Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Jul 31

චීනයේ බෙයිජීං නුවරට තද වැසි  

0 comments

චීනයේ බෙයිජීං නුවරට අධික වර්ෂාපතනයක් ඇතිව තිබෙනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 500ක වර්ෂාපතනයක් හටගත්තා. ඩොක්සුරී සුළි කුණාටුව හේතුවෙනුයි මෙසේ අධික වැසි හටගෙන ඇත්තේ. මිලියන 22ක ජනගහනයක් වාසය කරන බෙයිජීං නුවරට තවදුරටත් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. අවධානම් සහිත ප්‍රදේශවලින් එරට වැසියන් ඉවත් කිරීමට චීන බලධාරීන් කටයුතු කර තිබුණා. ටිං ජියැන් / හෙබෙයි / ෂාන්ක්සි හා හෙනාන් ප්‍රාන්තවලට ද අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. 2011 වසරට පසු චිනයේ...
Read More »

Jul 31

නයිජීරියාවේ ප්‍රාන්තයකට ඇඳිරි නීතිය පනවයි  

0 comments

නයිජීරියාවේ ඊසානදිග Adamawa ප්‍රාන්තයේ පැය 24ක කාලයක් සඳහා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා ඒ ප්‍රාන්ත අගනුවර වන යෝලා හි ආහාර ගබඩා කොල්ලකෑම හේතුවෙනුයි . සියගණනක් මිනිසුන් ආහාර ගබඩාවලට කඩා වැදී, ධාන්‍ය ගෝනි මෙන්ම අනෙකුත් ආහාර ද්‍රව්‍ය රැගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ ආණ්ඩුකාර අහමදු උමරු ෆින්ටිරිගේ නියෝග මත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති බවද සඳහන් පසුගිය මාසයේදී නයිජීරියාව විසින්...
Read More »

Jul 31

තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක් පිපිරිමෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළට  

0 comments

තායිලන්ත ගිනිකෙළි කම්හලක ගබඩාවක් පිපිරිමෙන් සිදුවු අනතුරින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ‍මෙම පිපිරීමෙන් තුවාල ලැබු සංඛ්‍යාව 120 ඉක්ම වන බවයි වාර්තා වන්නේ. පිපිරීමත් සමග අවට පිහිටි නිවාස 292කට ද හානි සිදුව තිබෙනවා. තුවාල ලැබු බොහෝ පිරිසක් සුළු තුවාල ලබා සිටි අතර බරපතළ තත්ත්වයේ පසු වන්නේ එක්අයෙකු පමණක් බවයි තායිලන්ත මාධ්‍ය වාර්තා කළේ. සුන්ගායි,  කෝලොක් දිස්ත්‍රික්කයේ මූණෝ ගම්මානයේ ගිනිකෙළි කර්මාන්ත...
Read More »

Jul 30

ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරක ඇති වූ ගැටුම්වලින් 6 දෙනෙකු මරුට  

0 comments

ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරක ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා. පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස්ගේ ෆාටා ව්‍යාපාරය සහ ප්‍රතිවාදී ඉස්ලාමීය කණ්ඩායම් අතර මෙම කඳවුරේ ගැටුම් ඇති වුණා. මියගිය හය දෙනා අතර ෆාටා අණදෙන නිළධාරියෙකු ද සිටින බව වාර්තා වනවා. 1948 දී පිහිටුවන ලද, 63,000 කට අධික ලියාපදිංචි සරණාගතයින් සිටින ලෙබනනයේ විශාලතම ඊන් එල් හිල්වේ කඳවුරේයි ගැටුම් ඇති වුණේ.           The...
Read More »

Jul 30

පාකිස්තානයේ දේශපාලන රැළියක මරාගෙන මැරෙන පිපිරීමකින් 44 ක් මරුට  

0 comments

පාකිස්තානයේ දේශපාලන රැළියක් ඉලක්ක කර ගනිමින් එල්ල වු බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 44 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. පාකිස්තානයේ ඉස්ලාමිය පක්ෂය සංවිධාන කර තිබු දේශපාලන රැළියකටයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ. ප්‍රහාරයෙන් පුද්ගලයින් සියයකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. ප්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවයි වාර්තා වන්නේ. ජිවිතක්ෂයට පත් වු සංඛ්‍යාව ඉහළ යා හැකි බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. තුවාල...
Read More »

Jul 30

බංග්ලාදේශ අගමැතිනියට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි බලකරමින් විරෝධතා  

0 comments

බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසිනාට ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් තවදුරටත් උද්ඝෝෂණ ක්‍රියාත්මකයි. අග්‍රාමාත්‍යවරිය ධුරයෙන් ඉල්ලා අස් වී භාරකාර රජයකට රට භාරදිය යුතු බව විපක්ෂ විරෝධතාකරුවන් සදහන් කරනවා. එරට ජීවන වියදම සිඝ්‍රයෙන් ඉහළයාමත් සමගයි මෙම උද්ඝෝෂණ ආරම්භ කෙරුණේ. විරෝධතාකරුවන් විසුරුවා හැරිම සදහා බංගලාදේශ පොලිසිය රබර් උණ්ඩ හා කදුළු ගෑස් ප්‍රහාරයන් එල්ල කර තිබෙනවා. ඩකා අගනුවර සියලු ප්‍රධාන මාර්ගයන් විරෝධතාකරුවන්ගෙන් පිරී ඇති...
Read More »

Jul 30

රුසියාවේ මොස්කව් අගනුවරට අදත් ඩ්‍රොන ප්‍රහාර දෙකක්  

0 comments

රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් අදත් ඩ්‍රොන ප්‍රහාර දෙකක් එල්ල වී තිබෙනවා. ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් මොස්කව් අගනුවර ගොඩනැගිලි දෙකකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඒ සමඟම වෙනුකොවෝ ගුවන්තොටුපළ වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා. ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති අතර එම ගුවන්තොටුපළට පැමිණෙන ගුවන් යානා වෙනත් ගුවන්තොටුපළ වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ. ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ඩ්‍රෝන යානා වලට රුසියා ආරක්ෂක අංශ ප්‍රහාර...
Read More »

Jul 30

තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක පිපිරීමක් – 9 දෙනෙකු මරුට  

0 comments

තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ තවත් 115කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි. පිපිරීම සිදු වූ ගබඩාවේ ඉදි කිරීම් කටයුත්තකදී සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්. මේ හේතුවෙන් ඒ අවට පිහිටි නිවාස සහ වාහනවලට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ. The post තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක පිපිරීමක් – 9...
Read More »

Jul 29

යුක්‍රේන සාම සාකච්ඡා කිසිදු ලෙසකින් ප්‍රතික්ෂේප නොකරන බව පුටින් කියයි  

0 comments

යුක්‍රේන සාම සාකච්ඡා කිසිඳු ලෙසකින් ප්‍රතික්ෂේප නොකරන බව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. අප්‍රිකා රාජ්‍ය නායකයින් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදියි රුසියා ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ. සාම සාකච්‍ඡා සඳහා මූලික පාර්ශවකරුවෙකු ලෙස චීනය තම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වුවද යුක්‍රේන හමුදාවේ ප්‍රහාරයන් හමුවේ සටන් විරාමයක් ප්‍රකාශයට පත්කළ නොහැකි බවයි පුටින් ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කර ඇත්තේ. යුක්‍රේන හා රුසියාව මීට...
Read More »

Jul 29

තායිලන්තයේ පිපිරීමකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

තායිලන්තයේ ගබඩා සංකීර්ණයක හටගත් පිපිරීමකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත් වු පුද්ගලයින් අතුරින් තුන් දෙනෙකු කුඩා ළමුන් බවයි බීබීසි පුවත් සේවය සඳහන් කරන්නේ. දකුණු දිග තායිලන්තයේ වෙළඳ සංකීර්ණයක පිහිටා ඇති රතිඤ්ඤා ඇතුළු පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තිබු ස්ථානකයි මෙම පිපිරිම් සිදුව ඇත්තේ. පිපිරිමෙන් පුද්ගලයින් 15 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. පිපිරීමට හේතුව ඉදිකිරීම් කටයුත්තක් බවයි පොලිසිය සඳහන්...
Read More »

Jul 29

පෘථිවි කක්ෂයේ තිබූ චන්ද්‍රිකාවක් සාගරයට කඩා වැටීමට සලස්වයි  

0 comments

ක්‍රියා විරහිත වී, පෘථිවි කක්ෂයේ තිබූ චන්ද්‍රිකාවක්, ආරක්ෂිතව පෘථිවියට කඩා වැටෙන්න සැලැස්වීමට යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයෝ සමත් වී තිබෙනවා. ඒලොස් නමැති මෙම චන්ද්‍රිකාව, බ්‍රිතාන්‍යයේ එයාර්බස් සමාගම විසින් නිර්මානය කරන ලද්දකි. මෙය කාලගුණ විද්‍යා චන්ද්‍රිකාවකි. 2018 දී කිලෝ මීටර් 320 ක් පෘථිවි කක්ෂයේ රැදවූ මෙම චන්ද්‍රිකාව, මිට වසර 5 කට පෙර අක්‍රිය වී ගොස් තිබුණා. චන්ද්‍රිකාව අනාරක්ෂිත අයුරින් පෘථිවියට කඩා වැටීමට නියමිතව තිබුණු...
Read More »

Jul 29

ලැව්ගිනි හේතුවෙන් ග්‍රීසියට ඩොලර් බිලියන 700ක හානියක්  

0 comments

ලැව්ගිනි හේතුවෙන් ග්‍රීසියට ඩොලර් බිලියන 700ක හානියක් සිදුව ඇති බව නවතම වාර්තාවකින් පෙන්වා දෙනවා. මෑතකාලීනව ග්‍රිසිය පුරා පැතිරගිය ලැව්ගිනි 667න් වැඩි සංඛ්‍යාවක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් හටගත් ඒවා බව එරට ජ්‍යෙෂ්ඨ කාලගුණ නිලධාරියෙකු පෙන්වා දෙනවා. දින 15 ක් පුරා පැතිරගිය තාප තරංග මගින් මෙම ලැව්ගිනි ව්‍යාප්ත වීම ඉහළ ගියා. වෙනත් වසරවලට වඩා මේ වසරේ ග්‍රීසියේ කාලගුණ තත්ත්වය වෙනස් වී තිබෙනවා. ගනිගැනීම්වලට හසුවූ නිවාස ප්‍රතිසංස්කරණයට...
Read More »

Jul 29

යුක්‍රේනයේ නිප්‍රෝ නගරයේ ගොඩනැගිලි දෙකකට මිසයිල ප්‍රහාර  

0 comments

නැගෙනහිර යුක්‍රේනයේ නිප්‍රෝ නගරයේ ගොඩනැගිලි දෙකකට මිසයිල ප්‍රහාර එල්ල වුණා. ප්‍රහාරයෙන් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලැබුවා. රුසියා හමුදා එල්ල කළ මෙම ගුවන් ප්‍රහාරයෙන් එක් ගොඩනැගිල්ලක ඉහළ මහලය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි බි බී සී රූපවාහිනිය සඳහන් කරන්නේ. යුක්‍රේනයේ ආරක්ෂක අංශ සාමාජිකයන් රැඳී සිටින ගොඩනැගිල්ලකට ද පහර දී ඇති බව එරට ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. කෙසේ වුවද මෙම ප්‍රහාරවලින් තුවාල ලැබූ ළමයින් දෙදෙනෙකුද සිටිනවා.     The...
Read More »

Jul 29

ඇමෙරිකාවෙන් තායිවානයට ඩොලර් මිලියන 345 ක යුධ ආධාර පැකේජයක්  

0 comments

ඇමෙරිකාව තායිවානය සඳහා ඩොලර් මිලියන 345 ක යුධ ආධාර පැකේජයක් ලබා දෙන බව නිවේදනය කළා. තායිවානය සම්බන්ධයෙන් චීනය දැඩි ආක්‍රමණශීලී ස්වභාවයකින් කටයුතු කරන අතරතුර මෙම යුධ ආධාර පැකේජය ලබාදීමට තීරණය කෙරුණා. හමුදා අධ්‍යාපනය හා පුහුණුව ද මෙම පැකේජයට ඇතුළත්. කෙසේ වුවද තායිවානයට සපයන ආයුධ හෝ උපකරණ පිළිබඳ මෙතෙක්  විස්තර හෙළි කර නැහැ. අතේ රැගෙන යා හැකි ගුවන් ආරක්ෂක පද්ධති සැහැල්ල අවි ආයුධ මෙන්ම ඔත්තු බැලීමේ උපකරණ ද ඊට ඇතුළත් බවයි වාර්තා...
Read More »

Jul 28

නයිජර් හි නව නායකයා ලෙස තමා කටයුතු කරන බව ජෙනරාල් අබ්දුරහ්මනේ කියයි  

0 comments

කුමන්ත්‍රණයකින් බලය අත්පත් කර ගැනීමෙන් පසු නයිජර් හි නව නායකයා ලෙස තමා කටයුතු කරන බව ජෙනරාල් අබ්දුරහ්මනේ චියානි ප්‍රකාශ කරනවා. ඕමාර් චියානි ලෙසද හැදින්වෙන මොහු කුමන්ත්‍රණයකින් නයිජර් හි බලය අත්පත් කර ගත්තා. එරට ජනාධිපති ආරක්ෂක අංශය ඒ වන විට බලයේ සිටි මොහොමඩ් බසූම් බලයෙන් පහ කිරිමත් සමඟයි මෙසේ නව නායකයා බවට පත් වුණේ. බසූම් නව නායකයාගේ අත්අඩංගුවේ පසුවනවා. ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවයි වාර්තා වන්නේ. කලාපයේ ඉස්ලාමීය...
Read More »

Jul 28

ජංගම දුරකථනයක් මිලදීගන්න මාස 8ක් වයසැති සිඟිත්තා මුදලට විකුණයි  

0 comments

ඉන්දියාවේ බටහිර බෙංගාලයෙන් සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහි වු යුවළක් විසින් සිය මාස 8ක් වයසැති සිඟිත්තා මුදලට විකුණා තිබෙනවා. පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, ෂාති සහ ජයදේව් නම් මෙම යුවළ සිය පුතුව විකුණා ඇත්තේ එම මුදලින් iPhone 14 වර්ගයේ ජංගම දුරකථනයක් මිලදී ගැනීමට බවයි. මෙහිදී ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පට මුදාහැරීම සඳහා එය මිලදීගෙන තිබෙන බව සඳහන්. එම යුවළ බෙංගාලයේ ඇවිදයමින් එම දර්ශන ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම‌ට...
Read More »

Jul 28

සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 6 දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙම පිපිරීම සිදුව ඇත්තේ ඩමස්කස් අගනුවරට දකුණින් පිහිටි සයේදා සෙයිනාබ් පූජනීය නගරයෙන් පිටත නවතා තිබූ මෝටර් රථයකයි. පිපිරීමෙන්  40 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. The post සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 6 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News...
Read More »

Jul 28

චීනයෙන් රුසියාවට නව තාක්ෂණය සහ උපකරණ  

0 comments

චීනය රුසියාවට නව තාක්ෂණය සහ උපකරණ ලබා දී ඇති බව ඇමෙරිකාව පවසනවා. යුක්රේනයට එරෙහි මෙහෙයුම් වෙනුවෙන්  එම උපකරණ ලබා දී ඇති බවටයි ඇමෙරිකාව චෝදනා කරන්නේ. ඇමෙරිකාවේ ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා පවසන පරිදි පසුගිය වසරේ සිට රුසියාවට චින සහාය ලැබී තිබෙනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් රුසියාව හෝ චීනය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.         The post චීනයෙන් රුසියාවට නව තාක්ෂණය සහ උපකරණ appeared first...
Read More »

Jul 28

රුසියා පාලනය යටතේ පැවති තවත් ගම්මානයක් යුක්රේනය අතට  

0 comments

රුසියා පාලනය යටතේ පැවති නිරිත දිග යුක්රේනයේ තවත් ගම්මානයක් යළි ලබා ගත් බව යුක්රේනය පවසනවා. ඒ අනුව ඩොනෙක්ස් කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු ලැබූ බවයි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අඛණ්ඩව රුසියා ප්‍රහාර එල්ල වුවද තම මෙහෙයුම් නතර නොකරන බව යුක්රේනය අවධාරණය කරනවා.     The post රුසියා පාලනය යටතේ පැවති තවත් ගම්මානයක් යුක්රේනය අතට appeared first on ITN News...
Read More »

Jul 27

කාලගුණයෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීම්  

0 comments

ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවට ඇතිවන මෝසම් වර්ෂාවෙන් දරුණු බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතින බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ මහාරාෂ්ට්‍ර , උත්තරප්‍රදේශ්, පන්ජාබ් සහ තෙලන්ගනා යන ප්‍රාන්ත වෙත හෙට සිට මෝසම් වර්ෂාව ඇතිවීමේ තත්ත්වයක් පවතින බවයි. ඊයේ දිනය පුරාමත් ඉන්දියාවේ ප්‍රදේශ රැසකට අධික වර්ෂාව පතිත වුණා. මේ හේතුවෙන් ස්ථාන රැසක් ජලයෙන් යට වූ අතර...
Read More »

Jul 27

නයිජර් රාජ්‍යය නොසන්සුන් – රට පුරා ඇඳිරි නීතිය  

0 comments

නයිජර් රාජ්‍යයේ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කළ කණ්ඩායම්වලට පක්ෂපාතී පිරිස් එරට ජනාධිපතිවරයාගේ පක්ෂ මූලස්ථානයට පහරදීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පක්ෂ කාර්යාලයට ගල්මුල්වලින් පහර දෙමින් එය ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ. පක්ෂ කාර්යාලයේ පිටතින් නවතා තිබුණු වාහනවලටද ගිනි තබා තිබෙනවා. නයිජර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බොසූම් බලයෙන් පහ කළ බව නයිජර් ජාතික රූපවාහිනියේ පෙනී සිටිමින් මෙම හමුදා කණ්ඩායම කියා...
Read More »

Jul 27

පිලිපීනයේ දී මගී යාත්‍රාවක් පෙරලෙයි – 19ක් මරුට  

0 comments

පිලිපීනයේ මැනිලා නුවර ආසන්නයේ දී මගී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා. පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එම යාත්‍රාව පෙරලී යාමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුර සිදුවන අවස්ථාවේ දී එම යාත්‍රාවේ සිටි මගීන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නොමැති නමුත් අනතුරින් පසු එහි සිටි 40 දෙනෙකු මුදාගෙන තිබෙනවා. තවදුරටත් යාත්‍රාව සම්බන්ධයෙන් සිදු කෙරෙන සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය...
Read More »

Jul 27

31වැනි ලෝක විශ්ව විද්‍යාල ගිම්හාන ක්‍රීඩා උළෙල හෙ‍ට Chengdu නගරයේ දී ඇරඹේ  

0 comments

31වැනි ලෝක විශ්ව විද්‍යාල ගිම්හාන ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය හෙට (28) සවස චීනයේ Chengdu නගරයේ Dong’an ක්‍රීඩා උද්‍යානයේ ප්‍රධාන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. මෙවර ක්‍රීඩා උළෙල ප්‍රධාන ඉසව් 18 කින් සහ අතුරු ඉසව් 269 කින් සමන්විත වෙනවා. ලෝකයේ විවිධ රටවල සහ කලාපවල විශ්වවිද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සහයෝගිතාවය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම ක්‍රීඩා උළෙල අතරතුර ජාත්‍යන්තර විශ්වවිද්‍යාලීය ක්‍රීඩා සම්මේලනයේ ලෝක අධ්‍යයන...
Read More »

Jul 27

ඩොක්සුරි චන්ඩ මාරුතයෙන් තායිවානයට දැඩි බලපෑම්  

0 comments

පිලිපිනයට බලපෑ ඩොක්සුරි චන්ඩ මාරුතයෙන් තායිවානයට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඩොක්සුරි චන්ඩ මාරුතය හේතුවෙන් පිලිපිනයේ උතුරු දිග ප්‍රදේශයට දැඩි ගංවතුර තත්ත්වයක් ඇති වුණා. ගංවතුර හා නායයාම් හේතුවෙන් පුද්ගලයන් 6 දෙනෙකුට ජිවිත අහිමිවු අතර නිවාස රැසක් ද විනාශයට පත්වුණා. ඩොක්සුරි චන්ඩ මාරුතය අද උදෑසන කාලයේ තායිවානයට ඇතුළු වී තිබෙනවා. එය මේ වන විට දෙවන කාණ්ඩයේ චන්ඩ මාරුතයක් දක්වා වර්ධනය වනුඇති බවයි කාලගුණ අංශ සඳහන් කරන්නේ. සුළගේ වේගය...
Read More »

Jul 27

අයර්ලන්ත ගායිකා ෂිනේඩ් ඕ කෝනර් මියයයි  

0 comments

ලෝක ප්‍රකට අයර්ලන්ත ගායිකා ෂිනේඩ් ඕ කෝනර් මිය ගියා. ඒ වයස අවුරුදු 56 ක්ව සිටියදීයි. ෂිනේඩ් වඩාත් ප්‍රසිද්ධියට පත් වුණේ 1990 දී නිකුත් කරන ලද නතින් කම්පෙයාර්ස් ටු යූ ගීතය ගායනයෙන්. ලොව පුරා ගීත දර්ශකවල අංක එකට පැමිණීමට එම ගීතය සමත් වුණා. 1966 දෙසැම්බරයේ දී ඩබ්ලින් හි දී උපත ලද ඇගේ කුඩා කාලය මහත් දුෂ්කරතාවලින් පිරී තිබුණා. පළමු වරට සංගීතය සඳහා යොමු වීමට ගිටාරයක් පවා පරිත්‍යාග කර තිබුණේ කන්‍යා සොහොයුරියක් විසින්. අසාමාන්‍ය...
Read More »

Jul 26

නයිජර් රාජ්‍යයේ පාලනය හමුදාව යටතට  

0 comments

නයිජර් රාජ්‍යයේ ජනාධිපතිවරයා ධුරයෙන් පහ කර තිබෙනවා. එරට හමුදා කණ්ඩායමක් රුපවාහිනිය ඔස්සේ පෙනී සිටිමින් මේ බව නිවේදනය කළා. නයිජර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බොසූම් බලයෙන් පහ කළ බව නයිජර් ජාතික රූපවාහිනියේ පෙනී සිටිමින් මෙම හමුදා කණ්ඩායම කියා සිටිනවා. ඊයේ පස්වරුවේ ජනාධිපති බොසූම් එරට ජනාධිපති මන්දිරයේ රඳවා තබා ගැනීමට ජනාධිපති ආරක්ෂකයින් කටයුතු කර තිබුණා. නජයිජර් රාජ්‍යයේ දේශ සීමා වසා රට පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කළ බව එරට හමුදාව...
Read More »

Jul 26

රුසියාවේ හා චීනයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් උතුරු කොරියාවේ සංචාරයක  

0 comments

රුසියාවේ හා චීනයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් උතුරු කොරියාවේ විශේෂ සංචාරයකට එක්ව සිටිනවා. කොරෝනා වයිරස ව්‍යාප්තියෙන් පසුව උතුරු කොරියාවට පැමිණි පළමු විදෙස් දූත කණ්ඩායම මොවුන් බවයි මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ. උතුරු කොරියාවේ පියොන්ග්යැන්ග්  නගරයේ දී පැවැත්වීමට නියමිත කොරියා යුද්ධය අවසන් කිරීමේ 70 වන සංවත්සර සැමරුම සදහා ඔවුන් සහභාගීවීමට නියමිතයි. එම උත්සවය හෙට දිනයේ දී පැවැත්වෙනවා. රුසියා දූත කණ්ඩායමේ ප්‍රධානීත්වය එරට ආරක්ෂක...
Read More »

Jul 25

සුඩාන යුද ගැටුම් ආරම්භ වී දින 100 ඉක්මවයි  

0 comments

සුඩාන යුද ගැටුම් ආරම්භ වී දින සියය ඉක්මවා තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයේ දී සුඩාන හමුදාවෙන් වෙන්වී ගිය තවත් සන්නද්ධ කණ්ඩායමක් අතර ගැටුම් ආරම්භ වුණා. දෙපාර්ශ්වය අතර හටගත් ගැටුම්වලින් මේ වනවිට පුද්ගලයින් 1,200කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා. කෙසේ වුවද මරණ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගතහැකි බවටයි වාර්තා වන්නේ. මිලියන තුනකට අධික පිරිසක් අවතැන්ව සිටින අතර ලක්ෂ 7ක පමණ පිරිසක් අසල්වැසි රටවලට...
Read More »

Jul 25

බ්‍රසල්ස් ප්‍රහාරයට වගකිව යුතු හයදෙනෙකු එරට අධිකරණය වැරදිකරුවන් කරයි  

0 comments

2016 වසරේ බෙල්ජියමේ බ්‍රසල්ස් බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු හයදෙනෙකු මිනීමැරුම් චෝදනා යටතේ වැරදිකරුවන් කිරීමට එරට අධිකරණය කටයුතු කළා. 2016 වසරේ මාර්තු මාසයේ දී බෙල්ජියමේ ගුවන් තොටුපල හා මෙට්‍රෝ දුම්රිය ස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වූ අතර ඉන් පුද්ගලයින් තිස්දෙදෙනෙකු මියගියා. දින 19ක දීර්ඝ නඩු විභාගයකින් පසුවයි බ්‍රසල්ස් අධිකරණය මෙම තීන්දුව ලබාදුන්නේ. මීට සම්බන්ධ සැකකරුවෙක් වන 33 හැවිරිදි සලා අබ්දෙස්ලාම් ඇතුළු කිහිප දෙනෙකු...
Read More »

Jul 25

උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බලයි  

0 comments

උතුරු කොරියාව ඊයේ රාත්‍රියේදී තවත් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා. උතුරු කොරියාවේ පියොන්ග්යෑන්ග් නගරයෙන් මෙම කෙටිදුර බැලැස්ටික් මිසයිල දෙක දියත්කර ඇති බව දකුණු කොරියාව පවසනවා. දකුණු කොරියාවේ ජේජු දූපත වෙත ඇමෙරිකාවට අයත් න්‍යෂ්ටික අවි සහිත සබ්මැරීනයක් පැමිණීමත් සමගයි මෙම අත්හදා බැලීම සිදුකෙරුණේ. අදාල මිසයිල කිලෝමීටර් 400ක පමණ දුරක් ගමන් කිරීමෙන් පසු කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර මුහුදට පතිත වී තිබෙනවා. පසුගිය සතියේ සිට මේ දක්වා...
Read More »

Jul 25

අමෙරිකානුවන් මිලියන ගණනකට සෙල්සියස් අංශක 32.2 ට වඩා උෂ්ණත්වය විඳින්න සිදුවන බවට ලකුණු  

0 comments

එක්සත් ජනපදයේ උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් සිරකුටිවල සිරකර ඇති සිරකරුවන් සහ ඔවුන් ආරක්ෂා කරන කාර්යය මණ්ඩලය දැඩි අසීරුතාවකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා මෙම සතියේ, අමෙරිකානුවන් මිලියන 230කට වැඩි පිරිසකට සෙල්සියස් අංශක 32.2 ට වඩා උෂ්ණත්වය අත්විඳිමට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ . මෙම උණුසුම් තත්ත්වය වැඩිවීමත් සමග එක්සත් ජනපද බන්ධනාගාර වෙත නව අවධානයක් යොමු කරමින් ප්‍රතිසංස්කරණ සඳහාවන ඉල්ලීම් කෙරෙහිද සලකා බලන බවයි බලධාරීන්...
Read More »

Jul 24

ඩෙංගු රෝගයෙන් බංගලාදේශයේ 170කට අධික පිරිසක් මරුට  

0 comments

ඩෙංගු රෝගය හේතුවෙන් බංගලාදේශයේ පුද්ගලයින් 170කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෝසම් වර්ෂාවත් සමග බංගලාදේශය පුරා ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි වාර්තා වන්නේ. රෝගය හේතුවෙන් මිය ගිය පිරිස අතරට කුඩා දරුවන් 31 දෙනෙකු ඇතුලත්. ඩෙංගු රෝගීන්ගෙන් එරට රෝහල් පිරි යමින් පවතින බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. ඩෙංගු රෝගය බංගලාදේශය තුළ වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වන බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ. මෙම වසර තුළ දී පමණක් රෝගය හේතුවෙන්...
Read More »

Jul 24

ඊශ්‍රායලයේ පුරා දැවැන්ත උද්ඝෝෂණ  

0 comments

ඊශ්‍රායලයේ සම්මත වු අධිකරණ ප්‍රතිසංස්කරණවලට විරෝධය දක්වමින් රටපුරා දැවැන්ත උද්ඝෝෂණ පැවැත්වෙනවා. ඊයේ දිනයේ දී ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් අධිකරණ ප්‍රතිසංස්කරණවලට අදාළ කෙටුම්පත සම්මත කෙරුණා. කෙටුම්පතට පක්ෂව ඡන්ද 64ක් හිමිවු අතර විපක්ෂය ඡන්දය භාවිතා කිරිමෙන් වැළකී සිටියා. ප්‍රතිසංස්කරණ නීතියක් බවට පත්වීමත් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය සිමා වන අතර ව්‍යවස්ථාදායකයට වැඩි බලයක් හිමිවනවා. ඒ අනුව මින් ඉදිරියට එරට ශ්‍රේෂ්ඨාධිකරණයට...
Read More »

Jul 24

ට්විටර් ලාංඡනය වෙනස් වෙයි ?  

0 comments

ලෝක ප්‍රකට ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ ලාංඡනය වෙනස් කිරීමට එහි ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක් සූදානම් වනවා. ඊලෝන් මස්ක් පවසන්නේ ට්විටර් ඩොට්කොම් නාමය එක්ස් ඩොට්කොම් ලෙස වෙනස් කරන බවයි. එමෙන්ම එහි ලාංඡනයේ ඇතුලත් පක්ෂියාගේ රුව ඉවත් කරන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඇමෙරිකා ඩොලර් බිලියන 44ක මුදලකටයි මස්ක් ට්විටර් සමාගම පසුගිය වසරේ මිල දී ගත්තේ. මේ වන විට ට්විටර් දෛනික පරීශිලකයන් සංඛ්‍යාව මිලියන 200කට අධිකයි. කෙසේ වෙතත් ඊලෝන් මස්ක්...
Read More »

Jul 24

කෝෆු දූපත්වලින් 19,000 ක් ඉවත් කරයි  

0 comments

සංචාරක ආකර්ෂණය දිනාගත් ග්‍රිසීයේ කෝෆු දූපත්වලින් 19,000 පිරිසක් ඉවත් කර තිබෙනවා. ඒ අධික ලැව්ගිනි හේතුවෙන්. මේ වන විට ග්‍රිසීයේ උෂණත්වය සෙල්සියක් අංශක 40ක වැඩි අගයක් ගෙන තිබෙනවා. අධික උෂ්ණත්වය හේතුවෙන් සතියකට ආසන්න කාලයක සිට ලැව්ගිනි පැතිර යාම දැක ගත හැකියි. කෝෆු හි සැන්ටා / මෙගෝලා / පෝටා / පාලියා / පෙරතියා හා සීනිස් යන ප්‍රදේශවලයි 19000ක පිරිසක් ඉවත් කර ඇත්තේ. ඔවුන්ට දූපතෙන් ඉවත් වීම සඳහා බෝට්ටු පිටත් කර හැරි බව ග්‍රීක රජය පවසනවා. කෝෆු...
Read More »

Jul 24

ඉන්දුනීසියාවේ යාත්‍රාවක් ගිලී යාමෙන් 15ක් පමණ ජීවිතක්ෂයට  

0 comments

ඉන්දුනීසියාවේ Sulawesi දූපතට ඔබ්බෙන් වූ මුහුදේ යාත්‍රාවක් ගිලී යාමෙන් අවම වශයෙන් 15 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා අතුරුදන් වූ මගීන් සොයමින් සිටින බවයි එරට ජාතික සෝදිසි සහ මුදා ගැනීමේ ඒජන්සිය පවසන්නේ යානයේ සිටි මගීන් 40 දෙනෙකුගෙන් 19 දෙනෙකු තවමත් අතුරුදන් වී ඇති අතර හය දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යාත්‍රාව ගිලී යාමට හේතුව තවමත් පැහැදිලි නැති බවද සඳහන් වනවා මෙම යාත්‍රාව ගිනිකොනදිග සුලවේසි...
Read More »

Jul 23

චීනයේ ව්‍යායාම මධ්‍යස්ථානයක වහලය කඩා වැටීමෙන් 11ක් මරුට  

0 comments

චීනයේ ව්‍යායාම මධ්‍යස්ථානයක වහලක් කඩා වැටීමෙන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඊසාන දිග චීනයේ කාර්මික නගරයක් වන හෙයිලොන්ජියැන්ග් හි ව්‍යායාම මධ්‍යස්ථානයක වහලකුයි මෙසේ කඩා වැටී ඇත්තේ. අධික වර්ෂාව හේතුවෙන් එය කඩා වැටි ඇති බවට වාර්තා වනවා. අනතුරටපත් බොහෝ පිරිස දරුවන් බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මේ වන විට සුන්බුන් වලට සිරවු පිරිස් බේරා ගැනීමේ කටයුතු සිදු වනවා. කෙසේ වෙතත් දැනට බේරා ගෙන ඇති 15 දෙනා අතරින් ජිවතුන් අතර සිටින්නේ 4 දෙනෙකු...
Read More »

Jul 23

ස්පාඤ්ඤ මහ මැතිවරණයේ ජය කාටද?  

0 comments

ඊයේ පැවති ස්පාඤ්ඤ මහ මැතිවරණයෙන් තම පක්ෂය ජයග්‍රහණය කළ බව කන්සවේටිව් පක්ෂ නායකයා නිවේදනය කරනවා. ස්පාඤ්ඤ කන්සවේටිව් පක්ෂ නායක ඇල්බටෝ පෙයිජු සදහන් කරන්නේ නිකුත්කර ඇති ප්‍රතිඵලවලට අනුව මෙතෙක් තමාට බහුතරය හිමි නොවූව ද මැතිවරණයේ ජයග්‍රහණය ලැබූ බවයි. ඔහුට හිතවාදී අනෙකුත් පක්ෂ එක්කර ගත්තද මෙතෙක් පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමිකර ගැනීමට හැකියාවක් නොමැති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. මේ අතර ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චේස්ගේ පාක්ෂිකයින්...
Read More »

Jul 23

Chengdu ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ගම්මානය විවෘත කෙරේ  

0 comments

ලබන 28 වැනි දා සිට අගෝස්තු 8 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත Chengdu 31 වැනි ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ගම්මානය විවෘත කෙරේ. පසුගිය දා එම උත්සවය පැවැත්විණ. විවිධ රටවලින් පැමිණෙන විශ්වවිද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහළින් පිළිගැනීම සඳහා පවතින අංගසම්පූර්ණ සූදානම එහිදී පිළිබිඹු කෙරිණ. The post Chengdu ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ගම්මානය විවෘත කෙරේ appeared first on ITN New...
Read More »

Jul 23

ඉන්දියාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 600 පන්නයි  

0 comments

ඉන්දියාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 600 සීමාව ඉක්මවා තිබෙනවා. මෙම සතියේ දී ඉන්දියාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 13කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගියා. එය මාස 4ක කාලයකට පසු වාර්තා වූ වැඩිම ඉහළ යාමයි. ඒ අනුව මේ වනවිට එරට සමස්ත විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 609.02ක් ලෙසයි සටහන් වන්නේ. කෙසේ වුවද විදේශ විනිමය සංචිත සදහා අන්තර්ගත යුරෝ,  පවුම් හා යෙන් වැනි ඩොලර් නොවන මුදල්...
Read More »

Jul 23

ඊශ්‍රායල අගමැති යළි රෝහල් ගතකෙරේ  

0 comments

හදිසි සැත්කමක් සඳහා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු යළිත් වරක් රෝහල් ගතකර තිබෙනවා. හදවත ආශ්‍රිතව සිදුකෙරෙන මෙම සැත්කම අද රාත්‍රියේදී සිදුකිරීමට නියමිත බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. පසුගිය සතියේදී ද අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා හදිස්සියේ රෝහල් ගතකෙරුණු අතර පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගියා. කෙසේ වුවද බෙන්ජමින් නෙතන්යාහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි ඊශ්‍රායල උප අග්‍රාමාත්‍යවරයා...
Read More »

Jul 23

ග්‍රීසියේ රෝඩ්ස් දූපතේ ලැව්ගිනි පාලනය කිරීම අසීරු වෙයි  

0 comments

ග්‍රීසියේ රෝඩ්ස් දූපතේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් දහස් ගණනක පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා. රෝඩ්ස් දූපතේ හටගෙන ඇති ලැව්ගිනි පාලනය කිරීම මේ වනවිට අසීරු වී ඇති බවයි ගිනි නිවන අංශ පවසන්නේ. දූපතේ පිහිටා ඇති සංචාරක නිකේතන හා නිවාසවලින් ජනතාව ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා. මේ වනවිට යුරෝපා කලාපයට තාප තරංග හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර අධික සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිරීයාම...
Read More »

Jul 22

ස්පාඤ්ඤයේ මහ මැතිවරණය අද  

0 comments

ස්පාඤ්ඤයේ මහ මැතිවරණය අද පැවැත්වීමට නියමිතයි. 2018 වසරේ සිට පෙද්‍රෝ සැන්චේස් එරට අග්‍රාමාත්‍ය දුරයේ කටයුතු කරන අතර ඔහුගේ සමාජවාදී පක්ෂය හා කන්සවේටිව් පක්ෂය අතර කරට කර තරගයක් පවතින බවයි වාර්තා වන්නේ. 2018 වසරේ සිට ක්‍රියාත්මක කළ සමාජ ප්‍රතිසංස්කරණ,අර්බුද කළමනාකරණය හා ආර්ථිකය ශක්තිමත්ව හැසිරවීම යන කරුණු හේතුවෙන් මෙවරත් ඔහු අග්‍රාමාත්‍ය ධුරය සඳහා ජනතාව පත්කරගනු ඇති බවට විශ්වාසය පළකරනවා. ගිම්හාන සෘතුවේදී ස්පාඤ්ඤයේ මහ මැතිවරණයක් පැවැත්වෙන්නේ...
Read More »

Jul 22

අයහපත් කාලගුණයෙන් කැනඩාවේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම්  

0 comments

අයහපත් කාලගුණයෙන් කැනඩාවේ ප්‍රදේශ රැසක සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. කැනඩාවට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ගංවතුර තත්ත්වයක් ද හටගත්තා. පුද්ගලයින් 4 දෙනෙකු අතුරුදන් අතර කුඩා දරුවන් දෙදෙනෙකු ඊට අයත් බවයි සහන කණ්ඩායම් පවසන්නේ. වසර 50කට පමණ පසු අත්ලාන්තික් කලාපයට ඇදහැලුණු අධිකම වර්ෂාපතනය මෙය බව කාලගුණ අංශ පෙන්වා දෙනවා. ඇතැම් ප්‍රදේශයන්ට පසුගිය පැය 24 තුළදී ලැබුණු වර්ෂාපතනය එම ප්‍රදේශයන්ට මාස තුනකදී ලැබෙන වර්ෂාපතනයට...
Read More »

Jul 22

ඇමෙරිකාවේ නාවික හමුදා ප්‍රධානී තනතුරට කාන්තාවක්  

0 comments

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් එරට නාවික හමුදාවේ නායකත්වයට කාන්තා අද්මිරාල්වරියක පත් කළා. පෙන්ටගනයේ හමුදා සේවා ශාඛාවක ප්‍රධානියා ලෙස කාන්තාවක පත් කළ පළමු අවස්තාව මෙයයි. ලීසා ෆැන්වෙට්ටි මෙසේ නාවික හමුදා නායකත්වයට පත් කෙරුණා. ඇය දකුණු කොරියාවේ පිහිටි ඇමෙරිකා හයවන බලඇණිය මෙන්ම ඇමෙරිකා නාවික හමුදාවේ හිටපු ප්‍රධානීවරියක ලෙස කටයුතු කළා. එමෙන්ම ගුවන් යානා ප්‍රහාරක බලඇණියක අණදෙන නිලධාරිවරියක ලෙසද ඇය සේවය කර තිබෙනවා. කෙසේ වුවද ලීසාගේ...
Read More »

Jul 22

ඊශ්‍රායල් හමුදාව පලස්තීන තරුණයන් දෙදෙනෙකු ඝාතනය කරයි  

0 comments

ඊශ්‍රායල් හමුදාව බටහිර ඉවුරේ පලස්තීන තරුණයන් දෙදෙනෙකු ඝාතනය කළා. පෙළපාලියකින් පසු මෙසේ වෙඩි තබා තිබෙනවා. ඊශ්‍රායල් හමුදා අත්පත් කර ගත් බටහිර ඉවුරේ මෙම ඝාතනය සිදුව තිබෙනවා. පලස්තීන ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ සරණාගත කඳවුරක එක් ඝාතනයක් සිදුව ඇති බවයි. මෙම ඝාතන පිළිබඳ බොහෝ රටවල අවධානය යොමුව තිබෙනවා.     The post ඊශ්‍රායල් හමුදාව පලස්තීන තරුණයන් දෙදෙනෙකු ඝාතනය කරයි appeared first on ITN News...
Read More »

Jul 22

උතුරු කොරියාව කෘෘස් මිසයිල කිහිපයක් මුහුදට එල්ල කරයි  

0 comments

ඇමෙරිකාව ඇතුළු රටවල් රැසක විවේචන මධ්‍යයේ උතුරු කොරියාව කෘෘස් මිසයිල කිහිපයක් මුහුදට එල්ල කර තිබෙනවා. ඇමෙරිකා න්‍යෂ්ටික සබ්මැරීන උතුරු කොරියා වරායක නැංගුරම් ලා තිබෙනවා. එසේ තිබියදීයි උතුරු කොරියාව මෙසේ සිය මිසයිල ක්‍රියාත්මක කර ඇත්තේ. උතුරු කොරියාව කොරියා අර්ධද්වීපයේ බටහිර දෙසින් පිහිටි මුහුදට කෘෘස් මිසයිල කිහිපයක් එල්ල කළා. ඇමෙරිකා යුද සබ්මැරීන දකුණු කොරියා වරායකට පැමිණීමට විරෝධය පළ කරමින් සිදු කළ මෙම මිසයිල ප්‍රහාරයට විරෝධය...
Read More »

Jul 22

ග්‍රීසියේ උෂ්ණත්වය තවදුරටත් ඉහළට  

0 comments

ඉදිරි දින කිහිපයේදී ග්‍රීසියේ උෂ්ණත්වය තවදුරටත් ඉහළ යන බවට කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවනවා. විශේෂයෙන් ඉදිරි දින දෙකේ දී ග්‍රිසියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ක් තරම් ඉහළ යා හැකි බවටයි සැලකෙන්නේ. ග්‍රීසියේ වැසියන්ට නිවෙස්තුලටම සිටින ලෙසට දැනුම් දී තිබෙනවා. ඇතෑන්ස් හි සංචාරක ස්ථාන මේ වන විටත් වසාදමා තිබෙනවා. වසර 50කට පසු ග්‍රීසියේ වැඩිම උෂ්ණත්වය ඉදිරි දිනවලදි වාර්තා විය හැකි බවයි කාලගුණ විද්‍යාඥයන් කියා සිටින්නේ. ගිනි නිවන භටයන්...
Read More »

Jul 21

තම මිත්‍රයාට එල්ලකරන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර දෙන බව පුටින් කියයි  

0 comments

බෙලරුසියාවට එරෙහි ඕනෑම පෝලන්ත ආක්‍රමණයක් රුසියාවට එල්ලකරන ප්‍රහාරයක් සේ සලකන බව රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා. තම මිත්‍රයාට එල්ලකරන ඕනෑම ප්‍රහාරයකට සෑම ආකාරයකින්ම ප්‍රතිප්‍රහාර දෙන බවයි රුසියා ජනාධිපතිවරයා කියා සිටින්නේ. රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් ව්ලැඩ්මීර් පුටින් මෙම අනතුරු ඇඟවීම සිදුකළා. පෝලන්තය බෙලරුසියාවේ බලය අල්ලා ගැනිමට සිහින මවමින් සිටිනවා. ඒ කෙසේ වුවද බෙලරුසියාවට එරෙහි ඕනෑම කටයුත්තකදී තමන් මැදිහත් වන...
Read More »

Jul 21

නවතම දේශගුණ වාර්තා ලොකයම තැතිගන්වයි  

0 comments

ගෝලීය උෂ්ණත්වය, සාගර උණුසුම සහ ඇන්ටාක්ටික් මහද්වීපයේ මුහුදේ අයිස් දියවීම පිළිබඳ නවතම දේශගුණ වාර්තාවලින් ලොව විද්‍යාඥයන් රැසක්ම තැතිගන්වා තිබෙනවා. මෙම ප්‍රදේශවල ඇති අයිස් දියවීමේ වේගය සහ වේලාව පෙර වාර්තා වූ අගයන්ට වඩා වැඩි බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව යුරෝපය පුරා පැතිර යන භයානක තාප තරංග තවත් භයානක ලෙස ඉහළ අගයක් ගනු ඇති බවයි වාර්තා වන්නේ. ෆොසිල ඉන්ධන දහනය කිරීමෙන් ගෝලීය උණුසුම වැඩිවීම නිසාත්, 2018...
Read More »

Jul 21

යුක්රේනය පොකුරු බෝම්බ භාවිතා කරන බව ධවල මන්දිරය තහවුරු කරයි  

0 comments

තමන් ලබා දුන් පොකුරු බෝම්බ යුක්රේනය භාවිත කරමින් සිටින බව ධවල මන්දිරය පවසනවා. ජාතික ආරක්ෂාව පිළිබද ප්‍රකාශක ජෝන් කරබ්බි පවසන්නේ රුසියාවට එරෙහි මෙහෙයුම් සදහා යුක්රේන හමුදා එම පොකුරු බෝම්බ යොදා ගන්නා බවයි. ඇමෙරිකාව යුක්රේනයට පොකුරු බෝම්බ ලබා දුන්නේ රටවල් 100 කට වැඩි සංඛ්‍යාවක් පොකුරු බෝම්බ තහනම් කර තිබූ අවස්ථාවකයි. මෙම පොකුරු බෝම්බ භාවිතය නිසා සිදුවන හානිය ඉතා විශාල බවයි වාර්තා වන්නේ.     The post යුක්රේනය පොකුරු බෝම්බ...
Read More »

Jul 21

දෙවන ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංවාද මණ්ඩපය ශැංහයිදී  

0 comments

දෙවන ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංවාද මණ්ඩපය ඊයේ (20) පැවැත් වුණා. චීනයේ ශැංහයි නගරයේදී පැවති එම සංවාද මණ්ඩපය චීන මාධ්‍ය සමූහය හා ෂැංහයි නාගරික පරිපාලනය විසින් ඒකාබද්ධව සංවිධානය කෙරිණ.“විවෘතභාවය, හවුල් ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රහණ – නවීකරණයේ මාවතේ අත්වැල් බැඳගෙන යාම”” එහි ප්‍රධාන තේමාවයි. ජාත්‍යන්තර සංවිධාන, චීන සහ විදේශීය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය...
Read More »

Jul 20

යුක්‍රේනයට තවත් ඇමෙරිකා ඩොලර් බිලියන 22ක සහන පැකේජයක්  

0 comments

යුක්‍රේනය වෙනුවෙන් තවත් ඇමෙරිකා ඩොලර් බිලියන 22 ක සහන පැකේජයක් ලබාදීමට යුරෝපා එකමුතුව සැළසුම් කර තිබෙනවා. අවි ආයුධ ජීව උණ්ඩ ඇතුළු හමුදා ආධාර ඊට ඇතුළත්. යුරෝපා එකමුතුවේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමක් බ්‍රසීලයේදී පැවැත්වුණා. එහිදී මෙම තීරණයට එළඹ ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. යුක්රේනයට එරෙහිව රුසියාව ක්‍රියාත්මක කරන මෙහෙයුම් හේතුවෙන්  එරට ජන ජීවිතය මුළුමනින්ම බිඳ වැටුණා. සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම...
Read More »

Jul 20

ඉන්දියාවේ නායයෑමක් – 10 දෙනෙකු මරුට  

0 comments

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අධික වර්ෂාවෙන් පසු මෙම නායයෑම සිදුවී ඇති අතර ඉන් පුද්ගලයින් 100කට අධික පිරිසක් සිරවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. The post ඉන්දියාවේ නායයෑමක් – 10 දෙනෙකු මරුට appeared first on ITN News...
Read More »

Jul 20

යුක්‍රේනයේ වරාය නගර කිහිපයකට රුසියාවෙන් ගුවන් ප්‍රහාර  

0 comments

යුක්‍රේනයේ වරාය නගර කිහිපයකට රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් 20 දෙනෙකු තුවාල ලැබුවා. යුක්‍රේනයේ වරාය නගරයන් වන මයිකෝලයිව් හා ඔඩේසා නගරයන්ට අඛණ්ඩව තුන්වන දිනටත් රුසියාව ගුවන් ප්‍රහාර එල්ල කළේ ඊයේ රාත්‍රීයේයි. එම ප්‍රහාර වලින් කුඩා දරුවන් 5 දෙනෙකු ද තුවාල ලබා තිබෙනවා. නේවාසික තුන්මහල් ගොඩනැගිල්ලකට එල්ල වු ගුවන් ප්‍රහාරයකිනුයි මොවුන් තුවාල ලබා ඇත්තේ. මයිකෝලයිව් නගරයේ තවත් උස් ගොඩනැගිලි පහකට ගුවන් ප්‍රහාරයෙන් හානි සිදුව තිබෙනවා. ඔඩේසා...
Read More »

Jul 19

යුක්‍රේනයට ගමන්ගන්නා සියලු නැව් යුද නෞකා සේ සලකන බව රුසියාව කියයි  

0 comments

යුක්‍රේනයට ගමන්ගන්නා සියලු නැව් යුද නෞකා සේ සලකා කටයුතු කරන බව රුසියාව පවසනවා. කළු මුහුද හරහා යුක්‍රේනය දෙසට ගමන් ගන්නා සියලු නෞකා මෙසේ ගණන් ගැනෙන බවයි රුසියා ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එම සියලු නෞකා යුක්රේනයට යුද ආධාර සැපයීමට පැමිණෙන ඒවා බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. ඊයේ මධ්‍යම රාත්‍රීයේ ද කළු මුහුද හරහා යුක්‍රේනය දෙසට නෞකා රැසක් ගමන් ගන්නා ආකාරය තමන් නීරික්ෂණය කළ බව රුසියාව සඳහන් කරනවා. මේ අතර විශේෂ නිවේදනයක් නිකුත්...
Read More »

Jul 19

නවසීලන්තයේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එරට වේලාවෙන් අද උදෑසන හතයි විසිදෙකටයි වෙඩි තැබීම සිදුව ඇත්තේ. ඕක්ලන්ඩ්හි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භයට පැය කිහිපයක් තිබියදී මෙම වෙඩි තැබීම සිදු වීම විශේෂත්වයක්. සිද්ධියෙන් තවත් හය දෙනෙකු තුවාල ලැබුවා. නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ප්‍රකාශ කර ඇත්තේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැක පළ නොකරන බවයි. ඕක්ලන්ඩ් හි ක්වින්ස් වීදියේයි...
Read More »

Jul 19

දකුණු ඇල්ජීරියාවේ රිය අනතුරකින් 34ක් මරුට  

0 comments

දකුණු ඇල්ජීරියාවේ Tamanrasset හි සිදුවූ රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් ඇති බව ඇල්ජීරියානු බලධාරීන් පවසනවා එරට සිවිල් ආරක්ෂක ඒජන්සිය පැවසුවේ මගී බස් රථයක් ගිනි ගැනීමට පෙර තවත් වාහනයක ගැටී ඇති බවයි. තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා අනතුරට මුහුණදුන් අය තවමත් හඳුනාගෙන නැති බවද බලධාරීන් පවසනවා Tamanrasset නයිජර් සහ මාලි වලට ආසන්නව පිහිටා ඇති නගරයක් වන අතර උප සහරා අප්‍රිකාවේ සිට යුරෝපයට පැමිණීමට...
Read More »

Jul 19

ඉන්දුනීසියාවේදී ට්‍රක් රථයක් මගී දුම්රියක ගැටී ගිනි ගනියි  

0 comments

ඉන්දුනීසියාවේදී ට්‍රක් රථයක් මගී දුම්රියක ගැටීමෙන් එය ගිනි ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා ට්‍රක් රථය දුම්රිය මාර්ගය හරහා යමින් සිටියදී නැවතෙන අයුරුත් එහි සිටි අයෙක් බැස යන අයුරුත් එම වීඩියෝවේ දැක්වෙනවා. මධ්‍යම ජාවාහිදී මෙම අනතුර සිදුව ඇති අතර ට්‍රක් රථය දුම්රියේ ගැටීමෙන් එක් අයෙකු තුවාල ලබා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ   The post ඉන්දුනීසියාවේදී ට්‍රක් රථයක් මගී දුම්රියක ගැටී...
Read More »

Jul 19

රුසියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම යුද ගැටුමක් ප්‍රකාශයට පත් කිරීමට සමානයි – දකුණු අප්‍රිකාව  

0 comments

රුසියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම යුද ගැටුමක් ප්‍රකාශයට පත් කිරීමට සමාන බව දකුණු අප්‍රිකාව පවසනවා. යුක්රේනයේ යුද මෙහෙයුම් හේතුවෙන් රුසියා ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙසයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය පසුගියදා වරෙන්තුවක් නිකුත් කළේ. රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් ලබන මාසයේදී දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන බ්රික්ස් සමුළුවට සහභාගීවීමට නියමිතයි. එම සමුළුව සදහා දකුණු අප්‍රිකාව/ රුසියාව /චීනය /ඉන්දියාව වැනි ලොව ප්‍රබල රටවල රාජ්‍ය...
Read More »

Jul 19

ඇමෙරිකාවේ අතිශය රහසිගත තොරතුරු ඇතුළත් ඊමේල් පණිවුඩ රුසියා හිතවාදී මාලි රාජ්‍යය අතට  

0 comments

ඇමෙරිකා හමුදාවේ අතිශය රහසිගත තොරතුරු ඇතුළත් ඊමේල් පණිවුඩ අත්වැරදීමකින් රුසියා හිතවාදී මාලි රාජ්‍යයට යොමුකර ඇති බව වාර්තා වනවා. මාලි රාජ්‍යයට ඊමේල් පහසුකම් ලබාදෙන නෙදර්ලන්ත සමාගමක් මේ බව අනාවරණය කර තිබෙනවා. මාලි රාජ්‍යයට ලැබුණු ඊමේල් පණිවුඩ තුළ ඇමෙරිකා හමුදාවේ අතිශය රහසිගත තොරතුරු රැසක් අන්තර්ගත බවයි වාර්තා වන්නේ. ඊමේල් ලිපිනය සටහන් කිරීමේ දී සුලු අත්වැරදීමක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් මෙය සිදුව ඇති බව සඳහන්. ඊමේල් පණිවුඩ තුළ රාජ්‍ය...
Read More »

Jul 18

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි  

0 comments

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව ජපානය නිවේදනය කරනවා. උතුරු කොරියාව අත්හදා බැලූ බැලැස්ටික් මිසයිල දෙක උතුරු කොරියා නැගෙනහිර මුහුදු කලාපයට පතිත වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඇමෙරිකා යුද සබ්මැරීනයක් දකුණු කොරියාවට පැමිණ පැය කිහිපයකින් අනතුරුවයි මෙම අත්හදා බැලීම සිදුකෙරුණේ. ඇමෙරිකා යුද සබ්මැරීනයක් දකුණු කොරියාවට පැමිණියේ දශක හතරකට පමණ පසුවයි. පළමු මිසයිලය කිලෝමීටර් 550ක් හා දෙවන මිසයිලය කිලෝමීටර්...
Read More »

Jul 18

ඇමෙරිකා සෙබළෙක් උතුරු කොරියා අත්අඩංගුවට  

0 comments

අනවසරයෙන් දකුණු කොරියා දේශසීමා තරණය කළ ඇමෙරිකා සෙබළෙක් උතුරු කොරියා අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඇමෙරිකා හමුදාවේ දෙවන පන්තියේ සෙබළෙකු වූ ට්‍රැවිස් කින් විනය හේතූන් මත නැවත ඇමෙරිකාවට රැගෙන යාමට නියමිතව සිටියා. ඔහු ඉන්චියෝන් ගුවන්තොටුපොළට රැගෙන යන අතරතුර පළා ගොස් දේශසීමා තරණය කර ඇති බවට වාර්තා වනවා. මේ පිළිබඳ කොරියාවේ ඇමෙරිකා හමුදා කණ්ඩය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. දේශසීමා තරණය කළ පසු ඔහු කිසිදු සන්නිවේදන සබඳතාවක් පවත්වා නොමැති...
Read More »

Jul 18

පෝලන්තයේ ගුවන් අනතුරකින් 5ක් මරුට  

0 comments

පෝලන්තයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ගුවන් අනතුරෙන් තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පෝලන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. අයහපත් කාලගුණය හේතුවෙන් මෙම ගුවන් අනතුර සිදුවන්නට ඇති බවට අනුමාන කෙරෙනවා. සැහැල්ලු ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර ගුවන් කදවුරක් ආසන්නයේ දීයි අනතුර සිදුව ඇත්තේ. සහන කටයුතු සදහා හෙලිකොප්ටර් යානා 4ක් හා ගිලන් රථ 10ක් යොදවා ඇති බව...
Read More »

Jul 18

රුසියාව යුක්රේනයට තිරිඟු අපනයනය කිරීමේ ගිවිසුම් අත්හිටුවයි  

0 comments

යුක්රේනයට තිරිඟු අපනයනය කිරීමට අවසර ලබාදෙමින් එළඹ ඇති ගිවිසුම අත්හිටුවන බව රුසියාව නිවේදනය කරනවා. තිරිඟු අපනයනය සම්බන්ධයෙන් පවත්නා එකගතාවයේ කොන්දේසි ජගත් සංවිධානය සහ තුර්කිය කඩ කිරීම හේතුවෙන් තමන් ඉන් ඉවත්වන බවයි රුසියාව පවසන්නේ. එකඟතාවය හේතුවෙන් කළු මුහුද ඔස්සේ තිරිඟු අපනයනය කිරීමට යුක්රේනයට අවස්ථාව හිමිව තිබුණා. ඒ හරහා ලෝකයේ රටවල් රැසක් තිරිඟු අවශ්‍යතාව සපුරාලීමට හැකියාව ලැබුණා. කෙසේ වුවද එකඟතාවයේ කොන්දේසි පිළිපැදීමට අනෙක් පාර්ශ්වය...
Read More »

Jul 17

ක්‍රයිමියා පාලමට එල්ල වු ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට සුදානම් බව පුටිං පවසයි  

0 comments

රුසියා පාලනය යටතේ පවතින ක්‍රයිමියා පාලමට එල්ල වු ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට සුදානම් බව රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටිං පවසනවා. ක්‍රයිමියාව සහ රුසියාව සම්බන්ධ කරමින් ගොඩනගා ඇති පාළම ඉලක්ක කර ගනිමින් ඊයේ ප්‍රහාරයක් එල්ල කෙරුණා. එම ප්‍රහාරයට යුක්රේනය වගකිව යුතු බවයි රුසියාව චෝදනා කරන්නේ. ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. එසේ වුව ද පාළමට විශාල හානියක් සිදු වී නොමැති බවයි රුසියා ප්‍රවාහන අමාත්‍යවරයා සදහන් කරන්නේ.         The...
Read More »

Jul 17

යුරෝපයට සරණාගතයින් පැමිණීම වැළැක්වීම සඳහා ගිවිසුමක්  

0 comments

යුරෝපයට සරණාගතයින් පැමිණීම වැළැක්වීම සඳහා යුරෝපා සංගමය හා ටියුනිසියාව අතර ගිවිසුමකට එළඹ තිබෙනවා. උතුරු අප්‍රිකා රටක් වන ටියුනිසියාව හරහායි අප්‍රිකා මහද්වීපයේ සිට බොහෝ සරණාගතයින් පිරිසක් යුරෝපයට සංක්‍රමණය වන්නේ. නව ගිවිසුමත් සමග එලෙස සංක්‍රමණය වීම වැළැක්වීම සඳහා ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම ඇතුළුව වැඩසටහන් රැසක් ක්‍රියාත්මකවනු ඇති. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දී මීට අදාළ ගිවිසුමට අත්සන් තැබුණා. යුරෝපා සංගමයේ සභාපතිවරයා පෘතුගාල හා ඉතාලි...
Read More »

Jul 17

ඩොල්ෆින් මත්ස්‍යයින් විසින් එල්ල කළ ප්‍රහාරයකින් පිහිනුම් ක්‍රීඩකයින් සිව් දෙනෙකුට තුවාල  

0 comments

මධ්‍යම ජපානයේ වෙරළ තීරයකදී ඩොල්ෆින් මත්ස්‍යයින් විසින් එල්ල කළ ප්‍රහාරයකින් පිහිනුම් ක්‍රීඩකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසා තිබෙනවා ෆුකුයි ප්‍රාන්තයේ මිහාමා නගරයේ සුයිෂෝහාමා වෙරළට මීටර් කිහිපයක් ඔබ්බෙන් ඩොල්ෆින් මත්ස්‍යයෙකු පහර දීමෙන් 60 හැවිරිදි පුද්ගලයෙක්ගේ ඉළ ඇට කැඩී ඇති අතර අත් සපා කෑමට ලක්ව තිබෙන බවයි පැවසෙන්නේ එම දිනයේදීම තවත් 40 හැවිරිදි පුද්ගලයෙකුගේ අත සපා කෑමට ලක්ව ඇති අතර පසු දිනයේදී ද ඩොල්ෆින් මත්ස්‍යයින්...
Read More »

Jul 16

ඇමෙරිකාවේ නිරිත දිග ප්‍රදේශවලට දැඩි උෂ්ණාධික කාලගුණයක්  

0 comments

ඇමෙරිකාවේ නිරිත දිග ප්‍රදේශවලට දැඩි උෂ්ණාධික කාලගුණයක් බලපා තිබෙනවා. මේ හේතුවෙන් මිලියන 110කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ලාස්වේගාස් හි උෂ්ණත්වය ඊයේ දිනයේ දී වාර්තා ගත ලෙස සෙල්සියස් අංශක 47.2 ඉක්මවා ගියා. අධික උෂ්ණත්වය ඇමෙරිකාවේ නගර 38කට බලපෑම් එල්ල කර තිබෙනවා. ලොස්ඇන්ජලීස් හි ඩෙත් නිම්නයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 53.9ක් දක්වා ඉහළ යැමෙන් ලැව් ගිනි තත්ත්වයක් ද හට ගෙන තිබෙනවා. ටෙක්සාස්, ...
Read More »

Jul 16

අයහපත් කාලගුණයෙන් දකුණු කොරියාවේ මියගිය සංඛ්‍යාව ඉහළට  

0 comments

දකුණු කොරියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ජිවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වුන්වොන්ග් ප්‍රදේශයේ වොන්ජේ නමින් හදුන්වන උමග සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවීම හේතුවෙන් එහි සිරවී ඇති වාහන සංඛ්‍යාව 19ක්. උමගේ දිග මීටර 685ක්. උතුරු චන්ග්යොන් පළාතේ පිහිටි ප්‍රධාන ජලාශයක වේල්ල පිටාර ගැලීමෙන් දහස් ගණනක පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. පසුගිය සතිය පුරා අඛණ්ඩව පවතින...
Read More »

Jul 16

දකුණු කොරියාවේ ජල ගැලීම් වලින් පුද්ගලයින් 26 දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

දකුණු කොරියාවේ ජල ගැලීම් වලින් පුද්ගලයින් 26 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 10 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. උතුරු චන්ග්යොන් පළාතේ පිහිටි ප්‍රධාන ජලාශයක වේල්ල පිටාර ගැලීමෙන් දහස් ගණනක් අවධානම් ස්ථානවලින් ඉවත් කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. දින කිහිපයක් පුරා අඛණ්ඩව පවතින වර්ෂාවත් සමග මහමාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා. විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම්වලට සහාය ලබාදෙන ලෙස දකුණු කොරියා අග්‍රාමාත්‍යවරයා හමුදා ආරක්ෂක...
Read More »

Jul 15

ස්පාඤ්ඤය අවුලන ලැව්ගිනි  

0 comments

ස්පාඤ්ඤයේ ලැව්ගිනි හේතුවෙන් එරට පුද්ගලයන් 2,500කට වැඩි පිරිසක් සිය ප්‍රදේශවලින් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ස්පාඤ්ඤයේ කැනරි දූපත්වල ලා පල්මාහි මෙම ලැව්ගිනි ඉතා තීව්‍ර ලෙස පැතිරෙමින් පවතින බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ ගින්නෙන් ස්පාඤ්ඤයේ මේ වනවිට කැනරි දූපත් ආශ්‍රිතව හෙක්ටයාර් 4500ක භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා ගිනි නිවන භටයන් 300ක් පමණ ගුවන්යානාවල සහාය ඇතිව ගින්න නිවීමේ මෙහෙයුම්වල නිරතව සිටින බව විදෙස් මාධ්‍ය...
Read More »

Jul 15

බර්ජ් කලීෆා ඉන්දීය අගමැති පිළිගත් අපූරුව  

0 comments

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඊයේ (15) පැමිණ තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයට පෙර ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ඉන්දීය ජාතික කොඩියේ වර්ණවලින් ආලෝකමත් කර තිබු අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම එහි ”ගෞරවනීය අගමැති නරේන්ද්‍ර මෝදි සාදරයෙන් පිළිගනිමු” යනුවෙන් පාඨයක් සමඟින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඡායාරූපයක් ද ගොඩනැගිල්ලේ ප්‍රදර්ශනය කර තිබීම විශේෂත්වයක් ප්‍රංශයේ...
Read More »

Jul 15

ඇමෙරිකාව ප්‍රහාරක ජෙට්යානා ගල්ෆ් තීරයට යවයි  

0 comments

ඉරාන තර්ජන හමුවේ ඇමෙරිකාව එෆ් 16 ප්‍රහාරක ජෙට්යානා ගල්ෆ් තීරයට යැවීමට පියවර ගත්තා. ඉරාන ග්‍රහණයෙන් සිය නැව් ආරක්ෂා කර ගැනීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය වටා අතිරේක ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ඇමෙරිකාව ක්‍රියා කළා. මේ බව පෙන්ටගනයේ ප්‍රකාශකයකු සඳහන් කර තිබෙනවා. සතියක කාලයක් මෙම කලාපයේ මුර සංචාරයේ නිරත ඒ 10 ප්‍රහාරක ගුවන් යානා වැඩි කිරීම සඳහා ඇමෙරිකාව සති අන්තයේදී එෆ් 16 ප්‍රහාරක ජෙට් යානා ගල්ෆ් කලාපයට යවන බවයි පෙන්ටගනය සඳහන් කරන්නේ. හෝමූස්...
Read More »

Jul 14

මතභේදයට තුඩු දුන් ආරක්ෂක වියදම් පනත් කෙටුම්පත ඇමෙරිකාව සම්මත කර ගනී  

0 comments

මතභේදයට තුඩු දුන් ආරක්ෂක වියදම් පනත් කෙටුම්පත ඇමෙරිකාව සම්මත කරගත්තා. ගබ්සා කිරීම හා ස්ත්‍රීපුරුෂභාවය වෙනස් කිරීමේ සැත්කම් පිළිබඳ මතභේදාත්මක සංශෝධන ඇතුළත් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික අයවැය ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කරගත්තා. 2024 ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත් කෙටුම්පත ඩිමොක්‍රටික් පක්ෂයේ බහුතර බලයක් ඇති සෙනෙට් සභාව මගින් සම්මත කළ යුතුයි. ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට මෙය ප්‍රබල තර්ජනයක් බවයි ඩිමොක්‍රටික් පාක්ෂිකයන් කියා...
Read More »

Jul 14

යුරෝපයේ උෂ්ණාධික කාලගුණය තවදුරටත් ඉහළට  

0 comments

යුරෝපයේ උෂ්ණාධික කාලගුණය තවදුරටත් ඉහළ යනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවනවා. දකුණු යුරෝපයේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල අධික උෂ්ණත්වයක් වාර්තා වනවා. ග්‍රීසියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වැඩි අගයක් ගෙන තිබෙනවා. එය ග්‍රීසියේ සංචාරක ව්‍යාපාරයට ද දැඩි ලෙස බලපා  ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රකට සංචාරක ආකර්ෂණයක් වන ඇප්ක්‍රෝපොලිස්හි සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දවසේ උණුසුම්ම වේලාවන් තුළ වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය...
Read More »

Jul 14

දේශපාලන සිරකරුවන් ඝාතනය කළ බවට මියන්මාර හමුදා පාලනයට චෝදනාවක්  

0 comments

දේශපාලන සිරකරුවන් ඝාතනය කළ බවට මියන්මාර හමුදා පාලනයට චෝදනා එල්ලවී තිබෙනවා. 2021 හමුදා කුමන්ත්‍රණයට එරෙහි වීම හේතුවෙන් දහස් ගණනක් අත්අඩංගුවට ගැනුණා. ඔවුන්ට දැඩි වද හිංසා පැමිණවීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට චෝදනා එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකළේ. බගෝ කලාපයේ පිහිටි බන්ධනාගාරයෙන් දේශපාලන සිරකරුවන් ඉවත්කළ අවස්ථාවේ තිස් හත් දෙනෙකු අතුරුදන් වී ඇති බවයි දේශපාලන සිරකරුවන් සදහා වන සංගමයක් සදහන් කර තිබුණේ.       The...
Read More »

Jul 14

චන්ද්‍රයාන් තුන සඳ මෙහෙයුමට සියලු කටයුතු සූදානම්  

0 comments

ඉන්දියාව චන්ද්‍රයාන් තුන සද මෙහෙයුමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ෂීහාර් කෝටාහි සතිෂ් දවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී අද පස්වරුවේ චන්ද්‍රයාන් දියත් කිරීමටයි නියමිතව ඇත්තේ. ඩොලර් මිලියන 75 ක් පමණ වියදමින් නිර්මාණය කර ඇති රොකට්ටුව චන්ද්‍ර වාහනය ලෙසයි නම් කර ඇත්තේ. සද මත රෝවරයක් ගොඩබැස්සවීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා. අඩි 143 ක දිගින් යුත් චන්ද්‍රයාන් තුන රොකට්ටුව ලබන මස 23 වනදා වන විට චන්ද්‍රයාන්ගේ දක්ෂිණ ධ්‍රැවයට...
Read More »

Jul 13

හොලිවුඩ් නළු නිලියන් සහ තිරපිටපත් රචකයින් වසර 40කට පසු වැඩවර්ජනයක  

0 comments

හොලිවුඩ් නළු නිලියන් සහ තිරපිටපත් රචකයින් දැවැන්ත වර්ජනයක් සිදුකරන බවට නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් මේ අවස්ථාවේදී හොලිවුඩය වසා දැමිමක් සිදුකරන බවයි වාර්තා වන්නේ. එය වසර 40කට පසු හොලිවුඩයේ සිදුවන විශාලතම වසා දැමිම බවයි බී බීසී ප්‍රවෘත්ති සේවය සදහන් කරන්නේ. රංගන ශිල්පීන් හා තිර පිටපත් රචකයින් එක්ලක්ෂ හැට දහසක් පමණ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයට එක්ව සිටිනවා. ඒසමග බොහෝ නිර්මාණවල මංගල දර්ශන පවා අත්හිටුවීමට සිදුවන බවයි හොලිවුඩ්...
Read More »

Jul 13

නිවුන් පැන්ඩා පැටවුන් – VIDEO  

0 comments

දකුණු කොරියාවේදී පළමුවරට පැන්ඩා සත්ත්වයෙකුට නිවුන් පැන්ඩා පැටවුන් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා එම පැටවුන් දෙදෙනාම ගැහැණු සත්ත්වයින් බවයි පැවසෙන්නේ පැය ගණනක පරතරයකින් උපත ලැබූ අතර මොවුන්ගෙන් එක් පැටවෙකුගේ බර 180g වන අතර අනෙක් පැටවාගේ බර 140g බව විදෙස් මාධ්‍ය පවසනවා Everland theme park සත්වෝද්‍යානය පවසන්නේ Ai Bao නැමැති පැන්ඩා මවත් පැටවුන් දෙදෙනාත් සුවෙන් සිටින බවයි. The post නිවුන් පැන්ඩා පැටවුන් – VIDEO appeared first...
Read More »

Jul 13

G7 රටවල් යුක්‍රේනයට දීර්ඝකාලීන ආධාර ලබාදීමේ වැඩසටහනක් ප්‍රකාශයට පත් කරයි  

0 comments

ජී හත රටවල් යුක්‍රේනයට දීර්ඝකාලීන ආධාර ලබාදීමේ වැඩසටහනක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හා බ්‍රිතාන්‍ය , කැනඩා , ප්‍රංශ , ජර්මන් , ඉතාලි හා ජපාන නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ජී 7 සමුළුවේ දී මෙය ප්‍රකාශයට පත්කර ඇත්තේ. එය රුසියාවට දැවැන්ත පහරක් එල්ල කරන්නක් බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. ලිතුවේනියාවේ විල්නියස් හිදීයි ජී 7 රාජ්‍ය නායක සමුළුව මෙවර පැවැත්වෙන්නේ. ඇමෙරිකාව මේ වන විටත් ඊශ්‍රායලය සම්බන්ධයෙන්...
Read More »

Jul 12

IMF පාකිස්ථානයට ඩොලර් බිලියන 3ක ණයක් අනුමත කරයි  

0 comments

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්ථානයට ලබා දෙන ඩොලර් බිලියන 3 ක ණය මුදල සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා. මේ අනුව ඉදිරි මාස 9 ක කාලය සඳහා මුල් අදියර යටතේ ඩොලර් බිලියන 1.2 ක ණය මුදලක් ලබා දෙනු ඇති. ණය අර්බුදය හේතුවෙන් පාකිස්ථානය දැඩිපීඩාවට ලක්ව සිටියා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට පවා මුදල් නොමැති තත්ත්වයක් තුළ එරට රජය දැඩි විවේචනයට ද ලක් වුණා. මීට අමතරව සෞදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවලින් මේ සතිය තුළ පාකිස්ථානයට ආධාර...
Read More »

Jul 12

යමුනා ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළට  

0 comments

ඉන්දියාවේ දිල්ලි අගනුවර යමුනා ගගේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතිනවා. අවට ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ. දින ගණනාවක සිට ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් නගර රැසක් ජලයෙන් යටව පවතිනවා. දිල්ලි අගනුවර යමුනා ගංගාවේ ජල මට්ටම වසර 45 කට පසු ඉහළම අගයට ළඟා වී තිබෙනවා. එය දැනටමත් අනතුරුදායක මට්ටම ඉක්මවා ගොස් ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ. පසුගිය මාසයේ අග භාගයේ සිට ආරම්භ වු මෝසම් වැසි...
Read More »

Jul 12

උතුරු ඉන්දියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 80 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

උතුරු ඉන්දියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 80 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය සදහන් කරනවා. උතුරු ඉන්දියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ හිමාචල් ප්‍රදේශ් හා උත්තරකාන්ද් යන ප්‍රදේශයන්ටයි. නායයාම් හා ගංවතුරෙන් සිදුව ඇති හානිය ඉන්දීය රුපියල් කෝටි තුන්දහසත් හාරදහසත් අතර වන බව එරට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසනවා. පාලම් 40ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නායයාම් හේතුවෙන් මහාමාර්ග...
Read More »

Jul 12

තායිලන්ත අගමැති විශ්‍රාම යන්න සැරසෙයි  

0 comments

තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචා දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කළා. 2014 වසරේ හමුදා කුමන්ත්‍රණයක් මගින් තායිලන්තයේ පාලන බලය අත්පත් කරගැනනීමෙන් පසු ප්‍රයුත් චාන් ඕචා තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණා. මෙම වසරේ මැයි මස පැවති මහමැතිවරණයෙන් හමුදා සහාය සහිත දේශපාලන සන්ධානය පරාජයට පත්වීමෙන් පසු ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම විශේෂත්වයක්. කෙසේ වුවද නව නව රජයක් පිහිටවනු තුරු ඔහු අග්‍රාමාත්‍ය ධුරයේ රැදී සිටිනවා. පැවති...
Read More »

Jul 12

ජපානයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 3 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ජපානයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිරිත දිග ජපානයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නාය යාම් හා  ගංවතුර තත්ත්වයක් හට ගත්තා. පුද්ගලයින් තුන්දෙනෙකු අතුරුදන් බවයි සහන කණ්ඩායම් සදහන් කරන්නේ. එම ප්‍රදේශයට මෙතෙක් බලපා ඇති අධිකම වර්ෂාපතනයද මෙය බවයි වාර්තා වන්නේ. සදුදා දිනයේදි පමණක් මිලිමීටර් 400 ඉක්ම වූ වැසි ලැබී ඇති බව එරට ජාතික කාලගුණ ඒජන්සිය නිවේදනය කරනවා. දහස් ගණනක පිරිසක් ආරක්ෂිත...
Read More »

Jul 12

යුක්‍රේන ජනාධිපතිවරයාගෙන් නේටෝ සංවිධානයට චෝදනාවක්  

0 comments

යුක්‍රේනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාදීම සඳහා වන කාල රාමුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කළ නොහැකි බව නේටෝ සංවිධානය නිවේදනය කරනවා. තම රටට සාමාජිකත්වය ලබාදීම කල් දැමීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කරන බවයි යුක්‍රේන ජනාධිපති වොල්දොමියර් සෙලෙන්ස්කි සඳහන් කරන්නේ. නේටෝ සංවිධානයට අයත් සියලු සාමාජිකයින්‌ගේ එකඟතාව හා  කොන්දේසි ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සාමාජිකත්වය ලබා දීම සම්බන්ධයෙන් අවසන්  තීරණයකට පැමිණෙන බව නේටෝ සංවිධානය...
Read More »

Jul 11

නේපාලයේ හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

නේපාලයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මිය ගිය පිරිසගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර මෙක්සිකෝ ජාතිකයින් 5 දෙනෙකු ඔවුන් අතරට ඇතුළත් බවයි නේපාල බලධාරීන් සඳහන් කරන්නේ. හිමාල කදුකරයේ සිදු වූ නවතම ගුවන් අනතුර ලෙස මෙය හැදීන්විය හැකියි. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. එවරස්ට් කන්ද ඇතුලු ප්‍රදේශයේ සුන්දරත්වය නැරඹීම සඳහා මෙම සංචාරකයින් පිරිස ගමන්  කර ඇති බව පොලීසිය සඳහන් කරනවා. ගුවන්...
Read More »

Jul 11

උතුරු කොරියාව ඇමරිකාවට අනතුරු අඟවයි  

0 comments

උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් එල්ල කර තිබෙනවා. තම ගුවන් කලාපය හරහා ඇමෙරිකා ඩ්‍රෝන යානාවක් පියාසර කරවීමට ප්‍රතිචාර ලෙසයි උතුරු කොරියාව දිගුදුර මිසයිලය එල්ලකර ඇත්තේ. එය පැයකට වැඩි කාලයක් ගමන් කර ජපානය අසල මුහුදට පතිත වී ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකාව ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර නීතියට අනුව තමන් ඩ්‍රෝන යානාව පියාසර කරවූ බවයි. එහෙත් එවැන්නක් නැවත සිදුවුවහොත් ඩ්‍රෝන...
Read More »

Jul 11

ගලය සමසත ජනගහනයන 49.7%ක පරතශතයක කනතවන හ ගහණ දරවන  

0 comments

ලෝක ජනගහන දිනය අදට යෙදී ඇති අතර මේ වනවිට ගෝලීය සමස්ත ජනගහනය බිලියන 8කට අධිකයි. චීනය පසුකරමින් වැඩිම ජනගහනයක් සහිත රට බවට ඉදිරි කාලය තුළදී ඉන්දියාව පත්වනු ඇති බවටයි ජගත් සංවිධානය අනාවැකි පළකරන්නේ. ඉන්දියාවේ සමස්ත ජන ගහනය මේ වනවිට බිලියන එකයි 1.42 වන අතර චීනයේ සමස්ත ජනගහනය බිලියන 1.45කට අධිකයි. ගෝලීය සමස්ත ජනගහනයෙන් 49.7%ක ප්‍රතිශතයක් කාන්තාවන් හා ගැහැණු දරුවන් බව ජගත් සංවිධානය පවසනවා. 2030 වසර වනවිට ගෝලීය සමස්ත ජනගහනය බිලියන 8.5ද...
Read More »

Jul 11

දලල නගරයට ගවතර අනතර ඇඟවම  

0 comments

උතුරු ඉන්දියාවට ඇද හැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් දිල්ලි නගරයට ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා අධික වර්ෂාපතනය හේතුවෙන් පසුගිය සෙනසුරාදා සිට අවම වශයෙන් මිය ගිය ගණන 20ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අයහපත් කාලගුණය එළඹෙන සිකුරාදා දක්වා දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා ප්‍රාන්ත කිහිපයක ගස් කඩා වැටී, නිවාස ජලයෙන් යටවී ඇති අතර ප්‍රධාන මාර්ග වසා ඇති බවයි පැවසෙන්නේ යමුනා ගඟේ ජල මට්ටම් අනතුරුදායක මට්ටම් දක්වා ඉහළ යාමත් සමග...
Read More »

Jul 10

නවයරක නගරයට බලප ඇත අයහපත කලගණයන පදගලයක මරට  

0 comments

ඇමෙරිකාවේ නිව්යොර්ක් නගරයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අධික වර්ෂාවත් සමඟ නිව්යොර්ක් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශයන්ට ගංවතුර තත්ත්වයක් ද හටගත්තා. එම ප්‍රදේශයන්ට මිලිමීටර 200 ඉක්ම වු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි එරට කාලගුණ අංශ නිවේදනය කරන්නේ. බලපා ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව ද ඔවුන් පෙන්වා දෙනවා. ගංවතුරට මැදිව සිටින පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට සහන කණ්ඩායම්...
Read More »

Jul 10

සවඩනයට නට සවධනය සමජකතවය ලබගනමට තරකය සහය  

0 comments

ස්වීඩනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම සදහා තුර්කිය සහාය ලබාදෙන බව නේටෝ සංවිධාන ප්‍රධානියා පවසනවා. ස්වීඩනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාදීම සම්බන්ධයෙන් මීට පෙරදී තුර්කිය තම විරෝධය පළකළා. කෙසේ වුවද මේ වනවිට තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන් ස්වීඩන සාමාජිකත්වය සම්බන්ධයෙන් එකගතාව පළකළ බවයි නේටෝ සංවිධාන ප්‍රධානී යෙන් ස්ටොල්ටන්බර්ග් පවසනවා. ඒ සම්බන්ධයෙන් තුර්කි පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර කැමැත්ත ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි තුර්කි...
Read More »

Jul 10

උතර කරයව අමරකවට අනතර අඟවය  

0 comments

තම ගුවන් සීමාව උල්ලංඝනය කරන ඇමෙරිකා ඔත්තු බැලිමේ යානා වෙඩි තබා බිම හෙළන බවට උතුරු කොරියාව අනතුරු අඟවනවා. ඇමෙරිකා ඔත්තු බැලිමේ යානාවක් තම ගුවන් සීමා උල්ලංඝනය කළ බවට උතුරු කොරියාව අද (10)චෝදනා කළා. මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන අතර ඕනෑම මොහොතක එවැනි යානාවක් වෙඩි තබා බිම හෙළන බවටයි උතුරු කොරියාව අනතුරු අඟවා ඇත්තේ. කොරියා අර්ධද්වීපය හරහා ඇමෙරිකාව සිය න්‍යෂ්ටික සබ්මැරීනයක් ද ගමන් කරවීමට කටයුතු කළා. මේ සියල්ල තුළින් ඇමෙරිකාව තම රට...
Read More »

Jul 10

නවයරක හ පරනත කහපයකට ගවතර  

0 comments

අමෙරිකාවේ නිව්යෝර්ක් හි ප්‍රාන්ත කිහිපයකට ගංවතුර තත්ත්වයක් බලපා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා නිව්යෝර්ක් නගරයට උතුරින් පිහිටි Orange, Putnam සහ Rock-land ප්‍රාන්ත සඳහා එක්සත් ජනපදයේ ජාතික කාලගුණ සේවය විසින් හදිසි ගංවතුර අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා. එරට පොලිසිය විසින් මාර්ග කිහිපයක් වසා දමා ඇති අතර එම ප්‍රදේශවලින් ගමන් කිරීමෙන් වළකින ලෙසද දන්වා ඇති බව සඳහන් ගංවතුර තත්ත්වය හේතුවෙන් දැනට එක් මරණයක් වාර්තා වී ඇති බවද විදෙස් මාධ්‍ය...
Read More »

Jul 09

සරයව අය.එස. නයකය ඝතනය කළ බව ඇමරකව පවසය  

0 comments

සිරියාවේ අයිඑස් අයිඑල් නායකයා ඝාතනය කළ බව ඇමෙරිකාව පවසනවා. පසුගිය සිකුරාදා එල්ල  කළ ගුවන් ප්‍රහාරයකින් අයිඑස් අයි එල් නායක ඔසාමා අල් මුහාජර් ඝාතනය කළ බවයි ඇමෙරිකා හමුදාව ප්‍රකාශ කර ඇත්තේ. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකා හමුදා මධ්‍ය භට ඛණ්ඩය මේ බව සදහන් කරනවා. අයිඑස් අයිඑස් සටන්කාමීන් මර්දනය කිරීමේ දී අයිඑස් අයිඑල් නායකයා ඝාතනය කිරීම සුවිශේෂි කඩඉමක් බව එම නිවේදනයෙහි සදහන්. මෙම ගුවන් ප්‍රහාරයෙන් සිවිල් වැසියන් කිසිවෙක්...
Read More »

Jul 09

ජ බයඩන බරතනයය සචරයක  

0 comments

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණියා. ජනාධිපති බයිඩන්ගේ බ්‍රිතාන්‍ය සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍ය රීෂි සුනක් හා චාල්ස් රජු මුණ ගැසීමට නියමිතයි. කෙසේ වුව ද මෙම සංචාරයේ දී යුක්රේනයේ යුද ගැටුම් පිළිබද වැඩි අවධානයක් යොමුවනු ඇති බවට විශ්ලේෂකයින් අනාවැකි පළ කරනවා. එමෙන්ම යුක්රේනයට පොකුරු බෝම්බ ලබාදීමට ඇමෙරිකා ජනාධිපතිවරයා සිදුකළ යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබීම ද විශේෂත්වයක්. බ්‍රිතාන්‍ය...
Read More »

Jul 09

බරසලය මහල නවස සකරණයක කඩ වටමන 14ක ජවතකෂයට  

0 comments

ඊසානදිග බ්‍රසීලයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා. අනතුරින් තවත් පුද්ගලයින් රැසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේය.   The post බ්‍රසීලයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් 14ක් ජීවිතක්ෂයට appeared first on ITN News...
Read More »

Jul 08

ඇමරකව තමන සතව තබ රසයනක අව තගයක වනශ කරය  

0 comments

ඇමරිකාව සතුව තිබු රසායනික අවි විනාශ කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, දශක කිහිපයක් පැරණි රසායනික අවි තොගයකුයි එලෙස විනාශ කර තිබෙන්නේ. ආයුධ ගබඩාවක් තුළ තිබු මෙම රසායනික අවි තොගය සම්පුර්ණයෙන්ම විනාශ කල බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශකර තිබෙනවා. ලෝකය රසායනික අවි වලින් තොර කිරීම සඳහා 1997 වර්ෂයේ දී සම්මුතියකටද එළඹ තිබෙනවා. The post ඇමරිකාව තමන් සතුව තිබූ රසායනික අවි තොගයක් විනාශ කරයි appeared first on ITN News...
Read More »

Jul 08

ඉනදයව බහසණම දමරය අනතර සමබනධයන තදනක අතඅඩගවට  

0 comments

ඉන්දීය බිහිසුණු දුම්රිය අනතුර සම්බන්ධයෙන් දුම්රිය සේවකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මාසයේ ඔඩීසා ප්‍රාන්තයේ බලසෝර්හි සිදු වූ බිහිසුනු දුම්රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 300 කට ආසන්න පිරිසක් මිය ගියා.තුවාල ලැබූ සංඛ්‍යාව දහසකට අධිකයි. අනතුර සම්බන්ධයෙන් ඉන්දීය දුම්රිය ආරක්ෂක අංශ විමර්ශන සිදු කළ අතර ඊට සංඥා දෙපාර්තමේන්තුව් සේවකයන්ගේ දෝෂ අනතුරට හේතු වී ඇති බව සොයා ගෙන තිබෙනවා. ඒ අනුව දුම්රිය සේවකයන් තුන් දෙනෙකු ඉන්දීය...
Read More »

Jul 07

සකරබගග තරඩස මවලමට නතමය පයවර ගනන ටවටර පරධනය සරසය  

0 comments

පසුගිය බදාදා දියත්කළ එම මෙවලමට මේ දක්වා ග්‍රාහකයින් මිලියන 30 කට වැඩි පිරිසක් එක්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙම ත්‍රෙඩ්ස් මෙවලම ට්විටර් හා සමාන මෙවලමක්. එහෙත් තරගකාරීත්වයට වඩා ඔවුන් වංචාවක් සිදුකර ඇතිබවයි ඊලොන් මස්ක් පවසන්නේ. ට්විටර් සමාගමෙන් ඉවත් වූ සේවකයන් යොදා ගනිමින් ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් මෙම යෙදවුම සකස් කර ඇති බවටද ඔහු චෝදනා කරනවා. කෙසේවෙතත් මෙටා සමාගම එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. The post සකර්බග්ගේ ත්‍රෙඩ්ස් මෙවලමට...
Read More »

Jul 07

මකසකව වඩ තබමකන 6 දනක ජවතකෂයට  

0 comments

මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙක්සිකෝවේ ඊසාන දිග මොන්ටෙරේ නගරයේ නිවසක තිබියදීයි මෙම සිරුරු සොයා ගෙන ඇත්තේ. ඉන් කිහිපයකම දෑත් බැද ඇති බව සඳහන්. කාන්තාවන් දෙදෙනෙකුද මිය ගිය අතර වනවා. වාර්ෂිකව මෙක්සිකෝව තුළ මනුෂ්‍ය ඝාතන නිරන්තරයෙන් සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මත්ද්‍රව්‍ය ජාවාරම් බහුල රටක් ලෙස පිළිගැනෙන එරට සංවිධානාත්මක අපරාධ නිරන්තරයෙන් සිදුවන බවයි එම වාර්තා තවදුරටත් පවසන්නේ. The post මෙක්සිකෝවේ...
Read More »

Jul 06

පථවයට බලපම ඇතකරන කණටවක?  

0 comments

පෘථිවියට බලපෑම් ඇතිකරන කුණාටුවක් අද රාත්‍රියේ හෝ හෙට උදෑසන පොළොවට ළඟා විය හැකි බව නාසා විද්‍යාඥන් පවසනවා. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එමගින් දීප්තිමත් “අවුරෝරා” ආලෝක දහරා ඇතිවිය හැකි බවයි. මේ හේතුවෙන් විදුලි ග්‍රීඩ් පද්ධතිවලට ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිකළ හැකි බවද නාසා විද්‍යාඥන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. සූර්යා සිය ප්‍රබල බලශක්තිය පිටතට නිකුත් කිරීම මෙලෙස සූර්ය කුණාටු ඇතිවීමට හේතුවෙයි. ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසා...
Read More »

Jul 06

දකණ අපරකව ගස කනදවකන පදගලයන 16 දනක ජවතකෂයට  

0 comments

දකුණු අප්‍රිකාවේ සිදු වු ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජිවිතක්ෂයට පත් වු පුද්ගලයින් අතරට කාන්තාවන් හා කුඩා ළමුන් ද ඇතුලත්. නයිට්රේට් ඔක්සයිඩ් වායුව ආග්‍රහනය කිරීම හේතුවෙන් මොවුන් මිය ගොස් ඇති බවට සැක පළ කරනවා. නීති විරෝධිව සිදුකළ රත්‍රං පතලක කැණීම් කටයුතු වලදී එම විෂ වායුව ආග්‍රහනය කර ඇති බවයි වාර්තා වන්නේ. නීති විරෝධිව රන් කැණීම් කටයුතු සිදු කරන පුද්ගලයින් රත්‍රං පස්වලින් වෙන්කර ගැනීම සඳහා නයිට්රේට්...
Read More »

Jul 06

පසල තළ ජගම දරකතන තහනම කරමට නදරලනතය සරසය  

0 comments

පාසල් පන්ති කාමරය තුළ දී ජංගම දුරකතන ඇතුළු උපාංග භාවිතය තහනම් කිරීමට නෙදර්ලන්ත රජය සුදානම් වනවා. පන්ති කාමරයේ අධ්‍යන කටයුතු වලට එම උපාංග හරහා සිදුවන බාධාවන් නැවැත්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි නෙදර්ලන්ත රජය පවසන්නේ. ටැබ් පරිගණක , ජංගම දුරකතන හා ඩිජිටල් ඔරලෝසු මෙම තහනමට අයත් වනවා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, වෛද්‍ය ආධාර අවශ්‍ය දරුවන් හා ඩිජිටල් කුසලතා කෙරෙහි ප්‍රමුඛතාවය ලබාදෙන පන්ති කාමර තුළ දී පමණක් එම උපාංග භාවිතයට අවසර හිමිවනවා. ජංගම...
Read More »

Jul 06

ලව දවනත බලශකත සමගමක වන ෂල සමගමන අනතර ඇඟවමක  

0 comments

ඛනිජ තෙල් නිෂ්පාදනය කප්පාදු කිරීම අතිශය භයානක තත්ත්වයක් ඇති කළ හැකි බවට ලොව දැවැන්ත බලශක්ති සමාගමක් වන ෂෙල් සමාගම අනතුරු ඇඟවනවා. මිල ස්ථාවර පවත්වා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ඔපෙක් සංවිධානය ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදන සමාගම් වරින්වර තම දෛනික නිෂ්පාදන කප්පාදු කිරීමට පියවරගනු ලබනවා. එම කප්පාදු කිරීම හරහා අතිශය භයානක තත්ත්වයන් ඇති විය හැකි බවටයි ෂෙල් සමාගම අනතුරු අඟවන්නේ. එමෙන්ම එය වගකීම් විරහිත ක්‍රියාවක් බව ද එම සමාගමේ...
Read More »

Jul 05

මකසකව බස අනතරකන පදගලයන 27දනක ජවතකෂයට  

0 comments

මෙක්සිකෝවේ සිදු වු බස් රථ අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බස් රථය කදුකර ප්‍රදේශයක ගමන් ගන්නා අතරතුරදී පෙරළීමට ලක්විමෙනුයි අනතුර සිදුව ඇත්තේ. පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය සඳහන් කරනවා. ඔවුන් අතරින් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද සඳහන්. අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර යාන්ත්‍රික දෝෂයක් බවටයි සැක පළ කෙරෙන්නේ.           The post මෙක්සිකෝවේ බස් අනතුරකින්...
Read More »

Jul 05

ඊශරයල පලසතන ගටමවලන පස ජනන නගරය වසයන නවතත සය නවස බල යය  

0 comments

ඊශ්‍රායල පලස්තීන ගැටුම් වලින් පසු ජෙනින් නගරයේ වැසියන් නැවතත් සිය නිවෙස් බලා පිටත්ව යාම අරඹා තිබෙනවා. බටහිර ඉවුරේ සරණාගත කදවුරු පිහිටි භූමියක් ලෙසයි ජෙනින් නගරය සැලකෙන්නේ. ගැටුම් වලින් පසු නැවතත් එහි පැමිණෙන පලස්තීන වැසියන්ට තමන්ගේ නිවාස අහිමිව තිබෙනවා. ඒ ඊශ්‍රායලය එල්ල කළ ගුවන් හා රොකට් ප්‍රහාරවලට එම නිවාස හසුව තිබිම හේතුවෙන්. බොහෝ පිරිසක් නිවාස අසල රැය පහන් කළ ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.           The...
Read More »

Jul 05

ෆකෂම බලගරය අපජලය බහර කරමට ජපනය ඉදරපත කළසලසමට පරමණ බලශකත ඒජනසය අනමතය  

0 comments

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපජලය බැහැර කිරීම සදහා ජපානය ඉදිරිපත් කළ සැලැස්මට ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ අනුමැතිය හිමිව තිබෙනවා. 2011 වසරේ ඇති වූ සුනාමි තත්ත්වය හේතුවෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට හානි සිදු වුණා. ඒ සමගම බලාගාරය තුළ ඝනමීටර් මිලියන ගණනක ජලය සිරව තිබෙනවා. අපජලය බැහැර කිරීම සදහා ජපානය ඉදිරිපත් කළ සැලැස්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුකළ යුතු බවයි පරමාණු බලශක්ති ඒජන්සිය පෙන්වා දෙන්නේ. ඒ හරහා පරිසරයට...
Read More »

Jul 05

සමබධක හමව රසයව තවත ශකතමත වන බව පටන පවසය  

0 comments

සම්බාධක හමුවේ රුසියාව තව තවත් ශක්තිමත් වන බව ජනාධිපති ව්ලැඩිමිර් පුටින් පවසනවා. රුසියාව යුක්රේනය තුළ සිදු කරන යුද මෙහෙයුම් හේතුවෙන් බටහිර රටවල් පනවා ඇති සම්බාධකවලට තම දැඩි විරෝධය පළ කරන බවයි රුසියා ජනාධිපතිවරයා සදහන් කරන්නේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ෂැන්හැයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. පසුගිය මාසයේදි වැග්නර් කුලී හමුදාව රුසියාව තුළ කැරැල්ලක්...
Read More »

Jul 04

රසයවන යකරනයට මසයල පරහරයක  

0 comments

රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්‍රේන බලධාරීන් පවසනවා. යුක්‍රේනයේ කාර්කයිව් නගරය ඉලක්ක කර ගනිමින් මෙම මිසයිල ප්‍රහාරය එල්ල වූ බවයි වාර්තා වන්නේ. ප්‍රහාරය රථවාහන නැවතුම්පලකට එල්ලවී ඇති අතර තුවාල ලැබූවන් අතුරින් 12 දෙනෙකු කුඩා ළමුන් බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අතුරින් එක් දරුවෙකුගේ වයස මාස 10ක් වන අතර අනෙක් දරුවාගේ වයස අවුරුද්දක් බවයි විදෙස් මාධය සඳහන් කරන්නේ. එම ප්‍රදේශයේ සාමාන්‍ය...
Read More »

Jul 04

ඊශරයල හමද තම සබල ජනන අවතන කඳවරන ඉවත කර ගනම අරඹය  

0 comments

ඊශ්‍රායල හමුදා තම සෙබලු ජෙනින් අවතැන් කඳවුරෙන් ඉවත් කර ගැනීම අරඹා තිබෙනවා. බටහිර ඉවුරේ පිහිටි ජෙනින් අවතැන් කඳවුරේ ඊශ්‍රායල හමුදා පලස්තීන සටන්කාමීන් සමඟ ගැටුමක් ඇති කර ගත්තා. එහිදී අවතැන් කදවුරේ පලස්තීන වැසියන්  12 දෙනෙකු මිය ගිය අතර සියයකට වැඩි පිරිසක් තුවාල ලැබුවා. දින දෙකක ගැටුම් නිසා කරමින් ඊශ්‍රායල හමුදා කදවුර පිහිටි ප්‍රදේශයෙන් ඉවත්ව යමින් සිටින බවයි වාර්තා වන්නේ. ගුවන් ප්‍රහාරවලට අමතරව රොකට් හා වෙඩි ප්‍රහාර ද එල්ල...
Read More »

Jul 04

ෆකෂම නයෂටක බලගරය අපජලය පසපක සගරයට  

0 comments

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපජලය පැසිපික් සාගරයට මුදාහැරීමට ජපානය සූදානම් වනවා. 2011 වසරේ සිදුවූ භූකම්පනය සමග හටගත් සුනාමි තත්ත්වයෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට හානි සිදුවුණා. ඝනමීටර් මිලියන ගණනක අ ජලය ඒත් සමගම බලාගාරය තුළ සිරව පවතිනවා. එම අපජලය බලාගාරයෙන් ඉවත් කර පැසිපික් සාගරයට මුදාහැරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ජපාන බලධාරීන් අධ්‍යයන කටයුතු සිදුකළා. ඉන් අනතුරුව චීනයේ සහයෝගය ද සහිතව 2024 වසර වනවිට එම අප ජලය ආරක්ෂිතව...
Read More »

Jul 04

ඇමරකව වඩ තබමකන 4ක මරට  

0 comments

ඇමෙරිකාවේ ෆිලඩෙල්පියා ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් ළමුන් දෙදෙනෙකු ද වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ නිරිතදිග ෆිලඩෙල්පියා ප්‍රදේශයේදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා හා ගිනි අවිය අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරනවා. ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී වෙඩි තැබීම් සිදුකර තිබෙනවා. මේ ආකාරයටම ඊයේ දිනයේ දී මේරි ලෑන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර්හි සිදු වූ වෙඩි...
Read More »

Jul 03

ඊශරයල හමද සහ පලසතන සටනකමන අතර දරණ වඩ හවමරවක  

0 comments

ඊශ්‍රායල හමුදාව බටහිර ඉවුරේ ජෙනින් ප්‍රදේශයේ දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබෙනවා. බටහිර ඉවුරේ ජෙනින් සරණාගත කඳවුරේ ඊශ්‍රායල හමුදා සහ සන්නද්ධ පලස්තීන් සටන්කාමීන් අතර දැඩි වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. ඊශ්‍රායල හමුදාව සඳුදා අළුයම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමත් සමගයි මෙය ආරම්භ වී ඇත්තේ. වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක ගැටුම් තුළ එහි වඩාත් පුළුල් මෙහෙයුම් වලින් එකක් ලෙස මෙය හැඳින්විය හැකියි. එම ගැටුම්වලින් පලස්තීනුවන් 9 දෙනෙකු මිය ගොස්...
Read More »

Recent News

Gossip Lanka MAG