Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

May 31

නවසීලන්ත ගුවන් සමාගමෙන් නිවේදනයක්  

0 comments

තම ගුවන් සේවය භාවිත කරන මගීන්ගේ ශරීරයේ බර පරික්ෂා කිරීම අනිවාර්ය බව නවසීලන්ත ගුවන් සමාගම නිවේදනය කරනවා. නවසීලන්ත ගුවන් සමාගම සිදුකරන ජාත්‍යන්තර ගුවන් ගමන් භාවිතා කරන මගීන් ගුවන් යානයට ඇතුලුවීමට ප්‍රථමයෙන් තම ශරීරයේ බර ප්‍රකාශයට පත්කළ යුතු වනවා. ඒ හරහා ගුවන් මගීන්ගේ ශරීර බරෙහි සාමාන්‍ය අගය ලබා ගැනීම අරමුණ බවයි නවසීලන්ත ගුවන් සමාගම පවසන්නේ. ඒ හරහා ගුවන් යානයේ ඉන්ධන භාවිතය කාර්යක්ෂම කිරිම අරමුණ වනවා. කෙසේ වුවද තමන් ලබාගන්නා දත්ත...
Read More »

May 31

ණය සීමාව වැඩි කරගැනීම පිලිබඳ යෝජනාව ඇමෙරිකා නියොජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වෙයි  

0 comments

ණය සීමාව වැඩි කරගැනීම පිලිබඳ යෝජනාව ඇමෙරිකා නියොජිත මන්ත්‍රී මණ්ඩලයේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. කතානායක කෙවින් මැක්කාර්තිගේ ප්‍රදානත්වයෙන් ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස් වුණා. එහිදී ණය සීමාව වැඩි කර ගැනීමට අදාළ යෝජනාව පිළිබද  ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 314 ක් ලැබුණා. විරුද්ධව ලැබුණේ ඡන්ද 117 ක් පමණයි. ණය සීමාව වැඩි කර ගැනීම ජුනි 5 වනදාට පෙර සිදු කළ යුතු වූ අතර මේ අනුව ඇමෙරිකා ඩොලර් ට්‍රිලියන 31යි...
Read More »

May 31

අධික උණුසුම නිසා ඉන්දියානුවන් දැඩි පීඩාවට  

0 comments

තාප තරංග හේතුවෙන් ඉන්දියාවේ බොහෝ පිරිසක් දැඩි අවදානමකට මුහුණ දී සිටින බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. ඉන්දියාවේ ගොවීන් සහ කම්කරුවන් සදහන් කරන්නේ වාර්තාගත ලෙස උෂ්ණත්වය ඉහළ ගොස් තිබියදීත් එළිමහනේ වැඩකිරීම හැර තමන්ට වෙනත් විකල්පයක් නොමැති බවයි. ඉන්දියාවේ නවදිල්ලි උත්තර් ප්‍රදේශ් හා හර්යානා යන ප්‍රාන්ත වලට තාප තරංග හේතුවෙන් අවදානම් තත්ත්වයක් ඇතිවීම පිළිබද අනතුරු ඇගවීම් ද කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මිලියන 20කට අධික ජනග්‍රහනයක්...
Read More »

May 31

බ්‍රිතාන්‍යයේ ප්‍රාථමික පාසල් සියයක් පමණ වහන්න යයි  

0 comments

බ්‍රිතාන්‍යයේ ප්‍රාථමික පාසල් සියයකට ආසන්න සංඛ්‍යාවක් වසා දැමීමට සූදානම් වනවා. එම පාසල් තුළ අධ්‍යාපනය හැදෑරීමට ප්‍රමාණවත් තරම් සිසුන් නොමැතිවීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. එරට ජීවන වියදම ඉහළ යාමත් සමග මෙලෙස සිසුන් අඩු පාසල් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වනවා. නිවාස මිල හා ළමුන් සදහා වන වියදම් ඉහළ යාමත් සමග ළදරු උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. පාසල් පවත්වාගෙන යාමට...
Read More »

May 31

යුක්‍රේනය රුසියානු වැසියන් බියවද්දනවා – පුටින්ගෙන් චෝදනාවක්  

0 comments

යුක්‍රේනය රුසියානු වැසියන් බියවැද්දීමේ උත්සාහයක නිරත වී සිටින බවට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චෝදනා කරනවා. ඊයේ දිනයේ දී රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙසයි රුසියා ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ. සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය ප්‍රහාර එල්ල කළ ද ඒවා ව්‍යාප්ත කිරීමේ ආරක්ෂණ පද්ධතියක් තමන් සතු බවයි පුටින් ජනාධිපතිවරයා පවසන්නේ. ඩ්‍රෝන යානා 8ක් පමණ ඊයේ දිනයේ දී...
Read More »

May 30

උතුරු කොරියාවේ පළමු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව කක්ෂගත කිරීම අසාර්ථක වෙයි  

0 comments

උතුරු කොරියාවේ පළමු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව කක්ෂගත කිරීම අසාර්ථක වූ බව උතුරු කොරියාව නිවේදනය කරනවා. මාස කිහිපයක දැඩි පරිශ්‍රමයකින් පසු උතුරු කොරියාව තම පළමු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව කක්ෂ ගතකළ අතර එහිදී සිදුවූ දෝෂයක් හේතුවෙන් යානය මුහුදට කඩාවැටුණු බවයි වාර්තා වන්නේ. ජුනි මස 11 වන දින මෙම චන්ද්‍රිකාව කක්ෂගත කරන බවට උතුරු කොරියාව නිවේදනය කර තිබුණ ද එය ඊයේ දිනයේ දී සිදුකර තිබෙනවා. පළමු උත්සාහය අසාර්ථක වුවද හැකි ඉක්මනින් දෙවන උත්සාහය...
Read More »

May 30

කොසෝවෝ හි පවතින ගැටුම් මැඩපැවැත්වීමට තවත් සාම සාධක භට පිරිසක්  

0 comments

කොසෝවෝ හි පවතින ගැටුම් මැඩපැවැත්වීම සඳහා නේටෝ සංවිධානය තවත් සාම සාධක භට පිරිස් පිටත්කර හැර තිබෙනවා. මේ වන විට කොසෝවෝහි මෙහෙයුම්වල නිරත නේටෝ සාම සාධක භට පිරිස් තුන්දහස් අටසියකට ආසන්නයි. තවත් අමතර භට පිරිස් හත්සීයක් කොසෝවෝ වෙත පිටත්කර හැරීමට නේටෝ සංවිධානය කටයුතු කර තිබෙනවා. ඒ පසුගියදා ඇතිවූ ගැටුම්වලින් නේටෝ භටයන් 30 දෙනෙකු තුවාල ලැබීමත් සමඟයි. එමෙන්ම තවත් භටයන් තුන්සීයත් දහසත් අතර පිරිසක් යෙදවීමට සූදානම් බව නේටෝ ප්‍රධානී ජෙන්ස්...
Read More »

May 30

වෙනිසියුලා ජනාධිපති නිකලොස් මදුරෝ බ්‍රසීල සංචාරයක  

0 comments

2015 වසරෙන් පසු පළමුවරට වෙනිසියුලා ජනාධිපති නිකලොස් මදුරෝ බ්‍රසීල සංචාරයක නිරත වනවා. 2019 වසරේ දී එවකට බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සනාරෝ වෙනිසියුලා ජනාධිපතිවරයාට බ්‍රසීලයට ඇතුළුවීම තහනම් කළා. ලූලා ද සිල්වා ජනාධිපති ධුරයට තේරී පත්වීමෙන් අනතුරුව එම තහනම ඉවත් කිරීමටයි පියවර ගත්තේ. ලතින් ඇමෙරිකානු රටවල රාජ්‍ය නායකයින්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක් බ්‍රසීලයේදී පැවැත්වීමට නියමිත අතර එයට සහභාගිවීම සඳහා වෙනිසියුලා ජනාධිපතිවරයා මෙලෙස...
Read More »

May 30

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා මිල පාලනයක් නියම කිරීමට යන රටක්  

0 comments

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා මිල පාලනයක් නියම කිරීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් වනවා. ඒ අනුව බ්‍රිතාන්‍යයේ සුපිරි වෙළදසැල් වල අලෙවි කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සදහා මෙම මිල පාලනය සිදු කෙරෙනු ඇති. එරට විශාලතම සිල්ලර වෙළදාම් සිදු කරන සමාගම් සමග රජය එළඹෙන එකගතාවයත් සමග පාන් හා කිරි වැනි ආහාර ද්‍රව්‍යන්ගේ මිල පාලනයක් කිරීමටයි රජය බලාපොරොත්තු වන්නේ. පසුගිය අප්‍රේල් මාසයේ දී බ්‍රිතාන්‍යයේ ආහාර මිල 19%කින් පමණ ඉහළ ගිය අතර වසර 45කින් සිදු...
Read More »

May 29

උතුරු ඉතාලියේ සිදු වු බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

උතුරු ඉතාලියේ මැජියෝර් ජලාශයේ සිදු වු බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. බෝට්ටුව අනතුරට ලක්වන අවස්ථාවේ සංචාරකයින් ඇතුළු පුද්ගලයින් 25 දෙනෙකු එහි ගමන් කරමින් සිටි බවයි වාර්තා වන්නේ. එහි ගමන් කළ මගීන් 5 දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇති අතර අනෙක් පිරිස පිහිනා ගොඩබිමට පැමිණීමට සමත්ව තිබෙනවා. මිය ගිය පුද්ගලයින් අතරට ඉතාලි,  ඊශ්‍රායල හා රුසියා ජාතිකයින් ඇතුලත්. අයහපත් කාලගුණය හේතුවෙන් අනතුර සිදුවු...
Read More »

May 29

කොසෝවෝහි පෙළපාලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් සාමසාධක භටයින් 25 දෙනෙකුට තුවාලයි  

0 comments

කොසෝවෝහි පෙළපාලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් සාමසාධක භටයින් 25 දෙනෙකු තුවාල ලැබුවා. ඇල්බේනියානු නගරාධිපතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් හටගත් නොසන්සුන්තාවක් පාලනය කිරීමට යාමේ දී සර්බියානු විරෝධතාකරුවන් පොලීසිය හා නේටෝ හමුදා සමග ගැටුම් ඇතිකර ගත්තා. රජයේ ගොඩනැගිල්ලක් අත්පත් කර ගැනීමට විරෝධතාකරුවන් උත්සාහ කිරීමේදී එය වැළැක්වීමට කදුලුගෑස් හා ග්‍රෙනේඩ් ප්‍රහාර එල්ල කර තිබෙනවා. නේටෝ සොල්දාදුවන් නගර ශාලා දෙකක් වටා ආරක්ෂක වළල්ලක් ලෙස සිටිමින්...
Read More »

May 29

ඇමෙරිකාවේ ණය සීමාව ඉහළට?  

0 comments

ඇමෙරිකා රජයේ ණය සීමා වැඩිකර ගැනීමේ ගිවිසුම පිළිබඳ කොංග්‍රසයේ ඡන්ද විමසීම සඳහා සියල්ල සූදානම් බව ඇමෙරිකා ජනපති පවසනවා. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පෙන්වා දෙන්නේ එරට කතානායක කෙවින් මැක්කාර්ති සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බවයි. ඒ අනුව 2025 වසර දක්වා වසර 2ක් වෙනුවෙන් ඇමෙරිකාවේ ණය සීමාව වැඩිකෙරෙනු ඇති. ණය සීමාව වැඩි නොකළහොත් ඩොලර් ට්‍රිලියන 24ක අලාභයක් සිදුවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. ජුනි 5වනදාට පෙර මේ සම්බන්ධ කොංග්‍රස් ඡන්ද විමසීම...
Read More »

May 29

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සිවිල් වැසියෙක් යැවීමේ සැලසුමක  

0 comments

චීනය පළමුවරට ඔවුන්ගේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාමාන්‍ය පුරවැසියෙකු යැවීමට සූදානම් වනවා. ඒ අනුව ඔහු හෙට ටියැංගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමට නියමිතයි. චීනය මෙතෙක් එම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවනු ලැබුවේ යුද හමුදා සාමාජිකයින්. හෙට මෙලෙස ඉතිහාස ගතවන්නේ බීජිං විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. 2029 වර්ෂය වනවිට සඳ මත පා තැබීම චීනයේ අරමුණ වනවා The post චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සිවිල් වැසියෙක්...
Read More »

May 29

යුක්රේනයේ කියෙව් නගරයට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්  

0 comments

රුසියාව යුක්රේනයේ කියෙව් නගරයට 15 වෙනි වරටත් ගුවන් ප්‍රහාර එල්ලකර තිබෙනවා. පසුගිය මාසයක කාලය තුළ අඛණ්ඩව රාත්‍රිය පුරා ගුවන් ප්‍රහාර එල්ල කළ දෙවන දිනය ද ඊයේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කියෙව්හි බලය අත්පත් කර ගැනීම සදහා රුසියා හමුදා මිසයිල ප්‍රහාර ගණනාවක් ද එල්ලකර තිබෙනවා. එමෙන්ම ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් ද එල්ල කිරීමටයි කටයුතු කර ඇත්තේ. කෙසේ වෙතත් කියෙව්හි ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වී ඩ්‍රෝන ප්‍රහාර 40ක් පමණ සාර්ථකව මැඩපවත්වා...
Read More »

May 28

තුර්කි ජනාධිපතිවරණයේ ජය යළිත් ජනපති එර්දෝගන්ට  

0 comments

තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන් තෙවන වරටත් එරට ජනාධිපති ධුරය සදහා තේරී පත් වුණා. ඊයේ පැවති තුර්කි ජනාධිපතිවරණයෙන් ජනාධිපති තයිප් එර්දෝගන් සියයට 52 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම ජයග්‍රහණයත් සමග ඔහුට තවත් වසවර 5 ක කාලයක් ජනාධිපති ධුරය හෙබවීමට බලය හිමිවනවා. මෙය තමා පමණක් නොව සමස්ථ ජාතියම ලැබූ ජයග්‍රහණයක් ලෙසයි ජනාධිපතිවරයා හදුන්වන්නේ.   The post තුර්කි ජනාධිපතිවරණයේ ජය යළිත් ජනපති එර්දෝගන්ට appeared first...
Read More »

May 28

ඊශ්‍රායලයේ උද්ඝෝෂණ යළි උග්‍ර වෙයි  

0 comments

ඊශ්‍රායලයේ උද්ඝෝෂණ නැවතත් උග්‍ර වී තිබෙනවා. දහස් ගණනක් උද්ඝෝෂකයින් ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල් අවිව් වෙත රැස්ව සිටිනවා. ඔවුන් ඊශ්‍රායලය විනාශ කිරීමට එරට අගමැතිට ඉඩ නොදෙන්නැයි සටන් පාඨ ඉදිරිපත් කරමින් උද්ඝෝෂණය සිදුකළා. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අධිකරණ පද්ධතියේ බලය අඩු කිරීමට ප්‍රතිසංස්කරණ යෝජනා කර ඇති බව චෝදනා කරමින් අඛණ්ඩව මාස 5ක් පුරා උද්ඝෝෂණ පැවැත්වෙනවා.         The post ඊශ්‍රායලයේ උද්ඝෝෂණ...
Read More »

May 28

තුර්කි ජනාධිපතිවරණය අද  

0 comments

තුර්කි ජනාධිපතිවරණයේ අවසන් අදියරේ ඡන්ද විමසීම අද දිනයේ පවත්වනවා. ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ වර්තමාන ජනාධිපති තයිප් එර්ඩෝගන් සහ කෙමාල් කිලික් ඩොරග්ලු වනවා. තුර්කිය පසුගිය දා මුහුණ දුන් ප්‍රබල භූ කම්පනයෙන් පසු තවමත් යතා තත්ත්වයට පත්ව නොමැති අතර උද්ධමන තත්ත්වය හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටිනවා. කෙසේ වෙතත් වර්තමාන ජනාධිපතිවරයා ජනතාවගේ මනාප අතින් ඉදිරියෙන් සිටින බව වාර්තා වනවා.           The...
Read More »

May 28

පාකිස්තානයේ ඇති වූ හිම කුණාටුවෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

පාකිස්තානයේ ඇති වූ හිම කුණාටුවෙන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා. උතුරු පාකිස්තානයේ ඇති වු හිම කුණාටු තත්ත්වයක් නිසා මෙන්ම හිම කඳු නායයෑමේ තත්ත්වයක් නිසා තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මිය ගිය 11 දෙනා අතර වයස අවුරුදු 4 කුඩා දරුවෙකු ද වනවා. මෙම අනතුරට මුහුණ පා තිබෙන්නේ පාකිස්තානයේ සිටින සංචාරක ගෝත්‍රයකට අයත් පුද්ගලයන් වනවා. පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මෙම මරණ සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.             The...
Read More »

May 28

නෙදර්ලන්තයේ විරෝධතාකරුවන් 1500ක් අත්අඩංගුවට  

0 comments

නෙදර්ලන්තයේ දී පරිසර විරෝධතාකරුවන් එක්දහස් පන්සියයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෙදර්ලන්තයේ දී දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් පැවති උද්ඝෝෂණයක දී මෙම විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. පැය ගණනාවක උද්ඝෝෂණයකින් පසු උද්ඝෝෂකයින් අධිවේගී මාර්ගයක් අවහිර කිරීමට කටයුතුකර තිබුණා. ඒ අනුව පොලීසිය ජල ප්‍රහාර එල්ල කළත් උද්ඝෝෂකයින් එම ස්ථානයේම රැඳී සිටියා. මාර්ගය අවහිර කිරීමෙන් අනතුරුව සියලු උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගැනීමටයි නෙදර්ලන්ත ආරක්ෂක අංශ...
Read More »

May 27

රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්  

0 comments

රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. රුසියාව ඊයේ රාත්‍රියේ යුක්‍රේන අගනුවර වන කියු වෙත ඩ්‍රෝන යානා යොදා ගනිමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යුක්‍රේනය පවසන්නේ ඩ්‍රෝන යානා 20කට අධික සංඛ්‍යාවක් මේ සඳහා යොදාගෙන ඇති බවයි. ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් මේ වනවිට එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.         The post රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් appeared first on ITN...
Read More »

May 27

මසක් තුළ සරණාගතභාවය ඉල්ලූ ඇෆ්ගන් ජාතිකයින් ගණන ඉහළට  

0 comments

මාසයක් තුළ 9,000 කට අධික ඇෆ්ගන් ජාතිකයන් යුරෝපා සංගමයේ සාමාජික රටවල සරණාගතභාවය අයදුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ඒ අනුව යුරෝපීය සංගණන කාර්යාංශය වාර්තා කර ඇත්තේ තනි රටක් විසින් වාර්තාගත ඉහළ සරණාගත අයදුම්පත් සංඛ්‍යාවක් ඉල්ලුම් කර ඇති බවයි පසුගිය වසර කිහිපය තුළ යුරෝපා සංගමයේ සාමාජික රටවල සරණාගතභාවය පතා පැමිණි විශාලතම කණ්ඩායම් සිරියානුවන් සහ ඇෆ්ගන් ජාතිකයන් බව සඳහන්. යුරෝපීය සංගණන කාර්යාංශය පවසා ඇත්තේ මෙම වසර ආරම්භයේදී...
Read More »

May 27

යුක්‍රේනය විශාල ප්‍රහාරයකට සූදානම් වෙයි  

0 comments

යුක්‍රේනය රුසියා හමුදාවන්ට එරෙහිව තමන් දිගුකාලීනව අපේක්ෂා කළ ප්‍රතිප්‍රහාරය දියත් කිරීමට සූදානම් බව නිවේදනය කර  තිබෙනවා. මෙම ප්‍රහාරය හෙට අනිද්දා හෝ සතියකින් ආරම්භ විය හැකි බව යුක්‍රේනය ආරක්ෂක අංශ ප්‍රධානීන් පවසනවා. යුක්‍රේනය මාස ගණනාවක් තිස්සේ ප්‍රතිප්‍රහාරයක් සැලසුම් කලද බටහිර රටවල්වලින් යුධෝපකරණ ලබාගැනීමේ අපහසුතාව මත එය ප්‍රමාද වුණා. කෙසේ වෙතත් මේ වන විට එක්සත් රාජධානිය දිගුදුර මිසයිල ද ඇමෙරිකාව නවීන ප්‍රහාර ජෙට්යානා ද...
Read More »

May 26

මාසයක් තුළ නව දහසකට අධික ඇෆ්ගන් ජාතිකයින් යුරෝපයේ සරණාගතභාවය ඉල්ලයි  

0 comments

මාසයක් තුළ නව දහසකට අධික ඇෆ්ගන් ජාතිකයන් පිරිසක් යුරෝපයේ සරණාගතභාවය ඉල්ලා තිබෙනවා. නව දහසකට අධික ඇෆ්ගන් ජාතිකයන් යුරෝපා සංගමයේ සරණාගතභාවය ඉල්ලා අයදුම්පත් ගොණු කිරීම වාර්තාගත සිද්ධියක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. තනි රටක් විසින් මෙතරම් සරණාගත අයදුම්පත් ප්‍රමාණයක් යුරෝපයට ඉල්ලුම් කළ ප්‍රථම අවස්ථාවත් මෙය බවයි වාර්තා වන්නේ. යුරෝපයට සරණාගත අයදුම්පත් ඉල්ලුම් කළ ප්‍රමාණය අතින් දෙවන ස්ථානයේ පසු වන්නේ සිරියාව වනවා. පසුගිය වසරේ ලොව...
Read More »

May 26

යුක්‍රේනයේ රෝහලකට මිසයිල ප්‍රහාරයක්  

0 comments

යුක්‍රේනයේ රෝහලකට මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. සිද්ධියෙන් දෙදෙනෙකු මියගොස් තවත් තිහකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූවන් අතර අවුරුදු හයක සහ තුනක කුඩා දරුවන් දෙදෙනකුද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම රුසියා මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළකර තිබුණා. යුක්‍රේන බලධාරීන් පවසන්නේ ඊයේ රාත්‍රියේ පමණක් මිසයිල ප්‍රහාර දාහතක් සහ ඩ්‍රෝන ප්‍රහාර 31 ක් රුසියාව තමන්...
Read More »

May 26

චීනයේ යළිත් වරක් කොරෝනා රැල්ලක්  

0 comments

චීනයේ යළිත් වරක් කොරෝනා රැල්ලක් ආරම්භ වී ඇති බව වාර්තා වනවා. චීන වෛද්‍ය පර්යේෂකයන්ට අනුව එරට මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින්නේ කොවිඩ් 19 ඕමික්‍රෝන් වයිරස ප්‍රභේදයේ උප ප්‍රභේද කිහිපයක් වනවා. මේවා ඔම්ක්‍රෝන්  එක්ස් බී බී 1.9/ 1.16 සහ 1.5 ලෙසින් නම් කර තිබෙනවා. මේ වන විටත් චීනය මෙම උප ප්‍රභේදයන් සදහා එන්නත් දෙකක් ද හදුන්වාදී තිබෙනවා. උප ප්‍රභේදයන් චීනයේ පැතිරයාම නොවැලැක්වුව හොත් ජූනි මාසය වන විට මිලියන 65ක පමණ චීන ජනතාවකට මෙය...
Read More »

May 26

එලිසබෙත් රැජිණ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ගැන FBI හෙළි කරයි  

0 comments

එලිසබෙත් මහ රැජිණ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබද තොරතුරු වසර 40 කට පසු ඇමෙරිකාවේ එෆ් බී අයි සංවිධානය හෙළි කළා. 1983 දී බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ ඇමෙරිකාවේ සැන්ප්‍රැන්සිස්කෝ වෙත සංචාරයක් සඳහා පැමිණියා. එහිදී ඇයව ඝාතනය කිරීමේ ප්‍රයත්නයක් පැවති බව එෆ් බී අයි ආයතනය පසුගියදා හෙළි කළා. ඝාතන කුමන්ත්‍රණය සිදු කිරීම සම්බන්ධයෙන් අයර්ලන්ත ජාතිකයෙකුටයි චෝදනා එල්ල වී ඇත්තේ. රැජිණ ගෝල්ඩන්ගේට් පාලම යටින් යාත්‍රා කරන විට හෝ යොසමයිට්...
Read More »

May 25

ජපානයේ නගානෝ නරගයේ වෙඩි තැබීමකින් හතර දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ජපානයේ නගානෝ නරගයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. නගානෝ නගරයේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් හතර දෙනෙකු මියගොස් තිබෙනවා. වෙඩි තැබීමේ සිද්ධීන් දුර්ලභව වාර්තා වන රටක් ලෙස ජපානය සැළකෙනවා. නගානෝ නගරයේ සිදු වූ වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු , කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. වෙඩි තැබීම සිදු කර ඇත්තේ පොලිස් නිලධාරියෙකුගේ පුත්‍රයෙකු බවයි ජපාන පොලීසිය පවසන්නේ. මෙම වෙඩි තැබීම පසුගිය වසරේ ජපාන හිටපු අගමැති ෂිං...
Read More »

May 25

යුක්‍රේන යුද්ධය දශක ගණනාවක් පවතිනු ඇති බවට අනාවැකියක්  

0 comments

යුක්‍රේන යුද්ධය දශක ගණනාවක් පවතිනු ඇති බව රුසියාවේ හිටපු ජනාධිපතිවරයෙකු අනාවැකි පළ කරනවා. රුසියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන දිමිත්‍රි මෙද්වෙදෙව් මේ බව සදහන් කර ඇත්තේ වියට්නාමයේ සංචාරයක යෙදී සිටියදීයී. දිමිත්‍රි මෙද්වෙදෙව් මේ වන විට රුසියා ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස ද කටයුතු කරනවා. මේ අතර පසුගිය සතියේ ජී 7 රටවල් තව දුරටත් යුක්‍රේනයට යුද ආධාර ලබාදීමට එකග වුණා. දිමිත්‍රි මෙද්වෙදෙව් පවසන්නේ වෙනත් රටවල මැදිහත්වීම මත යුක්රේනය...
Read More »

May 25

ලොව දුක්ඛිතම රට සිම්බාබ්වේ  

0 comments

ලොව දුක්ඛිතම රටවල් අතර ප්‍රමුඛ ස්ථානයට සිම්බාබ්වේ රාජ්‍ය පත්ව තිබෙනවා. වෙනිසියුලාව , සිරියාව , ලේබනනය , සුඩානය,ආර්ජන්ටිනාව ,යේමනය , යුක්‍රේනය ,කියුබාව හා තුර්කිය ලොව දුක්ඛිතම රටවල් අතර පළමු රටවල් 10ට අයත්. ලොව ප්‍රමුඛ පෙලේ ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්කිගේ වාර්ෂික දුක්ඛිත දර්ශකයේයි මෙම දත්තයන් අන්තර්ගත වන්නේ. රටවල ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබෙනවා. අධි උද්ධමනය ,රැකියා විරහිතභාවය , ඉහළ පොලී...
Read More »

May 25

නැන්සි පෙලෝසිගේ කාර්යාල මේසය මත පාදය තබාගෙන සිටි පුද්ගලයෙකු වරදකරු වෙයි  

0 comments

ඇමෙරිකාවේ හිටපු කතානායක නැන්සි පෙලෝසිගේ කාර්යාලයේ මේසය මත පාදය තබාගෙන සිටි පුද්ගලයෙකු වරදකරු කර තිබෙනවා. 2021 වසරේ දී හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ගේ පාක්ෂිකයින් ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල ආක්‍රමණය කළා. එයට සම්බන්ධ වු එක් පුද්ගලයෙකු මෙලෙස කතානායකවරයාගේ කාර්යාලයේ මේසය මත පාදය තබා ගෙන සිටින අයුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්ත කළා. එම පුද්ගලයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් අතර රජයේ නිළ කටයුතු වලට බාධා කිරීම යන චෝදනාවටයි ඔහු වරදකරු වී...
Read More »

May 25

රුසියා විරෝධී සටන්කාමීන් රුසියාවට අනතුරු අඟවයි  

0 comments

රුසියා දේශසීමා ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරයන් ඉහළ දමන බවට රුසියා විරෝධි සටන්කාමීන් පවසනවා. රුසියා දේශසීමා නගර ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරයන් තවදුරටත් සිදු කරන බවයි එම සටන්කාමීන් සඳහන් කරන්නේ. ඊයේ දිනයේ දී එලෙස රුසියා දේශසීමා නගර ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කළ අතර රුසියා ආරක්ෂක අංශ එය සාර්ථකව පාලනය කිරීමට සමත්වුණා. එහිදි සටන්කාමීන් 70 දෙනෙකු පමණ ඝාතනය කළ බවයි රුසියාව පවසන්නේ. යුක්‍රේනයේ සහාය ඇතිව මෙම සටන්කාමීන්...
Read More »

May 25

බ්‍රසීලය සත්ත්ව සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි  

0 comments

බ්‍රසීලය සත්ත්ව සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. බ්‍රසීලයේ වනාන්තර වල වාසය කරන පක්ෂීන් අතර කුරුළු උණ රෝගය පැතිර යාමත් සමඟයි මෙම පියවර ගෙන ඇත්තේ. ප්‍රකාශයට පත්කළ සත්ත්ව සෞඛ්‍ය හදිසි තත්ත්වය මාස 6ක කාලයකට බල පැවැත්වෙනවා. එරට ප්‍රාන්ත දෙකකින් කුරුළු උණ වැළදුනු පක්ෂීන් 7 දෙනෙකු වාර්තා වී ඇති බව ද සඳහන්. ශීඝ්‍රයෙන් පැතිර යන කුරුළු උණ වෛරසය පාලන කිරීම සඳහා හදිසි තත්ත්වය රුකුලක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ලොව විශාලතම...
Read More »

May 25

පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයට රික්ටර් මාපාංක 6.6ක භූකම්පනයක්  

0 comments

පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයට රික්ටර් මාපාංක 6.6ක භූකම්පනයක් සිදුව තිබෙනවා. කිලෝමීටර් 10ක ගැඹුරින් එම භූකම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. කෙසේ වෙතත් භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි වාර්තා වන්නේ. The post පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයට රික්ටර් මාපාංක 6.6ක භූකම්පනයක් appeared first on ITN News...
Read More »

May 24

රොක් ඇන්ඩ් රෝල් රැජින දිවියෙන් සමුගනී  

0 comments

ලෝකප්‍රකට පොප් ගායිකා ටීනා ටර්නර් මිය ගොස් තිබෙනවා. ඇය මිය යනවිට 83 වන වියේහි පසුවුණා. මිය යනවිට ඇය ජිවත් වුනේ ස්විස්ටර්ලන්තයේයි. රොක් ඇන්ඩ් රෝල් රැජින ලෙසයි ඇය නම් දරා සිටියේ. ජවසම්පන්න ඉදිරිපත් කිරීම් වලින් ටීනා ටර්නර් රසික හදවත් ඇද බැද තබා ගත්තා. ඇය වඩාත් ජනප්‍රියට පත්වුයේ 1960 කාලවකවානු වල සිය සැමියා සමඟ ඉදිරිපත් කළ ප්‍රවුඩ් මාරි, රිවර්ඩීප් හා මවුන්ටන් හයි ඇතුළු ගීත හේතුවෙන්. සිය ජිවිතයේ අවසන් කාල සීමාවේ දී ආර් ඇන් බී රෝක්...
Read More »

May 24

ලොව ධනවත්ම පුද්ගලයාගේ වත්කම හිටි හැටියේ පහල වැටෙයි  

0 comments

ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන බර්නාඩ් ආර්නෝල්ට්ගේ වත්කම දවසක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.2 කින් අඩු වී තිබෙනවා. ඇමෙරිකානු ආර්ථිකය දුර්වල වීම හේතුවෙන් සුඛෝපභෝගී භාණ්ඩ වලට ඇති ඉල්ලුම පහල යනු ඇතැයි මතයක් නිර්මාණය වීම හේතුවෙන් එල්වීඑම්එච් සමාගමේ කොටස් අගය පහල වැටීමයි  ඔහුගේ වත්කම දිනක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.2 කින් අඩු වීමට හේතුව. එල්වීඑම්එච් සමාගමේ කොටස් අගය සියයට 5 කින් පහල වැටී ඇති අතර එය වසරක් තුල එම සමාගමේ කොටස්...
Read More »

May 24

රුසියාවට එරෙහිව යුද ජයග්‍රහනයක් ලබාගැනීමට යුක්රේනයට හැකියාවක් නැහැ – හංගේරියා අගමැති  

0 comments

රුසියාවට එරෙහිව යුද ජයග්‍රහනයක් ලබාගැනීමට යුක්රේනයට කිසිදු හැකියාවක් නොමැති බව හංගේරියා අග්‍රාමාත්‍යවරයා පවසනවා. කටාර් රාජ්‍යයේ පැවැත්වෙන විශේෂ සමුළුවක් අමතමිනුයි හංගේරියා අග්‍රාමාත්‍ය වික්ටර් ඕබන් මේ බව සදහන් කළේ. යුද්ධයකින් කිසිදු දිනක රුසියාව පරාජය කිරීමට යුක්රේනයට හැකියාවක් නොමැති බව ඔහු මෙහිදී කියාසිටියා. මීට මාස 15කට පමණ පෙර රුසියාව යුක්රේනයේ ආරම්භ කළ යුද මෙහෙයුම් නවතාලීමට හැකියාව ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික් මැදිහත්වීමක් හරහා...
Read More »

May 24

රාහුල් ගාන්ධිට වුණු දේ  

0 comments

රාහුල් ගාන්ධිගේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව එන්ඩීටීවී පුවත් සේවය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ වනවිට වසර 9ක කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හොබවන අතර ඉන්දියාවේ ජනප්‍රියම පුද්ගලයා ලෙසයි ඔහුව සැලකෙන්නේ. 2019 වසරේ දී නරේන්ද්‍ර මෝදි සියයට 44ක ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටියද මෙම වසර වනවිට එය සියයට 43 දක්වා අඩුවී තිබෙනවා. රාහුල් ගාන්ධි 2019 වසරේ දී සියයට 24ක ජනප්‍රියත්වයක් හිමිකරගෙන...
Read More »

May 24

ඉම්රාන් ඛාන්ට ඇප ලැබෙයි  

0 comments

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඇප ලබාදී තිබෙනවා. ඉස්ලාමාබාද් අගනුවර ප්‍රති ත්‍රස්ත අධිකරණයේ දී ඉම්රාන් ඛාන්ට විරුද්ධව ඉදිරිපත් කර ඇති චෝදනා 8ක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලුනා. ඉන් අනතුරුවයි අධිකරණය ඔහුට ඇප ලබාදීමට නියම කළේ. පසුගිය මාර්තු මාසයේ දී අධිකරණ පරිශ්‍රයේදී නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී ඔහුව ධුරයෙන් පහ කිරීමෙන් අනතුරුව චෝදනා 150ක් පමණ යටතේ...
Read More »

May 23

17 වන වරටත් එවරස්ට් කන්ද තරණය කර තැබූ වාර්තාව  

0 comments

ප්‍රකට බ්‍රිතාන්‍ය කඳු නගින්නෙකු වන Kenton Cool වාර්තාගත ලෙස 17 වන වරටත් එවරස්ට් කන්ද තරණය කර තිබෙනවා. වැඩිම වාර ගණනක් එවරස්ට් කන්ද තරණය කළ ලොව දෙවන පුද්ගලයා ලෙස ඔහු සැළකෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම Kenton Cool එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් තරණය කළ පළමු විදේශිකයා ද වනවා. එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් තරණය කර ඇත්තේ නේපාල ජාතික Kami Rita Sherpa වන අතර ඔහු 28 වතාවක් එවරස්ට් කන්ද තරණය කර ඇති බව සඳහන්. The post 17 වන වරටත්...
Read More »

May 23

රුසියාවට ප්‍රහාර එල්ල කරන්න යුක්‍රේනයට අනුබල දෙන්නේ නැහැ – ඇමෙරිකාව  

0 comments

රුසියාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා තමන් යුක්‍රේනයට අනුබල නොදෙන  බව ඇමෙරිකාව පවසනවා. පසුගිය සති කිහිපය පුරා එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳ අදහස් පළ කරමිනුයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මැතිව් මිලර් මේ බව සඳහන් කර ඇත්තේ. රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් යුක්‍රේන සටන්කාමීන් හැත්තෑ දෙනෙකු මියගොස් ඇති බව රුසියාව පවසනවා. කෙසේ වෙතත් මෙම ප්‍රහාර හෙළා දකින බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා...
Read More »

May 23

හැරී කුමරුට විශේෂ ආරක්ෂාවක් ලබාගැනීමට අවසර දී නැහැ – එංගලන්ත මහාධිකරණය  

0 comments

බ්‍රිතාන්‍ය ය රජ පවුලේ හැරී කුමරුට විශේෂ ආරක්ෂාවක් ලබාගැනීමට අවසර ලබාදිය නොහැකි බවට එංගලන්ත මහාධිකරණය තීන්දු කර තිබෙනවා. සසෙක්ස් ආදිපාදවරයා සම්බන්ධයෙන් රට තුළ කරගෙන යන නඩු මාලාවකදී ලන්ඩන් මහාධිකරණය අද එම තීන්දුව ලබාදී තිබෙනවා. හැරී කුමරු වැඩ කරන රාජකීයයෙකු ලෙස ඉවත් වීමෙන් පසු ඔහුගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර ගැනීමට ගත් තීරණයට ආදිපාදවරයා අභියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ආදිපාදවරයා විසින් තම අරමුදල්වලින් පොලිස් ආරක්ෂාව...
Read More »

May 23

රුපියල් 2000 නෝට්ටුව භාවිතයෙන් ඉවත් කිරීමට ඉන්දියාව තීරණයක  

0 comments

ඉන්දියාවේ රුපියල් 2000 නෝට්ටු සියල්ල ඉන්දීය බැංකු වෙත භාරගැනීම ආරම්භ කර තිබෙනවා. රුපියල් 2000 නෝට්ටුව භාවිතයෙන් ඉවත් කිරීමට ඉන්දීය මහබැංකුව තීරණය කිරීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ. 2016 වසරේ දී රුපියල් 2000 නෝට්ටුව භාවිතය සදහා හඳුන්වා දුන්නා. මේ ආකාරයටම මීට පෙර ද රුපියල් 500 සහ 1000 නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමටයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පියවර ගත්තේ. ඒ හරහා බැංකු ගත නොකළ හා කළු සල්ලි මුදල් ප්‍රවාහයට ගෙන ඒම අරමුණ වනවා. රුපියල්...
Read More »

May 23

මෙටා සමාගමට ඩොලර් බිලියන 1යි දශම 3ක දඩයක් ගෙවීමට නියම වෙයි  

0 comments

යුරෝපා සංගමය , මෙටා සමාගමට ඇමෙරිකා ඩොලර් බිලියන 1යි දශම 3ක දඩ මුදලක් ගෙවීමට නියම කර තිබෙනවා. මෙටා සමාගමට අයත් යුරෝපා කලාපයේ ෆේස්බුක් සහ ඉන්සටර්ග්‍රෑම් පරීශ්‍රිලකයින්ගේ දත්ත ඇමෙරිකාවට ලබාදීම හේතුවෙනුයි මෙම දඩ මුදල නියම කර ඇත්තේ. කෙසේ වුවද යුරෝපා සංගමය මෙම තීරණය වැරදි පුර්වාදර්ශයක් බවයි මෙටා සමාගම පවසන්නේ. ගෝලීය විවෘත අන්තර්ජාල වැඩසටහන් යටතේ මෙවැනි දත්ත හුවමාරුවන් නිරන්තරයෙන් සිදුවන බවත් එලෙස හුවමාරු වන දත්ත මත පදනම්ව දහස් ගණනක්...
Read More »

May 23

ඇමෙරිකා භාණ්ඩාගාරය මුදල් නොමැති තත්ත්වයක් ඉදිරියේදී ?  

0 comments

ඇමෙරිකාවේ ණය සීමා සම්බන්ධයෙන් ජනාධිපති බයිඩ්න් හා රිපබ්ලිකන් නියෝජිත ප්‍රධානියා අතර පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා. දෙපාර්ශවය අතර එකඟතාවකට පැමිණ ණය සීමා ඉහළ දැමීමට අපොහොසත් වුවහොත් ජුනි පළමුවන දින වන විට ඇමෙරිකා භාණ්ඩාගාරය මුදල් නොමැති තත්ත්වයකට පත්වන බවටයි භාණ්ඩාගාර ලේකම් අනතුරු අගවන්නේ. කෙසේ වුව ද එම සාකච්ඡා ඵලදායී මට්ටමෙන් පැවති බව ජෝ බයිඩ්න් පවසනවා. එමෙන්ම ඉදිරි සාකච්ඡා අතරතුරදී දෙපාර්ශවය අතර එකගතාවයකට පැමිණිය...
Read More »

May 22

ස්පාඤ්ඤයේ ලැව්ගිනි  

0 comments

බටහිර ස්පාඤ්ඤයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් අක්කර විසිදහසකට ආසන්න භූමි ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා. ස්පාඤ්ඤ පෘතුගාල දේශසීමා ආසන්නයේයි මෙම ලැව්ගිනි හටගෙන ඇත්තේ. 600ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට සහන කණ්ඩායම් පියවරගෙන තිබෙනවා. ලැව්ගිනි පාලනය කිරීම සදහා 500කට ආසන්න පිරිසක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ. අධික සුළං හේතුවෙන් ලැව්ගිනි මැඩපැවැත්වීම අසීරු කාර්යක් වී ඇති බව ගිනි නිවන කණ්ඩායම් පවසනවා. ස්පාඤ්ඤ...
Read More »

May 22

තම දේශසීමා වැටලීම පසුපස රුසියානු සන්නද්ධ කණ්ඩායම් සිටින බව යුක්රේනය පවසයි  

0 comments

තම දේශසීමා වැටලීම පසුපස රුසියානු සන්නද්ධ කණ්ඩායම් සිටින බව යුක්රේනය පවසනවා. ලීබර්ට් ඔෆ් රෂියන් ලෙජියන් නැමැති බලකායක් මෙය පිටුපස සිටින බවට තොරතුරු වාර්තා වනවා. රුසියානු ජාතිකයන්ගෙන් සැදුම්ලත් එය රුසියාවේ බෙල්ගොරොඩ් කලාපයේ දේශසීමා ආක්‍රමණයට සම්බන්ධ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. ඔවුන් යුක්රේන දේශසීමා තරණය කලේ මීට මාස 15කට පෙර කියෙව් නගරය තුළ යුද්ධය ආරම්භ වුදා සිටයි. එය රුසියානු භූමියට එල්ල කළ වඩාත්ම නිර්භිත ප්‍රහාරයන්ගෙන් එකක් ලෙස...
Read More »

May 22

ග්‍රීසියේ මහමැතිවරණයේ ජය කන්සර්වෙටිව් පක්ෂයට  

0 comments

ග්‍රීසියේ පැවති මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටකිස්ගේ කන්සර්වෙටිව් පක්ෂය ජයග්‍රහණය කළා. ග්‍රීසියේ පවත්නා දේශපාලන අස්ථාවරත්වය මධ්‍යයේ මෙය දැවැන්ත ජයග්‍රහනයක් ලෙසයි දේශපාලන විශ්ලේෂකයින් හඳුන්වන්නේ. අග්‍රාමාත්‍යවරයාගේ කන්සර්වෙටිව් පක්ෂය 40%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර ප්‍රධාන විපක්ෂයට ලබා ගත හැකි වුනේ 20%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. කෙසේ වෙතත් තනි පාලන බලයක් සහිත රජයක් පිහිටුවීම සදහා අවශ්‍ය බලය ලබා ගැනීමට අග්‍රාමාත්‍ය...
Read More »

May 22

වසර 16 කට පසු තමන්ගේ හදවත හමුවූ ජෙනිෆර්  

0 comments

මීට වසර 16 කට පෙර බ්‍රිතාන්‍ය ජාතික ජෙනිෆර් සට්න් නම් කාන්තාවගේ ශරීරයෙන් ඉවත් කළ හෘදය වස්තුව ලන්ඩන් නුවර හන්ටේරියන් කෞතුකාගාරයේදී නැවත වරක් වසර 16 කට පසු එම කාන්තාවට දකින්නට ලැබී තිබෙනවා තමාගේ හෘදය වස්තුව වසර 16 කට පසු කෞතුකාගාරයකදී මෙසේ දක්නට ලැබීම අමුතුම හැඟීමක් ගෙන දුන් බවයි ජෙනිෆර් ප්‍රකාශ කර ඇත්තේ. ජෙනිෆර් සට්න් බ්‍රිතාන්‍යයේ රින්ග්වුඩ් නගරයේ පදිංචිකාරිනියක්. මීට වසර 16 කට පෙර 2007 වසරේදී හදවතේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන්...
Read More »

May 22

දිල්ලි නගරයට දැඩි උෂ්ණාධික කාලගුණයක්  

0 comments

ඉන්දියාවේ දිල්ලි නගරයට දැඩි උෂ්ණාධික කාලගුණයක් බලපා තිබෙනවා. ඇතැම් ප්‍ර දේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඊයේ දිනයේ සිට බොහෝ ප්‍ර දේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 සීමාව ඉක්මවා යාම ආරම්භ වී තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍ර දේශවල වැසියන්ට ආරක්ෂිතව පසුවන්නැයි උපදෙස් ලබා දී තිබෙනවා. අවශ්‍ය නම් වෛද‍්‍ය ප්‍රතිකාර වලට ද යොමු වන්නැයි දැනුම් දී තිබෙනවා. දිල්ලි නගරයට...
Read More »

May 22

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැපුවා නිව්ගිනියාවේ සංචාරයක  

0 comments

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැපුවා නිව්ගිනියාවේදී ඉන්දියා – පැසිෆික් දූපත් සහයෝගීතා සංසදයේ සමුළුවකට සහභාගි වී තිබෙනවා. ඒ සඳහා පැපුවා නිව්ගිනියා, ෆිජි, කිරිබති, නාවුරු, නියු සහ සොලමන් ඇතුලු දූපත් රාජ්‍ය 14 ක නායකයින් එක්ව ඇති බව සඳහන්. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී පැපුවා නිව්ගිනියාවේ ජනාධිපති ජේම්ස් මාරප් සමඟ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. එමෙන්ම ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් ද පැපුවා නිව්ගිනියාවේ සංචාරයක් සඳහා පැමිණීමට...
Read More »

May 22

දකුණු අප්‍රිකාවේ කොලරාව නිසා 10ක් මියයයි – තුන් හැවිරිදි දරුවෙකුත් ඒ අතර  

0 comments

දකුණු අප්‍රිකාවේ Gauteng පළාතේ කොලරාව පැතිරීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් , 37දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසනවා. ඊයේ (21) සිදු කළ රසායනාගාර පරීක්ෂණ මගින් 19 දෙනෙකු කොලරා රෝගීන් බවට තහවුරු කරමින් Gauteng සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. මිය ගිය අය අතර තුන් හැවිරිදි දරුවෙකු සහ වැඩිහිටියන් නව දෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ. එරට සෞඛ්‍ය පිළිබඳ...
Read More »

May 21

බක්මුත් හි බලය රුසියාව අල්ලා ගෙන නොමැති බව යුක්රේන ජනාධිපති කියයි  

0 comments

රුසියාව පවසන පරිදි බක්මුත් හි බලය ඔවුන් අල්ලා ගෙන නොමැති බව යුක්රේන ජනාධිපති වෝල්දෝමීර් සෙලෙන්ස්කි පවසනවා. ජපානයේ හිරෝෂිමා නුවර පැවැත්වෙන ජී 7 සමුළුවට සහභාගී වෙමින් සිටින අතරතුර මාධ්‍ය හමුවක් පවත්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ. රුසියාවේ රුසියා හමුදා පසුගිය දා ප්‍රකාශ කර තිබුණේ ඔවුන් බක්මුත් හි බලය තමන් සතු කරගත් බවයි. කෙසේ වෙතත් මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් යුක්රේන ජනාධිපතිවරයා කියා සිටියේ රුසියා ප්‍රහාර හේතුවෙන් බක්මුත්...
Read More »

May 21

සෞදි අරාබිය ප්‍රථම වරට කාන්තාවක් අභ්‍යවකාශයට යවන්න සැරසෙයි  

0 comments

සෞදි අරාබිය අද ප්‍රථම වරට කාන්තාවක් අභ්‍යවකාශ ගත කිරීමට කටයුතු කරනවා. සෞදි අරාබියේ ප්‍රහාරක ගුවන් නියමුවෙකු මෙන්ම පියයුරු පිලිකා පර්යේෂකයෙකු වන රයන්නා බර්නාවි අභ්‍යවකාශයට යන පළමු කාන්තාව බවට පසුගියදා තෝරා ගැනුණා. ඒ අනුව අද ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි කෙනෙඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ස්පේස් එක්ස් ෆැල්කන් නයින් රොකට්ටුවෙන් ඇයව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවනු ලබනවා. ඇය සමග තවත් තුන් දෙනෙකු මෙම ගමන සදහා සහභාගී වන අතර දින 10කින්...
Read More »

May 21

යුක්‍රේන ජනාධිපති ජී හත රාජ්‍ය නායකයන් හමුවෙයි  

0 comments

යුක්‍රේන ජනාධිපතිවරයා ජී හත රාජ්‍ය නායකයන් හමුවුණා. එමෙන්ම ජී හත රටවල් ද රුසියාවට එරෙහි සම්බාධක තවත් දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති වොලිදිමීර් සෙලෙස්න්කි ඊයේ දිනයේ ජපානයේ හිරෝෂිමා හි පැවැත්වෙන ජී හත රාජ්‍ය නායක සමුළුවට එක්වුණා. අද දිනයේදී ඔහු සියලු රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා කිරීමට කටයුතු කර තිබෙනවා. මෙහිදී ඉන්දියාව / බ්‍රිතාන්‍ය / ජපානය / ජර්මනිය ඇතුලු රටවල් වල රාජ්‍ය නායකයන් සමග ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට...
Read More »

May 20

ගංවතුර නිසා ඉතාලියේ 36,000ක් පීඩාවට  

0 comments

ගංවතුර තත්ත්වය හේතුවෙන් ඉතාලියේ පීඩාවට පත්වූ සංඛ්‍යාව තිස්හය දහස ඉක්මවා තිබෙනවා. ගංවතුර තත්ත්වයට අමතරව නාය යෑම් 300කට අධික ප්‍රමාණයක්ද සිදුව තිබෙනවා. ඊසාන දිග ඉතාලියට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් මාර්ග 500කට ආසන්න සංඛ්‍යාවක් තවමත් ජලයෙන් යටවී තිබෙනවා. ආපදා තත්ත්වය නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 14 ක් බවයි වාර්තා වන්නේ. ඉතාලි අග්‍රාමාත්‍යවරිය වන ජෝර්ජියා මෙලෝනි ප්‍රකාශ කළේ තම රාජ්‍යයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට තමන් සහභාගී...
Read More »

May 20

ඇල්බර්ටා ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් විනාශ වුණු අක්කර මිලියන 2  

0 comments

කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් අක්කර මිලියන 2 ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. එය එම පළාතේ විශාලතම නගරය වන කැල්ගරි මෙන් 10 ගුණයක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. The post ඇල්බර්ටා ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් විනාශ වුණු අක්කර මිලියන 2 appeared first on ITN News...
Read More »

May 20

භාවිතා නොකර අක්‍රීයව ඇති Google ගිණුම් ඉවත් කිරීමට ගූගල් සමාගම තීරණය කරයි  

0 comments

වසර දෙකකට වැඩි කාලයක් භාවිතා නොකර අක්‍රියව ඇති Google ගිණුම් ඉවත් කිරීමට ගූගල් සමාගම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව එම සමාගම තීරණය කර ඇත්තේ, අක්‍රිය කිරීමේ ප්‍රතිපත්ති මාලාව යාවත්කාලීන කිරීමටයි. වැඩිදුරටත් අදහස් දක්වමින් එම සමාගම කියා සිටියේ, මෙය මැයි 16 වැනි දා සිට බලපැවැත්වෙන බවත් දෙසැම්බර් මාසයේ සිට අක්‍රිය ගිණුම් ඉවත් කිරීමට කටයුතු ආරම්භ කරන බවත් ය. ඉන් අනතුරුව එම ගිණුමට සම්බන්ධ Gmail, Docs, Drive, Meet,...
Read More »

May 20

පැසිෆික් සාගරයේ භූ කම්පනයක්  

0 comments

පැසිපික් සාගරයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. ඒත් සමග රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරුණා. කැලිඩෝනියානු දූපත් ආසන්නයේ රිච්ටර් පරිමාණ ඒකක 7.1 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් සුනාමියක් ඇතිවිය හැකි බවයි පැසිෆික් දූපත්වලට දැනුම් දී තිබෙන්නේ. ෆීජි, වනවාටු, වොලිෆ් සහ ෆුටුනා යන දූපත්වලට සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකියි. එම භූ කම්පනයෙන් පසු රිච්ටර් පරිමාණ ඒකක හතයි දශම හතක භූ කම්පනයක්ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා...
Read More »

May 20

පාකිස්තානයේ දේශපාලන පක්ෂ නායකයෙකුට එල්ලවූ ප්‍රහාරයකින් 7 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

පාකිස්තානයේ දේශපාලන පක්ෂ නායකයෙකුට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පාකිස්ථානයේ ඉස්ලාමීය දේශපාලන පක්ෂයක් වන ජමාද් ඊ ඉස්ලාම් පක්ෂයේ නායක ෂිරජුල් හක්ට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන තිබෙනවා. බලුකිස්ථාන ප්‍රාන්තයේ පැවති රැලියක් අතරතුර මෙම පක්ෂ නායකයාගේ රථ අසලට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු ප්‍රහාරය එල්ල කළා. කෙසේ වුවද පක්ෂ නායකයාට හෝ ඔහුගේ වාහනයේ ගමන් කළ කිසිවෙකුටත් හානි සිදුව නැහැ. එහෙත් වාහනය අසල...
Read More »

May 19

නවසීලන්තයේ නිව් කැලිඩෝනියාවට ආසන්නයේ භූ කම්පනයක්  

0 comments

නවසීලන්තයේ නිව් කැලිඩෝනියාවට ආසන්නයේ රිච්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබල භූ කම්පනයක් ඇති වුණා. සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා. කිලෝමීටර් 37 ක් ගැඹුරු මුහුදේ මෙම භූ කම්පනය සිදුවූ බව ඇමෙරිකා භූ විද්‍යා ආයතනය නිවේදනය කරනවා. සුනාමි අවදානම පවතින වෙරළ තීරයෙන් ඉවත්වන ලෙසට ජනතාවට දැනුවත් කෙරුණා. මෙම භූ කම්පනය හේතුවෙන් ෆිජී, නිව් කැලිඩෝනියා, කිරිබති සහ නවසීලන්ත වෙරළ තීරයන්ට මෙහි බලපෑම් එල්ලවිය හැකි බවයි වාර්තා වන්නේ.       The...
Read More »

May 18

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු දිග ඉතාලියේ 13 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

උතුරු දිග ඉතාලියට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 13 දෙනෙකුට ජිවිත අහිමි වී තිබෙනවා. ඉතාලියට ඇඳ හැළෙන අධික වර්ෂාවත් සමඟ හටගත් ගංවතුර හේතුවෙන් පුද්ගලයින් දහතුන් දහසක්ට ආසන්න පිරිසක් අවතැන්ව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. නායයෑම් ඇති වීමේ අවදානමක් ද පවතින බවයි එරට කාලගුණ අංශ අනතුරු අඟවන්නේ. මේ අතර ක්‍රෝයේෂියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් එරට ප්‍රාන්ත රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.             The...
Read More »

May 18

ඩිස්නි සමාගම ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඩොලර් මිලියන 867ක ආයෝජන නතර කරයි  

0 comments

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඩොලර් මිලියන 867ක ආයෝජන නතර කිරීමට ඩිස්නි සමාගම පියවර ගෙන තිබෙනවා. ඩිස්නි සමාගම සහ ෆ්ලෝරීඩා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ රිපබ්ලික් රජය අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම ඊට හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම සැලසුම අවලංගු කිරීමත් සමඟ එහි සේවය කළ සේවකයන් 2000 ක් පමණ ඔලොන්ඩෝ හි ඩිස්නි උද්‍යානයට මාරුකිරීමට පියවර ගෙන තිබෙනවා. ඩිස්නි සමාගම විසින් මෙම තීරණය ඊයේ දිනයේදී  සිය අභ්‍යන්තර විද්‍යුත් තැපෑල මගින්...
Read More »

May 18

රුසියාවට පනවා ඇති සම්බාධක ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ලෙස ඇමෙරිකාව සියලු රටවලින් ඉල්ලයි  

0 comments

රුසියාවට එරෙහිව පනවා  ඇති සම්බාධක ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ලෙස ඇමෙරිකාව සියලු රටවලින් ඉල්ලා සිටිනවා. මේ දිනවල පැවැත්වෙන ජී 7 සමුළුවේදී රුසියාවට එරෙහි නව සම්බාධක හදුන්වාදීමට ඇමෙරිකාව සූදානමින් සිටිනවා. එම සම්බාධකවලට ඇමෙරිකාවේ ක්‍රියාත්මක ආයතන 70 කට අපනයන තහනම් කිරීම ද ඇතුලත්. එමෙන්ම තවත් සම්බාධක 300 ක් මෙම යෝජනාවලියට ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියාවේ යුද යාන්ත්‍රණය අඩපන කිරීස මෙහි අරමුණයි. රුසියානු ආනයනය සඳහා...
Read More »

May 18

ඇමසන් වනාන්තර තුළ අතරමන්ව සිටි කුඩා දරුවන් 4 දෙනෙකුට වුණු දේ  

0 comments

දින 17ක කාලයක් ඇමසන් වනාන්තර තුළ අතරමන්ව සිටි කුඩා දරුවන් 4 දෙනෙකු සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වුණා. ඔවුන් ගමන් කරමින් සිටි ගුවන් යානය කඩා වැටීමෙන් පසු එම දරුවන් ඇමසන් වනාන්තරය තුළ අතරමන් වු අතර ඔවුන්ව සොයා මෙහෙයුම් සිදු කෙරුණා. එම දරුවන් වයස අවුරුදු 13 / 9 / 4 හා මාස 11 යන වයස්වල පසු වනවා. ගුවන් යානයේ ගමන් කළ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු තවත් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඇමසන් වනාන්තරයේ කොළොම්බියාවට අයත් ප්‍ර දේශයේ...
Read More »

May 18

2024 දී ඉන්දියාවේ 6.7%ක ආර්ථික වර්ධන වේගයක්  

0 comments

2024 වසරේ දී ඉන්දියාව 6.7%ක ආර්ථික වර්ධන වේගයක් අත්කර ගනු ඇති බවට ජගත් සංවිධානය පුරෝකතනය කරනවා. දකුණු ආසියාවේ විශාලතම ආර්ථිකය වන ඉන්දීය ආර්ථිකය මෙම වසර තුළ දී 5.8%කින් හා ලබන වසරේ දී 6.7%කින් ප්‍රසාරණය වනු ඇති බවටයි ජගත් සංවිධානය පවසන්නේ. ඉහළ පොලී අනුපාත හා දුර්වල බාහිර ඉල්ලුම මෙන්ම එරට ආයෝජන සහ අපනයන මත ආර්ථික වර්ධන වේගය අත්කර ගනු ඇති බවටයි ජගත් සංවිධාන වාර්තාවේ දැක්වෙන්නේ. මෙම වසරේ දී ඉන්දියාවේ උද්ධමනය 5.5% දක්වා පහළ වැටෙනු...
Read More »

May 18

උතුරු දිග ඉතාලියට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 8 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

උතුරු දිග ඉතාලියට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 8 දෙනෙකුට ජිවිත අහිමි වී තිබෙනවා. ඉතාලියට ඇඳ හැළෙන අධික වර්ෂාපතනයත් සමඟ හටගත් ගංවතුර හේතුවෙන් පුද්ගලයින් දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් පියවර ගත්තා. නායයෑම් ඇති වීමේ අවධානමක් පවතින බවයි එරට කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ. පසුගිය පැය 36ක කාලය තුළ දී මිලිමීටර 500 ඉක්මවු වර්ෂාපතයක් එම ප්‍ර දේශයට ලැබී තිබෙනවා. මේ අතර අයහපත් කලාගුණයෙන් ක්‍රෝයේෂියාවට බලපා...
Read More »

May 18

කළු මුහුද හරහා යුක්‍රේනයට ධාන්‍ය අපනයන කරන්න තවත් දින 60කට රුසියාව අවසර දෙයි  

0 comments

කළු මුහුද හරහා යුක්‍රේනයට ධාන්‍ය අපනයන කටයුතු සිදු කිරීමට තවත් දින 60ක කාලයකට අවසර ලබාදීමට රුසියාව එකඟත්වය පළ කර තිබෙනවා. පසුගිය කාලයේ දී ධාන්‍ය අපනයනය කිරීමට එළඹී එකඟතාවය යටතේ යුක්‍රේනය ටොන් මිලියන 30කට අධික ධාන්‍ය ප්‍රමාණයක් අපනයනය කර තිබෙනවා. ලෝකයේ රටවල් රැසක් මුහුණ දී සිටින කුසගින්න පාලනය කිරීම හා ගෝලීය ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමේ අරමුණින් ධාන්‍ය අපනයන අවසරය දීර්ඝ කළ බවයි රුසියාව පවසන්නේ. එම එකඟතාවයට එළඹීම සඳහා තුර්කිය මැදිහත්කරුවෙකු...
Read More »

May 17

යුක්‍රේන හා චීන නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක්  

0 comments

යුක්‍රේන හා චීන නියෝජිතයින් අතර යුක්‍රේන රුසියා සාම සැලැස්ම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. යුක්‍රේන විදේශ අමාත්‍යවරයා හා චීනයේ යුරෝඑෂියා කලාපයේ විශේෂ නියෝජිතයා අතර කියෙව් අගනුවර දී මෙම විශේෂ සාකච්ඡාවක් සිදු කෙරුණා. යුක්‍රේනයට අයත් භූමියෙන් කිසිදු කොටසක් රුසියාවට අයත් වන පරිදි සැකසූ සාම යෝජනාවලියකට තම රට කිසිවිටක එකඟතාව පළ නොකරන බවයි යුක්‍රේන විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදි සඳහන් කර සිටියේ. යුධ මෙහෙයුම් අරතුරදි මේ වන...
Read More »

May 17

හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියන්මාරය ඩොලර් බිලියන එකක ආයුධ ආනයනය කර ඇති බව හෙළිවෙයි  

0 comments

හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියන්මාරය ඇමෙරිකා ඩොලර් බිලියන එකක ආයුධ ආනයනය කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළිදරව් කර තිබෙනවා. 2021 පෙබරවාරි මාසයේ බලය අල්ලා ගැනීමෙන් පසු මියන්මාර හමුදාව මෙසේ ආයුධ ගෙන්වා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේඥයෙකු හෙළි කර තිබෙනවා. එම ආයුධ බොහෝ ප්‍රමාණයක් රුසියාව චීනය හා සිංගප්පුරුවෙන් ගෙන්වා ගෙන ඇති බවටයි චෝදනා එල්ල වන්නේ. එමෙන්ම ආයුධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ද ගෙන්වා ඇති බව සඳහන්. එවැනි...
Read More »

May 17

බර අඩු කරන්න මේ දේ කරන්න එපාලු  

0 comments

සිරුරේ බර අඩු කර ගැනීම සදහා සීනි ආදේශක භාවිතා නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටිනවා. සිරුරට අහිත කර ලෙස බර වැඩි වීම හා බෝ නොවන රෝග අවධානම අවම කිරීම සඳහායි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම උපදෙස් ලබා දී ඇත්තේ. විවිධ සන්නාම යටතේ සීනි ආදේශක වෙළදපොලේ අලෙවියට ඇති අතර ඇසුරුම් කරන ලද ආහාර පාන සදහා ඒවා යොදා ගනී. සීනි ආදේශකයන් හි කැලරි අඩු බවත් / බර පාලනය කිරීමට එය උපකාරී වන බවත් විශ්වාස කෙරෙනවා. කෙසේ වුව ද ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සීනි...
Read More »

May 17

හමුදා ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවේ නිෂ්පාදන කටයුතු බලන්න කිම් ජොන්ග් උන් යයි  

0 comments

උතුරු කොරියාවට අයත් ප්‍රථම හමුදා ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවේ නිෂ්පාදන කටයුතු නිරීක්ෂණ සඳහා එරට නායක කිම් ජොන්ග් උන් සහභාගී වී තිබෙනවා. උතුරු කොරියාවේ යුද ශක්තිය නවීකරණය කර ඉදිරියට ගෙන යාමේ කිම් ජොන්ග් උන්ගේ සැලැස්මේ ප්‍රධාන සාධකයක් ලෙස ඔත්තු බැලිමේ චන්ද්‍රිකාව හැදින්විය හැකියි. මෙය උතුරු කොරියාවේ අනාගත ක්‍රියාකාරී සැලැස්මක් ලෙසයි එරට මාධ්‍ය හදුන්වන්නේ. චන්ද්‍රිකාවේ සංවර්ධන කටයුතු මෙහෙයවන කමිටුව හමුවු උතුරු කොරියා නායකයා ඔවුන් අවශ්‍ය...
Read More »

May 17

චීන ධීවර යාත්‍රාවක් අනතුරක – 39ක් අතුරුදන්  

0 comments

චීන ධීවර යාත්‍රාවක් ඉන්දියන් සාගරයේ දී අනතුරට ලක්ව තිබෙනවා. එම අවස්ථවේ කාර්ය මණ්ඩලයේ 39දෙනෙකු සිටි බවයි වාර්තාවන්නේ බේරාගැනීමේ කටයුතු සඳහා සහාය වන ලෙස රටවල් කිහිපයකට සිය තානාපති කාර්යාල හරහා ඉල්ලීම් කිරීමට චීන විදේශ අමාත්‍යාංශය ක්‍රියාකර ඇති බව සඳහන්. එම යාත්‍රාවේ සිටි චීන ජාතිකයන් 17දෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයන් 17දෙනෙකු සහ පිලිපීන ජාතිකයන් 5 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මේ වන තෙක් අතුරුදහන් වූ පුද්ගලයින්...
Read More »

May 16

ඕස්ට්‍රේලියාවේ බස් රථ අනතුරකින් කුඩා ළමුන් 21 දෙනෙකුට තුවාල  

0 comments

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සිදු වු බස් රථ අනතුරකින් එහි ගමන් කළ කුඩා ළමුන් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. තුවාල ලැබු ළමුන් වයස අවුරුදු 5ත් 11ත් අතර පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. එහි ගමන් කළ වැඩිහිටි පුද්ගලයෙකු ද තුවාල ලබා ඇති බව සඳහන්. බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ කුඩා ළමුන් 45 දෙනෙකු එහි ගමන් කළ ඇති බව වාර්තා වනවා. බස් රථය ට්‍රක් රථයක් හා ගැටීමෙන් අනතුරුව පෙරළීමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. නොසැලකිලිමත්...
Read More »

May 16

යුක්‍රේනයට ජෙට් ප්‍රහාරක යානා ලබාදීමට එක්සත් රාජධානිය හා නේදර්ලන්තය එකඟවෙයි  

0 comments

යුක්‍රේනයට අවශ්‍ය ජෙට් ප්‍රහාරක යානා ලබාදීමට එක්සත් රාජධානිය හා නේදර්ලන්තය සහතික වී තිබෙනවා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රීෂි සුනක් හා නේදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට් ඒ සදහා අවශ්‍ය ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීම සඳහා එකඟතාව පළ කර තිබෙනවා. එෆ් 16 එස් වර්ගයේ ප්‍රහාරක යානා මේ අනුව ලබාදීමට නියමිතයි. යුක්‍රේන ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි බටහිර රටවලින් ඉල්ලා සිටියේ තම රටට යුද ආධාර හා පුහුණුව ලබාදෙන ලෙසයි. ඒ අනුවයි මේ පිළිබඳ බටහිර රටවල්...
Read More »

May 16

ඝානාවේ පතලක් කඩා වැටීමෙන් 7ක් මරුට  

0 comments

නැගෙනහිර කලාපයේ ඝානාවේ Birim North දිස්ත්‍රික්කයේ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් තවත් 17දෙනෙකු සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා පතල් කම්කරුවන් දෙදෙනෙකු පමණක් දැනට බේරා ගැනීමට හැකිවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ගලවා ගැනීමේ මෙහෙයුමට නායකත්වය දෙන ප්‍රදේශයේ පතල් කම්කරුවන්, එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන්ට බාධා කර ඔවුන් පලවා හැර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා     The post ඝානාවේ පතලක් කඩා...
Read More »

May 16

තුර්කි ජනපතිවරණයේ තතු  

0 comments

තුර්කි ජනාධිපතිවරණයෙන් එරට ජනාධිපති තයිප් එර්දෝගන් පෙරමුණේ පසුවනවා. තුර්කි ජනාධිපතිවරණයෙන් 49%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට ජනාධිපති තයිප් එර්දෝගන් සමත්වුණා. ඔහුගේ ප්‍රතිවාදයාට ලබා ගත හැකිව ඇත්තේ 45%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. කෙසේ වුවද කිසිදු අපේක්ෂකයෙකු 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන නොමැති හෙයින් දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති. කෙසේ වුවද තයිප් එර්දෝගන් මේ වන විට වසර 20ක කාලයක් තුර්කි ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන අතර තවත්...
Read More »

May 16

මියන්මාරයේ රඛ්හින් ප්‍රාන්තය ආපදා කලාපයක් ලෙස නම් කරයි  

0 comments

මියන්මාරයේ රඛ්හින් ප්‍රාන්තය ආපදා කලාපයක් ලෙසට නම් කර තිබෙනවා. මෝඛා සුළි කුණාටුවෙන් රඛ්හින් ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර ඒ හේතුවෙනුයි ආපදා කළාපයක් ලෙස නම් කර ඇත්තේ. එම ප්‍රාන්තයේ පුද්ගලයින් 6 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද සදහන්. මෝඛා සුළි කුණාටුව මියන්මාරයට හා බංග්ලාදේශයට ඇතුළුවූ අතර ඉන් බංග්ලාදේශයේ කොක්ස් බසාර් සරණාගත කදවුරට බලපෑම් එල්ලවනු ඇති බවට අනාවැකි පළවුවද බරපතල හානියක්...
Read More »

May 15

නවසීලන්තයේ නේවාසිකාගාරයක ගින්නකින් හය දෙනෙකු මරුට  

0 comments

නවසීලන්තයේ වෙලින්ග්ටන් නගරයේ හටගත් ගින්නකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙලින්ටන් නගරයේ නේවාසිකාගාරයකයි මෙම ගින්න හටගෙන ඇත්තේ. මහල් හතරකින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ ඊයේ මධ්‍යම රාත්‍රියේ දී ගින්න හටගෙන ඇති අතර පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදන් බවද සහන කණ්ඩායම් පවසනවා. එමෙන්ම නේවාසිකාගාරයේ ජීවත්වූ පුද්ගලයින් රැසකගේ ජීවිත බේරාගැනීමට ද ඔවුන් සමත්වූ බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද මරණ සංඛ්‍යාව ඉහළයාමට ඉඩ ඇති බව පොලිසිය...
Read More »

May 15

යුක්රේනයේ කියෙව් අගනුවරින් දැවැන්ත පිපිරුම් හඬ රැසක්  

0 comments

යුක්රේනයේ කියෙව් අගනුවරින් දැවැන්ත පිපිරුම් හඩ රැසක් ශ්‍රවණය වී තිබෙනවා. යුක්රේන බලධාරීන් සදහන් කරන්නේ රුසියානු ගුවන් ප්‍රහාරක යානා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බවයි. මේ වන විට පිපිරුම් හඩ 10ක් ශ්‍රවණය වී ඇති බව විදෙස් වාර්තා වල සදහන්. එමෙන්ම යුක්රේන ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් රුසියා ගුවන් ප්‍රහාර රැසක් ද වැළකී ගොස් තිබෙනවා. මේ වන තෙක් මෙම ගුවන් ප්‍රහාරවලින් සිදු වු හානිය වාර්තා වන්නේ නැහැ.       The...
Read More »

May 15

යුක්‍රේන ජනපති එක්සත් රාජධානියට  

0 comments

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky අගමැති රිෂි සුනක් හමුවීම සඳහා එක්සත් රාජධානියට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ වැදගත් සාකච්ඡාවක් පැවැත්වීමට සඳහා තම මිතුරෙකු වන අගමැති රිෂි සුනක් හමුවන බවයි. නායකයින් දෙදෙනා අතර හමුව පැය දෙකකට වඩා නොපවතිනු ඇති බවට අපේක්ෂා කෙරෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ මේ අතර රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම සඳහා යුක්‍රේනයෙන්...
Read More »

May 15

දින පහක ගැටුම් නිමා කරමින් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සටන් විරාමයක්  

0 comments

දින පහක ගැටුම් නිමා කරමින් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සටන් විරාමයක් ආරම්භ වී තිබෙනවා. පසුගිය දින 5 පුරා දෙපාර්ශ්වය අතර පැවති ගැටුම්වලින් පලස්තීන ජාතිකයින් 33 දෙනෙකුට දිවි අහිමි වුණා. එමෙන්ම ඊශ්‍රායල ජාතිකයින් දෙදෙනෙකු ද පලස්තීන රොකට් ප්‍රහාරයකින් මියගියා. ඊජිප්තුවේ මූලිකත්වයෙන් මේ වනවිට දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් ඇතිකරගෙන තිබෙනවා. දෙපාර්ශ්වයම ඊට සහාය දෙන බවට ද ප්‍රතිඥා දී තිබෙනවා. මෙම සටන්විරාමය පිළිබද අදහස් දක්වමින් ඇමෙරිකාව...
Read More »

May 15

බොර තෙල් මිල අඩු වෙයි  

0 comments

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ ලොව ප්‍රමුඛ ඉන්ධන සැපයුම්කරුවන් සැපයුම අඩු කිරීමට කටයුතු කිරීමත් චීනය සහ අමෙරිකාව වැනි රටවලින් ඉල්ලුම අඩුවීමත් හේතුවෙන්. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.55ක් දක්වා ද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 69.48 දක්වාද අඩුවී තිබෙනවා. මේ දක්වා පසුගිය සති 4 පුරාම බොර තෙල් මිල පහළ යමින් පැවති බවද සඳහන්. The post බොර තෙල් මිල අඩු වෙයි...
Read More »

May 14

මෝඛා සුළි කුණාටුවෙන් බංග්ලාදේශයට සහ මියන්මාරයට දැඩි හානි  

0 comments

මෝඛා චන්ඩ මාරුතය බංගලාදේශය හා මියන්මාරයට දැඩි හානි සිදුකරමින් හමා යමින් පවතිනවා. බංගලාදේශයේ හා මියන්මාරයේ වෙරළබඩ ප්‍රදේශවලින් ඇතුළු වු චන්ඩ මාරුතය පස්වන කාණ්ඩයේ එකක් දක්වා වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ. ලොව විශාලතම අවතැන් කදවුර වන බංගලාදේශයේ කොක්ස් බසාර් අවතැන් කදවුර හරහා ගමන් කර නොමැති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මේ වන විට මියන්මාරයේ පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති අතර බංගලාදේශයෙන් ජිවිත හානි වාර්තා වන්නේ නැහැ. මේ වන...
Read More »

May 14

තායිලන්ත මහ මැතිවරණයෙන් තක්ෂීන් ෂිනවත්‍රාගේ දියණිය ඉදිරියෙන්  

0 comments

තායිලන්ත මහ මැතිවරණයෙන් හිටපු අගමැති තක්ෂීන් ෂිනවත්‍රාගේ දියණිය වන පෙටොන්ගාන් ශිනවත්‍රාගේ පියෝතායි පක්ෂය ඉදිරියෙන් පසුවන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. ඊයේ පැවති තායිලන්ත මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විට සිදු කරනවා. හමුදා සහාය සහිත රජය පරදා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එළඹීමට තායිලන්තයට හැකියාව පවතින බවටයි විශ්ලේෂකයින් මත පළ කරන්නේ. කෙසේ වුව ද හමුදා සහාය සහිත පක්ෂ හා අනෙකුත් විපක්ෂ කණ්ඩායම් රජයක් පිහිටුවීමට සාකච්ඡාවල නිරත...
Read More »

May 14

ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එළඹීමට සූදානම්  

0 comments

දින පහකට පසු ඊශ්‍රායලය හා පලස්තීනය සටන් විරාමයකට එළඹීමට සූදානමින් සිටිනවා. ඊශ්‍රායලය හා පලස්තීනය දින 5ක් පුරා එකිනෙකාට එරෙහිව රොකට් ප්‍රහාර එල්ල කර ගනිමින් සිටිනවා. ප්‍රහාර හේතුවෙන් පලස්තීනයේ 33න් දෙනෙක් මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ. මේ අතර ඊශ්‍රායලය ජාතිකයන් දෙදෙනකු ද ප්‍රහාර වලින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊජිප්තුවේ මැදිහත් වීම මතයි මෙසේ දෙරට අතර සටන් විරාමක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කෙරුනේ.     The post ඊශ්‍රායලය...
Read More »

May 14

මොඛා සුළි කුණාටුවෙන් බංග්ලාදේශයට හා මියන්මාරයට බලපෑම්  

0 comments

මොඛා සුළි කුණාටුවෙන් බංග්ලාදේශයට හා මියන්මාරයට බලපෑම් එල්ල වී තිබෙනවා. මොඛා සුළි කුණාටුව බංග්ලාදේශයේ වෙරළබඩ ප්‍රදේශයට ඇතුළු වී තිබෙන බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කළේ. මෙය පස්වන මට්ටමේ අනතුරුදායක සුළි කුණාටුවක් වන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 195ක් විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා. ලක්ෂ 5ට ආසන්න ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. බෙංගාලබොක්ක අවට පිහිටි සියලු රටවලට සුළි කුණාටුවේ බලපෑම් එල්ලවනු...
Read More »

May 14

ගාසා තීරයට සටන් විරාමයක්  

0 comments

ගාසා තීරයට සටන් විරාම කාලසීමාවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දින 05ක් පුරා අඛණ්ඩව පැවති ඊශ්‍රායල – පලස්තීන ගැටුම් අවසන් කරමින් ඊයේ (13) රාත්‍රී 10 සිට මෙම සටන් විරාමය ප්‍රකාශයට පත්කර ඇති බවයි. කෙසේවෙතත් ඊශ්‍රායලයේ මැදිහත් වීම මත එම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වනවා. ඇති වූ ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් 13 දෙනෙකු ඇතුළු පලස්තීනුවන් 33 දෙනෙකුට දිවි අහිමි වී ඇති බවද විදෙස් මාධ්‍ය දක්වා තිබෙනවා. The post ගාසා...
Read More »

May 14

Gabrielle කළ ආපදා යළි හදන්න නවසීලන්ත රජය ඩොලර් බිලියන 1.1ක් වෙන් කරයි  

0 comments

Gabrielle සුළි කුණාටුවෙන් එල්ලවූ බලපෑමෙන් සිදුවූ ආපදා තත්වයන් යථා තත්වයට පත් කිරීම සඳහා මේ වසරේ අයවැයෙන් නවසීලන්ත රජය ඩොලර් බිලියන 1.1 ක් වෙන් කර තිබෙනවා. පෙබරවාරි මාසයේ Gabrielle සුළි කුණාටුවෙන් නවසීලන්තයට වාර්තාගත වර්ෂාපතනයක් ඇද හැලුනු අතර, ඉන් 11 දෙනෙකු මියගියා. සත්ව ගොවිපල ඇතුලු තවත් දේපළ රැසකට දැවැන්ත හානියක් සිදුව තිබුණා. ඒ අතරට මාර්ග සහ දුම්රිය මාර්ග, පාසල් මෙන්ම පොදු ගොඩනැගිලි රැසක් ඇතුළත්. The post Gabrielle කළ ආපදා යළි...
Read More »

May 13

තායිලන්ත මහ මැතිවරණය අද  

0 comments

තායිලන්ත මහ මැතිවරණය අදයි. තායිලන්ත මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරිම මේ වන විට ආරම්භ වී තිබෙනවා. හිටපු අගමැති තක්ෂින් ශිනවත්‍රාගේ දියණිය වන පෙටොන්ගාන් ශිනවත්‍රාගේ පියෝතායි පක්ෂය ජනප්‍රියත්වයෙන් ඉදිරියෙන් සිටින බවයි වාර්තා වන්නේ. 2014 වසරේ හමුදා කුමන්ත්‍රණයකින් බලය ලබාගත් ජනරාල් ප්‍රයුත් චාන් ඕජාගේ පක්ෂය ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා. 36 හැවිරිදි පෙටොන්ගාන් ශිනවත්‍රාගේ ජනප්‍රියත්වය මත මෙවර මහ මැතිවරණයගේ ඇයගේ පක්ෂ ඉහළ ජයග්‍රාහනයක්...
Read More »

May 13

කර්ණාටක ප්‍රාන්ත සභා මැතිවරණයේ ජය ඉන්දීය කොංග්‍රසයට  

0 comments

කර්ණාටක ප්‍රාන්ත සභා මැතිවරණයේ ජය තහවුරු කර ගැනීමට ඉන්දීය කොංග්‍රසය සමත්ව තිබෙනවා ඒ ඊයේ (14) පස්වරුවේ නිකුත් කෙරුණු ප්‍රතිඵල අනුවයි. පසුගිය 10 වැනිදා පැවති මැතිවරණය ප්‍රාන්ත සභාවට සාමාජිකයින් 224 දෙනෙකු තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වුණා. මැතිවරණයෙන් ඉන්දීය කොංග්‍රසය ආසන 136 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේ භාරතීය ජනතා පක්ශය පරදවමින්. එහිදී භාරතීය ජනතා පක්ශයට ලබා ගත හැකි වූයේ ආසන 65 ක් පමණයි 1985 වසරෙන් පසු දේශපාලන පක්ෂයක් කර්ණාටක...
Read More »

May 13

පලස්තීන ජිහාඩ්වාදීන් ජෙරුසලෙම ඉලක්ක කර ප්‍රහාර එල්ල කරයි  

0 comments

පලස්තීන ජිහාඩ්වාදීන් පලමුවරට ජෙරුසලම ඉලක්ක කරගමින් ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව පලස්තීනය සිය මෙහෙයුම නිදහසේ සටන ලෙස නම් කර තිබෙනවා. පලස්තීන ජිහාඩ්වාදීන් ඊශ්‍රායලයේ තෙල් අවීව් අගනුවර මෙන්ම බටහිර ජෙරුසෙලම ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ අතර ඊශ්‍රායලය ඝාසාතීරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් තිස් තුන් දෙනෙකු ඊයේ දිනයේ මිය ගියා. ඊශ්‍රාලයට එල්ල වූ ප්‍රහාරවලින් එක් අයෙකු මිය ගොස් තිබෙනවා.   The post...
Read More »

May 13

තුර්කි ජනාධිපතිවරණය හෙට  

0 comments

තුර්කි ජනාධිපතිවරණය හෙට පැවැත්වීමට නියමිතයි. භූමි කම්පාවෙන් පසු තුර්කියේ පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි. විශේෂයෙන්ම වසර විස්සක් පුරා තුර්කිය පාලනය කරන වත්මන් ජනපති තයිප් එර්දෝගන්ට මෙය තීරණාත්මක මැතිවරණයක් බවයි දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ. මේ වන විට තුර්කිය ආර්ථික අර්බුදයක සිටින අතර භූ කම්පනයෙන් ජන ජීවිතයට සිදු වූ හානිය යථා තත්ත්වයට පත්ව නැහැ. වත්මන් ජනපති 2003 වසරේ සිට තුර්කියේ පාලකයා වන අතර මෙවර ඔහු තෙවන ධූර කාලය සඳහා ඉදිරිපත්...
Read More »

May 12

නිදහස ලබා පැමිණි ඉම්රාන්ට උණුසුම් පිළිගැනීමක්  

0 comments

දින දෙකක් අත්අඩංගුවේ පසු වූ හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස ලබා යළි සිය නිවසට පැමිණියා. ඉම්රාන් ඛාන්ට සති දෙකක කාලයකට පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය ඇප ලබා දුන්නා. ලබන 17 වනදා ඔහු වෙනත් නඩුවකට පෙනී සිටින අතර එහිදී ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. නිදහස ලැබූ ඉම්රාන් ඛාන් යළි නිවසට පැමිණෙන අවස්ථාවේ ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් මඟ දෙපස රැඳී සිටියා. ඔහු පසුගියදා අත්අඩංගුවට ගැනීමත්...
Read More »

May 12

ට්විටර් සමාගම කාන්තාවක් අතට  

0 comments

ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන එලොන් මස්ක් විසින් නව ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කර තිබෙනවා. ඒ NBCUniversal විධායක Linda Yaccarino microblogging. ඔහු මේ බව ඊයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියා. ඩොලර් බිලියන 44 ක ගනණුදෙනුවකින් ට්විටර් අත්පත් කරගත් එලොන් මස්ක් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වැඩ භාර ගැනීමෙන් මාස කිහිපයකට පසු මේ සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කරන බව මිට පෙර ප්‍රකාශ කළා. ඊයේ...
Read More »

May 12

තායිලන්ත මහ මැතිවරණය ලබන ඉරිදා  

0 comments

තායිලන්ත මහ මැතිවරණය ඉරිදා පැවැත්වීමට නියමිතයි. මිලිටරි ආණ්ඩු කිහිපයක පාලනයෙන් පසු තායිලන්තයේ පැවැත්වෙන පළමු මැතිවරණය මැයි 14 වනදා පැවැත්වීමට නියමිතයි. මෙවර මැතිවරණයේ ඉදිරියෙන් සිටීමට හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රාගේ දියණිය වන පෙටොන්ගාන් ශිනවත්‍රා මහත්මිය සමත්ව තිබෙන බව වාර්තා වනවා. තරුණ ජනතාවගේ විශාල සහයෝගයක් තිස්හය හැවිරිදි පෙටොන්ගාන් ශිනවත්‍රාට හිමිව තිබෙන බව දේශපාලන මත විමසුම්වලට අනුව හෙළිව තිබෙනවා. 2019 දී හිටපු අග්‍රාමාත්‍ය...
Read More »

May 12

තිරිඟු පිටි ගැන අනතුරු ඇඟවීමක්  

0 comments

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනෙන් තිරිඟු පිටි ගැන අනතුරු ඇඟවීමක්. ඉදිරියේදී ලෝකය පුරා තිරිඟු පිටි හිඟයක් ඇතිවිය හැකි බවට ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී සින්ඩි මැකේන් පවසනවා. ලෝකයේ පාන් කූඩය ලෙස හැදින්වෙන යුක්‍රේනයේ තිරිඟු පිටි රුසියා යුක්‍රේන යුද්ධය නිසා ඉදිරියේදී වෙළෙඳපොළට පැමිණීමේ අඩුවක් ඇතිවිය හැකි බව ඇය වැඩිදුරටත් පවසනවා. රුසියාව යුක්‍රේන ධාන්‍ය සම්බන්ධ ගිවිසුමෙන් ඉවත් වුවහොත් එය ප්‍රබල අනතුරක් විය හැකි බවයි ලෝක ආහාර වැඩසටහන...
Read More »

May 11

ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුම් උග්‍රවෙයි  

0 comments

ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුම් උග්‍ර වී තිබෙනවා. විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදී පසුගිය අඟහරුවාදා සිට ඊශ්‍රායලය පලස්තීනයට එල්ලකළ ප්‍රහාරවලින් පුද්ගලයන් 30කට අධික ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා. මිය ගිය අය අතර ජිහාඩ් ත්‍රස්තවාදින්  පමණක් නොව කාන්තාවන් සහ කුඩා ළමුන්ද සිටින බව මානව හිමිකම් සංවිධාන චෝදනා කරනවා. මැදිහත් පාර්ශ්ව ප්‍රකාශ කරන පරිදි මෙම ප්‍රහාරවලින් කුඩා ළමුන් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඊයේ දිනයේ පලස්තීන සටන්කාමීන්...
Read More »

May 11

ඉම්රාන් අත්අඩංගුවට ගැනීමට එරෙහි විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව 8ක් දක්වා ඉහළට  

0 comments

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා. ඉම්රාන්ඛාන් මුදා හරින ලෙසයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළේ. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන ආවේද දැඩි රැවකල් මධ්‍යයේයි. ඉම්රාන්ඛාන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම සැළකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වෙත දැඩි ලෙස දේෂාරෝපණය කර තිබෙනවා. මේ අතර ඉම්රාන්ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඇති වූ...
Read More »

May 11

ඉම්රාන් ඛාන් නිදහස්  

0 comments

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙසට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. ඔහුව දැඩි ආරක්ෂාවක් යටතේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.   The post ඉම්රාන් ඛාන් නිදහස් appeared first on ITN News...
Read More »

May 11

ඉතාලියේ මිලානෝ නගරයේ පිපිරීමක්  

0 comments

ඉතාලියේ මිලානෝ නගරයේ කිසියම් පිපිරීමක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම පිපිරීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා වාහන කිහිපයකට හානී සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ The post ඉතාලියේ මිලානෝ නගරයේ පිපිරීමක් appeared first on ITN News...
Read More »

May 11

ලැව්ගිනි වලින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

රුසියාවේ යූරල් කඳුවැටියේ හා සයිබිරියාවේ හටගත් ලැව්ගිනි වලින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය සතියේ දී යූරල් කඳුවැටියේ හා සයිබිරියාවේ ලැව්ගිනි හට ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලැව්ගිනි හේතුවෙන් මියගිය බොහෝ පිරිසක් වයස්ගත පුද්ගලයින් වන අතර ඔවුන්ට තම නිවාස වලින් ඉවත්වීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම ලැව්ගිනි පාලනය කිරීමට උත්සහ කළ කිහිපදෙනෙකු ද ගින්නට ගොදුරු වී ඇති බවයි වාර්තා...
Read More »

May 11

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට එරෙහි ප්‍රචණ්ඩකාරී විරෝධතා තවදුරටත්  

0 comments

පකිස්ථානයේ හිටපු  අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින් පැවැත්වෙන ප්‍රචණ්ඩකාරී විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකයි. පසුගිය අගහරුවාදා දිනයේදී නඩු විභාගයකකට පෙනී සිටීම සඳහා ඉස්ලාමාබාද් අධිකරණයට පැමිණි අවස්ථාවේදීයී හිටපු අග්‍රාමාත්‍යවරයාව අත්අඩංගුවට ගැනුණා. එදින සිට මේ දක්වා ඔහුගේ පාක්ෂිකයින්ට ඊට විරෝධය පල කරන අතර ආරක්ෂක අංශ සමග දරුණු ගැටුම් ද හට ගැනුණා. ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති...
Read More »

May 10

ඉන්දුනීසියාව තුළ සූකර උණ සීඝ්‍රයෙන් පැතිර යයි  

0 comments

ඉන්දුනීසියාව තුළ අප්‍රිකා සූකර උණ රෝගය සීඝ්‍රයෙන් පැතිර යන බව සත්ත්ව සෞඛ්‍ය පිළිබඳ ගෝලීය සංවිධානය පවසනවා. අප්‍රිකා සූකර උණ රෝගය මේ වන විට සූකරයින් 35,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා. ඉන්දුනීසියාවේ බූලන් දූපතේ මෙම රෝගය සීඝ්‍රයෙන් පැතිර යන බවයි වාර්තා වන්නේ. පසුගිය අප්‍රේල් 1 වන දින සූකර උණ රෝගය වාර්තා වුණු අතර එය තහවුරු කරගෙන ඇත්තේ අප්‍රේල් 28 වන දිනයි. අප්‍රිකා සූකර උණ රෝගය මේ වන තෙක් මනුෂ්‍යයෙකුට වැලදුන අවස්ථාවක් වාර්තා...
Read More »

May 10

දේශසිමා හරහා සංක්‍රමණය වීමට උත්සහ කළ මෙක්සිකෝ ජාතිකයන් දසදහසක් අත්අඩංගුවට  

0 comments

දේශසිමා හරහා සංක්‍රමණය වීමට උත්සහ කළ මෙක්සිකෝ ජාතිකයන් දසදහසක් අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකාව කටයුතු කර තිබෙනවා. ගත වු පැය 24 තුළ දසදහසකට වැඩි පිරිසක් මෙක්සිකෝවේ සිට ඇමෙරිකාව බලා සංක්‍රමණය වීමට උත්සහ දරණ අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා. ඔවුන් පසුගිය දින කිහිපයේ දී දේශසිමා ආසන්නයේ කඳවුරු බැඳ රැය පහන් කර ඇති බවයි වාර්තා වන්නේ. කෝවිඩ් 19 වසංගතය පැවති කාල සීමාවේ දී ඇමෙරිකා මෙක්සිකෝ දේශසිමා වසා දැමුණු අතර යළි විවෘත කිරීමටයි ඇමෙරිකාව...
Read More »

May 10

ආර්ථික අපහසුතා හමුවේ ගෙවල් කුලී ගෙවාගන්න බැරිව බ්‍රිතාන්‍ය ජාතිකයොත් පාරට වැටෙයි  

0 comments

ආර්ථික අපහසුතා හමුවේ බ්‍රිතාන්‍ය ජාතිකයින් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බව වාර්තා වනවා. බ්‍රිතාන්‍යයේ ලක්ෂ 7 ක පමණ පිරිසක් මාසික නිවාස කුලීය හෝ තම බිල්පත් ගෙවාගැනීමට නොහැකි තත්ත්වයකට මුහුණ දී සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. පසුගිය මාසය තුළදී මෙම තත්ත්නව උග්‍ර අතට හැරී ඇති බව ද සදහන්. පොලී අනුපාත හා උද්දමනය ඉහළ යාම ඊට මූලික හේතුව වී තිබෙනවා. බොහෝ පිරිසක් තම මාසික නිවාස කුලිය ගෙවා නොමැති බවයි වාර්තා වන්නේ. එමෙන්ම...
Read More »

May 10

දකුණුදිග චීනයේ ප්‍රදේශ රැසකට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම්  

0 comments

දකුණුදිග චීනයේ ප්‍රදේශ රැසකට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. දකුණු දිග චීනයේ ඇතැම් ප්‍රදේශයන්ට මිලිමීටර් 400 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි චීන කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. ජියැංෂි ප්‍රදේශයේ 14,000 පමණ පිරිසක් ආරක්ෂක ස්ථාන කරා යොමු කර තිබෙනවා. ජියැංෂි ප්‍රදේශයට  හදිසි ගංවතුර තත්ත්වයක් හඩගෙන ඇති අතර ලක්ෂ 5 ක පමණ පිරිසට ඉන් බලපැම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. හෙක්ටර් 70,000 කන පමණ භුමි  ප්‍රමාණයක...
Read More »

May 10

ඩොනල්ඩ් ට්‍රම්ප් සිවිල් නඩු විභාගයක දී ලිංගික අතවරයකට වරදකරු වෙයි  

0 comments

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිවිල් නඩු විභාගයක දී ලිංගික අතවරයකට වරදකරු වී තිබෙනවා. 1990 වසරේ දී ඇමෙරිකාවේ සඟරා තීරු ලිපි රචකයෙකු වූ ඊ ජීන් කැරොල් ලිංගික අතවරයකට ලක්කර ඇති බව මෑන්හැට්න් ජූරිය තීරණය කළා. කෙසේ වුවද ඇයව දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු නොවන බවයි අධිකරණය පවසන්නේ. ඇයගේ චෝදනා ප්‍රෝඩාවක් සහ බොරුවක් ලෙස හැදින්වීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ඇයට අපහාසයක් සිදුකර ඇති බවද ජූරිය පවසනවා. ඒ...
Read More »

May 09

චීනය කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පිටුවහල් කරයි  

0 comments

චීනය කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබෙනවා. කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියාවන්වලට මැදිහත්වීමට උත්සාහ කිරීම හේතුවෙන් කැනඩාව චීන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පිටුවහල් කිරීමට ප්‍රතිචාරයක් ලෙසයි චීනය මෙය සිදුකර ඇත්තේ. චීනයේ ෂැන්හයි හි කැනඩා කොන්සල්වරයා මෙලෙස පිටුවහල් කර තිබෙනවා. කැනඩාවේ ක්‍රියාකලාපයන්ට ප්‍රතිතචාර දැක්වීමට තමන්ට අයිතියක් ඇති බව චීනය නිවේදනය කරනවා. පිටුවහල් කළ රාජ්‍ය තාන්ත්‍රිකයාට චීනයෙන්...
Read More »

May 09

ඉම්රාන් කාන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතා  

0 comments

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් කාන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පලකරමින් විරෝධතා හටගෙන තිබෙනවා. ඉම්රාන් කාන් නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණි අවස්ථාවේ එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තා. මෙය නීතිය හා අධිපත්‍ය යේ ස්වාධීනත්වයට කැලලක් බවයි විදෙස් මාධය පවා පෙන්වා දෙන්නේ. මේ වනවිට පාකිස්තානයේ ජංගම දුරකතන දත්ත සේවා අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ. තමා අත්අඩංගුවට ගැනීමට පෙර ඉම්රාන් කාන් සමාජ මාධ්‍ය ජාලාවලට වීඩියෝවක් එක්කරමින් සඳහන් කළේ...
Read More »

May 09

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට  

0 comments

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්මාලාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදීයි. හිටපු අග්‍රාමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉස්ලාමාබාද් නුවර අධිකරණ පරිශ්‍රයේදීයි. The post ඉම්රාන් ඛාන් අත්අඩංගුවට appeared first on ITN News...
Read More »

May 09

නවසීලන්තයේ ඕක්ලන්ඩ් අගනුවර හදිසි තත්ත්වයක්  

0 comments

වර්ෂාව හේතුවෙන් නවසීලන්තයේ ඕක්ලන්ඩ් අගනුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. මේ අතර නගරයට උතුරු ප්‍රදේශයේ ගංවතුරට හසුව ගුහාවක අතුරුදන් වූ පාසල් සිසුවෙකු සොයා ගලවා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අධික වර්ෂාපතනය හේතුවෙන් මෝටර් රථවලට ගස් පෙරළී ඇති අතර දුම්රිය සේවා අඩාල වී තිබෙනවා. වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් හතර දෙනෙකු මිය ගොස් ඕක්ලන්ඩ් හි ප්‍රධාන ගුවන් තොටුපළේ සමහර...
Read More »

May 08

යුක්රේනයේ නගර රැසකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර  

0 comments

යුක්රේනය ඉලක්ක කර ගනිමින් රුසියාව ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසුව සිදුකළ විශාලතම ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර මාලාව මෙය ලෙසයි හැදින්වෙන්නේ. ඊයේ දිනයේ දී යුක්රේනයේ ප්‍රදේශ රැසකින් අනතුරු ඇගවීමේ නාද නිකුත් කෙරුණු බව වාර්තා වනවා. කියෙව් නගරයෙන් දැවැන්ත පිපුරුම් හඩවල් ඇසුනු බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. එමෙන්ම කියෙව් නගරයේ පුද්ගලයින් පස් දෙනෙකු මියගිය බව නගරාධිපතිවරයා...
Read More »

May 08

රුසියාව යුක්රේනයට පහර පිට පහර දෙයි  

0 comments

රුසියාව යුක්‍රේනයට එල්ලකරන ප්‍රහාර මාලාව තවත් දැඩි කර තිබෙනවා. යුක්‍රේනයේ කියෙව් අගනුවරට එල්ලකරන මිසයිල හා නියමුවන් රහිත යානා මගින් සිදුකරන ප්‍රහාර වැඩිකර ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට එම ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සපොරිෂ්ෂියා න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂාවද මේ වන විට තර්ජනයකට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. යුක්‍රේන ආරක්ෂක අංශ පවසන්නේ ඔවුන් රුසියා ප්‍රහාර හමුවේ ප්‍රති ප්‍රහාර...
Read More »

May 08

කඩන් වැටුණු ගුවන් යානය  

0 comments

නයිජීරියාවේ අබුජා අගනුවර Nnamdi Azikiwe ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු ගුවන් ධාවන පථයට හානිවී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා ඒ හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක්ද අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ මැක්ස් එයාර් 737-400 ගුවන් යානය ඊසානදිග ඇඩමාවා ප්‍රාන්තයේ යෝලා සිට පැමිණ අබුජා වෙත ගොඩබස්වන විට යානයේ ටයර් පුපුරා ගොස් තිබෙනවා යානයේ සිටි මගීන් 143 දෙනා, ළදරුවෙකු සහ කාර්යය මණ්ඩලයේ හය දෙනා කිසිදු හානියක් නොමැතිව ආරක්ෂිතව...
Read More »

May 08

මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ නිවාස අහිමි සංක්‍රමණිකයන්ගේ නවාතැනක් අසල පිහිටි බස් නැවතුම්පොළක් අසලදී මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙක්සිකානු දේශසීමාව ආසන්නයේ බ්‍රවුන්ස්විල් නගරයේ එරට වේලාවෙන් පෙරවරු 08:30ට මෙම අනතුර සිදුව තිබුණා. තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට එරෙහිව නඩු පවරා තිබෙනවා. බ්‍රවුන්ස්විල්...
Read More »

May 07

වියට්නාමයේ වාර්තාගත ඉහළ උෂ්ණත්වයක්  

0 comments

වසර ගණනකට පසු වියට්නාමයේ වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් සටහන් වී ඇති බව BBC සේවය වාර්තා කරනවා. එය වසර හතරකට පසු වාර්තාවූ වැඩිම උෂ්ණත්වය බවයි එහි සඳහන් වන්නේ. වියට්නාමයේ උතුරු තාන් හො පළාතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 44.1 ක් ලෙස ඊයේ සටහන් වී තිබුණු බව සඳහන්. 2019 වසරේදී වියට්නාමයෙන් වාර්තාවූ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 43.4 ක් බවයි වාර්තා වන්නේ. The post වියට්නාමයේ වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් appeared first on ITN News...
Read More »

May 07

ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් 21 දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදුවු බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. දකුණු දිග කේරළයේ සංචාරකයින් රැගෙන යමින් සිටි බෝට්ටුවකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. අනතුරට ලක්වු පුද්ගලයින් බේරා ගැනීමට සහන කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරණ බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කරන්නේ. එම බෝට්ටුව මඩේ සිරවීමට ලක්ව ඇති බව ද සදහන්. බෝට්ටුවේ ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව ඉක්මවා වැඩි පිරිසක් රැගෙන යාම අනතුරට හේතුව බවයි හෙළිවී ඇත්තේ.         The...
Read More »

May 07

කොංගෝ රාජ්‍යයේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 200 ඉක්මවයි  

0 comments

කොංගෝ රාජ්‍යයේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 200 ඉක්මවා තිබෙනවා. කොංගෝ ජනරජයේ කිවු පළාතේ ගංගා පිටාර ගැලීම නිසා ගම්මාන රැසක්ම ජලයෙන් යටවුණා. ගංවතුර හේතුවෙන් නිවාස හෝ ගොවිපලවලට දැඩි හානි සිදුව තිබෙනවා. ඇතැම් තහවුරු නොකළ වාර්තා සඳහන් කරන්නේ මෙම ගංවතුර තත්ත්වය නිසා 600කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි. මේ වනවිට ගංවතුර තත්ත්වය පහව ගොස් ඇති අතර මළ සිරුර 203 සොයාගෙන තිබෙනවා.     The post කොංගෝ රාජ්‍යයේ ගංවතුරෙන්...
Read More »

May 07

චීනය දුප්පත්කම පෙන්වන විඩීයෝ මකා දමන බවට චෝදනාවක්  

0 comments

චීනය දුප්පත්කම පෙන්වන අන්තර්ජාල විඩීයෝ මකා දමන බව නිව්යොක් ටයිම්ස් පුවත් පත චෝදනා කරනවා. චීනය වැඩිහිටියන් ආබාධිත පුද්ගලයන් සහ ළමුන්ගේ දුක්ඛිත විඩියෝ අන්තර් ජාලයට එක්කිරීම තහනම් කර ඇති බව එම පුවත්පත් වාර්තා වැඩිදුරටත් පවසනවා. අන්තර් ජාලය තුළ ප්‍රසිද්ධ වු ඇතැම් දුක්කිත විඩියෝ චීන රජය විසින් පසුව මකා දමා ඇති බව ද නිව්යොක් ටයිම්ස් පවුත් පත සඳහන් කරනවා. මේ අතර චීනයේ අන්තර් ජාල පාලන අංශය මාර්තු මාසයේ නිවේදනය කලේ දැනුවත්ව දුක ඉස්මතුකරන...
Read More »

May 06

කැනඩාවේ ඇල්බර්ටා පළාතට හදිසි තත්ත්වයක්  

0 comments

කැනඩාවේ ඇල්බර්ටා පළාතට ලැව්ගිනි හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. කැනඩාවේ බටහිර ප්‍රදේශයේ පැතිර යන ලැව්ගිනි සියයකට අධික සංඛ්‍යාවකට මුහුණ පෑමට ඇල්බර්ටා ප්‍රාන්තයේ ජනතාවට සිදුව තිබෙනවා. මේ හේතුවෙන් 25000කට අධික පිරිසක් තම වාසස්තානවලින් ඉවත් කිරීමටයි ඇල්බර්ටා ප්‍රාන්ත රජය කටයුතු කර තිබෙන්නේ. පසුගිය දින කිහිපය පුරා ඇති වු ලැව්ගින හේතුවෙන් ඇල්බර්ටා ප්‍රාන්තයේ අක්කර ලක්ෂ 3කට වඩා ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. දැඩි සුළං...
Read More »

Recent News

Gossip Lanka MAG