෙවර ශීත සෘතුව උෂ්ණත්වය වැඩි ශීත සෘතුවක් වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පළ කළා. කෙසේ වුවද මේ වන විට චීනයේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ට වඩා අඩු අගයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම චීනයේ උතුරු ප්‍රදේශයේ උෂ්ණත්වය සෘණ අගයන් ගෙන...
Read More »

Dec 18

උදව් ඉල්ලා ලියූ සටහන  

0 comments

ඊශ්‍රායල හමුදා වෙඩි තබා ඝාතනය කළ ප්‍රාණ ඇපකරුවන් ඉතිරි වූ ආහාර සංඥා ලෙස භාවිත කරමින් උදව් ඉල්ලා ලියූ සටහනක් හමුව තිබෙනවා. පසුගිය සිකුරාදා ගාසා තීරයේදී ඊශ්‍රායල හමුදා අත් වැරදීමකින් ඝාතනය කළ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකුයි ඉතිරි වූ ආහාර භාවිත කරමින් මෙම උදව් ඉල්ලා සිටින සංඥා සටහන තබා ඇත්තේ. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කරන්නේ මෙම පුද්ගලයින් ඔවුන්ට වෙඩි තැබූ ස්ථානයට යාබද ගොඩනැගිල්ලේ දිගු කලක සිට රැඳී සිට ඇති බවයි. සුදු කොඩියක්...
Read More »

Dec 17

ලිබියාවේ මුහුදු තීරයේ යාත්‍රාවක් ගිලෙයි  

0 comments

ලිබියාවේ වෙරළ තීරයට ඔබ්බෙන් සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් මධ්‍යධරණී මුහුදේදී අනතුරට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අනතුරින් කාන්තාවන් සහ දරුවන් ඇතුළුව 61 දෙනකු මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්වී ඇති බවයි සඳහන් වන්නේ. සංක්‍රමණ සඳහා වන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ එම යාත්‍රාව ලිබියාවේ ට්‍රිපෝලි නුවරට බටහිරින් සහ ටියුනීසියානු දේශසීමාවේ සිට කිලෝමීටර් 60ක් දුරින් පිහිටි වෙරළබඩ නගරයක් වන සුවාරා වෙතින්...
Read More »

Dec 17

ජබාලියා සරණාගත කඳවුරට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් 90 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ජබාලියා සරණාගත කඳවුරට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් 90 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊශ්‍රායලය ගාසා තීරයේ රෝහල්වලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ජබාලියා සහ නුසෙයිරාට් සරණාගත කඳවුරුවලට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිත හානි රැසක් වාර්තා වුණා. දකුණු ගාසා හි රෆා දේශ සිමා ආසන්නයේ කුසගින්නෙන් පෙළෙන පලස්තීනුවන් ජලය හා ආහාර ලබා ගැනීම සඳහා ආධාර ට්‍රක් රථ කොල්ල කන බවටද හෙළිව තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායලය...
Read More »

Dec 17

ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්ජසීරා මාධ්‍යවේදියෙකු ජීවිතක්ෂයට  

0 comments

ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්ජසීරා මාධ්‍යවේදියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අල්ජසීරා මාධ්‍ය ජාලයේ කැමරා ශිල්පියෙකු ලෙස කටයුතු කළ සේමර් අබුඩාකා මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ වුවද ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ චෝදනා ගොනුකරන බවයි අල්ජසීරා මාධ්‍ය ජාලය සදහන් කරන්නේ. ඊශ්‍රායලයේ දැඩි බෝම්බ ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා සිටි කැමරා ශිල්පියා වෙතට සෞඛය අංශවලට ළගා වීමට නොහැකි වු බව ද එම මාධ්‍ය...
Read More »

Dec 16

ඊශ්‍රායල ආරක්ෂක අංශ අතින් ඝාතනයවූ ප්‍රාණ ඇපකරුවන් අත සුදු රෙදි කැබලි තිබූ බව අනාවරණය වෙයි  

0 comments

ගාසා තීරයේ රඳවා සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු ඊශ්‍රායල ආරක්ෂක අංශ අතින් ඝාතනයට ලක්වන මොහොතේ ඔවුන් අත සුදු රෙදි කැබලි තිබු බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. ඊශ්‍රායල හමුදාව පවසන්නේ ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු වැරදි ලෙස හඳුනා ගැනීමෙන් පසු අත් වැරදීමකින් ඝාතනය වූ බවයි. 28 හැවිරිදි යොතැම් හයිම්, 22 හැවිරිදි සේමර් ටලල්කා හා 26 හැවිරිදි ඇලන් ශම්‍රිස් මෙලෙස ඝාතනය වුණා. ගාසා හි උතුරේ ෂෙජායියා හි ක්‍රියාත්මක වූ හමුදා විසින්...
Read More »

Dec 16

ගූගල් භාවිතා කර පරිශීලකයින් වැඩිපුරම සෙවූ පුවත් ලැයිස්තුව  

0 comments

ගූගල් සමාගම විසින් සෑම වසරකම අවසානයේ පරිශීලකයින් වැඩිපුරම සෙවූ පුවත් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරනු ලබනවා. ඒ අනුව 2023 වසරේ වැඩිපුරම සෙවූ පුවත් ලැයිස්තුව ගූගල් සමාගම විසින් මේවන විට නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන ආකාරයට ගූගල් හී මෙම වසරේ වැඩිම සෙවුම් වාරයක් හිමි පුවත වන්නේ ඊශ්‍රායලය හා ගාසා තීරය අතර ගැටුම පිළිබඳවයි. එහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ටයිටැනික් සබ්මැරීන් සම්බන්ධ පුවත වේ. පහතින් දැක්වෙන්නේ එම ප්‍රකාශයට පත් කරන ලද පුවත්...
Read More »

Dec 16

කුවේට් රාජ්‍යයේ නායකයා මිය යයි  

0 comments

කුවේට් රාජ්‍යයේ එමීර්වරයා වූ ෂෙයික් නවාෆ් අල් අහමඩ් අල්-සබා මියගොස් තිබෙනවා. නවාෆ් අල් අහමඩ් අල්-ජාබර් අල් සබා මියයන විට 86 වන වියේ පසුවූ බවද රාජ්‍ය රූපවාහිනිය සදහන් කරයි. නවාෆ් අල් අහමඩ් 2006 දී ඔටුන්න හිමි කුමරු ලෙස නම් කරන ලද අතර 2020 දී එමීර්වරයා ලෙස වැඩ භාර ගනු ලැබුවා.   The post කුවේට් රාජ්‍යයේ නායකයා මිය යයි appeared first on ITN News...
Read More »

Dec 16

නොපෙනී යන ඕස්ට්‍රේලියාවේ කොරල් දූපත්  

0 comments

ඕස්ට්‍රේලියාවේ කොරල්පර දූපත් අතුරුදන් වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ මුහුදු සීමාව තුළ පිහිටි කොරල් දූපත් විශාල ප්‍රමාණයක් අතුරුදහන් වීමේ අවදානමක් පවතින බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. මුහුදු මට්ටම ඉහළ යාම ඇතුළු විවිධ හේතූන් ඒවායේ පැවැත්මට තර්ජනයක් වී තිබෙනවා. ඒවා අතුරුදහන් වීම රටේ මුහුදු සීමාවට බලපෑම් ඇති කළ හැකි බව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා. මෙම දූපත් 56 ක් තාප තරංගවලට ද ගොදුරු විය හැකි ආකාරය සහ ගංවතුරට ගොදුරු වීම...
Read More »

Dec 16

ටෙල් අවීව් හි විරෝධතා ඇරඹෙයි  

0 comments

අත්වැරදීමකින් ඊශ්‍රායලය ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් පිරිසක් ඝාතනය කිරීමෙන් පසු ටෙල් අවීව් හි විරෝධතා ආරම්භ වී තිබෙනවා. ගාසාතීරයේ සිට ප්‍රාණ ඇපකරුවන් ගෙන්වා ගැනීම සදහා ඊශ්‍රායල රජය වැඩි උනන්දුවකින් ක්‍රියා කළ යුතු බවට විරෝධතාකරුවන් ප්‍රකාශ කරනවා. ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේදී ප්‍රාණ ඇපකරුවන් 3 දෙනෙකු ඝාතනය කළා. එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මෙම ඝාතන හැදින්වූයේ ඉවසිය නොහැකි ඛේදවාචකයක් ලෙසටයි.       The post ටෙල්...
Read More »

Dec 15

අත්වැරදීමකින් ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු ඝාතනය වූ බව ඊශ්‍රායලය පවසයි  

0 comments

අත්වැරදීමකින් ගාසා තීරයේ රඳවා සිටි ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු ඝාතනය වූ බව ඊශ්‍රායලය පවසනවා. ඊශ්‍රායල හමුදාව පවසන්නේ ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු වැරදි ලෙස හඳුනා ගැනීමෙන් පසු අත් වැරදීමකින් ඝාතනය වූ බවයි. 28 හැවිරිදි යොතැම් හයිම්, 22 හැවිරිදි සේමර් ටලල්කා හා 26 හැවිරිදි ඇලන් ශම්‍රිස් මෙලෙස ඝාතනය වුණා. ගාසා හි උතුරේ ෂෙජායියා හි ක්‍රියාත්මක වූ හමුදා විසින් මෙම තිදෙනාට වෙඩි තැබූ බව සඳහන්. ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ...
Read More »

Dec 15

අර්ධ ස්වයංක්‍රීය අවි සම්බන්ධයෙන් ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව  

0 comments

අර්ධ ස්වයංක්‍රීය අවි තහනම ක්‍රියාත්මක කිරීමට ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා. අධි බලැති අර්ධ ස්වයංක්‍රීය අවි තහනම් කිරීමට ඉතාලිය තීරණය කළා. ඊට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සමක තීන්දුවක් ලබා දෙමින් ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ එම අවි තහනමට අවසර ලබා දීමටයි. මෙම අවි නිෂ්පාදනය, අලෙවිය, බෙදා හැරීම, ආනයනය හෝ මිලදී ගැනීම තහනම් කර තිබුණා. මේ අනුව අර්ධ ස්වයංක්‍රීය අවියක බලය වැඩි කිරීම සදහා භාවිත කරන සියලුම කට්ටල හෝ මෙවලම් ද තහනමට...
Read More »

Dec 14

යුරෝපය තුළ ත්‍රස්ත සැලසුම් සිදුකළ හමාස් සාමාජිකයින් හතර දෙනෙකු අත්අඩංගුවට  

0 comments

යුරෝපය තුළ ත්‍රස්ත සැලසුම් සිදුකළ බවට චෝදනා කරමින් හමාස් සාමාජිකයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. යුරෝපයේ යුදෙව් ආයතනයකට ප්‍රහාර සැලසුම් කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 3න් දෙනෙකු ජර්මනියේ දීත් එක් අයෙකු නෙදර්ලනත්යේ දීත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇමෙරිකාව , යුරෝපා සංගමය සහ බටහිර රටවල් හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම්කර තිබෙනවා. ඒ අනුව ජර්මනියේ දී අත්අඩංගුවට ගත් හමාස් සාමාජිකයන් 3න් දෙනාගෙන් දෙදෙනෙකු ලෙබනන් ජාතිකයන්. අනෙක්...
Read More »

Dec 14

ජපානයේ රෝලර් කෝස්ටරයක් හදිසියේ නතර වෙයි  

0 comments

ජපානයේ රෝලර් කොස්ටරයක් හදිසියේ නතර වීමෙන් එහි ගමන් කළ පුද්ගලයන් උඩුයටිකුරුව එල්ලෙමින් තිබියදී මුදාගෙන තිබෙනවා. ජපානයේ ඔසාකා හි යුනිවර්සල් ස්ටුඩියෝ හි පියාසර ඩයිනෝසර සවාරිය ඉහළ අහසේදී හදිසියේ නතර වන විට එහි 30 දෙනෙකු පමණ ගමන් කරමින් සිටියා. අඩි 150ක් ඉහළ අහසට වේගයෙන් ළඟා වී කැරකෙන මෙම විනෝදාස්වාදය සපයන සවාරිය සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රියයි. රෝලර් කොස්ටරය නතර වී ඇත්තේ එහි ඉහළම ස්ථානයේදීයි. කිසිවෙකුටත් තුවාල සිදු නොවී ආරක්ෂිතව...
Read More »

Dec 14

වෙනිසියුලාවේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් 16ක් මරුට  

0 comments

වෙනිසියුලාවේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. අධික වේගයෙන් පැමිණි ට්‍රක් රථයක් මෝටර් රථ කිහිපයක ගැටී ඇති අතර ඉන් වාහන 17කට හානි සිදුව තිබෙන බවයි පැවසෙන්නේ එමෙන්ම තවත් හය දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවද වාර්තා වනවා අනතුර සිදුවූ ස්ථානයේ ගිනි ගැනීම් හට ගෙන තිබෙනවා. The post වෙනිසියුලාවේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් 16ක් මරුට appeared first on ITN News...
Read More »

Dec 14

ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 10 දෙනෙකු මරුට  

0 comments

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ජබාලියා හි රෆා දේශසීමා ආසන්නයේදී පලස්තීනුවන් 10 දෙනෙකු මියගොස් තිබෙනවා. ජගත් සංවිධානය පවසන්නේ තම භාරයේ සිටි පලස්තීනුවන් 288 දෙනෙකු ඊශ්‍රායලය ඝාතනය කර ඇති බවයි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 135 දෙනෙකු ද ඝාතනය වී තිබෙනවා. ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 18,608ක් මිය ගොස් තිබෙනවා. එමෙන්ම ඊශ්‍රායල ජාතිකයන් 1,147 දෙනෙකු පලස්තීන ප්‍රහාර වලින් මිය ගියා. මේ අතර අධික වර්ෂාව...
Read More »

Dec 13

යුද්ධය දිගටම කරගෙන යන බව ඊශ්‍රායලය පවසයි  

0 comments

ජාත්‍යන්තරයේ සහයෝගය ඇතිව හෝ නැතිව ගාසා යුද්ධය දිගටම කරගෙන යන බව ඊශ්‍රායලය පවසනවා. ජාත්‍යන්තර බලපෑම් නොතකා යුද්ධයෙන් අවසන් ජයග්‍රහණය  ලැබෙන තෙක් අඛණ්ඩව සටන් කිරීම තම අරමුණ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. සටන් විරාමයකට එළඹීම හමාස් සංවිධානයට ලබා දෙන ත්‍යාගයක් සේ තමන් සළකන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. එබැවින් කිසිවිටෙක සටන් විරාමයක් ක්‍රියාත්මක නොවනු ඇති බව ඔහු පවසනවා. මේ අතර ගාසා තීරයේ සටන් විරාමයක්...
Read More »

Dec 13

ත්‍රස්ත ප්‍රහාරයකින් පාකිස්තාන හමුදාවේ 23 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

පාකිස්තානයේ යුද හමුදා කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකින් සෙබළුන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. බෝම්බ සවි කළ මෝටර් රථයක් ඇෆ්ගනිස්තාන දේශසිමා ආසන්නයේ පිහිටා ඇති කඳවුර වෙත ධාවනය කර එය පුපුරුවා හැරීම හරහායි මෙම ප්‍රහාරය සිදුකර ඇත්තේ. ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද සදහන්. ප්‍රහාරයේ වගකීම පාකිස්තාන තලෙයිබාන් සංවිධානය භාරගෙන තිබෙනවා. මෝටර් රථය පුපුරුවා හැරීමත් සමග කදවුර වෙත ත්‍රස්තවාදීන් ඇතුලු වීමට උත්සහ කළ ද එය සාර්ථක...
Read More »

Dec 12

ජෝ බයිඩ්න් ඊශ්‍රායලයට අනතුරු අඟවයි  

0 comments

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන දරුණු බෝම්බ ප්‍රහාර හේතුවෙන් ජාත්‍යන්තරයේ සහයෝගය එරටට අහිමි වන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා. ඊශ්‍රායල යුධ ටැංකි ගාසා තීරයේ දකුණු දිග නගරයක් වන ඛාන් යුනිස් වෙත තවදුරටත් ගමන් කරමින් තිබෙනවා. නගර මධ්‍යයෙන් පළා යන ලෙසයි වැසියන්ට අනතුරු අගවා ඇත්තේ. නගරයේ රෝහල් අධ්‍යක්ෂවරයෙක් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ තුවාලකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ තම කටයුතු සාර්ථකව කිරීමට කාර්ය මණ්ඩලය වෙහෙසෙන...
Read More »

Dec 12

පොප් ගායිකා Zahara ජීවිතක්ෂයට  

0 comments

දකුණු අප්‍රිකාවේ ජනප්‍රිය සංගීත ශිල්පිනී Zahara ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ඇය මිය යනවිට 35 හැවිරිදි වියේ පසුවූ බවයි සඳහන් වන්නේ සම්මානලාභී දකුණු අප්‍රිකානු ඇෆ්‍රෝ-පොප් ගායිකා Bulelwa Mkutukana, Zahara ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටි බව එරට සංස්කෘතික අමාත්‍යවරයා නිවේදනය කර තිබෙනවා මෙම ශිල්පිනිය 2011 දී අප්‍රිකාව පුරා ආදරය කරන ලද Loliwe ඇල්බමය සමග කීර්තියක් දිනා ගත් බවද විදෙස් මාධ්‍ය පවසනවා ඇල්බම් පහක් නිකුත්...
Read More »

Dec 11

ඇමෙරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයට බලපෑ ටොනෙඩෝ තත්ත්වයකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඇමෙරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයට බලපෑ සුළි කුණාටු හා ටොනෙඩෝ තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. සුළි කුණාටු හා ටොනෙඩෝ තත්ත්වය හේතුවෙන් ටෙනසි ප්‍රාන්තයේ නගර රැසකට දැඩි හානි සිදුව තිබෙනවා. නිවාස, ව්‍යාපාරික ස්ථාන හා මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම්වලට ද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ 60 දෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඒ අතරින් 9 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද  සදහන්. හතලිස් දහසක පමණ පිරිසකට විදුලිබලය...
Read More »

Dec 11

ඊශ්‍රායලය උතුරු ගාසා තීරයට පහර දෙමින් ඛාන් යුනිස් ප්‍රදේශයට ගමන් කරයි  

0 comments

ඊශ්‍රායලය උතුරු ගාසා තීරයට පහර දෙමින් සිය යුධ ටැංකි ඛාන් යුනිස් ප්‍රදේශය වෙත ගමන් කරවීම ආරම්භ කර තිබෙනවා. ඊශ්‍රායල යුද ටැංකි ගාසා තීරයේ දකුණු දිග නගරයක් වන ඛාන් යුනිස් වෙත තවදුරටත් ගමන් කරමින් සිටින අතර ඊශ්‍රායලය සිවිල් වැසියන්ට නගර මධ්‍යයෙන් පලා යන ලෙස නියෝග කර තිබෙනවා. නගරයේ රෝහල් අධ්‍යක්ෂවරයෙක් පවසන්නේ තුවාලකරුවන්ගේ සංඛ්‍යාව සමඟ සාර්ථකව කටයුතු කිරීමට කාර්ය මණ්ඩලය වෙහෙසෙන බවත් වෛද්‍ය සැපයුම්, ආහාර, ජලය සහ ඉන්ධන සංචිත අඩුවෙමින්...
Read More »

Dec 11

හමාස් සංවිධානයෙන් තර්ජනාත්මක ඉල්ලීමක්  

0 comments

සිරකරුවන් හුවමාරුවක් සඳහා වන තම ඉල්ලීම ඉටු නොකල හොත් එකදු ප්‍රාණ ඇපකරුවකුටවත් ගාසාතීරයෙන් පණ පිටින් පිටව යාමට ඉඩ නොතබන බවට හමාස් සංවිධානය පවසා තිබෙනවා. කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ හමාස් සටන්කාමීන් දුසින් ගනනක් යටත් වී ඇති බවයි. මෙය අවසානයේ ආරම්භය බව ද ඔහු පවසා තිබෙනවා.ඊශ්‍රායලය හා හමාස් අතර මැදිහත්කරුවන කටාර් රාජ්‍යය පවසන්නේ දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් ඇති වීමේ අවස්ථා අවම බවයි. ගාසා තීරයේ ඛාන් යුනිස්...
Read More »

Dec 10

ආර්ජන්ටිනාවේ ආර්ථිකය හැකි ඉක්මනින් ගොඩනංවන බව නව ජනාධිපති පවසයි  

0 comments

ආර්ජන්ටිනා නව ජනාධිපති ජාවියර් මිලෙයි තම රටේ ආර්ථිකය හැකි ඉක්මනින් ගොඩනංවන බව පවසනවා. ආර්ජන්ටිනාවේ නව අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජාවියර් නිල වශයෙන් බලයට පත්වීමෙන් පසු සිය පළමු කතාවේදී ආර්ථිකය ගොඩනංවන  බවට පොරොන්දු වී තිබෙනවා. දැඩි කප්පාදු රැසක් ක්‍රියාත්මක කරමින් මෙම වැඩපිළිවෙලකට කැප වන බව ඔහු පවසනවා. පසුගිය නොවැම්බරයේ මැතිවරණය ජයග්‍රහණය කරමින් ඔහු බලයට පත් වුණා. ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය බුවනෝස් අයර්ස් හිදී පැවැත්වුණා....
Read More »

Dec 10

පසුගිය පැය 24 තුළ ඊශ්‍රයාල ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 300 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

පසුගිය පැය 24 තුළ දී පමණක් ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 300 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඊයේ දිනයේ දී ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා දැවැන්ත මෙහෙයුම් දියත් කළා. පාබල මෙහෙයුම් සාර්ථක කර ගැනීම සදහා ගුවන් ප්‍රහාර රැසක් එල්ල කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කරන්නේ. පසුගිය ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායල හා හමාස් සංවිධානය අතර ආරම්භ වු ගැටුම්වලට මේ වන විට මාස දෙකකට අධික කාලයක් ගත වී...
Read More »

Dec 10

මෝදි ජනප්‍රියම ලෝක නායකයා වෙයි  

0 comments

ලොව ජනප්‍රියම රාජ්‍ය නායකයා බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නැවත වරක් තේරී පත්වෙලා. ඇමෙරිකා මෝනින් කන්සල්ට් සමාගම සිදුකළ සමීක්ෂණයකිනුයි මේ බව හෙළිව ඇත්තේ. එම සමීක්ෂණයට අනුව ඔහුට කැමැත්ත පළකළ ප්‍රතිශතය සියයට 76ක් ලෙසයි සටහන් වන්නේ. පසුගිය සතියේ දී ඉන්දියාවේ පැවැත්වු ප්‍රාන්ත මැතිවරණයකින්ද භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයග්‍රහනයක් හිමිකරගත් අතර ඊට සාපේක්ෂව ජාත්‍යන්තරය ද නරේන්ද්‍ර මෝදිට සහාය පළකරන බවයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා...
Read More »

Dec 08

සටන් විරාමයක් සඳහා වන ජාත්‍යන්තර ඉල්ලීම්වලට ඇමෙරිකාවේ විරෝධය  

0 comments

ගාසා තීරයේ සටන් විරාමය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඇමෙරිකාව නිෂේධ බලය භාවිත කළා. වහාම මානුෂීය සටන් විරාමයක් ගාසා තීරයේ ඇති කළ යුතු බවට ඉල්ලා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉදිරිපත් කළ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාව ඇමෙරිකාව අවහිර කර තිබෙනවා. කවුන්සිලයේ සාමාජිකයන් 15 දෙනාගෙන් 13 දෙනෙකු පක්ෂව ඡන්දය ලබා දුන්නා. බ්‍රිතාන්‍යය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියා. ඇමෙරිකාව සටන් විරාමයක් සදහා...
Read More »

Dec 08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද රැස්වෙයි  

0 comments

ගාසා තීරයට වහාම සටන් විරාමයක් ඉල්ලා සිටිය යුතු ද නැද්ද යන්න පිළිබඳව ඡන්දයක් ප්‍රකාශ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද රැස්වීමට නියමිතයි. මේ සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කෙටුම්පත් යෝජනාවක් සකස් කර තිබෙනවා. එය අද දිනයේ දී ඡන්ද විමසීම සදහා යොමුකිරීමට නියමිත බව වාර්තා වනවා. ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාමට තර්ජනයක් විය හැකි ඕනෑම කරුණක් ආරක්ෂක මණ්ඩලයේ අවධානයට යොමු කිරීමට ජගත් මහලේකම්වරයාට ඉඩ සැලසෙනවා. පසුගිය බදාදා...
Read More »

Dec 07

ගාසා හි ජනගහනයෙන් 80%ක්ම අවතැන් – ජගත් සංවිධානය  

0 comments

ගාසා තීරයේ දරුණු සටන්වලින් බේරීම සඳහා දහස් ගණන් ජනතාව දේශසීමා ආසන්නයේ පිහිටි රෆා නගරයට පැමිණෙමින් සිටිනවා. එහෙත් රෆා හි ඔවුන්ට කිසිඳු පහසුකමක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සටන්වලින් බේරීම සදහා රෆා නගරයට දස දහස් සංඛ්‍යාවක් පැමිණිය ද එම නගරයෙහි ආහාර හෝ විදුලිය නොමැති අතර උග්‍ර ජල හියක් ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දහස් ගණනකට නවාතැන් සෙවීම මෙන්ම ළමයින්ට පාසල් නොමැති වීම ද ගැටලුවක් බවයි ජගත් සංවි‍ධානය පවසන්නේ....
Read More »

Dec 07

හන්ටර් බයිඩන්ට එරෙහි දෙවන අපරාධ නඩුව ගොනුකරයි  

0 comments

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩන්ට එරෙහි දෙවන අපරාධ නඩුවද ගොනුකර තිබෙනවා. ඔහුට එල්ලවී ඇත්තේ බදු චෝදනායි. 2016 සිට 2019 දක්වා ෆෙඩරල් බදු වලින් අවම වශයෙන් ඩොලර් මිලියන 1.4ක් ගෙවීම් පැහැර හැරීමට ඔහු සැලසුම් කළ බව චෝදනාවල සදහන්. චෝදනා 9ක් ඔහුට එල්ලවී ඇති අතර බදු ගොනු කිරීම සහ ගෙවීම පැහැර හැරීම ව්‍යාජ බදු වාර්තා හා වරිපණම් ගෙවීම් මහහැරීම ද ඇතුළත් වනවා. හන්ටර් බයිඩන්ට සැප්තැම්බර් මාසයේදී ද නඩුවක් ගොනු කෙරුණා....
Read More »

Dec 07

රුසියාවේ ජනාධිපතිවරණයට දින නියම කෙරේ  

0 comments

රුසියාවේ ජනාධිපතිවරණය ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඒ අනුව ලබන වසරේ මාර්තු 17 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි කෙසේ වෙතත් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නව වසර හයක ජනාධිපති ධූර කාලයක් සඳහා ඉදිරිපත් වන්නේ ද යන්න නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ රුසියාවේ මිලියන 110 කට පමණ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇති නමුත් සාමාන්‍යයෙන් මිලියන 70 – 80 ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කරන බව සඳහන් The post රුසියාවේ...
Read More »

Dec 07

අමරිකාව ඔස්ප්‍රේ හෙලිකොප්ටර් යානා භාවිතය තාවකාලිකව නවතයි  

0 comments

ජපානයේදී සිදු වූ මාරාන්තික අනතුරෙන් පසු අමරිකාව ඔස්ප්‍රේ හෙලිකොප්ටර් යානා භාවිතය තාවකාලිකව නවතා දමා තිබෙනවා. කාර්ය මණ්ඩල සාමාජිකයින් අට දෙනෙකුට මරු කැඳවමින් පසුගිය සතියේ ජපාන වෙරළට ඔබ්බෙන් සිදු වූ ඔස්ප්‍රේ හෙලිකොප්ටර් අනතුරට හේතුව කාර්මික දෝෂයක් බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ඇමරිකාව තම ඔස්ප්‍රේ බල ඇණිය මුලුගන්වා තිබෙනවා. මේ අතර ඇමරිකා ගුවන් හා නාවික හමුදා නිලධාරීන් පැවසුවේ පරීක්ෂණ දිගටම කරගෙන යන අතර අවදානම අවම කිරීම සඳහා මෙම...
Read More »

Dec 06

ගාසා තීරය කිසිදා යථා තත්ත්වයට පත් නොවන බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසයි  

0 comments

යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරය කිසිදා යථා තත්ත්වයට පත් නොවන බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසනවා. ගාසා තීරයේ මානුෂීය පද්ධතිය බිඳ වැටිය හැකි බවට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරස් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවලට සෘජුවම අනතුරු අඟවා තිබෙනවා. මෙම මානුෂීය ව්‍යසනය වැළැක්වීමට පියවර ගන්නැයි සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටීමට ඔහු කටයුතු කර තිබෙනවා. ඒ දශක ගණනාවක් තිස්සේ භාවිත නොකළ ලිපි මගින් දැන්වීමේ ක්‍රමවේදය භාවිත කරමින්. ඔහු වැඩිදුරටත්...
Read More »

Dec 06

අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

අමෙරිකාවේ නෙවාඩා විශ්වවිද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් අයෙකු තුවාල ලබා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බවයි දැක්වෙන්නේ. මෙම සාහසික වෙඩිතැබීම සිදු කළ සැකකරු ද ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා වෙඩිතැබීම් හේතුවෙන් අදාළ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. The post අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සිදුවූ...
Read More »

Dec 06

ටෙස්ලා සමාගමේ නවතම නිෂ්පාදනය සයිබර් ට්‍රක් රථය  

0 comments

ටෙස්ලා සමාගම විසින් නිර්මාණය කළ නවතම නිෂ්පාදනය වන සයිබර් ට්‍රක් රථය පළමු ගනුදෙනුකරුවන් දහස සඳහා පිරිනමා තිබෙනවා. මෙම සයිබර් ට්‍රක් රථයක් අමෙරිකානු ඩොලර් 60,990ක් වන අතර එය Elon Musk 2019 වසරේ දී සයිබර් ට්‍රක් රථයක් සඳහා නම් කළ මිලට වඩා 50%ක වැඩි වීමක් බවයි වාර්තා වන්නේ. එක් වරක් සිදු කරන බැටරි ආරෝපණයකින් පසුව මෙම රථයට කිලෝ මීටර් 547ක් ගමන් කළ හැකි බවයි, එම සමාගම පෙන්වා දෙන්නේ. Elon Musk වැඩිදුරටත් සඳහන් කර සිටියේ, 2025 වන විට...
Read More »

Dec 06

ට්‍රම්ප් ජනපති සටනට ඉදිරිපත් නොවන්නේ නම් තමාද තරඟ නොවදින බව ජෝ බයිඩ්න් කියයි  

0 comments

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් තමා ද ජනාධිපතිවරණයට තරග නොවදින බව ජෝ බයිඩ්න් සදහන් කරනවා. 2024 ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැළියකට එක්වෙමිනුයි ජනාධිපති ජෝ බයිඩ්න් මේ බව සදහන් කළේ. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යළිත් වරක් ජයග්‍රහණය කිරීමට කිසිදු ලෙසකින් ඉඩ ලබාදිය නොහැකි බැවින් ඔහු තරග වදින්නේ නම් පමණක් තමා ජනාධිපතිවරණයට නැවත වරක් ඉදිරිපත් වන බව ජෝ බයිඩ්න් පවසනවා. මේ වන විට වයස අවුරුදු 81 ක්...
Read More »

Dec 05

නයිජීරියානු හමුදා ඩ්‍රෝන ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 85 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

නයිජීරියා රජයේ හමුදා අත්වැරදීමකින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නයිජීරියා රජයේ හමුදාවට එරෙහි කැරළි කරුවන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින් මෙලෙස සාමාන්‍ය වැසියන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි නයිජීරියා ආරක්ෂක අංශ සදහන් කරන්නේ. ආගමික උත්සවයකට රැස්ව සිටි සාමාන්‍ය වැසියන් පිරිසකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. කෙසේ වුවද මෙම සිද්ධිය නයිජීරියා හමුදාව සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීමේ තවත්...
Read More »

Dec 05

ඉන්දුනීසියාවේ මරාපි ගිනි කන්ද පිපිරීමෙන් මිය ගිය ගණන ඉහළට  

0 comments

ඉන්දුනීසියාවේ මරාපි ගිනිකන්දේ අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගලවා ගැනීමේ කණ්ඩායම් තවත් 09 දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමත් සමගයි මෙම සංඛ්‍යාව ඉහළ ගියේ. පෙරේදා දිනයේදී ගිනිකන්ද පුපුරා යාමත් සමග ඒ අසල රැදී සිටි කදු නගින්නන් පිරිසක් අනතුරට පත් වුණා. ඔවුන් අතරින් බොහෝ පිරිසක් බේරාගැනීමට හැකිව තිබෙනවා. සිද්ධිය වන අවස්ථාවේ 75 කට වැඩි පිරිසක් එම ප්‍රදේශයේ රැදී සිටියා. ඉන්දුනීසියාවේ සක්‍රීඩ ගිනි කදු 127 ක් පවතින අතර ...
Read More »

Dec 05

තායිලන්තයේ බස් රථයක් ගසක ගැටී 14ක් මරුට  

0 comments

තායිලන්තයේ බටහිර ප්‍රාන්තයේ Prachuap Khiri Khan හිදී සිදුවූ බස් රථ අනතුරකින් 14 දෙනෙක් මිය ගොස් 20කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා මෙම බස් රථය වේගය පාලනය කර ගත නොහැකිව ගසක හැපී ඇති බවයි පැවසෙන්නේ තුවාල වූ සියලුම දෙනා රෝහල් වෙත යොමු කර ඇති බවද සඳහන් The post තායිලන්තයේ බස් රථයක් ගසක ගැටී 14ක් මරුට appeared first on ITN News...
Read More »

Dec 05

රුසියාවේ හමුදා නිලධාරියෙකු යුක්රේනයේ දී මිය යයි  

0 comments

රුසියාවේ 14 වන හමුදා බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් Vladimir Zavadsky යුක්රේනයේ දී මිය ගොස් තිබෙනවා. යුක්‍රේනයේ සිදු කළ විශේෂ හමුදා මෙහෙයුමකදී ඔහු මෙලෙස මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් රුසියාව සහ යුක්‍රේනය අතර ගැටුමේදී රුසියාව විසින් මරණය තහවුරු කරන ලද හත්වන මේජර් ජෙනරාල්වරයා මොහු බවට සඳහන්. The post රුසියාවේ හමුදා නිලධාරියෙකු යුක්රේනයේ දී මිය යයි appeared first on ITN News...
Read More »

Dec 04

පසුගිය පැය 24 තුළ ඊශ්‍රයාල ප්‍රහාරවලින් පලස්තීන වැසියන් දහසකට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට  

0 comments

පසුගිය පැය 24 තුලදී පමණක් ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ගාසා තීරයේ පලස්තීන වැසියන් දහසකට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමය පසුගිය සිකුරාදා නිමාවට පත්වුණා. ඒ සමගම ඊශ්‍රායලය ගාසා තිරය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරයන් දැඩි කිරීමටයි පියවර ගත්තේ. ගාසා තිරයේ දකුණු ප්‍රදේශයෙන් ජනතාවට ඉවත්වන ලෙස ඊශ්‍රායලය නැවතවරක් දැනුම් දී තිබෙනවා. ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ප්‍රධානතම...
Read More »

Dec 04

“මිජවුම්” සුළි කුණාටුවේ බලපෑමෙන් චෙන්නායි ප්‍රාන්තයේ පස් දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

“මිජවුම්” සුළි කුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවේ චෙන්නායි ප්‍රාන්තයේ පුද්ගලයින් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මිඡවුම් සුළි කුණාටුව අද දිනය තුළ දී ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ඉන්දියාවට ඇතුලුවීමට නියමිත බවයි එරට කාලගුණ අංශ අනතුරු අගවන්නේ. ඒ හේතුවෙන් ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත රජය දිස්ත්‍රික්ක 8කට අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. සුළි කුණාටුව හේතුවෙන් මුහුදු රළ මීටර 1යි දශම 5ක් තරම් උසකට ඉහළ යනු ඇති බවට ද කාලගුණ අංශ නිවේදනය කළා. දකුණු...
Read More »

Dec 04

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් 11ක් මරුට  

0 comments

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා හි මරාපි ගිනිකන්ද සති අන්තයේ පුපුරා යාමෙන් පසු ආවාටය අසල රැඳී සිටි කඳු නගින්නන් 11 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා තවත් 12 දෙනෙකු අතුරුදන්වී සිටින අතර, තවත් තුන්දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පිපිරීම සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ කඳු නගින්නන් 75 දෙනෙකු සිටි නමුත් බොහෝ දෙනා ආරක්ෂිතව ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ පුපුරා ගිය ගිනි කන්දේ අලු කිලෝමීටර...
Read More »

Dec 03

යේමනයේ සිට රතු මුහුද දෙසට ප්‍රහාර එල්ල කළ ඩ්‍රෝන යානා ඇමෙරිකාව බිම හෙලයි  

0 comments

හවුති පාලනයේ පවතින යේමනයේ සිට රතු මුහුද දෙසට ප්‍රහාර එල්ල කළ ඩ්‍රෝන යානා එක්සත් ජනපද යුද නෞකාවක් විසින් බිම හෙලුවා. රතු මුහුදේ යාත්‍රා කරමින් තිබිය දී වාණිජ යාත්‍රා තුනකට ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු ඇමෙරිකා යුද නෞකාවක් ඩ්‍රෝන යානා තුනකට ප්‍රහාර එල්ල කර බිම හෙලූ බව වාර්තා වනවා. ඉරානයේ සහාය ලබන හවුති කැරලිකරුවන් යේමනයේ විවිධ ප්‍රදේශවලින් ඉලක්ක කර එක්සත් රාජධානිය ඇතුළු රටවල් 14 ක නෞකා වෙත ප්‍රහාර එල්ල කළා. ඉන් නැව් දෙකක් මිසයිල ප්‍රහාරයකට...
Read More »

Dec 03

ඊශ්‍රායල හමුදාවෙන් දකුණු ගාසා තීරයට දිගින් දිගටම ප්‍රහාර  

0 comments

ඊශ්‍රායල හමුදා දකුණු ගාසා තීරයට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. පසුගිය සිකුරාදා සටන් විරාමය අවසන් වීමෙන් පසු දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයට දරුණු බෝම්බ ප්‍රහාර එල්ල කිරීමටයි ඊශ්‍රායලය කටයුතු කළේ. ගැටුම් ඇති වු දා සිට ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ දරුණුතම ප්‍රහාරය ද මෙය වනවා. මේ වන විට එම ප්‍ර දේශයට උතුරින් ගොඩබිම් ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමට ද ඊශ්‍රායල හමුදා කටයුතු කර තිබෙනවා. දින 7ක සටන් විරාමය අතරතුර ඊශ්‍රායලය සිරගත...
Read More »

Dec 03

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි කරයි  

0 comments

ගාසා තීරය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරයන් දැඩි කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබෙනවා. ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ක්‍රියාත්මක වූ සටන් විරාමය පෙරේදා දිනයෙන් අවසන්වීමත් සමඟයි ප්‍රහාරයන් දැඩි කිරීමට පියවර ගෙන ඇත්තේ. දෙපාර්ශ්වය අතර පසුගිය ඔක්තෝබර් 7 වනදා ගැටුම් ආරම්භ වීමෙන් පසු එල්ල වූ දරුණුතම ප්‍රහාරයන් මෙය බව පලස්තීන වැසියන් පවසනවා. එම ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 200කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව හමාස් සෞඛ්‍ය...
Read More »

Dec 02

සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද නැවතත් සක්‍රීය වෙයි  

0 comments

ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද නැවතත් සක්‍රීය වී තිබෙනවා. මෙ යුරෝපයේ වඩාත් සක්‍රි‍ෙ ගිනි කන්ද ලෙසය සැලකෙන්නේ. සිසිලි දූපතේ කතානියාහි පිහිටි එට්නා ගිනි කන්ද යුරෝපයේ උසම ගිනි කන්ද වන අතර එය නිරන්තරයෙන් සක්‍රීය වනවා. කෙසේ වුවද ඉන් සැලකිය යුතු හානියක් සිදුවන්නේ ඉතාමත් කලාතුරකින් . මෙවර ද මෙතෙක් ඉන් කිසිදු අවදානම් සහගත තත්ත්වයත් උද්ගතව නැහැ. The post සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද නැවතත් සක්‍රීය වෙයි appeared first...
Read More »

Dec 02

පැරිස් අගනුවර පිහි ඇණුමකින් එක් අයෙකු ජීවිත්කෂයට  

0 comments

ප්‍රංශයේ පැරිස් අගනුවර සිදු වු පිහි ඇණුම් ප්‍රහාරයකින් එක් අයෙකු ජිවිත්කෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පැරිස් අගනුවර අයිෆල් කුළුණ ආසන්න ප්‍රදේශයේදියි මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ. අයිෆල් කුළුණ නැරඹීමට පැමිණි සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය සිදුකර තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිහි ප්‍රහාරයට ලක් වු ජර්මන් ජාතිකයෙකු බව ද සඳහන්. පිහි ඇණුම් හා මිටි ප්‍රහාරයන් සිදුකර ඇති බව පැරිස් පොලිසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් 26...
Read More »

Dec 02

පිලිපිනයේ මින්ඩනාවෝ දූපතට ප්‍රබල භූකම්පන දෙකකින් බලපෑම්  

0 comments

පිලිපිනයේ මින්ඩනාවෝ දූපතට ප්‍රබල භූකම්පන දෙකකින් බලපෑම් ඉල්ල වී තිබෙනවා. පිලිපිනයේ දෙවන විශාලතම දූපත ලෙස සැලකෙන මින්ඩනාවෝ දූපතට ඊයේ රාත්‍රීයේ දී භූකම්පන දෙකකින් බලපෑම් ඉල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. පළමු භූකම්පනය රිච්ටර් පරිමාණ ඒකක 7.6ක ප්‍රබලත්වයෙන් යුතු අතර දෙවන භූකම්පනය රිච්ටර් පරිමාණ ඒකක 6.1ක ප්‍රබලත්වයෙන් යුතු බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කරනවා. කෙසේ වුව ද එම භූකම්පනයන්ගෙන් සුනාමි අවදානමක් නොමැති බවයි ඇමෙරිකා...
Read More »

Dec 02

ඊශ්‍රායල – හමාස් ගැටුම් යළි උත්සන්න වෙයි  

0 comments

ඊශ්‍රායලය හා හමාස් සටන්කාමීන් අතර සටන් විරාමය අවසන් වී යළි සටන් ඇවිලෙතැයි ගාසා වැසියන් දැඩි බියකින් හා කෝපයකින් පසු වනවා. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් යළි ඇරඹීම ගාසා තීරයේ භීතිය සහ කෝපය වැඩිකරවන්නක් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පෙන්වා දෙන්නේ. තාවකාලික සටන් විරාමය අද උදෑසන 07:00 ට අවසන් වූ අතර දෙපාර්ශ්වයම එය කඩ කළ බවට එකිනෙකාට දොස් පවරා තිබෙනවා. සටන් විරාම සමයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයන් 178 දෙනෙකු මියගොස්...
Read More »

Dec 01

යළි සඳ තරණය කරන්න සැරසෙන නාසා ආයතනය  

0 comments

යළි සඳ තරණය කිරීමේ අරමුණින් ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ආටිමිස්’ යනුවෙන් නව මෙහෙයුම් මාලාවක් ආරම්භ කර තිබෙනවා. එම මෙහෙයුම් මාලාව යටතේ, ‘ආටිමිස් 2’ මෙහෙයුම  මෙහෙයුම ලබන ජනවාරියේ ආරම්භ වනු ඇති බවත්, ජනවාරි 25 වැනිදා ‘ආටිමිස් 2’ මෙහෙයුම යටතේ ගගනගාමීන් තිදෙනකු රැගත් චන්ද්‍ර යානයක්, සඳ මතට ගොඩ බෑමට නියමිතයි. මෙම ගගනගාමීන් සඳට පය තබන්නේ නැත. ඔවුන්ගේ මෙහෙයුම චන්ද්‍ර යානය සඳ මතට ගොඩබැස්සවීම සහ ආපසු පෘථිවිය බලා පැමිණීම යැයි නාසා ආයතනය පවසා...
Read More »

Dec 01

දේශගුණික සමුළුව අමතමින් චාල්ස් රජු කළ අනතුරු ඇඟවීම  

0 comments

දේශගුණික අර්බුදයේ අනතුරු ඇඟවීමේ සලකුණු නොසලකා හැරීම තුළන් විනාශකාරී ප්‍රතිවිපාක ඇතිකරමින් ලෝකය භයානක හදුනානොගත් ප්‍රදේශයක් කරා ගමන් කරමින් සිටින බව බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු පවසනවා. ඩුබායිහිදී කෝප් 28 දේශගුණික සමුළුව අමතමිනුයි චාල්ස් රජු මේ බව කියා සිටියේ. සමුළුවේ ආරම්භක දේශනය පවත්වමින් චාල්ස් රජු තවදුරටත් කියා සිටියේ මෙම ගැටලුවලට වි සඳුම් සෙවිම සඳහා කෝප් 28 සමුළුව තීරණාත්මක සන්ධිස්ථානයක් වේවායි ප්‍රාර්ථනා කරන බවයි. කාලගුණ විපර්යාස...
Read More »

Dec 01

ඊශ්‍රායලය – හමාස් සටන් විරාමය අවසන්  

0 comments

සටන් විරාමය අවසන් වීමත් සමඟ ඊශ්‍රායලය ගාසා තීරයට යළිත් වරක් ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වනවා. දින 7කට පසු ගාසා තීරයේ අහස යළිත් වරක් වෙඩි හඩින් දොන්කාර දෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ෂෙල් ප්‍රහාර හා මෝටාර් ප්‍රහාර මෙන්ම කුඩා ආයුධ වල ගෝෂාව ද නිමක් නැතුව ඇසෙන බවයි වාර්තා වන්නේ. දින 7ක සටන් විරාමය අවසන් වන විට ජෙට් යානා මගින් ගාසා තීරයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කෙරුණේ හමාස් සටන්කාමින් තම භූමියට වෙඩි තබන බවට ඊශ්‍රායලය...
Read More »

Recent News

Gossip Lanka MAG