Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Sep 30

ඉහළ ගිය සිංගප්පූරුවේ ජනගහනය  

0 comments

සිංගප්පූරුවේ ජනගහනය වසරක් තුළ සියයට 5කින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය වසරේ ජුනි මාසයේ දී සිංගප්පූරුවේ මිලියන 5.6ක ජනතාවක් සිට ඇති අතර මෙම වසරේ ජුනි මාසය වන විට මිලියන 5.9ක් ලෙසයි එරට ජනගහනය වාර්තා වී ඇත්තේ. කොවිඩ් වසංගතයෙන් පසුව විදේශීය කම්කරුවන් යළි පැමිණීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බවද සඳහන් කර තිබෙනවා The post ඉහළ ගිය සිංගප්පූරුවේ ජනගහනය appeared first on ITN News...
Read More »

Sep 30

නවදිල්ලියේ ඇෆ්ගන් තානාපති කාර්යාලය වැසේ  

0 comments

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර තම තානාපති කාර්යාලය වසා දැමීමට  තීරණය කළ බව ඇෆ්ගන් තලේබාන් රජය පවසනවා.. තම රජයට අවශ්‍ය සහාය ඉන්දීය රජයෙන් නොලැබෙන බැවින්, තානාපති සබඳතා පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය නොවන බව ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.. ඒ අනුව අද සිට නවදිල්ලියේ ඇෆ්ගන් තානාපති කාර්යාලයේ කටයුතු අවසන් යැයි තලේබාන් රජය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.. The post නවදිල්ලියේ ඇෆ්ගන් තානාපති කාර්යාලය වැසේ appeared...
Read More »

Sep 30

යුරෝපා කලාපයේ උද්ධමනය වසර දෙකක් තුළ අවම මට්ටමට  

0 comments

යුරෝපා කලාපයේ උද්ධමනය වසර දෙකක් තුළ එහි අවම මට්ටමට පැමිණ තිබෙනවා. අවසන් වරට මෙම කලාපයේ උද්ධමනය අඩු වුයේ 2021 ඔක්තෝබර් මාසයේදීය. මේ වසරේ උද්ධමනය අඩුවීම 4.3%ක් වෙතැයි අපේක්ෂා කළ ද එය 5.3%ක් දක්වා අඩුවුණා. එම තත්ත්වය තුළ කලාපයේ ආහාර හා අනෙකුත් සේවා මිල ගණන් පහළ යනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා. කෙසේ වෙතත් ස්වයං පෝෂිත ආර්ථිකයක් ඇති රටවල් වල මෙය යහපත් ප්‍රතිඵල ඇති කරනු ඇති.             The post යුරෝපා කලාපයේ...
Read More »

Sep 30

රැප් ගායක ටුපක් ශාකූර් ඝාතනයට හිටපු අපරාධකල්ලි නායකයෙකුට චෝදනා  

0 comments

රැප් ගායක ටුපක් ශාකූර් 1996 වසරේදී ඝාතනය කිරිම සම්බන්ධයෙන් ඇමෙරිකා පොලිසිය  හිටපු අපරාධ කල්ලි නායකයෙකුට චෝදනා එල්ල කර තිබෙනවා. නිව්යෝර්ක් හි උපත ලද හිපොක් ගායක ටුපක් ලාස් වේගාස් හි රිය පදවමින් සිටියදි වෙඩිපහරකට ලක්ව මිය ගියා. මේ වන විට ඔහුගේ වයස අවුරුදු 23 යි. හතර වතාවක් ටූපක්ට වෙඩි තබා තිබුණා. ඔහුගේ ඝාතන නඩුව තවමත් විභාග වෙමින් පවතින අතර ඊයේ නොවාඩා හි මහා ජූරි සභාව හැට හැවිරිදි ඩුආන් ඩේවිස්ට මේ පිලිබද චෝදනා එල්ල කර...
Read More »

Sep 29

කොසෝවේ දේශසීමාවේ රඳවා සිටින හමුදා කණ්ඩ ඉවත් කරගන්නැයි ඇමෙරිකාව සර්බියාවෙන් ඉල්ලයි  

0 comments

කොසෝවේ දේශසීමාවේ රඳවා සිටින විශාල හමුදා කණ්ඩ ඉවත් කර ගන්නා ලෙස ඇමෙරිකාව සර්බියාවෙන් ඉල්ලා සිටිනවා. පසුගිය මාස කිහිපයේ සිට කොසෝවෝහි සුළුතර වාර්ගික සර්බියානු සහ බහුතර ඇල්බේනියානු ප්‍රජාව අතර ගැටුම් ඉහළ ගොස් තිබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍ය සදහන් කරන්නේ එහි සිටින නේටෝ සාම සාධක හමුදාව සමඟ එක්වීමට තම හමුදාවද යොමු කරන බවයි. පසුගිය ඉරිදා මෙම කලාපයේ උතුරු ප්‍රදේශයේ ඇති වූ ගැටුමකින් හතර දෙනෙකු මිය ගියා. ඉන් අනතුරුව හමුදා බලය...
Read More »

Sep 29

නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වයක්  

0 comments

නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ප්‍රබල සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර හේතුවෙනුයි මෙසේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ. නගර රැසක උමං මාර්ග මෙන්ම වීථි ජලයෙන් යට වී පවතිනවා. ලාගර්ඩියා ගුවන්තොටුපොළේ එක් පර්යන්තයක් වසා දැමීමටයි බලධාරීන් ක්‍රියා කළේ. නගරයේ ඇතැම් ප්‍රදේශවලට සෙන්ටිමීටර් 20 ක පමණ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ආරක්ෂිත පියවර ගන්නා ලෙස නිව්යෝර්ක්...
Read More »

Sep 29

ඇස් රෝගයක් නිසා වැසුනු පාකිස්ථානයේ පාසැල්  

0 comments

පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ පැතිර යන ඇස් රෝගයක් හේතුවෙන් පාසල් 56,000 කට වැඩි ප්‍රමාණයක් වසා දමා තිබෙනවා. ප්‍රාන්තයේ සිසුන් අතර පින්ක් අයි හෙවත් ඇසෙහි ඇතිවන තද රතු පැහැය සහිත ආසාදන තත්ත්වයක් පැතිර යන බවයි වාර්තා වන්නේ. එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත්තේ අපිරිසිදු දෑත්වලින් ඇස් ස්පර්ශ කිරීම හේතුවෙන් මෙම රෝගය පැතිර යන බවයි. මෙම රෝගය කර්මාන්තශාලා සහ වෙළඳපොළ වැනි ජනාකීර්ණ ස්ථානවල දී සීග්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බව පැවසෙනවා. විදෙස්...
Read More »

Sep 29

පාකිස්තානයේ මුස්ලිම් පල්ලියක් අසල පිපිරීමක්  

0 comments

පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ මුස්ලිම් පල්ලියක් අසල පිපිරීමක් සිදුවී තිබෙනවා. පිපිරීමෙන් මේ වන විට පුද්ගලයන් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ. බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත්තේ, නබි නායකතුමා ගේ උපන්දිනය සැමරීම උදෙසා පැවති ආගමික උත්සවයක් අතරතුර දී මෙම පිපිරීම සිදු ව ඇති බවයි. මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට එරට පොලීසිය සැක පහළ කරනවා. මේ වන විට එරට හදිසි තත්ත්වයක් ද නිවේදනය කර ඇති බව වාර්තා වේ. මේ...
Read More »

Sep 29

චීනයේ ආර්ථික වර්ධනය පහළට   

0 comments

දෙවන විශාලතම ආර්ථිකයකට හිමිකම් කියන චීනයේ ආර්ථික වර්ධනය පහළ ගොස් ඇති බව වාර්තා වනවා. තරුණ විරැකියාවද ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඉදිරියේදී ගෝලීය ආර්ථික ව්‍යසනයක් ඇතිවිය හැකි බවද පෙන්වා දෙන ආර්ථික විශ්ලේෂකයින් බිලියන 1.42කට අධික ජනගහනයක් වෙසෙන චීනයේ ආර්ථික වර්ධනය මන්දගාමී වීම ලොව පුරා සියලු රටවලට බලපෑමක් එල්ලකරනු ඇති බවයි බී බී සී ප්‍රවෘත්ති සේවය පෙන්වා දී ඇත්තේ. The post චීනයේ ආර්ථික වර්ධනය පහළට  appeared...
Read More »

Sep 28

බැටළුවෝ ගංජා කිලෝ 100කට කරපු දේ  

0 comments

ග්‍රීසියේ Almyros නගරය අසල බැටළු රංචුවක් පසුගියදා හරිතාගාරයක් තුළ වගා කරන ලද ගංජා කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් කා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම හරිතාගාරය තුළ ඖෂධමය භාවිතය සඳහා වගා කර තිබූ ගංජා කිලෝ 100ක් පමණ බැටළුවන් කා දමා තිබෙනවා. බැටළු රංචුව අයත් එඬේරා ඔවුන්ව සොයාගත් විට බැටළුවන් අමුතු ලෙස හැසිරෙන බව ඔහුට නිරීක්ෂණය වූ බවයි ඔහු පවසා ඇත්තේ. කෙසේ වෙතත් එම ගංජා වගා කර තිබූ හරිතාගාරයේ අයිතිකරු පැවසුවේ ගංවතුරින්...
Read More »

Sep 28

බංග්ලාදේශය පුරා ඩෙංගු සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි  

0 comments

ඩෙංගු රෝගය හේතුවෙන් බංග්ලාදේශයේ මිය ගිය සංඛ්‍යාව දහසකට ආසන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. මෝසම් වර්ෂාව හේතුවන් මේ වන විට ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින බව බංග්ලාදේශ සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. බංග්ලාදේශය මුහුණ දී සිටින බරපතළම වසංගත තත්ත්වයක් ලෙසයි සෞඛ්‍ය අංශ මෙය හඳුන්වන්නේ. රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට අදාළ අංශ මේ වන තෙක් සමත් වී නොමැති අතර ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරීගොස් ඇති බව ද වාර්තා වනවා. පසුගිය මාස දෙකක පමණ...
Read More »

Sep 28

කැනඩා කථානායක ඉල්ලා අස්වෙයි  

0 comments

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ යුක්‍රේනයෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඒ 98 හැවිරිදි යුරොස්ලොව් හුන්කා නමැති නාසි හමුදා සෙබළකු රුසියාවට එරෙහි ව සටන් වැදි යුද සෙබළකු ලෙස සලකා පාර්ලිමේන්තුවේ දී ගෞරව කිරීම සම්බන්ධයෙන් වූ සිදුවීමක් වෙනුවෙන්. අගමැති ටෘෘඩෝ පවසා ඇත්තේ, නාසි සෙබළෙකුට එලෙස ගෞරව දැක්වීම පාර්ලිමේන්තුවට සහ කැනඩාවට ලජ්ජාවක් වන බවයි. මේ අතර, කැනඩා කථානායක ඇන්තනී රොටා ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙන බව ද වාර්තා වන්නේ යුරොස්ලොව් හුන්කා...
Read More »

Sep 28

චීන හැකර්වරු අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගිණුම්වලින් විද්‍යුත් පණිවුඩ සොරකම් කරයි  

0 comments

චීන හැකර්වරු විසින් අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු ගිණුම්වලින් විද්‍යුත් පණිවුඩ දස දහස් ගණනක් සොරකම් කිරීමට සමත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට රාජ්‍ය දෙපාර්තමේන්තු තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බවයි. මෙම තොරතුරු සෙනට් සභා නියෝජිතයෙකු විසින් ද තහවුරු කර ඇති බව සඳහන්. චීන හැකර්වරු විසින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගිණුම් 10 කින් විද්‍යුත් තැපැල් පණිවුඩ 60,000ක් සොරකම් කර...
Read More »

Sep 27

පාකිස්තානයේ පාසල් 56,000ක් තාවකාලිකව වසා දැමේ  

0 comments

අක්ෂි රෝගයක් හේතුවෙන් පාකිස්තානයේ පාසල් පනස්දහසකට අධික සංඛ්‍යාවක් තාවකාලිකව වසා දමා තිබෙනවා. ඉතාමත් සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන අක්ෂි රෝගයක් හේතුවෙන් පාකිස්තානයේ පාසල් 56000ක් පමණ වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. ස්පර්ශය හරහා ව්‍යාප්ත වන මෙම අක්ෂි රෝගය හේතුවෙන් අක්ෂි රතු පැහැය ගැන්වෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. එමෙන්ම කැසීම හා ඇස් වලින් ශ්‍රාවයන් පිටවීම ද සිදුවන බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. ස්පර්ශයට අමතරව කැස්ස හා කිවිසුම් ආශ්‍රිතව රෝගය...
Read More »

Sep 27

කැනඩා අගමැති පාර්ලිමේන්තුවේදී සමාව අයදියි  

0 comments

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ පාර්ලිමේන්තුවේ දී සමාව අයැද සිටියා. දෙවන ලෝක යුද සමයේදී නාසි හමුදාව වෙනුවෙන් සටන් කළ සෙබළෙකුට පාර්ලිමේන්තුවේදී ගෞරවය පිරිනැමීම හේතුවෙන් ඔහු මෙලෙස සමාව අයැද සිටියා. තමා එම පුද්ගලයා කවුරුන්ද යන්න නිසි අවබෝධයකින් තොරව එම ප්‍රකාශය සිදු කළ බවයි ජස්ටින් ටෘෘඩෝ පවසන්නේ. තමා අතින් සිදු වූ බරපතළම වැරැද්දක් ලෙස ඔහු මෙය හඳුන්වනවා. නාසි පාලනය යටතේ පීඩාවට පත් වූ ජනතාවගේ අමිහිරි මතකයන් යළි සිහි කිරීම මේ හරහා සිදු...
Read More »

Sep 27

දකුණු පැසිෆික් සාගරයෙන් සොයා ගත් ලොව 8 වැනි මහාද්වීපය  

0 comments

දකුණු පැසිෆික් සාගරයෙන් ලොව 08 වැනි මහාද්වීපය ලෙස මහාද්වීපයක් භූ විද්‍යාඥයින් පිරිසක් විසින්   සොයාගෙන තිබෙනවා. මෙම මහාද්වීපය සොයා ගැනීමට හැකි වී ඇත්තේ වසර 375 කට පමණ පසුවයි. භූ විද්‍යාඥයින් සහ භූ කම්පන විද්‍යාඥයින්ගේ කුඩා කණ්ඩායම සීලන්තයේ නොහොත් Zealandia හෝ Te Riu-a-Maui හි අලුතින් සිතියමක් නිර්මාණය කර ඇති බවයි Phys.org සඳහන් කළේ. ය එය පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ සාගර පත්ලෙන් ගොඩගත් පාෂාණ සාම්පලවලින් ලබාගත් දත්ත භාවිතයෙනුයි. නව...
Read More »

Sep 27

බයිඩන්ගේ සුනඛයා රහස් ඔත්තු ඒජන්තවරයෙක් සපා කයි  

0 comments

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් සුරතලයට ඇති කරනු ලබන කමාන්ඩර් නම් සුනඛයා 11වන වතාවටත් එරට රහස් ඔත්තු ඒජන්තවරයෙක් සපා කෑමේ පුවතක් වාර්තාවී තිබෙනවා. ධවල මන්දිරයේ පවතින පීඩනය හේතුවෙන් එහි සුරතලයට ඇති කරනු ලබන සතුන් මෙලෙස මිනිසුන් සපා කනු ලබන බවයි එහි ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙන්නේ. මෙම සුනඛයා 2021 වසරේ ධවල මන්දිරයට ගෙන එනු ලැබූ කමාන්ඩර් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයෙක්. The post බයිඩන්ගේ සුනඛයා රහස් ඔත්තු ඒජන්තවරයෙක් සපා කයි appeared...
Read More »

Sep 27

ගෝතමාලාවේ නායයාම් වලින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ගෝතමාලාවේ සිදුවූ නායයාම් වලින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නායයාම් හේතුවෙන් තවත් පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන් බවයි වාර්තාවන්නේ. පසුගිය දින කීපය පුරා ගෝතමාලාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. ගංගාවක් ආසන්නයේ පිහිටා තිබූ නිවාස 6ක් පමණ මෙලෙස නායයාමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. අතුරුදන් පුද්ගලයින් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව එරට ජාතික ආපදා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. මියගිය...
Read More »

Sep 26

ඉරාකයේ මංගල සාදයක ඇති වූ ගින්නකින් 113 දෙනෙකු මියයයි  

0 comments

ඉරාකයේ මංගල සාදයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 113 දෙනෙකු මියගොස් තිබෙනවා. උතුරු ඉරාකයේ මංගල උත්සවයකයි මෙම ගින්න හටගෙන තිබෙන්නේ. එහිදී පුද්ගලයින් 113 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. මියගිය අය අතර මනාලයා සහ මනාලියද වන බවයි සඳහන් වන්නේ. ඉරාකයේ උතුරු නිතිලේ පළාත් අල් හම්දානියා දිස්ත්‍රික්කයේ මෙම ගින්න හටගෙන ඇති අතර ඊට හේතුව මෙතෙක් තහවුරු කරගෙන නැහැ. මීට පෙර වාර්තා වූයේ මෙම ගින්න හටගෙන...
Read More »

Sep 26

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් නායක බාබර් අසාම්ට දඩයක්  

0 comments

අධිවේගී මාර්ගයක නියමිත වේගසීමා උල්ලංඝණය කර මෝටර් රථය ධාවනය කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් නායක බාබර් අසාම්ට දඩ නියම කර තිබෙනවා. පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ ලාහෝර් පොලීසිය මගින් පාකිස්ථාන නායකයාට පාකිස්තාන රුපියල් 2000ක මුදලක් මෙලෙස දඩ නියම කර ඇති බවයි . The post පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් නායක බාබර් අසාම්ට දඩයක් appeared first on ITN News...
Read More »

Sep 26

මැන්ඩෙලාගේ මිනිබිරිය ජීවිතක්ෂයට  

0 comments

ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ දකුණු අප්‍රිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය සොලේකා මැන්ඩෙලා මිය ගොස් තිබෙනවා. මිය යන විය ඇය 43 හැවිරිදි වියේ පසු වී ඇති අතර සොලේකා පිළිකා රෝගයකින් පෙළෙමින් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. The post මැන්ඩෙලාගේ මිනිබිරිය ජීවිතක්ෂයට appeared first on ITN News...
Read More »

Sep 26

ඊජිප්තුවේ ජනාධිපතිවරණය දෙසැම්බර් මාසයේ දී  

0 comments

ඊජිප්තුවේ ජනාධිපතිවරණය එළඹෙන දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙන බව අද නිවේදනය කළා. ඊජිප්තු ජනාධිපතිවරණය දෙසැම්බර් මස 10 වන දින සිට 12 වන දින දක්වා පැවැත්වෙන බවයි එරට මැතිවරණ කොමිසම පවසන්නේ. එහි ප්‍රතිඵල දෙසැම්බර් 18 වන දින නිකුත් කරන බවද එම කොමිසම නිවේදනය කරනවා. හිටපු යුද හමුදා ප්‍රදානියෙකු වන අබ්දෙල් පටා අල් සිසි දශකයකට ආසන්න කාලයක් ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනවා. මෙවර ජනාධිපතිවරණයේ දී ඔහු නැවත වරක් ජනාධිපති ධුරය සදහා තේරීපත්වනු...
Read More »

Sep 26

මාලි රාජ්‍යයේ ජනාධිපතිවරණය කල් දමයි  

0 comments

මාලි රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කල්දැමීමට තීරණය කර තිබෙනවා. මාලි රාජ්‍යයේ ජනාධිපතිවරණය ලබන පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත අතර තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මැතිවරණය කල්දැමීමට සිදුවන බවයි එරට හමුදා පාලනය නිවේදනය කර ඇත්තේ. පෙබරවාරි 4 සහ 18 යන දෙදින තුළදී අදියර දෙකක් යටතේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණා. නව ව්‍යවස්ථාව බලාත්මක කිරීමේ දී මෙම තාක්ෂණික ගැටලුව පැනනැගී ඇති බවයි හමුදා පාලනය...
Read More »

Sep 26

අසර්බයිජානයේ ඉන්ධන ගබඩාවක පිපිරීක් – 20 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

අසර්බයිජානයේ Nagorno-Karabakh කලාපයේ පිහිටි ඉන්ධන ගබඩාවක සිදු වූ පිපිරීමකින් 20 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා කර තිබෙනවා. The post අසර්බයිජානයේ ඉන්ධන ගබඩාවක පිපිරීක් – 20 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News...
Read More »

Sep 25

ගෝතමාලාවේ සිදුවූ නායයාම් වලින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ගෝතමාලාවේ සිදුවූ නායයාම් වලින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නායයාම් හේතුවෙන් තවත් පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන් බවයි වාර්තාවන්නේ. පසුගිය දින කීපය පුරා ගෝතමාලාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. ගංගාවක් ආසන්නයේ පිහිටා තිබූ නිවාස 6ක් පමණ මෙලෙස නායයාමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. අතුරුදන් පුද්ගලයින් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව එරට ජාතික ආපදා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා....
Read More »

Sep 25

යුද්ධය නිසා අහිමි වන අහිංසක ජීවිත  

0 comments

ඊයේ අලුයම් කාලයේ දී ඊශ්‍රායල හමුදා කළ වැටලීමක් අතරතුර පලස්තීන ජාතිකයින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා ඊශ්‍රායල හමුදාව අත්පත් කරගත් භූමියේ සටන්කාමීන්ගේ මෙහෙයුම් අණදෙන මධ්‍යස්ථානයක් ද කඩා බිඳ දැමූ බව වාර්තා වනවා. පසුගිය අඟහරුවාදා සිට ඊශ්‍රායල / පලස්තීන ගැටුම් වර්ධනය වී ඇති අතර මේ වනවිට පලස්තීන ජාතිකයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා. එමෙන්ම මෙම ප්‍ර දේශයේ 490,000ක පිරිසක් වාසය කරනවා. The post යුද්ධය...
Read More »

Sep 25

සෞරග්‍රහ මණ්ඩලයේ එකතුකරන ලද විශාලතම ග්‍රාහක සාම්පලය පෘථිවියට  

0 comments

සෞරග්‍රහ මණ්ඩලයේ මෙතෙක් එකතුකරන ලද විශාලතම ග්‍රාහක සාම්පලය පෘථිවියට ළඟා වුණා. තවත් වසර 300කින් පෘථිවියට කඩා වැටෙතැයි අපේක්ෂා කරන බෙන්නු ග්‍රාහකයෙන් මෙම පාෂාණ සාම්පලය ලබාගෙන ඇත්තේ මීට වසර 3කට පෙරයි. නාසා ආයතනයේ ඔසිරිස් රෙක්ස් මෙහෙයුම යටතේයි මෙම සාම්පල පෘථිවියට රැගෙන ඒමේ කටයුතු සිදු කෙරුණේ. කිලෝමීටර බිලියන 6.21ක දුරක් ගෙවා මෙම සාම්පලය පෘථිවියට පැමිණ තිබුණා. ඌටා කාන්තාර ප්‍රදේශයට එම පස් සාම්පලය රැගත් කැප්සියුලය බැලූනයක ආධාරයෙන් ගොඩබැස්සවීම...
Read More »

Sep 25

යුක්‍රේනයේ දකුණු ඔඩේසා ප්‍රදේශයේ වරායට යළිත් ප්‍රහාරයක්  

0 comments

යුක්‍රේනයේ දකුණු ඔඩේසා ප්‍රදේශයේ වරාය යටිතල ව්‍යුහයට රුසියානු ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඉන් එක් සිවිල් වැසියෙකුට තුවාල සිදු වූ බව එරට නිලධාරියෙක් සඳහන් කරනවා ඊයේ (24) දකුණු Kherson සහ Zaporizhzhia ප්‍රදේශවලට එල්ලවූ රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් The post යුක්‍රේනයේ දකුණු ඔඩේසා ප්‍රදේශයේ වරායට යළිත් ප්‍රහාරයක් appeared first on ITN News...
Read More »

Sep 24

උතුරු කොසෝවෝහි වාර්ගික සර්බියානු තුවක්කුකරුවන් සහ පොලිසිය අතර දරුණු ගැටුම්  

0 comments

උතුරු කොසෝවෝහි වාර්ගික සර්බියානු තුවක්කුකරුවන් සහ පොලිසිය අතර දරුණු ගැටුමක් හටගෙන තිබෙනවා. ඊයේ දිනයේදී බන්ජ්ස්කා ගම්මානයේ සර්බියානු ඕතඩොක්ස් ආරාමයක් වැටලීමකදී එක් පොලිස් නිලධාරියෙකු සහ තුවක්කුකරුවන් තිදෙනෙකු මිය ගියා. කොසෝවෝ අගමැති ඇල්බින් කුර්ටි සර්බියාව,  සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දෙන බවට චෝදනා කර තිබෙනවා. සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වූසික් පැවසුවේ කොසෝවෝ නිලධාරීන් මෙම මරණවල අවසාන වගකීම දරන බවයි. මියගිය තුවක්කුකරුවන්...
Read More »

Sep 24

නයිගර් රාජ්‍යයෙන් තම තානාපතිවරයා සහ හමුදා කණ්ඩ ඉවත් කර ගන්නා බව ප්‍රංශ ජනපති පවසයි  

0 comments

නයිගර් රාජ්‍යයෙන් තම තානාපතිවරයා සහ හමුදා කණ්ඩ ඉවත් කර ගන්නා බව ප්‍රංශ ජනාධිපතිවරයා නිවේදනය කරනවා. පසුගිය ජූලි මාසයේ දී කුමන්ත්‍රණයක් මගින් නයිගර් රාජ්‍යයේ පාලන බලය අත්පත් කර ගැනීමට එරට හමුදාව කටයුතු කළා. අනතුරුව ප්‍රංශය ඇතුලු බටහිර රටවල හමුදා කණ්ඩ ඉවත් කර ගන්නා ලෙස හමුදා පාලනය එම රටවලට දැනුම් දී තිබෙනවා. ඉදිරි පැය කිහිපය ඇතුලත දී ප්‍රංශ තානාපතිවරයා හා හමුදා කණ්ඩ නයිගර් රාජ්‍යයෙන් ඉවත් කර ගන්නා බවයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්...
Read More »

Sep 24

ප්‍රංශයේ ප්‍රසිද්ධ රැප් ගායකයෙකුට වසර 12ක සිර දඬුවමක්  

0 comments

තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රංශයේ ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වූ එම් එච් ඩී හෙවත් මොහොමඩ් සිල්ලාට වසර 12ක සිර දඬුවම් නියමකර තිබෙනවා. පැරීසයේ දී තවත් පිරිසක් හා එක්ව 2018 වසරේ දී 23 හැවිරිදි ලොයික්කේ නමැති තරුණයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොහොමඩ් සිල්ලා ඇතුළු පිරිසකට චෝදනා එල්ලවී තිබුණා. අදාළ නඩු විභාගයෙන් අනතුරුව පැරිස් අධිකරණය මගින් සිල්ලාට මෙම 12 අවුරුදු සිර දඬුවම නියම කරනු ලැබුවා. ඔහු අදාළ තරුණයා තම මෝටර් රථයේ හප්පා ඉන් අනතුරුව...
Read More »

Sep 24

යුක්‍රේන යුද්ධය දිගටම පවත්වා ගැනීමට ඇතැම් රටවල් උත්සාහ කරන බව පාප් වහන්සේ කියයි  

0 comments

යුක්‍රේනයට ආයුධ ලබාදී යුද්ධය දිගින් දිගටම පවත්වා ගැනීමේ උත්සාහයක ඇතැම් රටවල් නිරත වන බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා. ප්‍රංශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව යළි වතිකානය බලා ගමන් කිරීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි පාප් වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ. එමෙන්ම අවිආයුද ලබාදෙන රටවල ජනතාව එහි ප්‍රතිවිපාක අත්නොවිදින අතර යුක්‍රේන ජනතාවට ඉන් දිවිපිදීමට සිදුව ඇති බවද පාප් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත්...
Read More »

Sep 23

ග්‍රාහකයක පස් සාම්පල රැගත් නාසා යානය අද පෘථිවියට  

0 comments

විශ්වයේ ඈත පාවෙන ‘බෙන්නු’ නමැති ග්‍රහකයට ගොස්, එම ග්‍රහකය සූරා එහි පස් සාම්පල ලබා ගත් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය, අද දිනයේ එම පස් සාම්පල පෘථිවියට ලැබීමට සැලස්වනු ඇති. ‘ඔසයිරස් රෙක්ස්’ යානය ‘බෙන්නු’ ග්‍රහකය බලා ගියේ  2016 වසරේදීය. යානය, ග්‍රහකයට ළං වූයේ වසර දෙකකිනි. ඉන්පසු තවත් වසර දෙකක් දුර සිට ග්‍රහකය සිතියම්ගත කළා. එම සිතියම්ගත කිරීම අවසානයේ, 2020 දී යානය ‘බෙන්නු’ ග්‍රහකයට ළං වූ අතර, එය ග්‍රහකයට සමාන...
Read More »

Sep 23

චීන ජනාධිපතිවරයා 19වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භය ප්‍රකාශ කරයි  

0 comments

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය චීනයේ Hangzhou නගරයේ දී ඇරඹෙයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (23) රාත්‍රියේ පැවති සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භය ප්‍රකාශයට  පත්කළේය.   The post චීන ජනාධිපතිවරයා 19වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භය ප්‍රකාශ කරයි appeared first on ITN News...
Read More »

Sep 23

යුක්‍රේන ජනපති කැනඩා පාර්ලිමේන්තුව අමතයි  

0 comments

යුක්‍රේන ජනාධිපතිවරයා කැනඩා පාර්ලිමේන්තුව ඇමතුවා. කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ සමගින් යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි කැනඩා පාර්ලිමේන්තුවට පැමිණියා. එහිදී පාර්ලිමේන්තුව ඇමතූ යුක්‍රේන ජනාධිපතිවරයා කියා සිටියේ යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා සහාය දෙන ලෙසට තමන් සමස්ත ලෝකයෙන්ම ඉල්ලා සිටින බවයි. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීමෙන් පසු යුක්‍රේන ජනාධිපතිවරයා කැනඩා සංචාරය ආරම්භ කළා.       The post...
Read More »

Sep 23

චීනයේ සිදු කෙරෙන යුද අභ්‍යාස වැඩි කිරීම අසාමාන්‍ය තත්ත්වයක් – තායිවානය අනතුරු අඟවයි  

0 comments

චීනයේ සිදු කෙරෙන යුද අභ්‍යාස වැඩි කිරීම අසාමාන්‍ය තත්ත්වයක් බව තායිවානය අනතුරු අඟවනවා. චීන හමුදා අභ්‍යාස සිදු කරන වාර ගණන වැඩි කිරීම ඉදිරි ගැටුමක පෙර නිමිත්තක් බවයි තායිවාන ආරක්ෂක අමාත්‍ය චියු චෙන්ග් පවසන්නේ. චීනය ප්‍රහාරක ජෙට් යානා, ඩ්‍රෝන යානා, බෝම්බ හෙලන යානා සහ අනෙකුත් ගුවන් යානා රැසක් මෙම අභ්‍යාස සඳහා යොදාගෙන තිබෙනවා. එමෙන්ම යුද නැව් සහ චීන ප්‍රවාහන නෞකා තායිවානයට ඔබ්බෙන් ගමන්කර තිබෙනවා. මෙය කණගාටුදායක තත්ත්වයක් බවයි තායිවාන...
Read More »

Sep 23

නේපාලයේ පාසල් ගුරුවරුන් දැවැන්ත වැඩවර්ජනයක – පාර්ලිමේන්තුවත් වටලයි  

0 comments

නේපාලයේ පාසල් ගුරුවරුන් විසින් දැවැන්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා. වැඩවර්ජනය හේතුවෙන් එරට පාසල් ළමුන් දහස් ගණනක් පීඩාවට පත් ව ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත්තේ අඛණ්ඩ ව තෙවැනි දිනටත් පැවැත්වෙන වැඩවර්ජනය හේතුවෙන් රට පුරා රජයේ පාසල් වසා දැමීමට සිදු ව ඇති බවයි. මෙම ගුරු වර්ජනය ක්‍රියාත්මක කර ඇත්තේ නේපාල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතකට විරෝධය පළ කරමිනි. වර්ජනය සඳහා ගුරුවරුන්...
Read More »

Sep 23

ඉතාලියේ හිටපු ජනාධිපතිවරයෙක් හදිසියේ මිය යයි  

0 comments

2006 වසරේ සිට 2015 වසර දක්වා ඉතාලියේ ජනාධිපති ලෙස කටයුතු කළ ජෝර්ජියෝ නැපොලිටානෝ රෝමයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙනවා. ඔහු මිය යන විට 98 වැනි වියේ පසු විය. ඉතාලියේ දීර්ඝතම කාලයක් ජනාධිපති ධුරය දැරුවා. ඉතාලියේ වත්මන් අගමැතිනි Giorgio Meloni ගේ කාර්යාලය ජෝර්ජියෝ නැපොලිටානෝගේ පවුලේ අයට ඉතාලි රජයේ ශෝකය ප්‍රකාශ කළ බව විදෙස් වාර්තා කරනවා. මොහු 2006-2015 දක්වා ජනාධිපති ලෙස කටයුතු කළ නැපොලිටානෝ නැවතත් එම තනතුරට තේරී පත්...
Read More »

Sep 23

ඇමෙරිකාවෙන් යුක්‍රේනයට දිගු දුර මිසයිල  

0 comments

යුක්‍රේනයට දිගු දුර මිසයිල ලබාදීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ තීරණයට අනුව කිලෝමීටර් 300 ක් දුර ගමන් කළ හැකි මිසයිල කිහිපයක් යුක්‍රේනයට ලැබීමට නියමිතයි. එම මිසයිල වලට රුසියාවේ ඉලක්ක කරා පහසුවෙන් පහර දිය හැකි තත්ත්වයකුයි පවතින්නේ. එමෙන්ම යුක්‍රේනය මිසයිලයක් යොදා ගනිමින් ඊයේ දිනයේ රුසියාවේ යාත්‍රා බලඇණියක මූලස්ථානයකට පහර දී තිබෙනවා. ප්‍රංශය හා බ්‍රිතාන්‍ය සැපයූ මිසයිල...
Read More »

Sep 22

ජපානයේ නගෝයා ශ්‍රී ලංකා එකමුතුව සංවිධානය කළ ශ්‍රී ලංකා දින උළෙල හයිසයා ඔදාරි උද්‍යානයේදී  

0 comments

ජපානයේ නගෝයා ශ්‍රී ලංකා එකමුතුව ප්‍රථම වරට සංවිධාන කළ ශ්‍රී ලංකා දින උළෙල පසුගියදා හයිසයා ඔදාරි උද්‍යානයේදී පැවැත්වුණා. නගෝයා නගරාධිපති තකාෂි කවමුරා,  ප්‍රාන්ත ආණ්ඩුකාර හිදිකි ඔමුරා සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි උත්සවය පැවැත්වුණේ. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මෙන්ම ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ සංස්කෘතිය මෙම ප්‍රදේශයේ ජපන් ජාතිකයන්ට හඳුන්වාදීම මෙම උළෙලේ ප්‍රධාන අරමුණයි. The...
Read More »

Sep 22

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රංශ වරාය නගරයක් වන මාර්සෙයිල් වෙත පැමිණෙයි  

0 comments

මධ්‍යධරනී මුහුද සංක්‍රමණිකයන් පිලිගැනීමේ ස්ථානයක් විය යුතු බවට කළ ඉල්ලීමට අනුව යමින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රංශ වරාය නගරයක් වන මාර්සෙයිල් වෙත පැමිණියා. සියවස් ගණනාවක් පුරා බහුවාර්ගික සහ බහුආගමික ජනතාවක් වෙසෙන යුරෝපයේ තරමක හුදෙකලා නගරයක් ලෙසයි මාර්සෙයිල් සැලකෙන්නේ. මධ්‍යධරනී කතෝලික රදගුරුවරුන්ගේ රැස්වීමක සමාප්ති සැසියේ මුලසුන හොබවමින් පාප්වහන්සේ අදහස් පල කර තිබෙනවා. එහිදී සිය දෙදින සංචාරය කතෝලික බැතිමතුන්ගෙන් ඔබ්බට යමින් යුරෝපයට...
Read More »

Sep 21

යුද්ධයේදී එක්සත් ජනපදය ලබාදුන් සහයෝගයට යුක්‍රේන ජනපති ස්තූතිය පළකරයි  

0 comments

රුසියාවට එරෙහි යුද්ධයේදී එක්සත් ජනපදය ලබාදුන් සහයෝගයට යුක්‍රේන ජනාධිපතිවරයා සිය ස්තූතිය පළකර තිබෙනවා. ඒ වොෂින්ටන් හි ජාතික ලේඛණාගාරයේ පැවති කෙටි උත්සවයකදීයි. මේ වන විට යුක්‍රේන ජනාධිපති වොලිදිමිර් සෙලෙසන්ස්කි ඇමෙරිකාවේ සංචාරයක නිරතව සිටිනවා. මේ වන විටත් ඔහු ඇමෙරිකා ජනාධිපති  ජෝ බයිඩ්න් සමඟ සාකච්ඡා කොට විශේෂ රැස්විමකට ද එක්වුණා. එම රැස්වීමෙන් අනතුරුවයි යුක්‍රේන ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ලේඛනාගාරයේදී කෙටි උත්සවයකට සහභාගී...
Read More »

Sep 21

ඉන්දියාව කැනඩා ජාතිකයන් සඳහා වීසා ලබාදීම අත්හිටුවයි  

0 comments

ඉන්දියාව කැනඩා ජාතිකයන් සඳහා වීසා ලබාදීම අත්හිටුවා තිබෙනවා. කැනඩාවේ වැන්කුවර් හිදී සීක් නායක හර්දිප් සිං ඝාතනය කිරීමට ඉන්දියාව සම්බන්ධ වී ඇති බවට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ චෝදනා කර තිබුණා. ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුවයි මේ පිළිබඳ කැනඩා පාර්ශවය ප්‍රකාශයක් සිදුකළේ. කෙසේ වෙතත් අදාළ චෝදනා ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබුණා. මේ අතර මෙහෙයුම් සම්බන්ධ ගැටලුවක් මත අද සිට නැවත දැනුම් දෙන තුරු කැනඩාවට වීසා ලබාදීම අත්හිටුවා ඇති...
Read More »

Sep 21

නාවික හමුදා අභ්‍යාසයකට සහභාගී වෙමින් සිටි තිදෙනෙක් මරුට  

0 comments

දකුණු අප්‍රිකානු නාවික හමුදාවේ නාවිකයින් තිදෙනෙකු කේප් ටවුන් අසල සබ්මැරීනයක සිටියදී රළ පහරකට හසුව ගසාගෙන යාමෙන් මිය ගොස් ඇති අතර තවත් හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා සැඩ රළ පහරින් කාර්යය මණ්ඩලයේ හත් දෙනෙකු මුහුදට ගසාගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ දකුණු අප්‍රිකානු ජාතික ආරක්ෂක බලකාය (SANDF) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිද්ධිය වන අවස්ථාවේ නාවිකයින් නාවික හමුදා අභ්‍යාසයකට සහභාගී වෙමින් සිටි බවයි. The post නාවික හමුදා...
Read More »

Sep 20

ආමේනියා අගමැතිට ඉල්ලා අස්වෙන්නැයි බල කරමින් දැවැන්ත උද්ඝෝෂණයක්  

0 comments

ආමේනියා අගමැති නිකොල් පෂින්යාන්ට ඉල්ලා අස්වන ලෙස බල කරමින් දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා. එරටේ නගෝර්නෝ හා කරාබක් ජන කොට්ඨාස අතර ඇති ගැටුම් මර්දනය සඳහා රජය නිසි පියවර නොගත් බවට චෝදනා කරමිනුයි මෙම උද්ඝෝෂණ පැවැත්වෙන්නේ. අසල්වැසි අසර්බයිජානයේ මැදිහත්වීම මත මෙම ගැටුම් මැඩපැවැත්වු බව ඔවුන් සඳහන් කරනවා. පැය 24ක හමුදා මැදිහත්වීමක් සිදු කිරීමෙනුයි ගැටුම් මැඩපවත්වා ඇත්තේ. ජාත්‍යන්තර වශයෙන් ආමේනියාව සැලකෙන්නේ අසර්බයිජානයේ කොටසක් ලෙසයි. එහෙත්...
Read More »

Sep 20

මිනිස් මොළයට චිප් එකක් බද්ධ කිරීමට සැරසෙන ඊලෝන් මස්ක්  

0 comments

ලොව ධනවත්ම මිනිසා ලෙස සැලකෙන්නේ ටෙස්ලා, ස්පේස් එක්ස් සහ ට්විටර් සමාගම් හිමි ඊලෝන් මස්ක් ය. ඔහු මේ වන විට නවෝත්පාදන සමාගම නියුරලින්ක්, නව අදියරයකට පිවිස තිබෙනවා. ඒ අංශභාගයෙන් අප්‍රාණික ව සිටින රෝගීන්ට චලනය ලබාදීමට උත්සාහ කරන නියුරලින්ක් පරිගණක චිපයේ මානව පරීක්ෂාවන් සඳහා අවසර හිමි වීමත් සමඟයි. ඒ සඳහා එනම් මිනිස් මොළයට ආගන්තුක කෘත්‍රීම මෙවලමක් සවිකිරීමේ අවදානම නිසා ඒ සඳහා මෙතෙක් අවසර හිමි වූයේ නැහැ. කොඳුඇට පෙළට සිදු වූ හානියකින්...
Read More »

Sep 20

නිපා වෛරසය තවත් රටවල් රැසකට ව්‍යාප්ත වෙයි  

0 comments

නිපා වෛරසය ඉන්දියාවේ මෙන්ම තවත් රටවල් රැසක ව්‍යාප්ත වී තිබෙනවා. ඒ අනුව බංගලාදේශය සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නිපා වෛරසය කේරළ ප්‍රාන්තයේ පැතීර යන්නේ සිව්වන බවට වන අතර නිපා වෛරසය යනු Paramyxoviridae පවුලට අයත් RNA වෛරසයක් වනවා. මෙය අනාවරණය වූ පළමු රට මැලේසියාව වන අතර උණ,දැඩි හිසරදය, නිදිබර ගතිය සහ ව්‍යාකූලත්වය මෙන්ම සමහර අයට පපුවේ ආසාදන තත්ත්වයන් ද ඇතිවිය හැකියි. මෙම වෛරසය මිනිසුන්ට...
Read More »

Sep 20

ශ්‍රී ලංකාව න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට එකඟතාව පල කරයි  

0 comments

ශ්‍රී ලංකාව න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට එකඟතාව පල කළා. ඒ සමඟ ගිවිසුමේ 69 වන රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් වනවා. 2017 ජුලි 07 වනදා සම්මත කරන ලද නිව්යෝර්ක්හි එක්සත් ජාතින්ගේ න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අදාළ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව ද සහභාගී වුණා. එය සම්මත කිරීමට පක්ෂව ඡන්දය දුන් 122 දෙනා අතර ශ්‍රී ලංකාව ද සිටිනවා. ඒ අනුව ඊට අදාළ ගිවිසුමට එළඹීම සඳහා වන ලියකියවිලි අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ භාර දුන්නා. ඒ නිව්යෝර්ක්හි...
Read More »

Sep 20

ලිබියාවේ ඩර්නා නගරයේ නගරාධිපතිවරයාගේ නිවසට විරෝධතාකරුවන් ගිනි තබයි  

0 comments

ලිබියාවේ ඩර්නා නගරයේ නගරාධිපතිවරයාගේ නිවස විරෝධතාකරුවන් ගිනි තබා විනාශ කර තිබෙනවා. පසුගිය සතියේදී ලිබියාවට බලපෑ අයහපත් කාලගුණයත් සමඟ අධික වර්ෂාපතනයක් ලැබීමෙන් ඩර්නා නගරයේ වේලි දෙකක් බිඳී ගියා. ඒ සමඟ හටගත් ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 4,000ට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය බවයි ජගත් සංවිධානය පවසන්නේ. එමෙන්ම තවත් පුද්ගලයින් දසදහසකට වැඩි සංඛ්‍යාවක් අතුරුදන් බවද එම සංවිධානය පෙන්වා දෙනවා. පසුගිය සතියේ සිදුවූ අභාග්‍යසම්පන්න සිද්ධියට පිළිතුරු...
Read More »

Sep 20

ගිම්හාන සෘතුවේ ඇතිවිය හැකි ලැව්ගිනි සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දැඩි අවදානයෙන්  

0 comments

ගිම්හාන සෘතුවේදී ඇතිවිය හැකි ලැව්ගිනි සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් පසුවන බව ඕස්ට්‍රේලියා බලධාරීන් පවසනවා. මීට වසර හතරකට පමණ පෙර ගිනිකොනදිග ඕස්ට්‍රේලියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එවැනි බරපතල තත්ත්වයක් ඇති නොවීම සදහා සියලු අංශ දැඩි අවදානයෙන් පසුවන බව ඕස්ට්‍රේලියා මාධ්‍ය නිවේදනය කරනවා. ගිම්හාන සෘතුව තුළදී ඕස්ට්‍රේලියාවේ උෂ්නත්වය ඉහළ අගයක් ගතහැකි බවටයි කාලගුණ අංශ අනාවැකි පලකරන්නේ. මෙම මාසයේ දී...
Read More »

Sep 20

බංග්ලාදේශයේ ඩෙංගු රෝගීන් හා මරණ සංඛ්‍යාව ඉහළ ට  

0 comments

බංග්ලාදේශයේ දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන් හා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සඳුදා දිනයේ දී පමණක් බංග්ලාදේශයෙන් හමු වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 3084ක්. සිදුව ඇති මරණ සංඛ්‍යාව 17ක් බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. ඒ සමගම මෙම වසර තුළ දී එරටින් හමුවී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව එක්ලක්ෂ හැත්තෑදහස ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 839ක්. අගෝස්තු මාසයේ දී ආසාදිතයින් හැත්තෑදෙදහසකට ආසන්න සංක්‍යාවක් ද මෙම මාසයේ...
Read More »

Sep 19

සික් නායකයාගේ ඝාතනය ගැන පරීක්ෂණවලදී ඇමෙරිකාව සමඟ සමීපව කටයුතු කරන බව කැනඩාව කියයි  

0 comments

කැනඩා ජාතික සික් නායකයාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ වලදී ඇමෙරිකාව සමඟ සමීපව කටයුතු කරන බව කැනඩා රජය නිවේදනය කරනවා. කැනඩා ජාතික සික් නායක හර්දීප් සිං ඝාතනය ඉන්දීය රජයේ වුවමනාවට සිදුවූවක් බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ ප්‍රකාශ කිරීමත් සමඟ දෙරට අතර මතභේදාත්මක ගැටුම් උත්සන්න වුණා. එමෙන්ම ඊයේ දිනයේ දී ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු කැනඩාවෙන් පිටුවහල් කිරීමට කැනඩා රජය පියවර ගත්තා. ඊට ප්‍රතිචාර ලෙස කැනඩා රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට ඉන්දියාවෙන්...
Read More »

Sep 19

යුක්‍රේන ජනපති ජගත් මහා මණ්ඩල රැස්වීම අමතමින් ඉල්ලූ දේ  

0 comments

තම රටට එරෙහි රුසියා ආක්‍රමණය අවසන් කිරීමට එක් වන ලෙස යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ඉල්ලා සිටිනවා. ජගත් මහා මණ්ඩල රැස්වීම අමතමින් උද්වේගකර කතාවක් සිදු කරමින් සෙලෙන්ස්කි මේ බව කියා සිටියා. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ නපුර විශ්වාස කළ නොහැකි බවයි. සමස්ත ලෝකයම යුද්ධයක් කරා තල්ලු කිරීමටරුසියාව දරණ උත්සාහය ව්‍යර්ථ කළ යුතු බවයි යුක්‍රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මෙම ගැටුම්කාරී තත්ත්වය නිසා ලෝකයේ සෑම රටකම ආහාර මිල ගණන්වල...
Read More »

Sep 19

X ගිණුම් හිමියන්ගෙන් මාසේ ගානේ අය කිරීමක්?  

0 comments

සියලුම “X” ගිණුම් හිමියන්ගෙන් මාසිකව අය කිරීමක් කිරීමට බලාපොරොත්තු වන බව ඊලොන් මස්ක් පවසනවා ඔහු මේ බව පවසා ඇත්තේ ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග පැවති අදහස් හුවමාරුවකදීයි . එමගින් ව්‍යාජ ගිණුම් පවත්වා ගෙනයාම පාලනය කළ හැකි බවයි ඔහු සඳහන් කරන්නේ මේ වන විට X ගිණුම් හිමියන්ගෙන් කිසිදු මුදලක් අයනොකෙරෙන නමුත් එහි පරිශීලකයින්ට මුදල් ගෙවා X Premium හා සම්බන්ධ විය හැකියි. The post X ගිණුම් හිමියන්ගෙන් මාසේ ගානේ අය කිරීමක්?...
Read More »

Sep 19

පොලිස් නිලධාරීන් , පොලිස් සුනඛයින් හා පොලිස් ස්ථාන කුලියට  

0 comments

පොලිස් නිලධාරීන් , පොලිස් සුනඛයින් හා පොලිස් ස්ථාන කුලියට ලබාදීමට ඉන්දියාවේ කේරල ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. කේරල ප්‍රාන්ත රජයේ තීරණයත් සමග තම අවශ්‍යතාව මත ජනතාවට පොලිස් නිලධාරීන් / පොලිස් සුනඛයින් හා පොලිස් ස්ථාන කුලියට ගැනීමේ හැකියාව හිමිවනවා. ඒ අනුව පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙකු දිනකට ඉන්දීය රුපියල් 3,000 ත් 3,400ත් අතර මුදලකට ලබාගත හැකි බවයි වාර්තා වන්නේ. දිනකට රුපියල් 34,000ක පමණ මුදලක් වැය කිරීම හරහා පොලිස් පරීක්ෂකවරයෙකු...
Read More »

Sep 19

නැගෙනහිර ලිබියාවේ සියගණනක් පාරට බසී  

0 comments

නැගෙනහිර ලිබියානු නගරයක් වන ඩර්නාහි පදිංචිකරුවන් සිය ගණනක් පළාත් පාලන ආයතනවලට එරෙහිව විරෝධතා දැක්වූ බව විදෙස් මාධ්‍ය පවසනවා පසුගියදා පැවති අධික ගංවතුර හේතුවෙන් නගරයේ දහස් ගණනක් මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් විරෝධතාකරුවන් කියා සිටියේ ආපදාව පිළිබඳ කඩිනම් පරීක්ෂණ සහ වගකිව යුතු නායකයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවශ්‍ය බවයි. නගරයේ මුදල් පිළිබඳ විමර්ශනය කිරීමට සහ ඩර්නා නැවත ගොඩ නැගීම...
Read More »

Sep 18

ඉරානය ඇමෙරිකා ජාතික සිරකරුවන් පස් දෙනෙකු නිදහස් කරයි  

0 comments

ඇමෙරිකා ජාතික සිරකරුවන් පස් දෙනෙකු නිදහස් කිරීමට ඉරානය පියවර ගෙන තිබෙනවා. ඉරානය හා ඇමෙරිකාව අතර එළඹුනු එකඟතාවයකට අනුවයි මෙම සිරකරුවන් නිදහස් කිරීම සිදු කෙරුණේ. එහි මැදිහත්කරුවෙකු ලෙස කටාර් රාජ්‍ය කටයුතු කළා. ඇමෙරිකා සිරකරුවන් 5 දෙනා නිදහස් කිරීමට පෙර ඉරානයට අයත් ඇමෙරිකා ඩොලර් බිලියන 6ක විදේශ සංචිත යළි එරටට ලබාදීමට ඇමෙරිකාව කටයුතු කර තිබෙනවා. එම මුදල් දෝහා රාජ්‍යයේ දකුණු කොරියාවට අයත් බැංකුවකට ගිණුම් ගත කර ඇති බව බීබීසී පුවත් සේවය...
Read More »

Sep 18

තායිවානය චීනයෙන් කළ ඉල්ලීම  

0 comments

දිගින් දිගටම සිදුකරන හමුදාමය මැදිහත්වීම් නතර කරන්නැයි තායිවානය චීනයෙන් ඉල්ලීමක් කරනවා. ඊයේ දිනයේ දී තායිවානය අවට ගුවන් කලාපයේ චීන හමුදාවට අයත් ගුවන් යානා 103ක් නිරීක්ෂණය වු බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම නාවික හමුදාවට අයත් නෞකා 9ක් ද සොයා ගෙන තිබෙනවා. තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා ගුවන් යානා 40ක් ද නිරීක්ෂණ කළ බවයි තායිවානය පෙන්වා දෙන්නේ. තම රට ස්වාධීන රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක බැවින් අනවශ්‍ය අත පෙවීම් සිදු...
Read More »

Sep 18

ජගත් මහ මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක්  

0 comments

ෆොසිල ඉන්ධන භාවිතය නතරකරන ලෙස ඉල්ලමින් දහස් සංඛ්‍යාත පිරිසක් ජගත් මහ මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා. අද ආරම්භ වූ එකසත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඉලක්ක කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. ෆොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හරහා දේශගුණික විපර්යාස ඇතිවන බවටයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ. මෑතකාලීනව ලෝකයේ බොහෝ රටවලට අධික ගංවතුර/ කුණාටු/ මෙන්ම අධික උෂ්ණත්වය ද බලපෑම් එල්ලකළා. මෙම විරෝධතාවලට...
Read More »

Sep 18

ගුවන් යානා දෙකක් එකිනෙක ගැටෙයි – නියමුවන් දෙදෙනෙක් මරුට  

0 comments

අමෙරිකාවේ නෙවාඩා හි රෙනෝ නගරයේ පැවති ජාතික ශූරතා ගුවන් සංදර්ශනය අතරතුර යානා දෙකක් ගොඩබෑමට යාමේදී ඒවා එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් ගුවන් නියමුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් එරට ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය, ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සහ පළාත් පාලන ආයතනය එක්ව පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. The post ගුවන් යානා දෙකක් එකිනෙක ගැටෙයි – නියමුවන් දෙදෙනෙක් මරුට appeared first on...
Read More »

Sep 17

ලිබියාවේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව 11,300 ක් දක්වා ඉහළට  

0 comments

ලිබියාවට බලපෑ ප්‍රබල ගංවතුරෙන් සතියකට පසු ආධාර ලබාදීමේ වැඩසටහන් වේගවත් කර තිබෙනවා. ගංවතුරෙන් දිවි ගලවා ගත් තිස් දහසක් පමණ නිවාස නොමැතිව සිටින අතර ඔවුන්ට පිරිසිදු ජලය, ආහාර, නවාතැන් සහ මූලික සැපයුම් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය පවසනවා. සුනාමියට සමාන හදිසි ගංවතුරක තර්ජනයක් ලිබියානු වෙරළබඩ නගරයක් වන ඩර්නා වෙත එල්ලවුණා. ඉන් දහස් ගණනක් මිය ගොස් සතියකට පසුව ද සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු වනවා. මේ අතර එම ප්‍රදේශයේ...
Read More »

Sep 17

සුඩාන ගැටුම් හේතුවෙන් කාර්ටූම් අගනුවර උසම ගොඩනැගිල්ල ගිනි ගෙන විනාශ වෙයි  

0 comments

සුඩාන ගැටුම් හේතුවෙන් කාර්ටූම් අගනුවර උසම ගොඩනැගිල්ල ගිනි ගෙන විනාශ වුණා. සුඩාන හමුදාව සහ ප්‍රතිවාදී කණ්ඩායම් අතර දරුණු සටනකින් පසු සුඩානයේ අගනුවර ගොඩනැගිලි මෙසේ ගිනිගෙන විනාශ වී තිබෙනවා .අන්තර්ජාලයේ පළ කරන ලද වීඩියෝ පටවලින් පෙන්නුම් කළේ කාර්ටූම්හි ග්‍රේටර් නයිල් පෙට්‍රෝලියම් තෙල් සමාගම් කුළුණ ගින්නෙන් විනාශ වී ඇති බවයි. මෙය සැබවින්ම දරා ගැනීමට අපහසුය යනුවෙන් ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ටග්‍රීඩ් අබ්දීන් ට්විටර් සටහනක්...
Read More »

Sep 17

ඉතාලි හමුදා ජෙට් යානයක් මෝටර් රථයක් මතට කඩා වැටෙයි  

0 comments

ඉතාලි හමුදා ජෙට් යානයක් මෝටර් රථයක් මතට කඩාවැටී තිබෙනවා. මෝටර් රථය තුළ සිටි පස් හැවිරිදි දැරියක් මියගොස් ඇයගේ සහෝදරයා බරපතල තුවාල ලැබුවා. ඉතාලි මාධ්‍ය සඳහන් කරන්නේ මෙම ජෙට් යානය කුරුල්ලන් රංචුවක ගැටී එම කුරුල්ලෙකු එන්ජිමට ඇතුළුවීමෙන් එය ක්‍රියා විරහිත වන්නට ඇති බවට සැක කෙරෙන බවයි. අනතුර සිදුවනවාත් සමඟ ගුවන් නියමුවා යානයෙන් බවතට විසිවී පැරෂුටයෙන් ආධාරයෙන් බැස ඇති බවද සඳහන්. ජෙට් යානය කඩාවැටීමත් සමඟ ගිනි ගැනීමක් ද සිදුව ඇති අතර...
Read More »

Sep 17

බ්‍රසීලයේ උතුරු ඇමසන් ප්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටෙයි  

0 comments

බ්‍රසීලයේ උතුරු ඇමසන් ප්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එලෙස අනතුරට පත්ව ඇත්තේ අමෙරිකානු සංචාරකයින් රැගත් ගුවන් යානයක්. අනතුර සිදුව ඇත්තේ, අයහපත් කාලගුණය හමුවේ යානය බාර්සිලෝස් හි ගුවන් තොටුපොළකට ගොඩබැස්වීමට උත්සාහ කිරීමේදීයි. අනතුර සිදුවන අවස්ථාවේ එහි සිට ඇත්තේ සංචාරකයින් 12 දෙනෙකු සහ ගුවන් නියමුවන් දෙදෙනායි. බ්‍රසීල බලධාරීන්...
Read More »

Sep 16

ලී සුළි කුණාටුවෙන් ඇමෙරිකාවට සහ කැනඩාවට දැඩි බලපෑම්  

0 comments

ලී සුළි කුණාටුවෙන් ඇමෙරිකාවට සහ කැනඩාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඇමෙරිකාවේ නිව් ඉංග්ලන්ඩ් සහ කැනඩාවේ ඇට්ලාන්ටික් කැනඩා යන ප්‍රදේශවලට අධික වැසි ඇද හැලුනු බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සුළි කුණාටුව හේතුවෙන් එම රටවල වෙරළබඩ ප්‍රදේශයේ අඩි 20ක පමණ මුහුදු රළ ඉහළ යාමේ අවදානමක්ද පවතිනවා. ප්‍රාන්ත කිහිපයකට ජල ගැලීම් තත්ත්වයක්ද පවතින බවයි ඇමෙරිකානු සුළි කුණාටු මධ්‍යස්ථානය සඳහන් කළේ. මේන් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට...
Read More »

Sep 16

සුළි කුණාටුවක් නිසා චීනය කිලෝ 50ට අඩු පුද්ගලයින්ට පිටතට පැමිණීම තහනම් කරයි  

0 comments

ගුවැන්ඩොං පළාතේ පරිපාලන නිලධාරීන් විසින්, චීනයේ ගුවැන්ඩොං පළාතට බලපෑ ප්‍රචණ්ඩ saola සුළි කුණාටුව නිසා කිලෝ 50ට අඩු පුද්ගලයින්ට පිටතට පැමිණීම තහනම් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතට Saola Typhon සුළි කුණාටුව හටගෙන ඇති අතර ඒ නිසා එක් අයෙකු මිය ගොස් තිබෙන බවයි. හොංකොං හි ආසියානු මූල්‍ය කේන්ද්‍රස්ථානය සහ චීනයේ ජනාකීර්ණ පළාතක් වන Guangdong නගරයේ සිකුරාදා ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති අතර Saola...
Read More »

Sep 16

පොසිල ඉන්ධන භාවිතය නවත්වන්නැයි ඉල්ලමින් ලොව පුරා විරෝධතා මාලාවක්  

0 comments

පොසිල ඉන්ධන භාවිතය නවත්වන්නැයි ඉල්ලමින් ලොව පුරා විරෝධතා මාලාවක් ක්‍රියාත්මක වනවා. ගෝලීය දේශගුණික විපර්යාස සඳහා ෆොසිල ඉන්ධන භාවිතය හේතුවක් බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ. ඊයේ , අද සහ හෙට රටවල් 54ක වීදි පුරා පෙළපාලිවලින් ගමන් කරමින් මෙම විරෝධතා පැවැත්වෙනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ මිහිතලය උණුසුම් කරන පොසිල ඉන්ධන දහනය කිරීම ක්‍රමයෙන් ඉවත් කළ යුතු බවයි. ගංවතුර, ලැව්ගිනි සහ නියඟයෙන් වැඩි මරණ සංඛ්‍යාවක් සිදුවූ සහ ආර්ථික විනාශයක් සිදුවූ...
Read More »

Sep 16

යුරෝපා සංගමය රටවල් පහකට පැනවූ තහනම තවදුරටත් දීර්ඝ කෙරේ  

0 comments

හංගේරියාව, පෝලන්තය හා ස්ලෝවැකියාව , යුක්‍රේන ධාන්‍ය සඳහා වන තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. යුරෝපා සංගමය යුක්‍රේනයේ අසල්වැසි රටවල් පහකට බලපාන පරිදි තහනමක් පැනවීමට කටයුතු කර තිබුණා. ඒ යුක්‍රේනයෙන් සිදු කෙරෙන ආනයන සඳහායි. මැයි මාසයේදී යුරෝපා සංගමය පනවන ලද සීමා කිරීම් මගින් පෝලන්තය, බල්ගේරියාව, හංගේරියාව, රුමේනියාව සහ ස්ලෝවැකියාවට යුක්‍රේන තිරිඟු, බඩ ඉරිඟු සහ සූරියකාන්ත බීජ දේශීය අලෙවිය තහනම් කර තිබෙනවා. යුරෝපා කොමිසමේ තීරණය ...
Read More »

Sep 15

මංගෝසුතු බුතෙලෙසිගේ අවසන් කටයුතු වෙනුවෙන් විශාල පිරිසක් එක්වෙයි  

0 comments

දකුණු අප්‍රිකාවේ ප්‍රධාන දේශපාලන චරිතයක් වූ මංගෝසුතු බුතෙලෙසිගේ අවසන් කටයුතු වෙනුවෙන් විශාල පිරිසක් එක්ව සිටිනවා. දකුණු අප්‍රිකාවේ සුළු ජන කොට්ඨාසයේ නායකයා ලෙස බුතෙලෙසි කටයුතු කළා. ඔහුගේ අවමංගල්‍ය උත්සවය උලුන්ඩි හිදී අද පැවැත්වෙනවා. බුතෙලෙසි මිය යන විට වයස අවුරුදු 95 ක්. ඔහු දකුණු අප්‍රිකාවේ අමාත්‍ය ධුර ගණනාවක කටයුතු කළා. වර්ණ භේද වාදයට එරෙහි සටනේ දී ඔහු දැවැන්ත කාර්යභාරයක් ඉටුකළා. උලුන්ඩි හි ක්වා පින්ඩන්ජීන් මාලිගය වෙත බුතෙලෙසිගේ...
Read More »

Sep 15

ලිබියාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 11,300ක් දක්වා ඉහළට  

0 comments

ලිබියාවේ වෙරළබඩ නගරයක් වන ඩර්නා හි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 11,300 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලිබියාවේ ඩර්නා නගරයට බලපෑ කුණාටුවත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් තවත් 10,100 දෙනෙකු පමණ අතුරුදන්ව සිටිනවා. ලිබියාවේ වෙරළබඩ නගරයක් වන ඩර්නා වෙත බලපෑ අධික වර්ෂාවෙන් වේලි දෙකක් කැඩී යාමෙන් පසුවයි මහා ගංවතුර තත්ත්වයක් ඇති වුණේ. ඩර්නා හි නගරාධිපති අබ්දෙල්-මොනීම් අල්-ගයිති පැවසුවේ මියගිය සංඛ්‍යාව 20,000 දක්වා ඉහළ යා හැකි බවයි. පසුගිය ඉරිදා රාත්‍රියේ...
Read More »

Sep 15

පිටසක්වල ජීවයක් පවතින බව විශ්වාස කරනවා – නාසා ආයතනයේ ප්‍රධානියා කියයි  

0 comments

පිටසක්වල ජීවයක් පවතින බව තමන් ද විශ්වාස කරන බව නාසා ආයතනයේ ප්‍රධානි බිල් නෙල්සන් සඳහන් කරනවා. ඔහු මේ බව සදහන් කළේ  වොෂින්ටනයේ දී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එමෙන්ම හඳුනා නොගත් පියාසර වස්තූන් හා ඒ හා සමාන සංසිද්ධි පිළිබඳව විමර්ශනය සඳහා නව අධ්‍යක්ෂවරයෙකු පත් කිරීමට බව පියවර ගෙන තිබෙනවා. ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් නාසා ආයතනයේ ප්‍රධානියා හෙළි නොකර ඇති බවයි වාර්තා වන්නේ. පසුගියදා මෙක්සිකෝවේ දී පිටසක්වල ජීවීන්ගේ සිරුරු...
Read More »

Sep 15

බංග්ලාදේශ අධිකරණයක් මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකුට සිර දඬුවම් නියම කරයි  

0 comments

බංග්ලාදේශ අධිකරණයක් මගින් එරට ප්‍රසිද්ධ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකුට වසර දෙකක සිර දඩුවම් නියම කර තිබෙනවා. විචාරකයන් පවසන්නේ මෙය මැතිවරණයට පෙර සිදු කරන මර්දනයේ කොටසක් බවයි. අදිලූර් රහ්මාන් ඛාන් සහ නසිරුදීන් එලන් යන දෙදෙනා බංග්ලාදේශය තුළ ප්‍රබල මානව හිමිකම් ක්‍රියාකාරීන් වනවා. ආරක්ෂා හමුදා සිදු කළ බව කියන ඝාතන පිළිබද 2013 ඉදිරිපත් කළ වාර්තාවක් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රකාශයට පත් කළ බවට චෝදනා කරමිනුයි සිර දඩුවම් නියම...
Read More »

Sep 15

කෘත්‍රිම බුද්ධිය තුළින් මතුවන අවදානම ගැන ඊලෝන් මස්ක් ගෙන් අනතුරු ඇඟවීමක්  

0 comments

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පාලනය නොකළ හොත් මනුෂ්‍ය වර්ගයාට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති බව ස්පේස් එක්ස් ඇතුළු දැවැන්ත තාක්ෂණක සමාගම් කිහිපයක හිමිකරුවෙකු  වන ඊලෝන් මස්ක් පවසනවා. වොෂින්ටනයේ පැවති තාක්ෂණික නායක සමුළුවකදී ඔහු මේ බව පවසා ඇත්තේ. බිල් ගේට්ස්, සකර්බර්ග් ඇතුළු දැවැන්ත තාක්ෂණික සමාගම්වල අයිතිකරුවන් මෙම කෘත්‍රිම බුද්ධි ආරක්ෂිත සංදයට එක්ව සිටියා. එය අවසානයේ වාර්තාකරුවන් හමුවී ඊලෝන් මස්ක් තවදුරටත් පවසා තිබුණේ...
Read More »

Sep 14

ජපාන කැබිනට් මණ්ඩලයට කාන්තාවන් පස් දෙනෙක්  

0 comments

ජපාන කැබිනට් මණ්ඩලයට කාන්තාවන් පස් දෙනෙකු පත් කර තිබෙනවා. මෙය 2014 සිට සිදු කෙරුණු ප්‍රධාන පෙලේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජපාන අග්‍රමාත්‍ය ෆුමියෝ කිෂිඩා සිය කැබිනට් මණ්ඩලයට කාන්තාවන් 05 දෙනෙකු පත් කිරීම ඉතා සාධනීය පියවරක් බව සඳහන් වනවා. කැබිනට් මණ්ඩලයට එක් වූ කාන්තා මන්ත්‍රීවරියන්ගෙන් එක් අයෙකු වන්නේ මීට දශක දෙකකට පෙර එරට විදේශ කටයුතු පිළිබඳ ප්‍රථම අමාත්‍යවරිය වූ යෝකෝ කමිකාවායි. ඇය අමාත්‍ය ධුරයට...
Read More »

Sep 14

ලිබියාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් වැඩිවිය හැකියි  

0 comments

ලිබියාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව විසිදහසක් විය හැකි බවට ඊයේ ප්‍රකාශ කළද එම සංඛ්‍යාව තවදුරටත් වැඩිවිය හැකි බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ. ලිබියාවේ ඩර්නා නගරයෙන් පිටත වේලි දෙකක් කැඩී යාමෙන් දහස් ගණනකට ජීවිත අහිමි වුණා. තම ඇස් ඉදිරියේ ආදරණීයයන් ජලයේ ගසාගෙන යාම ඉවසිය නොහැකි කරුණක් බව දිවි ගලවා ගත් අය පවසනවා. තවත් අය පවසන්නේ ගංවතුර භූමි කම්පාවක් මෙන් දැණුනු බවයි. දිවි බේරා ගත් අය සුන්බුන් අසල ගැවසෙමින් තම ආදරණීයයන් පිළිබඳ මතකයන්...
Read More »

Sep 14

මාරාන්තික වෛරසයක් නිසා පාසල් වසා දමයි  

0 comments

දකුණු ඉන්දියාවේ කේරළය ප්‍රාන්තයෙන් වාර්තා වූ Nipah වෛරසය වැළඳි පුද්ගලයින් දෙදෙනෙකු මිය යාමෙන් පසුව, එය පැතිරීම වැළැක්වීම සඳහා පාසල් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කේරළ ප්‍රධාන අමාත්‍ය Pinarayi Vijayan කියා සිටියේ ප්‍රාන්තයේ Kozhikode දිස්ත්‍රික්කයෙන් වෛරසය හඳුනාගෙන ඇති බවයි. එමෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසද ජනතාවට දැනුම්දී තිබෙනවා. වෛරසයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට ප්‍රකාශයක්...
Read More »

Sep 14

ලිබියාවේ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි?  

0 comments

ලිබියාවේ ඩර්නා නගරයේ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව විසිදහස ඉක්මවනු ඇති බවට බිය පළව තිබෙනවා ඩර්නා ආණ්ඩුකාරවරයාගේ ඇස්තමේන්තුවලට අනුව 18000ත් , 20000ත් අතර පිරිසක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. තිස් දහසක් අතුරුදන්ව සිටින බව එරට වාර්තා සඳහන් කරනවා. ගංවතුරත් සමග බොහෝ දෙනෙකු මුහුදට ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ගංවතුරෙන් දිවි ගලවාගත් අය ද අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම්වලට එක්ව සිටිනවා. රෝහල් සහ මෘත ශරීරාගාර මලසිරුරුවලින් පිරී ඇති...
Read More »

Sep 14

රුසියාවේ නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට ප්‍රහාරයක්  

0 comments

යුක්‍රේනය ක්‍රිමියාවේ රුසියානු නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා ඉන් රුසියානු යුද නැව් දෙකකට හානි සිදුවී, 24 දෙනෙකු තුවාල ලබා ඇතිඇති බවයි පැවසෙන්නේ යුක්‍රේන සන්නද්ධ හමුදා කෲස් මිසයිල 10 ක් සහ මිනිසුන් රහිත බෝට්ටු 3 කින් රුසියාව සිය කළු මුහුදේ බලඇණියේ අලුත්වැඩියා කඳවුරක් ලෙස භාවිතා කරන Sevastopol හි Sergo Ordzhonikidze නැව් අංගනයට ප්‍රහාර එල්ල කළ බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරනවා The post රුසියාවේ...
Read More »

Sep 13

කිම් ජොන් උන්ගේ ආරාධනය පුටින් පිළිගනී  

0 comments

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් අතර අඛණ්ඩව සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වනවා. එහිදී අවි ගණුදෙනුවක් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වනු ඇතැයි යන්න අපේක්ෂාවයි උතුරු කොරියා නායකයා ඔහුගේ පෞද්ගලික දුම්රියෙන් රුසියාවට පැමිණියා. දෙරටේ නායකයන් මුලින්ම හමු වූයේ වොස්ටොච්නි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදීයී. හමුදා සහයෝගීතාව සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානය යොමුව තිබෙනවා. චන්ද්‍රිකා තාක්ෂණය ඇතුලු ඕනෑම උදව්වක්...
Read More »

Sep 13

Mexican Congress හි දී මිනිසුන් නොවන ජීවීන් දෙදෙනෙකුගේ සිරුරු 2ක් ප්‍රදර්ශනයට  

0 comments

Mexican Congress හි දී මිනිසුන් නොවන ජීවීන් දෙදෙනෙකුගේ සිරුරු 2ක් ප්‍රදර්ශනය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය සඳහන් කළේ “ලොව ප්‍රථමවරට පිටසක්වල ජීවින් ප්‍රදර්ශනය කෙරේ” යනුවෙන් ය. මෙම සිරුරු වසර 1000කට ආසන්න කාලයක් පැරණි බවට හෙළි වී ඇති අතර මෙම සිරුරු පතල්වලින් සොයාගෙන ඇති බව පැවසේ. මෙහි විශේෂත්වය වන්නේ මෙම සිරුරුවල DNA සාම්පල සාමාන්‍ය මිනිසුන්ගේ DNA සාම්පල සමග නොගැළපෙන බව විද්‍යාත්මකව තහවුරු වීමයි. The post Mexican Congress...
Read More »

Sep 13

මොළයේ සෛල විනාශ කරනා “නිපා” නම් දුර්ලබ ගණයේ වෛරසයක්  

0 comments

“නිපා” නම් දුර්ලබ ගණයේ වෛරසයක් පිළිබඳව ඉන්දියාවෙන්  වාර්තා වනවා. එම වෛරසය ආසාදනයෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව එක් පුද්ගලයෙකු අගෝස්තු මාසයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා මීට දින කිහිපයකට පෙරදීයි මිය ගොස් තිබෙන්නේ. ඔවුන් එකම පවුලේ සාමාජිකයින් වන බවත් තවත් දෙදෙනෙක් ට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙනවා. නිපා වෛරසය හේතුවෙන් මොළයේ සෛල විනාශ වන බවයි වාර්තා වන්නේ. එය...
Read More »

Sep 13

වියට්නාමයේ මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

වියට්නාමයේ හැනෝයි අගනුවර මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගින්නෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති මහල් නිවාස සංකීර්ණයක් තුළ තවත් පිරිසක් සිරව සිට ඇති බවයි වාර්තා වන්නේ. මහල් 09 කින් සමන්විත ගොඩනැගිල්ල තුළ සිරව සිටි 70 දෙනෙකු  පමණ බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීමට ගිනිනිවන අංශ වෙත මේ වන විට හැකියාව ලැබී ඇති බවද සදහන්. ඊයේ රාත්‍රී 11ට පමණ එක්වරම...
Read More »

Sep 13

බංග්ලාදේශයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි  

0 comments

බංග්ලාදේශයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. මෙම වසරේදී ඩෙංගු රෝගය හේතුවෙන් රෝහල්ගත වී ඇති සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහසකට අධික බවයි බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. ඩෙංගු රෝගය හේතුවෙන් අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව හත්සිය හතළිස් එකක්. ඊයේ දිනයේ දී නව ඩෙංගු මරණ 11 ක් සහ රෝගීන් 2944 දෙනෙකු හමු වී තිබෙනවා. හමුවන රෝගින්ගෙන් බහුතර සංඛ්‍යාවක් ඩකා අගනුවරින්...
Read More »

Sep 13

දිල්ලි නගරය තුළ ගිණිකෙළි භාවිතය යළිත් වරක් තහනම් කෙරේ  

0 comments

ඉන්දියාවේ දිල්ලි නගරය තුළ ගිණිකෙළි භාවිතය යළිත් වරක් තහනම් කර තිබෙනවා. වායු දූෂණය අවම කිරීමේ අරමුණිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. දීපාවලී උත්සව සමයේදී ඉන්දියාවේ ගිණිකෙළි භාවිතය වාර්තා ගත ලෙස ඉහළ මට්ටමක පවතින අතර ඊට සමගාමීව වායු දූෂණය ද ඉහළ යනවා. නව තහනමත් සමඟ ගිණිකෙළි නිෂ්පාදනය, ගබඩා කිරීම, වෙළෙදසැල් තුළ අලෙවිය, ඔන් ලයින් වෙළෙදාම, හා භාවිතය සපුරා තහනම් වනවා. එමෙන්ම ගිණිකෙළි සඳහා අවසර පත් නිකුත් කිරීමද තහනම් කරන ලෙසයි ප්‍රාන්ත...
Read More »

Sep 12

උ.කොරියාව කෙටි දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි  

0 comments

උතුරු කොරියාව අද දිනයේදීත් කෙටි දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව පවසනවා. උතුරු කොරියාව අත්හදා බැලූ මිසයිලය ජපාන මුහුදට පතිත වූ බවයි ජපානයේ එන්.එච්.කෝ පුවත් සේවය සඳහන් කරන්නේ. මිසයිලය ගමන් ආරම්භ කර මිනිත්තු 05 ක පමණ කාලයකට පසු මෙලෙසෙ මුහුදට පතිත වී තිබෙනවා. අත්හදා බැලූ මිසයිලය කුමන වර්ගයට අයත් මිසයිලයක් ද යන්න මෙතෙක් හඳුනාගෙන නැහැ. උතුරු කොරියා නායක කිම් ජෝන්ග් උන් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් හමුවීම...
Read More »

Sep 12

ලිබියාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 2300ක් දක්වා ඉහළට  

0 comments

ලිබියාවේ ගංවතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 2300 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගංවතුරට හසුවීමෙන් තවත් පුද්ගලයින් දස දහසක් පමණ අතුරුදන්ව ඇති බවයි සහන කණ්ඩායම් සඳහන් කරන්නේ. ලිබියාවට බලපෑ ඩැනියෙල් සුළි කුණාටුව හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා අධික වර්ෂාපතනයක් ඇද හැලුනා. ඒත් සමඟම වේලි දෙකක් හා පාලම් හතරක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් ජලාශයන්හි ජලය පිටාර ගලා ඇති අතර සුනාමි තත්ත්වයක් ඇති වූ ආකාරයක් දක්නට ලැබුණු...
Read More »

Sep 12

ඉම්රාන් ඛාන්ට ලැබුණු අවසරය  

0 comments

හිටපු පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට ඔහුගේ පුතුන් සමග දුරකථනයෙන් කතා කිරීමට විශේෂ අධිකරණ අවසරයක් දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ මෙම අවසරය හිමි වන බවයි සඳහන් වන්නේ ඉම්රාන් ඛාන් තම නීතීඥයින්ට මෙන්ම තම පුතුන්ටද කතා කිරීමට ඉල්ලා සිටින්නේ දැන් බොහෝ කාලයක සිටයි . ඉම්රාන් ඛාන්ගේ නීතීඥයෙකු වන ෂීරාස් අහමඩ් රන්ජා පවසා තිබෙන්නේ ඉම්රාන් ඛාන් සහ ඔහුගේ පුතුන් අතර දුරකථන සංවාදයකට ඉඩ දෙන ලෙස අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට...
Read More »

Sep 11

උතුරු කොරියා නායකයා රුසියාවේ විශේෂ සංචාරයක  

0 comments

උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් රුසියාවේ විශේෂ සංචාරය සඳහා පිටත්ව ගොස් තිබෙනවා. රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමේ අරමුණෙනුයි උතුරු කොරියා නායකයා රුසියා සංචාරයේ නිරත වන්නේ. දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයයේ සිදුකරන මෙම සංචාරයේදී උතුරු කොරියා නායකයා ගමන් කරන්නේ වෙඩි නොවදින දුම්රියකින් බව වාර්තා වනවා. එමෙන්ම එම දුම්රිය ආයුධ සන්නද්ධ බවද සදහන්. සංචාරය අතරතුරදී රුසියාව හා උතුරු කොරියාව අතර අවි ආයුධ සම්බන්ධයෙන්...
Read More »

Sep 11

පාකිස්ථානයේ රෝහලක් අසල පිපිරීමක්  

0 comments

පාකිස්ථානයේපෙෂාවර් නගරයේ රෝහල් සංකීර්ණයක් අසල බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා. ආරක්ෂක අංශ රැගත් රථයක් ඉලක්ක කරගනිමින් පිපිරීම සිදු ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පිපිරීමෙන් ආරක්ෂක නිලධාරියෙකු මිය ගොස් පැරාමිලිටරි භටයන් හතර දෙනෙකු ඇතුළු තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම කිසිදු ත්‍රස්ත සංවිධානයක් විසින් මෙතෙක් භාර ගෙන නැහැ The post පාකිස්ථානයේ රෝහලක් අසල පිපිරීමක්...
Read More »

Sep 11

නයිල් ගංගාව හරස් කර හැදූ වේල්ල ගැන විරෝධතා  

0 comments

ඉතියෝපියාව නයිල් ගඟ හරස් කර ඉදිකර ඇති වේල්ලට ඊජිප්තු ඇතුලු රටවල් රැසක් විරෝධය පළ කරනවා. නිල් නයිල් ගංගාව හරස් කර ජල විදුලිය නිපදවීම සදහා ඉදිකර ඇති වේල්ල දැඩි මතභේදයකට තුඩු දී තිබෙනවා. 2011 වසරේ දී එහි ඉදි කිරීම් ආරම්භ කළ අතර මේ සදහා ඩොලර් බිලියන 4.2ක මුදලක් වැයකර තිබෙනවා. එහි සිව්වන සහ අවසාන කොටස ජලයෙන් පිරවීමේ කටයුතු මේ වන විට සිදුකර ඇති බවයි ඉතියෝපියා අග්‍රාමාත්‍ය අභි අහමඩ් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් 2022 වසරේ සිට විදුලිය නිපදවීම...
Read More »

Sep 11

චීනය සමඟ විවෘත සංවාදයක් අවශ්‍යයි – බ්‍රිතාන්‍ය  

0 comments

චීනය සමඟ විවෘත සංවාදයක් අවශ්‍ය බව බ්‍රිතාන්‍යය අවධාරණය කරනවා. ජී 20 සමුළුව අතරතුර බ්‍රිතාන්‍යය හා චීන අගමැතිවරුන් හමු වු අවස්ථාවේ දී ඒ පිළිබද සාකච්ඡා වුණා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් හා චීන අග්‍රාමාත්‍ය ලී කර්චියැන්ග් අතර පැවති සාකච්ඡාවේ දී චීනය සිදුකළ අනවශ්‍ය මැදිහත්වීම් පිළිබද බ්‍රිතාන්‍යය කනස්සල්ල පළ කර තිබෙනවා. චීන නිල රහස් පනතට අනුව බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබද එහිදි සාකච්ඡා වී තිබෙනවා. පසුව...
Read More »

Sep 11

නයිජීරියාවේ බෝට්ටුවක් පෙරලීමෙන් 26ක් මරුට  

0 comments

උතුරු නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 26 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා මෙම යාත්‍රාව පෙරළීමට පෙර ප්‍රාන්තයේ මොක්වා පළාත් පාලන ප්‍රදේශයේ ජෙබ්බා සහ කයින්ජි වේල්ල අතර ජීවත් වන කාන්තාවන් සහ ළමුන් ඇතුළු මගීන් 100කට අධික සංඛ්‍යාවක් රැගෙන යමින් සිටි බවයි පැවසෙන්නේ නයිජර් ප්‍රාන්ත හදිසි කළමනාකරණ ඒජන්සිය ,සමුද්‍ර පොලිසිය සහ ප්‍රාදේශීය කිමිදුම්කරුවන් එක්ව ඒකාබද්ධ ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින්...
Read More »

Sep 10

35කට මරු කැඳවූ ප්‍රහාරය  

0 comments

සුඩානයේ අගනුවරවන කාර්ටූම් හි ජනාකීර්ණ වෙළඳපොළකට ප්‍රහාරයක් එල්ලවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා ප්‍රහාරයෙන් 60 දෙනෙකුට වැඩි පිරිසක් ද තුවාල ලබා ඇති බවයි වාර්තා කර ඇත්තේ. සුඩානයේ පසුගිය අප්‍රේල් මාසයේදී යුද ගැටුම් ආරම්භවීමෙන් පසු මිලියන පහකට පමණ මිනිසුන්ට තම නිවෙස්වලින් පලා යාමට සිදුවුණු අතර දහස් ගණනකට ජිවිත අහිමිවී තිබෙනවා ගැටුමෙන් දරුණු ලෙස පීඩාවට පත්ව ඇත්තේ කාර්ටූම් සහ ඩාර්ෆූර් හි බටහිර...
Read More »

Sep 10

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මිය ගිය ගණන 2200කට ආසන්න වෙයි  

0 comments

මොරොක්කෝවේ භූකම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 2200කට ආසන්න වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. පසුගිය සිකුරාදා දිනයේ දී මොරොක්කෝවේ මාරකේෂ් ප්‍රදේශයට බලපෑ රිච්ටර් පරිමාණ 6.8ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 2400 ඉක්මවා ඇති බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. සුන්බුන් තුළ සිරව සිටින පිරිස් සොයා සිදු කෙරෙන මෙහෙයුම් වේගවත් කර තිබෙනවා. කෙසේ වුවද කදුකර ප්‍රදේශයන් වෙත ළගා වීමට සහන කණ්ඩායම් හට තවමත් හැකියාවක්...
Read More »

Sep 10

සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 22 යි  

0 comments

ත්‍රස්තවාදයේ බිහිසුණු බව ලොවටම තහවුරු කළ සැප්තැම්බර් 11 ප්‍රහාරය සිදු වී අදට වසර 22 ක් සපිරෙනවා. සැප්තැම්බර් 11 හෙවත් නවයයි – එකොළහ යන නාමයෙන් හැදින්වෙන 2001 අවුරුද්දෙ සැප්තැම්බර් 11වනදා ඇමෙරිකාවේ ලෝක වෙළෙද මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 22 ක් සපිරෙනවා. විසිඑක්වන සියවයේ සිදුවූ වඩාත්ම සංවිධානාත්මක හා බිහිසුණුම ත්‍රස්ත ක්‍රියාව ලෙසයි මෙම ප්‍රහාරය සැළකෙන්නේ. කණ්ඩායම් 4 ක් ලෙස සංවිධානය වූ ත්‍රස්ත...
Read More »

Sep 10

මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් විපක්ෂ අපේක්ෂකයා ඉදිරියෙන්  

0 comments

මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් විපක්ෂ අපේක්ෂක මොහොමඩ් මුයිසු පෙරමුණේ පසුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඊයේ පැවති මාදිවයිනේ ජනාධිපතිවරණයේ ඡන්ද ගනන් කිරීම මේ වනවිට සිදුකෙරෙනවා. දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව 46%ක ප්‍රතිශතයක් ලබා ගනිමින් මාලේ නගරාධිපති මොහොමඩ් මුයිසු ඉදිරියෙන් පසුවන බවයි වාර්තා වන්නේ. එරට ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලිට ලබාගැනීමට හැකිව ඇත්තේ 39%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් බවද සඳහන්. ඉන්දියාවේ මැද්හත්වීම් සීමා කිරීම...
Read More »

Sep 10

බ්‍රිතාන්‍යයේ බන්ධනාගාරයකින් පැන ගිය ත්‍රස්තවාදී සැකකරු යළි අත්අඩංගුවට  

0 comments

බ්‍රිතාන්‍යයේ වැන්ඩ්ස්වර්ත් බන්ධනාගාරයෙන් පළාගිය ඩැනියෙල් කාලයිෆ් නමැති ත්‍රස්තවාදී සැකකරු යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය බදාදා දිනයේ දී ඩැනියෙල් කාලයිෆ් වැන්ඩ්ස්වර්ත් බන්ධනාගාරයෙන් පලාගියා. බන්ධනාගාරයේ සිට සැතපුම් 14ක් පමණ දුරින් පිහිටි ස්ථානයකදී ඔහුව අත්අඩංගුවට ගත් බවයි ස්කොට්ලන්යාඩ් පොලීසිය නිවේදනය කරන්නේ. ඔහුව යළි අත්අඩංගුවට ගැනීම සඳහා CCTV දර්ශන උපයෝගී කරගත් අතර මහජන සහාය අඛණ්ඩව ලැබුණු බවයි පොලීසිය සඳහන් කරන්නේ. ඩැනියෙල්...
Read More »

Sep 09

බ්‍රසීලයේදී පුටින්ව අත්අඩංගුවට ගැනීමක් කිසිදු ලෙසකින් සිදු නොවන බව ලූලා පවසයි  

0 comments

බ්‍රසීලයේදී රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ව අත්අඩංගුවට ගැනීමක් කිසිදු ලෙසකින් සිදු නොවන බව බ්‍රසීල ජනාධිපතිවරයා පවසනවා. 2024 ජී 20 සමුළුව බ්‍රසීලයේ රියේදි ජෙනයිරෝ අගනුවරදී පැවැත්වීමට නියමිතයි. ඊට සහභාගී වීම සඳහා තමා රුසියා ජනාධිපතිවරයාට ආරාධනා කරන බව බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා පවසනවා. මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙන ජී 20 සමුළුවට පුටින් ජනාධිපතිවරයා සහභාගී වන්නේ නැහැ. යුක්‍රේනයේ සිදු කරන යුද මෙහෙයුම් හේතුවෙන් රුසියා ජනාධිපතිවරයාව...
Read More »

Sep 09

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව දෙදහස ඉක්මවයි  

0 comments

මොරොක්කෝවට බලපෑ භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව දෙදහස ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මධ්‍යම මොරොක්කෝවට බලපෑ රිච්ටර් පරිමාණ 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයෙන් තවත් පුද්ගලයින් 1,500ට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව  එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසනවා. මාරකේෂ් සිට නිරිත දෙසින් කිලෝමීටර් 71 ක් දුරින් හයි ඇට්ලස් කදුකරයේ කිලෝමීටර් 18.5 ක් ගැඹුරින් මෙම භූ කම්පනය ඇති වූ බවයි ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ...
Read More »

Sep 09

පාප්තුමන් හමුවූ හොලිවුඩ් නළු සිල්වෙස්ටර්  

0 comments

අතිශය ජනප්‍රිය හොලිවුඞ් ක්‍රියාදාම නළු සිල්වෙස්ටර් ස්ලැටෝන් සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්  හමුවී තිබෙනවා. 77 හැවිරිදි හොලිවුඞ් සුපිරි තරුව, පාප්තුමන් හමුවූයේ ඔහුගේ බිරිඳ ජෙනිෆර්, දියණියන් වන සෝපි, සිස්ටීන්, ස්කාලට් සහ සොහොයුරා ෆ්රෑන්ක් ද සමඟයි. ‘මා ඔබේ සිනමා නිර්මාණ නරඹා තිබෙනවා.’ යැයි පාප්තුමන් ස්ටැලෝන්ට පවසද්දී, ස්ටැලෝන් පාප්තුමන්ට ස්තුතිය පුද කර තිබෙනවා. ස්ටැලෝන් ඉතාලි සම්භවයක් ඇති ඇමෙරිකන් නළුවෙකි. ඔහුගේ පියා සංක්‍රමණිකයකු...
Read More »

Sep 09

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය ගණන 800 ඉක්මවයි  

0 comments

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය පිරිස අටසිය විස්සක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මොරොක්කෝවට සහාය දීම සදහා රටවල් රැසක්ම සූදානමින් පසුවනවා. භූ කම්පනයෙන් පුද්ගලයන් 672 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බරපතළ තත්ත්වයේ පසු වූ පනස් එක් දෙනෙකු රෝහල්ගත කෙරුණා. මධ්‍යම මොරොක්කෝවේ සිදු වූ මෙම භූ කම්පනය වාර්තා වුණේ රිච්ටර් පරිමාණ ඒකක හයයි දශම අටක් ලෙසටයි. ඇට්ලස් කදුකරයේ කිලෝමීටර් දහඅටයි දශම පහක් ගැඹුරින් භූ කම්පනය සිදු වූ බවයි ඇමෙරිකා භූ විද්‍යා...
Read More »

Sep 09

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 600 ඉක්මවයි  

0 comments

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය පිරිස හයසියය ඉක්මවන බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා. භූ කම්පනයෙන් පුද්ගලයන් හයසිය තිස් දෙදෙනෙකු මියගොස් තුන්සිය විසිනව දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. බරපතළ තත්ත්වයේ පසු වූ පනස් එක් දෙනෙකු රෝහල්ගත කෙරුණා. මධ්‍යම මොරොක්කෝවට රිච්ටර් පරිමාණ ඒකක 6.8ක භූ කම්නයක් මෙසේ සිදුව තිබෙනවා. ඇට්ලස් කදුකරයේ කිලෝමීටර් 18.5ක් ගැඹුරින් භූ කම්පනය සිදු වූ බවයි ඇමෙරිකා භූ විද්‍යා...
Read More »

Sep 09

ආධාර ලෙස අසුරා තිබූ භාණ්ඩ ඇසුරුම් පෙට්ටියක තිබී මිනිස් හිස් කබලක් හමු වෙයි  

0 comments

ආධාර ලෙස අසුරා තිබූ භාණ්ඩ ඇසුරුම් පෙට්ටියක තිබී මිනිස් හිස් කබලක් සොයා ගෙන තිබෙනවා.    ගැනීමේ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා. ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ වෙළඳසලකට ලැබී තිබූ භාණ්ඩ අසුරා තිබියදීයි  එම හිස් කබල සොයා ගෙන තිබෙන්නේ. හිස් කබලේ උඩු ඇන්දේ දත් තිබී ඇති අතර ව්‍යාජ ලෙස සැකසූ ඇසක් ද තිබෙනවා. ඇරිසෝනා පොලීසිය සිදු කල මූලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ එය සත්‍ය වශයෙන්ම මිනිස් හිස් කබලක් බවත් එහි ඓතිහාසික වටිනාකමක් ඇති...
Read More »

Sep 08

G20 සමුළුව අද ඇරඹෙයි  

0 comments

ජී 20 සමුළුව ඉන්දියාවේදී අද පැවැත්වෙනවා. ඉන්දියාවේ නවදිල්ලියේ භාරත් මණ්ඩප්හි දීයි එය පැවැත්වෙන්නේ. රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පිං නොමැතිව මෙවර ජී 20 සමුළුව පැවැත්වීම විශේෂත්වයක්. එමෙන්ම දකුණු ආසියාවේදී මෙම සමුළුව පැවැත්වෙන්නේ පළමු වරටයි. ඊට සහභාගී වීම සඳහා ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, යන රටවල රාජ්‍ය නායකයන් මේ වනවිටත් ඉන්දියාවට පැමිණ සිටිනවා. දේශගුණ විපර්යාස, ආහාර සුරක්ෂිතතාව සහ දිළිඳු රටවල...
Read More »

Sep 08

මො‍රොක්කෝවේ භූ කම්පනයකින් 296 දෙනෙකු මියයයි  

0 comments

මො‍රොක්කෝවේ භූ කම්පනයකින් 296 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මධ්‍යම මොරොක්කෝවට බලපෑ රිච්ටර් මාපාංක 6.8 ක ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 296 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව  එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසනවා. මාරකේෂ් සිට නිරිත දෙසින් කිලෝමීටර් 71 ක් දුරින් හයි ඇට්ලස් කදුකරයේ කිලෝමීටර් 18.5 ක් ගැඹුරින් මෙම භූ කම්පනය ඇති වූ බවයි ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ. භූ කම්පනය එරට වේලාවෙන්  රාත්‍රී 11.11ට ඇති වුණා. මිනිත්තු...
Read More »

Sep 08

ඇමරිකාවේ චෝදනා කෙරෙහි චීනයේ දැඩි විරෝධය  

0 comments

ඇමරිකාව සත්‍යය නොතකා, සැලසුම් සහගත ව තම රටට චෝදනා නැගීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කර තිබෙනවා. නැගෙනහිර ආසියානු නායක සමුළුවේ දී ඇමරිකාව හිතාමතා ම චීනය අපකීර්තියට පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා මේ බව කියා සිටියේය. ඊයේ (07) පැවති නැගෙනහිර ආසියානු නායක සමුළුවේ දී ඇමරිකානු නියෝජිතයා චීනයේ තායිවානය සහ දකුණු චීන මුහුද සම්බන්ධයෙන් පදනම් රහිත ව චීනයට චෝදනා නගා තිබේ. තායිවාන ගැටළුව චීනයේ අභ්‍යන්තර කටයුත්තක්...
Read More »

Sep 07

උ.කොරියාව සිය පළමු මෙහෙයුම් උපායශීලී න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනය දියත් කරයි  

0 comments

උතුරු කොරියාව සිය පළමු මෙහෙයුම් උපායශීලී න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනය දියත් කර තිබෙනවා. එක්සත් ජනපදයට සහ ඊට සහාය දක්වන ආසියානු රටවලට එරෙහිව සටන් කිරීම සඳහායි ඔවුන් මෙම සබ්මැරීනය නිෂ්පාදනය කර ඇත්තේ. න්‍යෂ්ටික සන්නද්ධ නාවික හමුදාවක් පිහිටුවීම නායක කිම් ජොන් උන්ගේ ප්‍රධාන සැලැස්මක් වී තිබෙනවා. උතුරු කොරියා ඉතිහාසයේ ප්‍රමුඛ චරිතයක් ලෙස සැලකෙන කිම් කුන් ඕක්ගේ නම මෙම සබ්මැරීනයට  යොදා තිබෙන බවයි වාර්තා වන්නේ. කිම් ජොන් උන්ගේ අධීක්ෂණය...
Read More »

Sep 07

මාලි රාජ්‍යයේ බොට්ටුවකට එල්ල වූ ප්‍රහාරයකින් 49 දෙනෙකු මියයයි  

0 comments

මාලි රාජ්‍යයේ බොට්ටුවකට එල්ල වූ ප්‍රහාරයකින් 49 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ඉස්ලාමීය සටන්කාමීන් ඊසාන දිග මාලිහි ගංගාවක බෝට්ටුවකටයි ප්‍රහාර එල්ල කර තිබෙන්නේ. ඔවුන් හමුදා කඳවුරකටද ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහිදී සෙබලුන් 15 දෙනෙකු  මිය ගිය බවයි පැවසෙන්නේ. සටන්කාමීන් 50 දෙනෙකු ද මිය ගොස් ඇති බව වාර්තා වනවා. මේ අනුව මාලි රජය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. බෝට්ටු ක්‍රියාකරු පවසා ඇත්තේ එහි...
Read More »

Recent News

Gossip Lanka MAG